Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം * - വിവർത്തനങ്ങളുടെ സൂചിക

PDF XML CSV Excel API
Please review the Terms and Policies

പരിഭാഷ അദ്ധ്യായം: ഇസ്റാഅ്   ആയത്ത്:
وَاِنْ كَادُوْا لَیَسْتَفِزُّوْنَكَ مِنَ الْاَرْضِ لِیُخْرِجُوْكَ مِنْهَا وَاِذًا لَّا یَلْبَثُوْنَ خِلٰفَكَ اِلَّا قَلِیْلًا ۟
තවද නුඹව මෙම භූමියෙන් පිටුවහල් කරනු පිණිස නුඹව එයින් පලවා හරින්නට ඔවුන් තැත් කළෝ ය. (එසේ කළේ නම්) එවිට නුඹෙන් පසුව මද කලක් මිස ඔවුන් ද (එහි) රැඳී නො සිටිනු ඇත.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
سُنَّةَ مَنْ قَدْ اَرْسَلْنَا قَبْلَكَ مِنْ رُّسُلِنَا وَلَا تَجِدُ لِسُنَّتِنَا تَحْوِیْلًا ۟۠
අපගේ රසූල්වරුන් අතුරින් නුඹට පෙර සැබැවින් ම අප එවූ අයගේ පිළිවෙතය (මෙය). තවද අපගේ පිළිවෙතට වෙනස් කිරීමක් නුඹ නො දකිනු ඇත.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اَقِمِ الصَّلٰوةَ لِدُلُوْكِ الشَّمْسِ اِلٰی غَسَقِ الَّیْلِ وَقُرْاٰنَ الْفَجْرِ ؕ— اِنَّ قُرْاٰنَ الْفَجْرِ كَانَ مَشْهُوْدًا ۟
හිරු මුදුනින් අවරට යෑමේ සිට රාත්‍රි ඝනාන්ධකාරය හට ගන්නා තෙක් සලාතය විධිමත්ව ඉටු කරනු. අලුයම් කාලයේ පාරායනය (හෙවත් ෆජ්රු සලාතය) ද ඉටු කරනු. නියත වශයෙන් ම අලුයම් කාලයේ පාරායනය (සහභාගී වූ බවට) සාක්ෂි දරනු ලබන්නක් විය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَمِنَ الَّیْلِ فَتَهَجَّدْ بِهٖ نَافِلَةً لَّكَ ۖۗ— عَسٰۤی اَنْ یَّبْعَثَكَ رَبُّكَ مَقَامًا مَّحْمُوْدًا ۟
තවද රාත්‍රියෙහි නුඹ වෙත (පැවරුණු) අතිරේක (සලාත)යක් වශයෙන් ම එහි තහජ්ජුද් (සලාතය) ඉටු කරනු. නුඹේ පරමාධිපති නුඹව මකාම් මහ්මූද් (හෙවත් ප්‍රශංසාලාභී ස්ථානයෙ)හි සැබැවින් ම නුඹව නැගිටුවනු ඇත.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَقُلْ رَّبِّ اَدْخِلْنِیْ مُدْخَلَ صِدْقٍ وَّاَخْرِجْنِیْ مُخْرَجَ صِدْقٍ وَّاجْعَلْ لِّیْ مِنْ لَّدُنْكَ سُلْطٰنًا نَّصِیْرًا ۟
තවද මාගේ පරමාධිපතියාණනි! සත්‍යයේ පිවිසුමෙන් ඔබ මා ඇතුළු කරනු මැනව! තවද සත්‍යයේ පිටවුමෙන් ඔබ මා පිටත් කරනු මැනව! තවද නුඹ වෙතින් වූ උපකාරී වන බලයක් මා වෙත ඇති කරනු මැනව! යැයි (නබිවරය!) නුඹ පවසනු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَقُلْ جَآءَ الْحَقُّ وَزَهَقَ الْبَاطِلُ ؕ— اِنَّ الْبَاطِلَ كَانَ زَهُوْقًا ۟
