Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം * - വിവർത്തനങ്ങളുടെ സൂചിക

PDF XML CSV Excel API
Please review the Terms and Policies

പരിഭാഷ അദ്ധ്യായം: റഅ്ദ്   ആയത്ത്:
اَلَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ طُوْبٰی لَهُمْ وَحُسْنُ مَاٰبٍ ۟
විශ්වාස කොට දැහැමි කටයුතු කළවුන් වනාහි ඔවුනට සුබාසිරි හා යහපත් යොමුවක් ඇත.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
كَذٰلِكَ اَرْسَلْنٰكَ فِیْۤ اُمَّةٍ قَدْ خَلَتْ مِنْ قَبْلِهَاۤ اُمَمٌ لِّتَتْلُوَاۡ عَلَیْهِمُ الَّذِیْۤ اَوْحَیْنَاۤ اِلَیْكَ وَهُمْ یَكْفُرُوْنَ بِالرَّحْمٰنِ ؕ— قُلْ هُوَ رَبِّیْ لَاۤ اِلٰهَ اِلَّا هُوَ ۚ— عَلَیْهِ تَوَكَّلْتُ وَاِلَیْهِ مَتَابِ ۟
(නබිවරය!) එලෙස අපි සමූහයක් වෙත ඔබව දූතයෙකු ලෙස එව්වෙමු. ඔවුනට පෙර (බොහෝ) සමූහයන් ඉකුත්ව ගියෝ ය. (එය) ඔවුන් මහා කාරුණිකයාණන්ව ප්‍රතික්ෂේප කරමින් සිටිය දී ඔබ වෙත අපි දන්වා සිටි දෑ ඔවුන් වෙත නුඹ පාරායනය කර පෙන්වීම සඳහා ය. ‘ඔහුය, මාගේ පරමාධිපති. ඔහු හැර වෙනත් දෙවියකු නොමැත. ඔහු කෙරෙහි මම භාර කළෙමි. තවද ඔහු වෙතය පශ්චාත්තාප වී යොමු වන ස්ථානය ඇත්තේ’ යැයි (නබිවරය,) නුඹ පවසනු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَلَوْ اَنَّ قُرْاٰنًا سُیِّرَتْ بِهِ الْجِبَالُ اَوْ قُطِّعَتْ بِهِ الْاَرْضُ اَوْ كُلِّمَ بِهِ الْمَوْتٰی ؕ— بَلْ لِّلّٰهِ الْاَمْرُ جَمِیْعًا ؕ— اَفَلَمْ یَایْـَٔسِ الَّذِیْنَ اٰمَنُوْۤا اَنْ لَّوْ یَشَآءُ اللّٰهُ لَهَدَی النَّاسَ جَمِیْعًا ؕ— وَلَا یَزَالُ الَّذِیْنَ كَفَرُوْا تُصِیْبُهُمْ بِمَا صَنَعُوْا قَارِعَةٌ اَوْ تَحُلُّ قَرِیْبًا مِّنْ دَارِهِمْ حَتّٰی یَاْتِیَ وَعْدُ اللّٰهِ ؕ— اِنَّ اللّٰهَ لَا یُخْلِفُ الْمِیْعَادَ ۟۠
තවද (ඔවුන් පවසන අයුරින්) නියත වශයෙන් ම (වෙනත්) කුර්ආනයක් තිබී එමඟින් කඳු ගමන් කරවනු ලැබුවේ නම් හෝ එමඟින් මහපොළොව වෙන් කරනු ලැබුවේ නම් හෝ එමඟින් මළවුන් කතා කරවනු ලැබුවේ නම් හෝ (ඔවුහු විශ්වාස නො කරති.) නමුත් සියලු කරුණු අල්ලාහ් සතු ය. අල්ලාහ් අභිමත කරන්නේ නම් සියලු ජනයාහට ඔහු මග පෙන්වන්නට තිබුණු බව විශ්වාස කළවුන් නොදැන සිටියෝ ද? අල්ලාහ්ගේ ප්‍රතිඥාව පැමිණෙන තෙක් ප්‍රතික්ෂේප කළවුන් ඔවුන් සිදු කළ දෑ හේතුවෙන් ඔවුනට අර්බුදයක් ඇති වීම හෝ ඔවුන්ගේ වාසස්ථානවලට සමීපයෙන් එය (අර්බුද ය) සිදු වීම අඛණ්ඩව පවතිනු ඇත. නියත වශයෙන් ම අල්ලාහ් ප්‍රතිඥාව කඩ නො කරයි.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَلَقَدِ اسْتُهْزِئَ بِرُسُلٍ مِّنْ قَبْلِكَ فَاَمْلَیْتُ لِلَّذِیْنَ كَفَرُوْا ثُمَّ اَخَذْتُهُمْ ۫— فَكَیْفَ كَانَ عِقَابِ ۟
