Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം * - വിവർത്തനങ്ങളുടെ സൂചിക

PDF XML CSV Excel API
Please review the Terms and Policies

പരിഭാഷ അദ്ധ്യായം: യൂനുസ്   ആയത്ത്:
قَالَ قَدْ اُجِیْبَتْ دَّعْوَتُكُمَا فَاسْتَقِیْمَا وَلَا تَتَّبِعٰٓنِّ سَبِیْلَ الَّذِیْنَ لَا یَعْلَمُوْنَ ۟
සැබැවින් ම නුඹලා දෙදෙනාගේ ප්‍රාර්ථනාවට පිළිතුරු දෙනු ලැබී ය. එහෙයින් නුඹලා දෙදෙනා ස්ථාවරව සිටිනු. තවද දැනුම නොමැති අයගේ මාර්ගය නුඹලා දෙදෙනා කිසිවිටක අනුගමනය නො කරනු යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේ ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَجٰوَزْنَا بِبَنِیْۤ اِسْرَآءِیْلَ الْبَحْرَ فَاَتْبَعَهُمْ فِرْعَوْنُ وَجُنُوْدُهٗ بَغْیًا وَّعَدْوًا ؕ— حَتّٰۤی اِذَاۤ اَدْرَكَهُ الْغَرَقُ قَالَ اٰمَنْتُ اَنَّهٗ لَاۤ اِلٰهَ اِلَّا الَّذِیْۤ اٰمَنَتْ بِهٖ بَنُوْۤا اِسْرَآءِیْلَ وَاَنَا مِنَ الْمُسْلِمِیْنَ ۟
තවද අපි බනූ ඉස්රාඊල්වරුන්ව මුහුද තරණය කෙරෙව්වෙමු. එවිට ෆිර්අවුන් හා ඔහුගේ සේනාව සීමාව ඉක්මවමින් හා සතුරුකමින් ඔවුන් පසුපස හඹා ගියෝ ය. අවසානයේ ගිලී යාම ඔහුව ග්‍රහණය කළ විට ‘සැබැවින් ම බනූ ඉස්රාඊල්වරු කවරෙකු පිළිබඳ විශ්වාස කළේ ද ඔහු හැර වෙනත් දෙවියෙකු නොමැති බව මම විශ්වාස කළෙමි. තවද මම අවනත වන්නන් අතරින් කෙනෙකු වෙමි’ යැයි ඔහු පැවසුවේ ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
آٰلْـٰٔنَ وَقَدْ عَصَیْتَ قَبْلُ وَكُنْتَ مِنَ الْمُفْسِدِیْنَ ۟
දැන් ද (නුඹ විශ්වාස කරනුයේ)? මීට පෙර නුඹ සැබැවින් ම පිටුපෑවෙහි ය. තවද නුඹ කලහකාරීන් අතරින් වූයෙහි ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
فَالْیَوْمَ نُنَجِّیْكَ بِبَدَنِكَ لِتَكُوْنَ لِمَنْ خَلْفَكَ اٰیَةً ؕ— وَاِنَّ كَثِیْرًا مِّنَ النَّاسِ عَنْ اٰیٰتِنَا لَغٰفِلُوْنَ ۟۠
එබැවින් නුඹගෙන් පසු පැමිණෙන්නන්හට නුඹ සංඥාවක් වනු පිණිස මෙදින අපි නුඹේ දේහය ආරක්ෂා කරන්නෙමු. තවද නියත වශයෙන් ම ජනයා අතරින් බහුතරයක් දෙනා අපගේ සංඥාවන් පිළිබඳ උදාසීනව සිටිති.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَلَقَدْ بَوَّاْنَا بَنِیْۤ اِسْرَآءِیْلَ مُبَوَّاَ صِدْقٍ وَّرَزَقْنٰهُمْ مِّنَ الطَّیِّبٰتِ ۚ— فَمَا اخْتَلَفُوْا حَتّٰی جَآءَهُمُ الْعِلْمُ ؕ— اِنَّ رَبَّكَ یَقْضِیْ بَیْنَهُمْ یَوْمَ الْقِیٰمَةِ فِیْمَا كَانُوْا فِیْهِ یَخْتَلِفُوْنَ ۟