තවද සත්‍යය පැමිණියේ ය. අසත්‍යය විනාශ වී ගියේ ය. නියත වශයෙන් ම අසත්‍යය විනාශ වී යන්නක්ම විය යැයි (නබිවරය!) නුඹ පවසනු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَنُنَزِّلُ مِنَ الْقُرْاٰنِ مَا هُوَ شِفَآءٌ وَّرَحْمَةٌ لِّلْمُؤْمِنِیْنَ ۙ— وَلَا یَزِیْدُ الظّٰلِمِیْنَ اِلَّا خَسَارًا ۟
තවද දේවත්වය විශ්වාස කරන්නන්හට දයාව හා සුවය ඇති දෑ අපි අල් කුර්ආනයෙන් පහළ කරන්නෙමු. එහෙත් අපරාධකරුවන්ට අලාභය මිස වෙනත් කිසිවක් එය වැඩි නො කරනු ඇත.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَاِذَاۤ اَنْعَمْنَا عَلَی الْاِنْسَانِ اَعْرَضَ وَنَاٰ بِجَانِبِهٖ ۚ— وَاِذَا مَسَّهُ الشَّرُّ كَانَ یَـُٔوْسًا ۟
තවද මිනිසාට අපි ආශිර්වාද කළ විට ඔහු පිටුපා ඒ අසලින් හැරී යයි. එහෙත් ඔහුට පීඩාවක් ස්පර්ශ වූ විට ඔහු බලාපොරොත්තු සුන් කරගන්නා අයෙකු විය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
قُلْ كُلٌّ یَّعْمَلُ عَلٰی شَاكِلَتِهٖ ؕ— فَرَبُّكُمْ اَعْلَمُ بِمَنْ هُوَ اَهْدٰی سَبِیْلًا ۟۠
සෑම කෙනෙකුම තම මාර්ගයට අනුව කටයුතු කරයි. එහෙයින් මාර්ගයෙන් වඩාත් නිවැරදි අය කවුරුන් දැ? යි නුඹලාගේ පරමාධිපති මැනවින් දන්නාය යැයි (නබිවරය!) නුඹ පවසනු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَیَسْـَٔلُوْنَكَ عَنِ الرُّوْحِ ؕ— قُلِ الرُّوْحُ مِنْ اَمْرِ رَبِّیْ وَمَاۤ اُوْتِیْتُمْ مِّنَ الْعِلْمِ اِلَّا قَلِیْلًا ۟
තවද ඔවුහු රූහ් (හෙවත් ප්‍රාණය) පිළිබඳ නුඹගෙන් විමසති. රූහ් (පිළිබඳ දැනුම) මාගේ පරමාධිපතිගේ නියෝගයෙන් වූවකි. තවද දැනුමෙන් නුඹලා වෙත පිරිනමනු ලැබ ඇත්තේ ස්වල්පයක් මිස නැතැයි නුඹ පවසනු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَلَىِٕنْ شِئْنَا لَنَذْهَبَنَّ بِالَّذِیْۤ اَوْحَیْنَاۤ اِلَیْكَ ثُمَّ لَا تَجِدُ لَكَ بِهٖ عَلَیْنَا وَكِیْلًا ۟ۙ
තවද අපි අභිමත කළේ නම් නුඹ වෙත අපි දන්වා සිටි දෑ (නුඹෙන්) ඉවත් කරන්නෙමු. පසුව නුඹ ඒ සම්බන්ධයෙන් අපට එරෙහිව කිසිදු භාරකරුවකු නො දකිනු ඇත.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
 
പരിഭാഷ അദ്ധ്യായം: ഇസ്റാഅ്
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം - വിവർത്തനങ്ങളുടെ സൂചിക

റബ്‌വ ഇസ്‌ലാമിക് ദഅ്വാ ആൻഡ് ഗൈഡൻസ് സെൻററിൻ്റെയും കോൺടെന്റ് ഇൻ ലാംഗ്വേജസ് സർവീസ് അസോസിയേഷൻ്റെയും സഹകരണത്തോടെ മർകസ് റുവാദ് തർജമ വിഭാഗം വിവർത്തനം ചെയ്തത്.

അടക്കുക