Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം * - വിവർത്തനങ്ങളുടെ സൂചിക

PDF XML CSV Excel API
Please review the Terms and Policies

പരിഭാഷ അദ്ധ്യായം: ത്വാഹാ   ആയത്ത്:
وَاَنَا اخْتَرْتُكَ فَاسْتَمِعْ لِمَا یُوْحٰی ۟
තවද මම නුඹව (නබිවරයකු වශයෙන්) තෝරා ගත්තෙමි. එහෙයින් හෙළිදරව් කරනු ලබන දෑට නුඹ සවන් දෙනු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اِنَّنِیْۤ اَنَا اللّٰهُ لَاۤ اِلٰهَ اِلَّاۤ اَنَا فَاعْبُدْنِیْ ۙ— وَاَقِمِ الصَّلٰوةَ لِذِكْرِیْ ۟
නියත වශයෙන් ම මම අල්ලාහ් වෙමි. මා හැර වෙනත් දෙවිඳෙකු නොමැත. එහෙයින් නුඹ මට නැමදුම් කරනු. තවද මා මෙනෙහි කරනු වස් නුඹ සලාතය විධිමත්ව ඉටු කරනු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اِنَّ السَّاعَةَ اٰتِیَةٌ اَكَادُ اُخْفِیْهَا لِتُجْزٰی كُلُّ نَفْسٍ بِمَا تَسْعٰی ۟
නියත වශයෙන් ම (අවසන්) හෝරාව පැමිණෙන්නකි. සෑම ආත්මයකට ම තමන් වෙහෙස වූ දෑ සඳහා ප්‍රතිඵල දෙනු ලබනු පිණිස මම එය සඟවා ඇත්තෙමි.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
فَلَا یَصُدَّنَّكَ عَنْهَا مَنْ لَّا یُؤْمِنُ بِهَا وَاتَّبَعَ هَوٰىهُ فَتَرْدٰی ۟
එහෙයින් ඒ පිළිබඳ විශ්වාස නො කර තම ආශාවන් අනුගමනය කළ අය නුඹව එයින් නො වැළැක්විය යුතු ය. එසේ (වැළකී සිටියේ නම්) නුඹ විනාශයට පත්වන්නෙහි ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَمَا تِلْكَ بِیَمِیْنِكَ یٰمُوْسٰی ۟
තවද අහෝ මූසා! නුඹේ දකුණතෙහි ඇති එය කුමක් ද?
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
قَالَ هِیَ عَصَایَ ۚ— اَتَوَكَّؤُا عَلَیْهَا وَاَهُشُّ بِهَا عَلٰی غَنَمِیْ وَلِیَ فِیْهَا مَاٰرِبُ اُخْرٰی ۟
‘එය මාගේ සැරයටිය වේ. මම ඒ මත බර දී සිටිමි. තවද එමඟින් මාගේ එළුවන්ට (අතු කොළ) කඩා බිම දමමි. තවද මට එහි වෙනත් අවශ්‍යතාවන් ද ඇත’ යැයි ඔහු (මූසා) පැවසී ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
قَالَ اَلْقِهَا یٰمُوْسٰی ۟
‘අහෝ මූසා! නුඹ එය බිම හෙළනු’ යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේ ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
فَاَلْقٰىهَا فَاِذَا هِیَ حَیَّةٌ تَسْعٰی ۟
එවිට ඔහු එය බිම හෙළී ය. එසැණින් එය උරගා වේගයෙන් යන සර්පයෙකු බවට පත් විය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
قَالَ خُذْهَا وَلَا تَخَفْ ۫— سَنُعِیْدُهَا سِیْرَتَهَا الْاُوْلٰی ۟
නුඹ එය අල්ලනු. තවද නුඹ බිය නො වනු. එහි මුල් ස්වභාවයට ම එය නැවත පත් කරන්නෙමු යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේ ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَاضْمُمْ یَدَكَ اِلٰی جَنَاحِكَ تَخْرُجْ بَیْضَآءَ مِنْ غَیْرِ سُوْٓءٍ اٰیَةً اُخْرٰی ۟ۙ
