Check out the new design

ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಅಲ್-ಮುಖ್ತಸರ್ ಫಿ ತಫ್ಸೀರಿಲ್ ಕುರ್‌ಆನಿಲ್ ಕರೀಮ್ - ಸಿಂಹಳೀ ಅನುವಾದ * - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ


ಅರ್ಥಗಳ ಅನುವಾದ ಅಧ್ಯಾಯ: ಯಾಸೀನ್   ಶ್ಲೋಕ:

යාසීන්

ಅಧ್ಯಾಯದ ಉದ್ದೇಶಗಳು:
إثبات الرسالة والبعث ودلائلهما.
දූත පණිවිඩය හා යළි අවදි කරනු ලැබීම තහවුරු කිරීම හා ඒ දෙක සඳහා වූ සාධක.

یٰسٓ ۟ۚ
(යා, සීන්) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර සඳහන් කර ඇත.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَالْقُرْاٰنِ الْحَكِیْمِ ۟ۙ
එහි වදන් තීරණාත්මක බවට පත් කරන ලද, ඒ අතරට හෝ එයට පිටුපසින් හෝ ව්යාජ දෑ නොපැමිණෙන අල් කුර්ආනය මත අල්ලාහ් දිවුරා පවසයි.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
اِنَّكَ لَمِنَ الْمُرْسَلِیْنَ ۟ۙ
අහෝ දූතය! සැබැවින්ම නුඹ අල්ලාහ්ගේ ගැත්තන්හට දේව ඒකීයත්වය හා ඔහුට පමණක් නැමදීමට නියෝග කිරීම සඳහා ඔවුන් අතරට ඔහු විසින් එවන ලද දූතවරුන් අතරින් කෙනෙකි.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
عَلٰی صِرَاطٍ مُّسْتَقِیْمٍ ۟ؕ
ඍජු වැඩපිළිවෙලක් හා නිවැරදි පිළිවෙතක් මත පිහිටමිනි. මෙම ඍජු වැඩපිළිවෙල හා නිවැරදි පිළිවෙත වනාහි කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි තම දේව විශ්වාසීන් කෙරෙහි ඉමහත් කාරුණික වූ නුඹේ පරමාධිපති විසින් පහළ කරන ලද්දකි.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
تَنْزِیْلَ الْعَزِیْزِ الرَّحِیْمِ ۟ۙ
ඍජු වැඩපිළිවෙලක් හා නිවැරදි පිළිවෙතක් මත පිහිටමිනි. මෙම ඍජු වැඩපිළිවෙල හා නිවැරදි පිළිවෙත වනාහි කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි තම දේව විශ්වාසීන් කෙරෙහි ඉමහත් කාරුණික වූ නුඹේ පරමාධිපති විසින් පහළ කරන ලද්දකි.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
لِتُنْذِرَ قَوْمًا مَّاۤ اُنْذِرَ اٰبَآؤُهُمْ فَهُمْ غٰفِلُوْنَ ۟
සැබැවින්ම අපි එය නුඹ වෙත පහළ කළේ පිරිසකට බිය වද්දා ඔවුනට අවවාද කරනු පිණිසය. ඔවුන් වනාහි ඔවුන් වෙත අවවාද කරන දූතයකු නොපැමිණි අරාබි ජාතිකයින් වූහ. ඔවුන් දේව විශ්වාසය හා දේව ඒකීයත්වය පිළිබඳ හාස්යට ලක් කරමින් අනවධානීව සිටියෝය. ඒ ගැන අවවාද කිරීම අත්හිටුවන ලද සෑම සමූහයකම කරුණ එලෙස විය. ඒ ගැන සිහිපත් කර දෙන දූතවරුන්ගේ අවශ්යතාව ඇති විය.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
لَقَدْ حَقَّ الْقَوْلُ عَلٰۤی اَكْثَرِهِمْ فَهُمْ لَا یُؤْمِنُوْنَ ۟
අල්ලාහ් වෙතින් වූ සත්යය ඔහුගේ දූතයාගේ දිවෙන් ඔවුනට දන්වා ඔවුන් එය විශ්වාස නොකොට ඔවුන්ගේ ප්රතික්ෂේපය මත ම රැඳී සිටීමෙන් පසු ව ඔවුන්ගෙන් බහුතරයක් දෙනාහට අල්ලාහ්ගෙන් වූ දඬුවම අනිවාර්යය විය. ඔවුහු අල්ලාහ් හෝ ඔහුගේ දූතයාණන්ව හෝ විශ්වාස නොකරති. ඔවුන් වෙත ගෙන ආ සත්ය ය අනුව ඔවුහු කටයුතු නොකරති.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
اِنَّا جَعَلْنَا فِیْۤ اَعْنَاقِهِمْ اَغْلٰلًا فَهِیَ اِلَی الْاَذْقَانِ فَهُمْ مُّقْمَحُوْنَ ۟
එම විෂයයෙහි ඔවුනට උපමාව වනුයේ ඔවුන්ගේ ගෙලවල් වටා මාංචු දමා ඔවුන්ගේ අත් ඔවුන්ගේ ගෙලවල් සමග ඔවුන්ගේ නිකටට එකතු කරමින් එයට පහළින් බැඳ තබනු ලැබූවන් මෙනි. එවිට ඔවුන්ගේ හිස් අහස දෙසට එස වී තිබේ. ඒවා පහත් කිරීමට ඔවුනට නොහැකි වෙයි. මොවුහු අල්ලාහ්ව විශ්වාස කිරීම පහත් කොට සැලකුවෝය. එබැවින් ඔවුහු ඔහුට යටත් නොවූ අතර ඔහු වෙනුවෙන් ඔවුන්ගේ හිස් පහත් නොකරති.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَجَعَلْنَا مِنْ بَیْنِ اَیْدِیْهِمْ سَدًّا وَّمِنْ خَلْفِهِمْ سَدًّا فَاَغْشَیْنٰهُمْ فَهُمْ لَا یُبْصِرُوْنَ ۟
සත්යයෙන් දුරස් කරන බාධකයක් ඔවුනට ඉදිරියෙන් විය. එමෙන්ම ඔවුනට පසුපසින් ද බාධකයක් විය. ඔවුන්ගේ දෘෂ්ටීන් සත්යයෙන් අපි වසන් කළෙමු. එමගින් ඔවුන් ප්රයෝජනය ලැබිය හැකි දැක්මකින් නොබලනු ඇත. ඔවුන්ගේ මුරණ්ඩුකම හෙළිවීමෙන් හා ඔවුන් දේව ප්රතික්ෂේපය මත ම නොකඩවා රැඳී සිටීමෙන් පසු ව ඔවුනට එය අත් විය.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَسَوَآءٌ عَلَیْهِمْ ءَاَنْذَرْتَهُمْ اَمْ لَمْ تُنْذِرْهُمْ لَا یُؤْمِنُوْنَ ۟
අහෝ මුහම්මද්! සත්යය පිළිගැනීමට මුරණ්ඩු වූ මෙම දේව ප්රතික්ෂේපකයින්හට නුඹ බිය ගන්වා අවවාද කළ ද එසේ ඔවුනට නුඹ අවවාද නොකළ ද අල්ලාහ් වෙතින් නුඹ ගෙන ආ දෑ ගැන ඔවුහු විශ්වාස නොකරති.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
اِنَّمَا تُنْذِرُ مَنِ اتَّبَعَ الذِّكْرَ وَخَشِیَ الرَّحْمٰنَ بِالْغَیْبِ ۚ— فَبَشِّرْهُ بِمَغْفِرَةٍ وَّاَجْرٍ كَرِیْمٍ ۟
නුඹේ අවවාදය සැබෑ ලෙස ප්රයෝජනවත් වනුයේ මෙම කුර්ආනය සත්යය බව පිළිගෙන එහි ඇති දෑ අනුව පිළිපැද වෙනත් කිසිවෙකු නොදකින පරිදි තනි ව සිටිය දී තම පරමාධිපතිට බියවූවන්හටය. මෙම ගුණාංග ඇත්තන්හට තම පාපයන් අල්ලාහ් මකා දමන බවටත් ඒවාට ඔහු සමාව දෙන බවටත් මතුලොවෙහි අතිමහත් කුසල් ඔහු වෙනුවෙන් අපේක්ෂාවෙන් පවතින බවටත් එය ස්වර්ගයට ප්රවේශ වීමයි යන සතුටුදායක ආරංචිය දන්වා සිටිනු.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
اِنَّا نَحْنُ نُحْیِ الْمَوْتٰی وَنَكْتُبُ مَا قَدَّمُوْا وَاٰثَارَهُمْ ؔؕ— وَكُلَّ شَیْءٍ اَحْصَیْنٰهُ فِیْۤ اِمَامٍ مُّبِیْنٍ ۟۠
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය සඳහා මළවුන් අවදි කරවා ඔවුනට සැබැවින්ම ජීවය ලබා දෙන්නෙමු. ඔවුන් මෙලොව පෙර කළ දැහැමි ක්රියාවන් හා නපුරු ක්රියාවන් අපි සටහන් කරමු. ඔවුන් මිය ගිය පසු ඔවුනට ඉතිරිවන දෑ එනම් සදකා වැන්නකින් ඇතිවන යහපත හා දේව ප්රතික්ෂේපය වැන්නකින් ඇතිවන පාපකම් ද අපි සටහන් කරමු. සියලු දෑ පැහැදිලි ග්රන්ථයෙහි අපි ගණන් බලා තැබුවෙමු. එය ලව්හුල් මහ්ෆූල් නම් ආරක්ෂක ඵලකයයි.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
ಈ ಪುಟದಲ್ಲಿರುವ ಶ್ಲೋಕಗಳ ಉಪಯೋಗಗಳು:
• العناد مانع من الهداية إلى الحق.
•මුරණ්ඩුකම සත්යය වෙත මග ලැබීම වළක්වාලන්නකි.

