Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം * - വിവർത്തനങ്ങളുടെ സൂചിക

PDF XML CSV Excel API
Please review the Terms and Policies

പരിഭാഷ അദ്ധ്യായം: അൻബിയാഅ്   ആയത്ത്:
وَالَّتِیْۤ اَحْصَنَتْ فَرْجَهَا فَنَفَخْنَا فِیْهَا مِنْ رُّوْحِنَا وَجَعَلْنٰهَا وَابْنَهَاۤ اٰیَةً لِّلْعٰلَمِیْنَ ۟
තම කන්‍යා බව ආරක්ෂා කර ගත් තැනැත්තිය (වන මර්යම්) වනාහි එවිට අපි අපගේ ආත්මයෙන් ඇය තුළට පිඹිවෙමු. තවද ඇය හා ඇයගේ දරුවා ලෝවැසියන්හට සංඥාවක් බවට පත් කළෙමු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اِنَّ هٰذِهٖۤ اُمَّتُكُمْ اُمَّةً وَّاحِدَةً ۖؗ— وَّاَنَا رَبُّكُمْ فَاعْبُدُوْنِ ۟
නියත වශයෙන් ම මේ නුඹලාගේ ජනසමූහය එක ම ජන සමූහයකි. තවද නුඹලාගේ පරමාධිපති මම වෙමි. එහෙයින් නුඹලා මට ම නැමදුම් කරනු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَتَقَطَّعُوْۤا اَمْرَهُمْ بَیْنَهُمْ ؕ— كُلٌّ اِلَیْنَا رٰجِعُوْنَ ۟۠
තවද ඔවුන්ගේ (ආගමික) කටයුතු ඔවුන් අතර වෙන් කර ගත්තෝ ය. සියලු දෙනා අප වෙත නැවත හැරී එන්නෝ වෙති.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
فَمَنْ یَّعْمَلْ مِنَ الصّٰلِحٰتِ وَهُوَ مُؤْمِنٌ فَلَا كُفْرَانَ لِسَعْیِهٖ ۚ— وَاِنَّا لَهٗ كٰتِبُوْنَ ۟
එහෙයින් කවරෙකු දේවත්වය විශ්වාස කරන්නකු ලෙස සිට යහකම් කරන්නේද, එවිට ඔහුගේ ශ්‍රමයට කිසිදු ප්‍රතික්ෂේපයක් නොමැත. තවද නියත වශයෙන් ම අපි ඔහු වෙනුවෙන් (එය) සටහන් කරන්නෝ වෙමු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَحَرٰمٌ عَلٰی قَرْیَةٍ اَهْلَكْنٰهَاۤ اَنَّهُمْ لَا یَرْجِعُوْنَ ۟
අප විනාශ කළ ගම්මාන වෙත (එහි ජනයා නැවත පැමිණීම) තහනම් විය. නියත වශයෙන් ම ඔවුහු නැවත හැරී නො එති.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
حَتّٰۤی اِذَا فُتِحَتْ یَاْجُوْجُ وَمَاْجُوْجُ وَهُمْ مِّنْ كُلِّ حَدَبٍ یَّنْسِلُوْنَ ۟
අවසානයේ (බාධක) විවෘත කරනු ලැබු විට යඃජූජ් හා මඃජූජ් වන ඔවුහු සෑම උස් තැනකින් ම වේගයෙන් පැමිණෙනු ඇත.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَاقْتَرَبَ الْوَعْدُ الْحَقُّ فَاِذَا هِیَ شَاخِصَةٌ اَبْصَارُ الَّذِیْنَ كَفَرُوْا ؕ— یٰوَیْلَنَا قَدْ كُنَّا فِیْ غَفْلَةٍ مِّنْ هٰذَا بَلْ كُنَّا ظٰلِمِیْنَ ۟
තවද සත්‍ය ප්‍රතිඥාව සමීප වී ඇත. එවිට ප්‍රතික්ෂේප කළවුන්ගේ බැල්ම පහත්ව පවතී. අහෝ අපගේ විනාශය! සැබැවින් ම අපි මේ ගැන අනවධානයෙහි පසු වූයෙමු. එසේ නොව අපි අපරාධකරුවන් වූයෙමු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اِنَّكُمْ وَمَا تَعْبُدُوْنَ مِنْ دُوْنِ اللّٰهِ حَصَبُ جَهَنَّمَ ؕ— اَنْتُمْ لَهَا وٰرِدُوْنَ ۟
නියත වශයෙන් ම නුඹලා හා අල්ලාහ් හැර දමා නුඹලා නමදින දෑ නිරයේ ඉන්ධන වෙයි. නුඹලා ඒ වෙත පැමිණෙන්නෝ වෙති.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
لَوْ كَانَ هٰۤؤُلَآءِ اٰلِهَةً مَّا وَرَدُوْهَا ؕ— وَكُلٌّ فِیْهَا خٰلِدُوْنَ ۟
ඔවුන් දෙවිවරුන් වූයේ නම් ඔවුහු ඒ වෙත පැමිණෙන්නේ නැත. තවද සියල්ලෝ ම එහි සදාතනිකයෝ වෙති.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
لَهُمْ فِیْهَا زَفِیْرٌ وَّهُمْ فِیْهَا لَا یَسْمَعُوْنَ ۟
එහි ඔවුනට විලාපයයි. තවද ඔවුහු එහි (වෙනත් කිසිවකට) සවන් නො දෙති.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اِنَّ الَّذِیْنَ سَبَقَتْ لَهُمْ مِّنَّا الْحُسْنٰۤی ۙ— اُولٰٓىِٕكَ عَنْهَا مُبْعَدُوْنَ ۟ۙ
නියත වශයෙන් ම පෙර ඉකුත්ව ගිය, අපගෙන් යහපත හිමි අය වනාහි ඔවුහු එයින් (නිරයෙන්) දුරස් කරනු ලබන්නෝ වෙති.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
 
പരിഭാഷ അദ്ധ്യായം: അൻബിയാഅ്
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം - വിവർത്തനങ്ങളുടെ സൂചിക

റബ്‌വ ഇസ്‌ലാമിക് ദഅ്വാ ആൻഡ് ഗൈഡൻസ് സെൻററിൻ്റെയും കോൺടെന്റ് ഇൻ ലാംഗ്വേജസ് സർവീസ് അസോസിയേഷൻ്റെയും സഹകരണത്തോടെ മർകസ് റുവാദ് തർജമ വിഭാഗം വിവർത്തനം ചെയ്തത്.

അടക്കുക