Check out the new design

Kilniojo Korano reikšmių vertimas - Kilniojo Korano sutrumpinto aiškinimo vertimas į sinhalų k. * - Vertimų turinys


Reikšmių vertimas Sūra: Al-Ma’idah’   Aja (Korano eilutė):
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْۤا اِذَا قُمْتُمْ اِلَی الصَّلٰوةِ فَاغْسِلُوْا وُجُوْهَكُمْ وَاَیْدِیَكُمْ اِلَی الْمَرَافِقِ وَامْسَحُوْا بِرُءُوْسِكُمْ وَاَرْجُلَكُمْ اِلَی الْكَعْبَیْنِ ؕ— وَاِنْ كُنْتُمْ جُنُبًا فَاطَّهَّرُوْا ؕ— وَاِنْ كُنْتُمْ مَّرْضٰۤی اَوْ عَلٰی سَفَرٍ اَوْ جَآءَ اَحَدٌ مِّنْكُمْ مِّنَ الْغَآىِٕطِ اَوْ لٰمَسْتُمُ النِّسَآءَ فَلَمْ تَجِدُوْا مَآءً فَتَیَمَّمُوْا صَعِیْدًا طَیِّبًا فَامْسَحُوْا بِوُجُوْهِكُمْ وَاَیْدِیْكُمْ مِّنْهُ ؕ— مَا یُرِیْدُ اللّٰهُ لِیَجْعَلَ عَلَیْكُمْ مِّنْ حَرَجٍ وَّلٰكِنْ یُّرِیْدُ لِیُطَهِّرَكُمْ وَلِیُتِمَّ نِعْمَتَهٗ عَلَیْكُمْ لَعَلَّكُمْ تَشْكُرُوْنَ ۟
අහෝ විශ්වාස කළවුනි! සලාතය ඉටු කිරීම සඳහා නැගී සිටින විට ඔබ සුළු කිල්ලට භාජනය වී සිටියෙහු නම් ඔබේ මුහුණ සෝදා, ඔබේ අත් වැළමිට දක්වා සෝදා, ඔබේ හිස් ජලයෙන් පිරිමැද, ඔබේ පාද කෙණ්ඩය හා බැඳුණු සන්ධිය (වළලු කර දක්වා) සෝදා වුළු හෙවත් අර්ධ ස්නානය කළ යුතුයි. නමුත් මහා කිලිටි අවස්ථාවක ඔබ පසුවන්නෙහි නම් දැන් ඔබ ස්නානය කළ යුතුයි. රෝගී තත්ත්වය වැඩි විය හැක, එසේ නැතහොත් සුවවීමට කල් ගත වනු ඇතැයි බිය වන රෝගී තත්ත්වයක ඔබ පසුවන්නෙහි නම් හෝ නිරෝගී තත්ත්වයක ඔබ ගමන් කරන මගියෙකු ලෙස සිටියෙහි නම් හෝ වැසිකිළි කැසිකිළි අවශ්යතා ඉටු කිරීම වැනි කරුණකින් සුළු කිල්ලට හසු වූ තත්ත්වයක පසුවන්නෙහි නම් හෝ බිරිය සමග සංසර්ගයේ නිරතව මහ කිල්ලට හසුවූ තත්ත්වයක ඔබ පසුවන්නෙහි නම් හෝ ඉන්පසු පිරිසිදු වීමට ජලය සොයා ගිය ද එය නොලැබුණු විටක පොළො තලය අරමුණු කර ගත යුතුයි. ඔබේ අත්වලින් ඒ මත ගසා ඔබේ මුහුණු හා ඔබේ දෑත් එයින් පිරිමැදිය යුතුයි. වැළැක්විය නොහැකි අවස්ථාවක ඔබට හිංසාවක් පීඩාවත් ගෙන දෙන තරමට ජල භාවිතය අනිවාර්යය කරමින් තම නීති වල අපහසුතාවක් ඔබ මත පටවන්නට අල්ලාහ් අපෙක්ෂා නොකරයි. එය ඔබ වෙත පිරිනමන ලද ආශිර්වාද පූර්ණ කිරීමක් වශයෙනි. රෝගී හෝ ජලය නොමැති අවස්ථාවක මෙම ක්රමය විකල්පයක් ලෙස ආගමානුගත කර ඇත. එය ඔබ වෙත පිරිනමන ලද අල්ලාහ්ගේ ආශිර්වාද වලට ඔබ කෘතගුණ සැලකීමක් වශයෙනි. එහෙයින් ඔබ එය ප්රතික්ෂේප නොකරනු.
Tafsyrai arabų kalba:
وَاذْكُرُوْا نِعْمَةَ اللّٰهِ عَلَیْكُمْ وَمِیْثَاقَهُ الَّذِیْ وَاثَقَكُمْ بِهٖۤ ۙ— اِذْ قُلْتُمْ سَمِعْنَا وَاَطَعْنَا ؗ— وَاتَّقُوا اللّٰهَ ؕ— اِنَّ اللّٰهَ عَلِیْمٌۢ بِذَاتِ الصُّدُوْرِ ۟
අල්ලාහ් ඔබ ව ඉස්ලාමය වෙත මග පෙන්වා කළ ආශිර්වාදය ගැන මෙනෙහි කර බලනු. දිරිමත් හා දුබල අවස්ථාවේ නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාට සවන් දෙන බවටත්, අවනත වන බවටත් ප්රතිඥා දෙමින් ‘අපි ඔබේ ප්රකාශයට සවන් දුනිමු. ඔබේ නියෝගයට අවනත වූයෙමු.‘ යැයි පවසමින් ඔබ සමග ඇතිකර ගත් ඔහුගේ ගිවිසුම මෙනෙහි කර බලනු. එමෙන්ම ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට බැතිමත් ව කටයුතු කරනු. ඔහුගේ ගිවිසුම්ද ඒවායින් එකකි. නියත වශයෙන් ම අල්ලාහ් හදවත් තුළ ඇති දෑ පිළිබඳ සර්ව ඥානීය. එහෙයින් ඉන් කිසිවක් ඔහුට සැඟ වී යන්නේ නැත.
