Check out the new design

ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಅಲ್-ಮುಖ್ತಸರ್ ಫಿ ತಫ್ಸೀರಿಲ್ ಕುರ್‌ಆನಿಲ್ ಕರೀಮ್ - ಸಿಂಹಳೀ ಅನುವಾದ * - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ


ಅರ್ಥಗಳ ಅನುವಾದ ಶ್ಲೋಕ: (59) ಅಧ್ಯಾಯ: ಅಲ್ -ಮಾಇದ
قُلْ یٰۤاَهْلَ الْكِتٰبِ هَلْ تَنْقِمُوْنَ مِنَّاۤ اِلَّاۤ اَنْ اٰمَنَّا بِاللّٰهِ وَمَاۤ اُنْزِلَ اِلَیْنَا وَمَاۤ اُنْزِلَ مِنْ قَبْلُ ۙ— وَاَنَّ اَكْثَرَكُمْ فٰسِقُوْنَ ۟
අහෝ දූතය, "අල්ලාහ් හා අප වෙත ඔහු පහළ කර ඇති දෑ ද, අපට පෙර සිටි අය වෙත පහළ කළ දෑ ද, අප විශ්වාස කිරීම හේතුවෙන් මිස වෙනත් කවර දැයකට ඔබ අපට දොස් නගන්නෙහුදැ?යි ආගම් ලත් ජනයා අතුරින් අපහාස කරමින් සිටි අයගෙන් විමසනු. සැබැවින්ම ඔබ බහුතරයක් දේව විශ්වාසය අතහරිමින් අල්ලාහ්ට අවනත වීමෙන් බැහැර වූ අය වෙති. ඔබ අපට දොස් පැවරීම අපට ප්රශංසාවක් මිස අගෞරවයක් නොවේ.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
ಈ ಪುಟದಲ್ಲಿರುವ ಶ್ಲೋಕಗಳ ಉಪಯೋಗಗಳು:
• ذمُّ العالم على سكوته عن معاصي قومه وعدم بيانه لمنكراتهم وتحذيرهم منها.
•විද්වතා තම සමූහයා පාපයන් කරන විට නිහඬ ව සිටීම ඔවුන් සිදු කරන පිළිකුල් සහගත දෑ ඔහු ඔවුනට පැහැදිලි නොකිරීම හා ඒ පිළිබඳ අවවාද නොකර සිටීම යනාදිය හේතුවෙන් ඔහුට අත්වන අපකීර්තිය.

• سوء أدب اليهود مع الله تعالى، وذلك لأنهم وصفوه سبحانه بأنه مغلول اليد، حابس للخير.
•අල්ලාහ් සමග කටයුතු කිරීමේදී යුදෙව්වන්ගේ නරක විනය. ඊට හේතුව ඔවුන් සැබැවින්ම උත්තරීතර අල්ලාහ් අත් හකුළුවා ගනිමින් යහපත රඳවාගෙන සිටින්නෙක් යැයි ඔහු පිළිබඳ විස්තර කර සිටින බැවිණි.

• إثبات صفة اليدين، على وجه يليق بذاته وجلاله وعظيم سلطانه.
•දෑත්හි ස්වභාවය ඔහුගේ පැවැත්මට ඔහුගේ කීර්තියට හා ඔහුගේ බලමහිමයට අනුකූල ව පිහිටා ඇති බව තහවුරු කිරීම.

• الإشارة لما وقع فيه بعض طوائف اليهود من الشقاق والاختلاف والعداوة بينهم نتيجة لكفرهم وميلهم عن الحق.
•ඇතැම් යුදෙව් පිරිස් අතර ගැටුම් මතභේද හා සතුරුකම් පැවතීමෙන් පෙන්වා දෙනුයේ ඔවුන්ගේ ප්රතික්ෂේපභාවය හා සත්යයෙන් ඉවතට යොමු වීමේ ප්රතිවිපාකයයි.

 
ಅರ್ಥಗಳ ಅನುವಾದ ಶ್ಲೋಕ: (59) ಅಧ್ಯಾಯ: ಅಲ್ -ಮಾಇದ
ಅಧ್ಯಾಯಗಳ ವಿಷಯಸೂಚಿ ಪುಟ ಸಂಖ್ಯೆ
 
ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಅಲ್-ಮುಖ್ತಸರ್ ಫಿ ತಫ್ಸೀರಿಲ್ ಕುರ್‌ಆನಿಲ್ ಕರೀಮ್ - ಸಿಂಹಳೀ ಅನುವಾದ - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ

ಪ್ರಕಾಶನ - ಕುರ್‌ಆನ್ ತಫ್ಸೀರ್ ಸ್ಟಡಿ ಸೆಂಟರ್

ಮುಚ್ಚಿ