තවද නුඹේ අත නුඹේ කිහිල්ල වෙත එකතු කර තබනු. කිසිදු හානියකින් තොරව තවත් සංඥාවක් ලෙස සුදුවන් දීප්තියක් එය පිට කරනු ඇත.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
لِنُرِیَكَ مِنْ اٰیٰتِنَا الْكُبْرٰی ۟ۚ
(එය) අපගේ මහත් වූ සංඥාවන් අප නුඹට පෙන්වීම පිණිස ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اِذْهَبْ اِلٰی فِرْعَوْنَ اِنَّهٗ طَغٰی ۟۠
නුඹ ෆිර්අවුන් වෙත යනු. නියත වශයෙන් ම ඔහු සීමාව ඉක්මවා ගොස් ඇත.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
قَالَ رَبِّ اشْرَحْ لِیْ صَدْرِیْ ۟ۙ
(එවිට මූසා) මාගේ පරමාධිපතියාණනි! මාගේ හදවත මා වෙත විවෘත කර දෙනු මැනව! යැයි ප්‍රාර්ථනා කළේය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَیَسِّرْ لِیْۤ اَمْرِیْ ۟ۙ
තවද මාගේ කරුණ මා හට පහසු කර දෙනු මැනව!
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَاحْلُلْ عُقْدَةً مِّنْ لِّسَانِیْ ۟ۙ
තවද මාගේ දිවෙහි ගැටය ලිහා දෙනු මැනව!
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
یَفْقَهُوْا قَوْلِیْ ۪۟
මාගේ ප්‍රකාශය ඔවුහු වටහා ගන්නට..
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَاجْعَلْ لِّیْ وَزِیْرًا مِّنْ اَهْلِیْ ۟ۙ
තවද මාහට මාගේ පවුලෙන් උදව්කරුවකු පත් කරනු මැනව!
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
هٰرُوْنَ اَخِی ۟ۙ
මාගේ සහෝදර හාරූන් ව..
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اشْدُدْ بِهٖۤ اَزْرِیْ ۟ۙ
ඔහු මඟින් මාගේ ශක්තිය ඔබ අධික කරනු මැනව!
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَاَشْرِكْهُ فِیْۤ اَمْرِیْ ۟ۙ
තවද මාගේ කරුණෙහි ඔහුව ද හවුල් කරවනු මැනව!
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
كَیْ نُسَبِّحَكَ كَثِیْرًا ۟ۙ
අධිකව අපි නුඹව පිවිතුරු කිරීම සඳහා.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَّنَذْكُرَكَ كَثِیْرًا ۟ؕ
තවද අධිකව අපි නුඹව මෙනෙහි කිරීම සඳහා.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اِنَّكَ كُنْتَ بِنَا بَصِیْرًا ۟
නියත වශයෙන් ම නුඹ අප ගැන නිරීක්ෂා කරන්නෙකුව සිටියෙහි ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
قَالَ قَدْ اُوْتِیْتَ سُؤْلَكَ یٰمُوْسٰی ۟
අහෝ මූසා! නුඹේ ඉල්ලීම සැබැවින් නුඹට දෙනු ලැබුවේ යැයි ඔහු පැවසී ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَلَقَدْ مَنَنَّا عَلَیْكَ مَرَّةً اُخْرٰۤی ۟ۙ
තවද (මීට පෙර) තවත් වරක් අපි නුඹ වෙත සැබැවින් ම උපකාර කළෙමු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
 
പരിഭാഷ അദ്ധ്യായം: ത്വാഹാ
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം - വിവർത്തനങ്ങളുടെ സൂചിക

റബ്‌വ ഇസ്‌ലാമിക് ദഅ്വാ ആൻഡ് ഗൈഡൻസ് സെൻററിൻ്റെയും കോൺടെന്റ് ഇൻ ലാംഗ്വേജസ് സർവീസ് അസോസിയേഷൻ്റെയും സഹകരണത്തോടെ മർകസ് റുവാദ് തർജമ വിഭാഗം വിവർത്തനം ചെയ്തത്.

അടക്കുക