Check out the new design

ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಅಲ್-ಮುಖ್ತಸರ್ ಫಿ ತಫ್ಸೀರಿಲ್ ಕುರ್‌ಆನಿಲ್ ಕರೀಮ್ - ಸಿಂಹಳೀ ಅನುವಾದ * - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ


ಅರ್ಥಗಳ ಅನುವಾದ ಅಧ್ಯಾಯ: ಅನ್ನಿಸಾಅ್   ಶ್ಲೋಕ:
اِنَّاۤ اَوْحَیْنَاۤ اِلَیْكَ كَمَاۤ اَوْحَیْنَاۤ اِلٰی نُوْحٍ وَّالنَّبِیّٖنَ مِنْ بَعْدِهٖ ۚ— وَاَوْحَیْنَاۤ اِلٰۤی اِبْرٰهِیْمَ وَاِسْمٰعِیْلَ وَاِسْحٰقَ وَیَعْقُوْبَ وَالْاَسْبَاطِ وَعِیْسٰی وَاَیُّوْبَ وَیُوْنُسَ وَهٰرُوْنَ وَسُلَیْمٰنَ ۚ— وَاٰتَیْنَا دَاوٗدَ زَبُوْرًا ۟ۚ
දූතය, ඔබට පෙර පැමිණි නබිවරුන් වෙත අපි දේව පණිවිඩ පහළ කළාක් මෙන් ඔබ වෙතද අපි දේව පණිවිඩ පහළ කළෙමු. ඔබ දූතවරුන් අතරින් අලුත් කෙනෙකු නොවේ. අපි නූහ්ට දේව පණිවිඩ පහළ කළෙමු. ඔහුගෙන් පසු පැමිණි නබිවරුන්හටද දේව පණිවිඩ පහළ කළෙමු. ඉබ්රාහිම්ටද දේව පණිවිඩ පහළ කළෙමු. එතුමාගේ දරුවන් වන ඉස්මාඊල් හා ඉස්හාක්ටද ඉස්හාක්ගේ පුතණුවන් වූ යඃකූබ්ටද අස්බාත් (යඃකූබ්ගේ දරුපරපුරෙන් පැවත එන ඉස්රාඊල් දරුවන්ගේ ගෝත්රවලට අයත් නබිවරුන් දොළොස් දෙනා)හටත් අපි දේව පණිවිඩ පහළ කළෙමු. තවද ඊසා, අය්යූබ්, යූනුස්, හාරූන්, සුලෙයිමාන් යන නබිවරුන්ටද අපි දේව පණිවිඩ පහළ කළෙමු. එමෙන්ම දාවූද්ට පුස්තකයක් පිරිනැමුවෙමු. එය සබූර් විය.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَرُسُلًا قَدْ قَصَصْنٰهُمْ عَلَیْكَ مِنْ قَبْلُ وَرُسُلًا لَّمْ نَقْصُصْهُمْ عَلَیْكَ ؕ— وَكَلَّمَ اللّٰهُ مُوْسٰی تَكْلِیْمًا ۟ۚ
අප එවූ දූතවරුන් පිළිබඳ අල් කුර්ආනයේ අපි ඔබට පවසා ඇත්තෙමු. අප විසින් එවන ලද, එහි ඔබට නොපැවසූ දූතවරුන් ද වෙති. යම් අරමුණක් හේතුවෙන් එහි ඔවුන් ගැන මෙනෙහි කිරීම අපි අතහැර දැමුවෙමු. දූත මෙහෙය සම්බන්ධයෙන් අල්ලාහ් මූසා (අලය්හිස් සලාම්) තුමා සමග කිසිදු මාධ්යයකින් තොරව ඍජුව කතා කළේය. එය උත්තරීතරයාණන්ට ගැළපෙන පරිදි යථාර්ථවාදී කතාවක් මෙන්ම මූසාට කරන ගෞරවයක් විය.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
رُسُلًا مُّبَشِّرِیْنَ وَمُنْذِرِیْنَ لِئَلَّا یَكُوْنَ لِلنَّاسِ عَلَی اللّٰهِ حُجَّةٌ بَعْدَ الرُّسُلِ ؕ— وَكَانَ اللّٰهُ عَزِیْزًا حَكِیْمًا ۟
අල්ලාහ් කෙරෙහි විශ්වාසය තැබූවන්හට ගෞරවනීය ප්රතිඵල ඇති බව ශුභාරංචි දන්වන්නන් ලෙසින් ද, ඔහු ප්රතික්ෂේප කරන්නන්හට වේදනීය දඬුවම ඇති බව බිය ගන්වන්නන් ලෙසින් ද අපි ඔවුන් එවා ඇත්තෙමු. එය එම දූතවරුන් එවීමෙන් පසු අල්ලාහ් වෙතත් නිදහසට කරුණු කියමින් මිනිසුන් මිදීමට සාධකයක් නොවනු පිණිසය. අල්ලාහ් තම රාජ්යයේ සර්ව බලධාරීය. ඔහුගේ තීන්දුවෙහි ඔහු මහා ප්රඥාවන්තය.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
لٰكِنِ اللّٰهُ یَشْهَدُ بِمَاۤ اَنْزَلَ اِلَیْكَ اَنْزَلَهٗ بِعِلْمِهٖ ۚ— وَالْمَلٰٓىِٕكَةُ یَشْهَدُوْنَ ؕ— وَكَفٰی بِاللّٰهِ شَهِیْدًا ۟ؕ