• العمل بالقرآن وخشية الله من أسباب دخول الجنة.
•අල් කුර්ආනයට අනුව කටයුතු කිරීමත් අල්ලාහ්ට බියවීමත් ස්වර්ගය ප්රවේශ වීමට හේතු වන සාධක වෙති.

• فضل الولد الصالح والصدقة الجارية وما شابههما على العبد المؤمن.
•දැහැමි දරුවකු ‘සදකා ජාරියා’ නම් සදා කුසල් ලැබෙන දානය හා ඒ දෙකට සමාන දෑහි දේව විශ්වාසියා මත පවතින මහිමය.

 
ಅರ್ಥಗಳ ಅನುವಾದ ಅಧ್ಯಾಯ: ಯಾಸೀನ್
ಅಧ್ಯಾಯಗಳ ವಿಷಯಸೂಚಿ ಪುಟ ಸಂಖ್ಯೆ
 
ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಅಲ್-ಮುಖ್ತಸರ್ ಫಿ ತಫ್ಸೀರಿಲ್ ಕುರ್‌ಆನಿಲ್ ಕರೀಮ್ - ಸಿಂಹಳೀ ಅನುವಾದ - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ

ಪ್ರಕಾಶನ - ಕುರ್‌ಆನ್ ತಫ್ಸೀರ್ ಸ್ಟಡಿ ಸೆಂಟರ್

ಮುಚ್ಚಿ