Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം * - വിവർത്തനങ്ങളുടെ സൂചിക

PDF XML CSV Excel API
Please review the Terms and Policies

പരിഭാഷ അദ്ധ്യായം: ന്നഹ്ൽ   ആയത്ത്:
وَقَالَ الَّذِیْنَ اَشْرَكُوْا لَوْ شَآءَ اللّٰهُ مَا عَبَدْنَا مِنْ دُوْنِهٖ مِنْ شَیْءٍ نَّحْنُ وَلَاۤ اٰبَآؤُنَا وَلَا حَرَّمْنَا مِنْ دُوْنِهٖ مِنْ شَیْءٍ ؕ— كَذٰلِكَ فَعَلَ الَّذِیْنَ مِنْ قَبْلِهِمْ ۚ— فَهَلْ عَلَی الرُّسُلِ اِلَّا الْبَلٰغُ الْمُبِیْنُ ۟
තවද අල්ලාහ් අභිමත කළේ නම් අප හෝ අපගේ මුතුන්මිත්තන් හෝ ඔහු හැර වෙනත් කිසිවකු නො නමදින්නට තිබුණි. එමෙන් ම ඔහුගේ නියෝගයෙන් තොරව කිසිවක් තහනම් නො කරන්නට තිබුණි යැයි අල්ලාහ්ට ආදේශ කළවුන් පැවසූහ. ඔවුනට පෙර සිටියවුන් සිදු කළේ ද එලෙස ම ය. (අපගේ නිවේදනය) පැහැදිලිව දන්වා සිටීම මිස වෙනත් කිසිදු වගකීමක් රසූල්වරුන් වෙත වී ද?
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَلَقَدْ بَعَثْنَا فِیْ كُلِّ اُمَّةٍ رَّسُوْلًا اَنِ اعْبُدُوا اللّٰهَ وَاجْتَنِبُوا الطَّاغُوْتَ ۚ— فَمِنْهُمْ مَّنْ هَدَی اللّٰهُ وَمِنْهُمْ مَّنْ حَقَّتْ عَلَیْهِ الضَّلٰلَةُ ؕ— فَسِیْرُوْا فِی الْاَرْضِ فَانْظُرُوْا كَیْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِیْنَ ۟
තවද නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. තවද නපුරු බලවේගවලින් වැළකී සිටිනු යැයි (දන්වා) සැබැවින් ම අපි සෑම සමූහයකට ම රසූල්වරයකු එව්වෙමු. එහෙයින් ඔවුන් අතරින් අල්ලාහ් මග පෙන්වූවන් වෙති. එමෙන් ම ඔවුන් අතරින් තමන් වෙත නොමග නියම වූවන් ද වෙති. එහෙයින් නුඹලා මහපොළොවේ සැරිසරා බොරුකළවුන්ගේ අවසානය කෙසේ වී දැ? යි අවධානයෙන් බලනු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اِنْ تَحْرِصْ عَلٰی هُدٰىهُمْ فَاِنَّ اللّٰهَ لَا یَهْدِیْ مَنْ یُّضِلُّ وَمَا لَهُمْ مِّنْ نّٰصِرِیْنَ ۟
ඔවුන්ගේ යහ මග පිළිබඳ නුඹ ආශා කළ ද නියත වශයෙන් ම අල්ලාහ් නොමග හැරියවුනට මග නො පෙන්වනු ඇත. තවද ඔවුනට උදව්කරුවන් අතරින් කිසිවකු ද නොමැත.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَاَقْسَمُوْا بِاللّٰهِ جَهْدَ اَیْمَانِهِمْ ۙ— لَا یَبْعَثُ اللّٰهُ مَنْ یَّمُوْتُ ؕ— بَلٰی وَعْدًا عَلَیْهِ حَقًّا وَّلٰكِنَّ اَكْثَرَ النَّاسِ لَا یَعْلَمُوْنَ ۟ۙ
තවද මියැදෙන්නන් අල්ලාහ් අවදි නො කරනු ඇතැයි ඔවුන් ස්ථීර විශ්වාසයෙන් යුතුව අල්ලාහ් මත දිවුරා පවසති. එසේ නොව එය ඔහු වෙත වූ සැබෑ ප්‍රතිඥාවකි. එනමුත් ජනයා අතරින් බහුතරයක් දෙනා (ඒ බව) නො දනිති.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
لِیُبَیِّنَ لَهُمُ الَّذِیْ یَخْتَلِفُوْنَ فِیْهِ وَلِیَعْلَمَ الَّذِیْنَ كَفَرُوْۤا اَنَّهُمْ كَانُوْا كٰذِبِیْنَ ۟
ඔවුහු කවර විෂයක මත ගැටුම් ඇති කර ගත්තෝ ද එය ඔවුනට ඔහු පැහැදිලි කරනු පිණිස ද නියත වශයෙන් ම තමන් මුසාවාදීහු වූවෙහි යැයි ප්‍රතික්ෂේප කළවුන් දැන ගනු පිණිස ද (එලෙස මළවුන් කෙරෙන් අවදි කරනු ලබනු ඇත.)
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اِنَّمَا قَوْلُنَا لِشَیْءٍ اِذَاۤ اَرَدْنٰهُ اَنْ نَّقُوْلَ لَهٗ كُنْ فَیَكُوْنُ ۟۠
යම් දෙයක් අපි අභිමත කළ විට ඒ සඳහා අපගේ ප්‍රකාශය වනුයේ ‘කුන්’ (වනු) යැයි පැවසීම ය. එවිට එය සිදු වනු ඇත.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَالَّذِیْنَ هَاجَرُوْا فِی اللّٰهِ مِنْ بَعْدِ مَا ظُلِمُوْا لَنُبَوِّئَنَّهُمْ فِی الدُّنْیَا حَسَنَةً ؕ— وَلَاَجْرُ الْاٰخِرَةِ اَكْبَرُ ۘ— لَوْ كَانُوْا یَعْلَمُوْنَ ۟ۙ
තවද අපරාධ කරනු ලැබූවායින් පසුව අල්ලාහ් විෂයයෙහි නික්ම ගියවුන් වන ඔවුනට මෙලොවෙහි යහපත් ලෙස ඉඩ සලසා දෙන්නෙමු. තවද මතුලොව ප්‍රතිඵල අතිමහත් ය. ඔවුහු එය දැන සිටියාහු නම්.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
الَّذِیْنَ صَبَرُوْا وَعَلٰی رَبِّهِمْ یَتَوَكَّلُوْنَ ۟
ඔවුන් වනාහි ඉවසා දරා ගත් අය වෙති. එමෙන් ම තම පරමාධිපති වෙත (සියල්ල) භාරකරන්නන් වෙති.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
 
പരിഭാഷ അദ്ധ്യായം: ന്നഹ്ൽ
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം - വിവർത്തനങ്ങളുടെ സൂചിക

റബ്‌വ ഇസ്‌ലാമിക് ദഅ്വാ ആൻഡ് ഗൈഡൻസ് സെൻററിൻ്റെയും കോൺടെന്റ് ഇൻ ലാംഗ്വേജസ് സർവീസ് അസോസിയേഷൻ്റെയും സഹകരണത്തോടെ മർകസ് റുവാദ് തർജമ വിഭാഗം വിവർത്തനം ചെയ്തത്.

അടക്കുക