දූතය, යුදෙව්වන් ඔබ ව ප්රතික්ෂේප කළද සැබැවින්ම අල්ලාහ් ඔබ වෙත පහළ කළ කුර්ආනයේ සත්යතාවෙන් ඔහු ඔබව තහවුරු කරනු ඇත. තමන් ප්රිය කරන, පිළිගන්නා දෑ කෙරෙහි ද තමන් පිළිකුල් කරන පිටුදකින දෑ කෙරෙහිද ගැත්තන් තම අවධානය යොමු කිරීමට අපේක්ෂිත දැනුම එහි පහළ වී ඇත. අල්ලාහ්ගේ සාක්ෂිය සමගම ඔබ කවර දෙයක් ගෙන ආවේද එය තහවුරු කරමින් මලක්වරුන්ද සාක්ෂි දරති. සාක්ෂිකරුවකු වශයෙන් අල්ලාහ් ප්රමාණවත්ය. වෙනත් අයගේ සාක්ෂියට වඩා ඔහුගේ සාක්ෂිය පූර්ණය.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
اِنَّ الَّذِیْنَ كَفَرُوْا وَصَدُّوْا عَنْ سَبِیْلِ اللّٰهِ قَدْ ضَلُّوْا ضَلٰلًا بَعِیْدًا ۟
ඔබේ නබිත්වය එනම් දූතත්වය ප්රතික්ෂේප කොට, ජනයා ඉස්ලාමයෙන් වැළැක්වූ අය වනාහි අන්ත ලෙස ඔවුහු සත්යයෙන් ඈතට දුරස් ව ගොස් ඇත.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
اِنَّ الَّذِیْنَ كَفَرُوْا وَظَلَمُوْا لَمْ یَكُنِ اللّٰهُ لِیَغْفِرَ لَهُمْ وَلَا لِیَهْدِیَهُمْ طَرِیْقًا ۟ۙ
අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කොට, දේව ප්රතික්ෂේපයේ රැඳී සිටිමින් තමන්ටම අපරාධ කර ගත් අය වනාහි දේව ප්රතික්ෂේපයේ ඔවුන් ගැවසී සිටින තාක්කල් අල්ලාහ් ඔවුනට සමාව දෙන්නේ නැත. එමෙන්ම අල්ලාහ්ගේ දඬුවමින් ඔවුන් මිදිය හැකි මාර්ගයක් වෙත ඔවුනට ඔහු මග පෙන්වන්නේද නැත.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
اِلَّا طَرِیْقَ جَهَنَّمَ خٰلِدِیْنَ فِیْهَاۤ اَبَدًا ؕ— وَكَانَ ذٰلِكَ عَلَی اللّٰهِ یَسِیْرًا ۟
නමුත් ඔවුන් නිරාගින්නට පිවිසීම සඳහා වූ මාර්ගය මිස වෙනෙකක් නැත. ඔවුන් එහි සදා රැඳී සිටිති. එය අල්ලාහ් වෙත පහසු කාර්යයකි. කිසිවක් ඔහු ව අබිබවා යන්නේ නැත.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
یٰۤاَیُّهَا النَّاسُ قَدْ جَآءَكُمُ الرَّسُوْلُ بِالْحَقِّ مِنْ رَّبِّكُمْ فَاٰمِنُوْا خَیْرًا لَّكُمْ ؕ— وَاِنْ تَكْفُرُوْا فَاِنَّ لِلّٰهِ مَا فِی السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— وَكَانَ اللّٰهُ عَلِیْمًا حَكِیْمًا ۟
ජනියිනි, අල්ලාහ්ගෙන් වූ යහමග හා සත්ය දහම සමග දහම් දූත මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් ඔබ වෙත පැමිණ ඇත. එහෙයින් ඔහු ඔබ වෙත ගෙන ආ දෑ විශ්වාස කරනු. එය මෙලොවට හා මතු ලොවට ඔබට යහපතක් වනු ඇත. ඔබ අල්ලාහ් ව ප්රතික්ෂේප කළේ නම් ඔබේ විශ්වාසය පිළිබඳ අල්ලාහ්ට කිසිදු අවශ්යතාවක් නැත. ඔබේ ප්රතික්ෂේපය ඔහුට හානියක් ගෙන දෙන්නේද නැත. අහස්හි ඇති දෑහි ද, මහපොළොවෙහි ඇති දෑහි ද, ඒ දෙක අතර ඇති දෑහි ද සර්ව රාජ්ය ඔහු සතුය. යහමග ලබන්නට සුදුස්සා කවුරුන්දැයි අල්ලාහ් මැනවින් දන්නාය. ඒ අනුව ඔහුට ඒ වෙත වූ මග පහසු කරනු ඇත. එමෙන්ම එයට සුදුසු නොමැත්තා කවුරුන් දැයි ද ඔහු මැනවින් දන්නේය. ඔහු එය ඔහුගෙන් සඟවා ඇත. ඔහුගේ ක්රියා, ඔහුගේ ප්රකාශ, ඔහුගේ ආගමික සම්පාදන, හා ඔහුගේ නියමය යනාදියෙහි ඔහු මහා ප්රඥාවන්තය.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
ಈ ಪುಟದಲ್ಲಿರುವ ಶ್ಲೋಕಗಳ ಉಪಯೋಗಗಳು:
• إثبات النبوة والرسالة في شأن نوح وإبراهيم وغيرِهما مِن ذرياتهما ممن ذكرهم الله وممن لم يذكر أخبارهم لحكمة يعلمها سبحانه.
නූහ්, ඉබ්රාහීම් හා ඔවුන් දෙපළගෙන් පැවත එන, අල්ලාහ් මෙනෙහි කළ හා අල්ලාහ් ඔවුන්ගේ තොරතුරු යම් හේතුවක් මත සඳහන් නොකළ නබිවරුන් විෂයයෙහි නබිත්වය හා දූතත්වය පිරිනැමූ බවට සහතික කිරීම.

