Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം * - വിവർത്തനങ്ങളുടെ സൂചിക

PDF XML CSV Excel API
Please review the Terms and Policies

പരിഭാഷ അദ്ധ്യായം: മർയം   ആയത്ത്:

මර්යම්

كٓهٰیٰعٓصٓ ۟
කාෆ්, හා, යා, අයින්, සාද්.[1]
[1] මේ සම්බන්ධයෙන් සූරතුල් බකරා හෙවත් දෙ වන පර්ච්ඡේදයේ දැක්වෙන විස්තර කියවන්න.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
ذِكْرُ رَحْمَتِ رَبِّكَ عَبْدَهٗ زَكَرِیَّا ۟ۖۚ
(මෙය) තම ගැත්තා සකරිය්යා වෙත නුඹගේ පරමාධිපති දැක් වූ කරුණාව පිළිබඳ සිහිපත් කිරීමකි.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اِذْ نَادٰی رَبَّهٗ نِدَآءً خَفِیًّا ۟
ඔහු තම පරමාධිපතිව සිහින් ඇමතුමකින් ඇමතූ අවස්ථාව සිහිපත් කරනු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
قَالَ رَبِّ اِنِّیْ وَهَنَ الْعَظْمُ مِنِّیْ وَاشْتَعَلَ الرَّاْسُ شَیْبًا وَّلَمْ اَكُنْ بِدُعَآىِٕكَ رَبِّ شَقِیًّا ۟
මාගේ පරමාධිපතියාණනි! මාගේ අස්ථි දුර්වල වී ඇත. මාගේ හිසකෙස් පැහී විහිදී ඇත. තවද මාගේ පරමාධිපතියාණනි! මම ඔබගේ ප්‍රාර්ථනාව සම්බන්ධයෙන් අභාග්‍යවන්තයකු නො වූයෙමි.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَاِنِّیْ خِفْتُ الْمَوَالِیَ مِنْ وَّرَآءِیْ وَكَانَتِ امْرَاَتِیْ عَاقِرًا فَهَبْ لِیْ مِنْ لَّدُنْكَ وَلِیًّا ۟ۙ
තවද මගෙන් පසුව පරම්පරා උරුමක්කරුවන් පිළිබඳව මම බිය වෙමි. මාගේ බිරිය ද වඳ කාන්තාවකි. එහෙයින් නුඹ වෙතින් උරුමක්කරුවකු මා වෙත පිරිනමනු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
یَّرِثُنِیْ وَیَرِثُ مِنْ اٰلِ یَعْقُوْبَ ۗ— وَاجْعَلْهُ رَبِّ رَضِیًّا ۟
මට උරුමකම්පාන එමෙන් ම යඃකූබ්ගේ පරපුරට උරුමකම්පාන කෙනෙකු පිරිනමනු මැනව! තවද මාගේ පරමාධිපතියාණනි! ඔහුව පිළිගැනීමට ලක් වූ කෙනකු බවට පත් කරනු මැනව.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
یٰزَكَرِیَّاۤ اِنَّا نُبَشِّرُكَ بِغُلٰمِ ١سْمُهٗ یَحْیٰی ۙ— لَمْ نَجْعَلْ لَّهٗ مِنْ قَبْلُ سَمِیًّا ۟
අහෝ සකරිය්යා! යහ්යා නමින් වූ දරුවකු පිළිබඳව නියත වශයෙන් ම අපි ඔබට ශුභාරංචි දන්වන්නෙමු. මීට පෙර මේ නමින් කිසිවකුට නම් නො තැබුවෙමු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
قَالَ رَبِّ اَنّٰی یَكُوْنُ لِیْ غُلٰمٌ وَّكَانَتِ امْرَاَتِیْ عَاقِرًا وَّقَدْ بَلَغْتُ مِنَ الْكِبَرِ عِتِیًّا ۟
මාගේ පරමාධිපතියාණනි! මට දරුවකු කෙසේ නම් වන්නේ ද? මාගේ බිරිය වඳ කාන්තාවක් වූවා ය. මා ද මහලුවියේ අවසානයට ළඟා වී ඇත්තෙමි යැයි ඔහු පැවසුවේ ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
قَالَ كَذٰلِكَ ۚ— قَالَ رَبُّكَ هُوَ عَلَیَّ هَیِّنٌ وَّقَدْ خَلَقْتُكَ مِنْ قَبْلُ وَلَمْ تَكُ شَیْـًٔا ۟
(එය) එලෙසය යැයි ඔහු කී ය. එය මා වෙත පහසු කාර්යයකි. මීට පෙර නුඹ කිසිවක්ව නො සිටිය දී සැබැවින් ම මම නුඹව මැව්වෙමි යැයි ඔබේ පරමාධිපති කීවේ ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
قَالَ رَبِّ اجْعَلْ لِّیْۤ اٰیَةً ؕ— قَالَ اٰیَتُكَ اَلَّا تُكَلِّمَ النَّاسَ ثَلٰثَ لَیَالٍ سَوِیًّا ۟
පරමාධිපතියාණනි! මට සලකුණක් ඇති කරනු මැනව! යැයි ඔහු පැවසී ය. ඔබේ සංඥාව වනුයේ නුඹ නිරෝගීව සිටිය දී රාත්‍රී තුනක් ජනයා සමඟ කතා නො කිරීමය යැයි ඔහු පැවසුවේ ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
فَخَرَجَ عَلٰی قَوْمِهٖ مِنَ الْمِحْرَابِ فَاَوْحٰۤی اِلَیْهِمْ اَنْ سَبِّحُوْا بُكْرَةً وَّعَشِیًّا ۟
පසුව ඔහු තම සමූහයා වෙත නැමදුම් ස්ථානයෙන් බැහැරට පැමිණියේ ය. එවිට ‘නුඹලා උදේ හා සවස සුවිශුද්ධ කරනු’යි ඔහු ඔවුනට ඇඟවිය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
 
പരിഭാഷ അദ്ധ്യായം: മർയം
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം - വിവർത്തനങ്ങളുടെ സൂചിക

റബ്‌വ ഇസ്‌ലാമിക് ദഅ്വാ ആൻഡ് ഗൈഡൻസ് സെൻററിൻ്റെയും കോൺടെന്റ് ഇൻ ലാംഗ്വേജസ് സർവീസ് അസോസിയേഷൻ്റെയും സഹകരണത്തോടെ മർകസ് റുവാദ് തർജമ വിഭാഗം വിവർത്തനം ചെയ്തത്.

അടക്കുക