තවද සැබැවින් ම අපි ඉස්රාඊල් දරුවන් රිසි වාසස්ථානවල පදිංචි කෙරෙව්වෙමු. තවද යහපත් දැයින් අපි ඔවුනට පෝෂණය ලබා දුනිමු. ඔවුන් වෙත ඥානය පැමිණෙන තෙක් ඔවුහු මත භේද ඇති කර නො ගත්හ. ඔවුන් කවර විෂයක මත භේද වෙමින් සිටියේ ද ඒ සම්බන්ධයෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹගේ පරමාධිපති නියත වශයෙන් ම ඔවුන් අතර තීන්දු දෙනු ඇත.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
فَاِنْ كُنْتَ فِیْ شَكٍّ مِّمَّاۤ اَنْزَلْنَاۤ اِلَیْكَ فَسْـَٔلِ الَّذِیْنَ یَقْرَءُوْنَ الْكِتٰبَ مِنْ قَبْلِكَ ۚ— لَقَدْ جَآءَكَ الْحَقُّ مِنْ رَّبِّكَ فَلَا تَكُوْنَنَّ مِنَ الْمُمْتَرِیْنَ ۟ۙ
(නබිවරය!) නුඹ වෙත අපි පහළ කළ දැයින් යම් සැකයක නුඹ පසුවන්නෙහි නම් එවිට නුඹට පෙර පුස්තකය කියවමින් සිටින අයගෙන් විමසනු. සැබැවින් ම නුඹගේ පරමාධිපතිගෙන් නුඹ වෙත මෙම සත්‍යය පැමිණ ඇත. එබැවින් කිසිසේත්ම නුඹ සැකකරන්නන් අතරින් නො වනු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَلَا تَكُوْنَنَّ مِنَ الَّذِیْنَ كَذَّبُوْا بِاٰیٰتِ اللّٰهِ فَتَكُوْنَ مِنَ الْخٰسِرِیْنَ ۟
තවද අල්ලාහ්ගේ වදන් බොරු කළවුන් අතරින් නුඹ කිසිසේත් නො වනු. එ(සේ කළ) විට නුඹ අලාභවන්තයින් අතරින් වනු ඇත.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اِنَّ الَّذِیْنَ حَقَّتْ عَلَیْهِمْ كَلِمَتُ رَبِّكَ لَا یُؤْمِنُوْنَ ۟ۙ
නියත වශයෙන් ම නුඹගේ පරමාධිපතිගේ ප්‍රකාශය කවුරුන්හට නියම වූයේ ද ඔවුන් වනාහි විශ්වාස නො කරති.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَلَوْ جَآءَتْهُمْ كُلُّ اٰیَةٍ حَتّٰی یَرَوُا الْعَذَابَ الْاَلِیْمَ ۟
ඔවුන් වෙත සියලු සංඥාවන් පැමිණියද වේදනීය දඬුවම දකින තෙක් (විශ්වාස නො කරති).
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
 
പരിഭാഷ അദ്ധ്യായം: യൂനുസ്
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം - വിവർത്തനങ്ങളുടെ സൂചിക

റബ്‌വ ഇസ്‌ലാമിക് ദഅ്വാ ആൻഡ് ഗൈഡൻസ് സെൻററിൻ്റെയും കോൺടെന്റ് ഇൻ ലാംഗ്വേജസ് സർവീസ് അസോസിയേഷൻ്റെയും സഹകരണത്തോടെ മർകസ് റുവാദ് തർജമ വിഭാഗം വിവർത്തനം ചെയ്തത്.

അടക്കുക