• إثبات صفة الكلام لله تعالى على وجه يليق بذاته وجلاله، فقد كلّم الله تعالى نبيه موسى عليه السلام.
අල්ලාහ්ගේ ස්වරූපයට හා මහිමයට ඈඳුනු ප්රකාරයෙන් ඔහුගේ කතාවේ ස්වරූපය තහවුරු කිරීම. සැබැවින් අල්ලාහ් ඔහුගේ නබිවරයකු වූ මූසා (අලය්හිස් සලාම්) තුමා සමග කතා කළේය.

• تسلية النبي محمد عليه الصلاة والسلام ببيان أن الله تعالى يشهد على صدق دعواه في كونه نبيًّا، وكذلك تشهد الملائكة.
තමන් නබිවරයකු වීම ගැන වාදය තහවුරු කරමින් සැබැවින් අල්ලාහ් එයට සාක්ෂි දරනු අතැයි යන පැහැදිලි කිරීමෙන් මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ලැබූ සතුට. එමෙන්ම මලක්වරුන් පවා එයට සාක්ෂි දැරූහ.

 
ಅರ್ಥಗಳ ಅನುವಾದ ಅಧ್ಯಾಯ: ಅನ್ನಿಸಾಅ್
ಅಧ್ಯಾಯಗಳ ವಿಷಯಸೂಚಿ ಪುಟ ಸಂಖ್ಯೆ
 
ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಅಲ್-ಮುಖ್ತಸರ್ ಫಿ ತಫ್ಸೀರಿಲ್ ಕುರ್‌ಆನಿಲ್ ಕರೀಮ್ - ಸಿಂಹಳೀ ಅನುವಾದ - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ

ಪ್ರಕಾಶನ - ಕುರ್‌ಆನ್ ತಫ್ಸೀರ್ ಸ್ಟಡಿ ಸೆಂಟರ್

ಮುಚ್ಚಿ