තවද සැබැවින් ම (නබිවරය!) නුඹට පෙර සිට ම දූතවරුන් සමච්චලයට ලක් කරනු ලැබූහ. එහෙත් මම ප්‍රතික්ෂේප කළවුනට කල් දුනිමි. පසුව මම ඔවුන් ග්‍රහණය කළෙමි. එහෙයින් මාගේ දඬුවම කෙසේ වී ද?
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اَفَمَنْ هُوَ قَآىِٕمٌ عَلٰی كُلِّ نَفْسٍ بِمَا كَسَبَتْ ۚ— وَجَعَلُوْا لِلّٰهِ شُرَكَآءَ ؕ— قُلْ سَمُّوْهُمْ ؕ— اَمْ تُنَبِّـُٔوْنَهٗ بِمَا لَا یَعْلَمُ فِی الْاَرْضِ اَمْ بِظَاهِرٍ مِّنَ الْقَوْلِ ؕ— بَلْ زُیِّنَ لِلَّذِیْنَ كَفَرُوْا مَكْرُهُمْ وَصُدُّوْا عَنِ السَّبِیْلِ ؕ— وَمَنْ یُّضْلِلِ اللّٰهُ فَمَا لَهٗ مِنْ هَادٍ ۟
සෑම ආත්මයක් ම ඔවුන් ඉපැයූ දෑ සම්බන්ධයෙන් බාරව සිටින (අල්ලාහ් වන) ඔහු (ඔවුන් දෙවිවරුන් යැයි පවසන දෑට සමාන) ද? නමුත් ඔවුහු අල්ලාහ්ට හවුල්කරුවන් පත් කළෝ ය. “නුඹලා ඔවුන්ගේ නම් සඳහන් කරනු. නැතහොත් මහපොළොවේ ඔහු නොදන්නා දෑ නුඹලා ඔහුට දන්වන්නෙහු ද? එසේ නැතහොත් එය මතුපිටින් පවසන පුහු ප්‍රකාශයක් ද?” යැයි (නබිවරය! ඔවුන්ගෙන්) විමසනු. එහෙත් ප්‍රතික්ෂේප කළවුනට ඔවුන්ගේ කුමන්ත්‍රණය අලංකාරවත් කරන ලදි. තවද යහ මඟින් ඔවුන් අවහිර කරන ලදි. තවද කවුරුන්ව අල්ලාහ් නොමග යන්නට ඉඩ හරින්නේ ද එවිට කිසිදු මග පෙන්වන්නෙකු ඔහුට නො වනු ඇත.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
لَهُمْ عَذَابٌ فِی الْحَیٰوةِ الدُّنْیَا وَلَعَذَابُ الْاٰخِرَةِ اَشَقُّ ۚ— وَمَا لَهُمْ مِّنَ اللّٰهِ مِنْ وَّاقٍ ۟
මෙලොව ජීවිතයේ ඔවුනට දඬුවමක් ඇත. මතු ලොව දඬුවම ද ඉතා දරුණු ය. තවද අල්ලාහ්ගේ දඬුවමින් සුරකින කිසිවෙකුත් ඔවුනට නොමැත.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
 
പരിഭാഷ അദ്ധ്യായം: റഅ്ദ്
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം - വിവർത്തനങ്ങളുടെ സൂചിക

റബ്‌വ ഇസ്‌ലാമിക് ദഅ്വാ ആൻഡ് ഗൈഡൻസ് സെൻററിൻ്റെയും കോൺടെന്റ് ഇൻ ലാംഗ്വേജസ് സർവീസ് അസോസിയേഷൻ്റെയും സഹകരണത്തോടെ മർകസ് റുവാദ് തർജമ വിഭാഗം വിവർത്തനം ചെയ്തത്.

അടക്കുക