Tafsyrai arabų kalba:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا كُوْنُوْا قَوّٰمِیْنَ لِلّٰهِ شُهَدَآءَ بِالْقِسْطِ ؗ— وَلَا یَجْرِمَنَّكُمْ شَنَاٰنُ قَوْمٍ عَلٰۤی اَلَّا تَعْدِلُوْا ؕ— اِعْدِلُوْا ۫— هُوَ اَقْرَبُ لِلتَّقْوٰی ؗ— وَاتَّقُوا اللّٰهَ ؕ— اِنَّ اللّٰهَ خَبِیْرٌ بِمَا تَعْمَلُوْنَ ۟
අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කරන්නනි, ඔබ වෙත අල්ලාහ් පැවරු වගකීම් හා යුතුකම් ඔහුගේ තෘප්තිය පතමින් ඉටු කරන්නන් වනු. අසාධාරණයෙන් තොරව යුක්ති සහගත ව සාක්ෂිකරුවන් වනු. යුක්තිය, සාධාරණය අතහැර දැමීමෙන් පිරිසකගේ කෝපය ඔබ මත නොවැටිය යුතුය. සාධාරණත්වය යනු මිතුරා මෙන්ම සතුරා ද අපේක්ෂා කරන්නකි. එහෙයින් ඔවුන් දෙදෙනා සමග සාධාරණ ව කටයුතු කරනු. සාධාරණ ව කටයුතු කිරීම අල්ලාහ්ට බියවීමට වඩාත් සමීපය. අසාධාරණය හානියට වඩාත් සමීපය. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් ඔහු වැළැක් වූ දැයින් වැළෙකෙමින්, ඔහුට බැතිමත් ව කටයුතු කරනු. ඔබ සිදු කරන දෑ පිළිබඳ ව අල්ලාහ් අභිඥානවන්තය. ඔබේ ක්රියාවන් කිසිවක් ඔහුට සැඟ වී යන්නේ නැත. ඒ සඳහා ඔහු ඔබට ප්රතිඵල පිරිනමනු ඇත.
Tafsyrai arabų kalba:
وَعَدَ اللّٰهُ الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ ۙ— لَهُمْ مَّغْفِرَةٌ وَّاَجْرٌ عَظِیْمٌ ۟
තම පොරොන්දු කඩ නොකරන අල්ලාහ්, තමන් කෙරෙහි විශ්වාසය තබා, තම දූතයාණන් විශ්වාස කොට දැහැමි කටයුතු වල නිරත වූවන්හට ඔවුන්ගේ පාපකම් වලට සමාව දෙන බවටත් අතිමහත් තිළිණ ඔවුනට පිරිනමන බවටත් පොරොන්දු විය. එය ඔවුන් ස්වර්ගයට පිවිසීමයි.
Tafsyrai arabų kalba:
Šiame puslapyje pateiktų ajų nauda:
• الأصل في الطهارة هو استعمال الماء بالوضوء من الحدث الأصغر، والغسل من الحدث الأكبر.
පිරිසිදුකමේ මූලධර්මය සුළු කිල්ලෙන් ඉවත් වීම සඳහා ජලය භාවිත කරමින් වුළු හෙවත් අර්ධ ධෝවනය සිදු කිරීම හා මහා කිල්ලෙන් බැහැර වීමට ස්නානය කිරීමයි.

• في حال تعذر الحصول على الماء، أو تعذّر استعماله لمرض مانع أو برد قارس، يشرع التيمم (بالتراب) لرفع حكم الحدث (الأصغر أو الأكبر).
ජලය ලබන්නට නොහැකි තත්ත්වයක හෝ රෝගීභාවය, දැඩි සීතල වැනි එය භාවිත කළ නොහැකි තත්ත්වයක සුළු හා මහා කිලිටි වලින් ඉවත් වන්නට පස් මගින් තයම්මුම් කිරීම ආගමානුගත කර ඇත.

• الأمر بتوخي العدل واجتناب الجور حتى في معاملة المخالفين.
වැරදිකරුවන් සමග කටයුතු කිරීමේදී පවා යුක්තිය පසිඳලීම සහ අයුක්තිය වළක්වා ගැනීම සඳහා වූ නියෝගය.

 
Reikšmių vertimas Sūra: Al-Ma’idah’
Sūrų turinys Puslapio numeris
 
Kilniojo Korano reikšmių vertimas - Kilniojo Korano sutrumpinto aiškinimo vertimas į sinhalų k. - Vertimų turinys

Išleido Korano studijų interpretavimo centras.

Uždaryti