Check out the new design

ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಅಲ್-ಮುಖ್ತಸರ್ ಫಿ ತಫ್ಸೀರಿಲ್ ಕುರ್‌ಆನಿಲ್ ಕರೀಮ್ - ಸಿಂಹಳೀ ಅನುವಾದ * - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ


ಅರ್ಥಗಳ ಅನುವಾದ ಅಧ್ಯಾಯ: ಅಲ್ -ಅನ್ಕಬೂತ್   ಶ್ಲೋಕ:

අල් අන්කබූත්

ಅಧ್ಯಾಯದ ಉದ್ದೇಶಗಳು:
الأمر بالصبر والثبات عند الابتلاء والفتن، وبيان حسن عاقبته.
දුෂ්කර හා අර්බුදකාරී අවස්ථාවන්හි ඉවසීමෙන් හා ස්ථාවර බවින් කටයුතු කිරීමේ නියෝගය හා එහි යහපත් අවසානය පැහැදිලි කිරීම.

الٓمّٓ ۟ۚ
(අලිෆ්, ලාම්, මීම්) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර සඳහන් කර ඇත.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
اَحَسِبَ النَّاسُ اَنْ یُّتْرَكُوْۤا اَنْ یَّقُوْلُوْۤا اٰمَنَّا وَهُمْ لَا یُفْتَنُوْنَ ۟
සැබවින්ම ජනයා, "අල්ලාහ්ව අපි විශ්වාස කළෙමු" යැයි පැවසූ විට ඔවුන් පැවසූ දෑ හි සත්යයභාවය පැහැදිලි කර ගනු වස් ඔවුන් සැබෑ ලෙසින්ම ඔවුන් දේව විශ්වාසීන් දැයි පරීක්ෂා නොකර අත හැර දමනු ඇතැයි සිතන්නෝ ද? කරුණ ඔවුන් සිතන පරිදි නැත.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَلَقَدْ فَتَنَّا الَّذِیْنَ مِنْ قَبْلِهِمْ فَلَیَعْلَمَنَّ اللّٰهُ الَّذِیْنَ صَدَقُوْا وَلَیَعْلَمَنَّ الْكٰذِبِیْنَ ۟
ඔවුනට පෙර සිටියවුන් ද සැබවින්ම අපි පරීක්ෂා කළෙමු. එවිට අල්ලාහ් ඔවුන් ගැන හොඳින් ම හඳුනා ගෙන සිටියේය. ඔවුන්ගේ විශ්වාසය තුළ සත්යවාදීන්ගේ සත්යභාවයත් එහි මුසාවාදීන්ගේ මුසාවාදයත් ඔහු නුඹලාට හෙළි කරනු ඇත.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
اَمْ حَسِبَ الَّذِیْنَ یَعْمَلُوْنَ السَّیِّاٰتِ اَنْ یَّسْبِقُوْنَا ؕ— سَآءَ مَا یَحْكُمُوْنَ ۟
දේව ප්රතික්ෂේපය හා වෙනත් අපරාධ හේතුවෙන් පාපකම් සිදු කරන්නන් අප පරදවා අපගේ දඬුවමින් ආරක්ෂා වනු ඇතැයි සිතති. ඒ ගැන ඔවුන් තීන්දු කළ ඔවුන්ගේ තීරණය නපුරු විය. ඔවුන් දේව ප්රතික්ෂේපය මත මිය යැදුණේ නම් අල්ලාහ් ව පරාජය කිරීමට ඔවුනට නොහැකි අතර ම ඔහුගේ දඬුවමින් ඔවුන් මිදෙන්නේ ද නැත.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
مَنْ كَانَ یَرْجُوْا لِقَآءَ اللّٰهِ فَاِنَّ اَجَلَ اللّٰهِ لَاٰتٍ ؕ— وَهُوَ السَّمِیْعُ الْعَلِیْمُ ۟
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ කවරෙකු අල්ලාහ්ගේ හමු ව අපේක්ෂා කළේද ඒ සඳහා අල්ලාහ් ඔහුට දුන් ආයු කාලය සමීප කාලයකින් පැමිණෙනු ඇත. ඔහු තම ගැත්තන්ගේ ප්රකාශ වලට සවන් දෙන්නාය. ඔවුන්ගේ ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාය. ඉන් කිසිවක් ඔහුට අතපසු වන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَمَنْ جٰهَدَ فَاِنَّمَا یُجَاهِدُ لِنَفْسِهٖ ؕ— اِنَّ اللّٰهَ لَغَنِیٌّ عَنِ الْعٰلَمِیْنَ ۟
කවරෙකු එය දරාගෙන තමන් ව අවනත කරවිමන් හා පාපකම් වලින් දුරස් වෙමින් කැප වන්නේ ද තවද" අල්ලාහ්ගේ මාර්ගයේ කැප වන්නේ ද සැබවින්ම ඔහු කැපවනුයේ තමන් වෙනුවෙනි. සැබවින්ම එහි ප්රයෝජනය ඒ වෙත නැවත පැමිණෙන්නකි. අල්ලාහ් සියලු මැවීම් වල අවශ්යතාවන්ගෙන් තොරය. ඔවුන්ගේ අවනත වීම ඔහුට කිසිවක් වැඩි කරන්නේ නැත. එමෙන්ම ඔවුන් පාපකම් සිදු කිරීම ඔහුට කිසිවක් අඩු කරන්නේ ද නැත.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
ಈ ಪುಟದಲ್ಲಿರುವ ಶ್ಲೋಕಗಳ ಉಪಯೋಗಗಳು:
• النهي عن إعانة أهل الضلال.
•අපරාධකරුවන්ට උදව් කිරීමෙන් වැළකීම.

• الأمر بالتمسك بتوحيد الله والبعد عن الشرك به.
•අල්ලාහ්ගේ ඒකීයත්වය පිළිපදින මෙන් ද ඔහුට ආදේශ තැබීමෙන් දුරස් වන මෙන් ද වූ නියෝගය.

• ابتلاء المؤمنين واختبارهم سُنَّة إلهية.
•දේව විශ්වාසියා පරීක්ෂාවට ලක් කිරීමත් විභාගයට ලක් කිරීමත් දේව න්යායකි.

• غنى الله عن طاعة عبيده.
•අල්ලාහ්ට තම ගැත්තන්ගේ අවනතභාවය අවශ්ය නොවන්නේය.

 
ಅರ್ಥಗಳ ಅನುವಾದ ಅಧ್ಯಾಯ: ಅಲ್ -ಅನ್ಕಬೂತ್
ಅಧ್ಯಾಯಗಳ ವಿಷಯಸೂಚಿ ಪುಟ ಸಂಖ್ಯೆ
 
ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಅಲ್-ಮುಖ್ತಸರ್ ಫಿ ತಫ್ಸೀರಿಲ್ ಕುರ್‌ಆನಿಲ್ ಕರೀಮ್ - ಸಿಂಹಳೀ ಅನುವಾದ - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ

ಪ್ರಕಾಶನ - ಕುರ್‌ಆನ್ ತಫ್ಸೀರ್ ಸ್ಟಡಿ ಸೆಂಟರ್

ಮುಚ್ಚಿ