Check out the new design

ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಅಲ್-ಮುಖ್ತಸರ್ ಫಿ ತಫ್ಸೀರಿಲ್ ಕುರ್‌ಆನಿಲ್ ಕರೀಮ್ - ಸಿಂಹಳೀ ಅನುವಾದ * - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ


ಅರ್ಥಗಳ ಅನುವಾದ ಶ್ಲೋಕ: (220) ಅಧ್ಯಾಯ: ಅಲ್- ಬಕರ
فِی الدُّنْیَا وَالْاٰخِرَةِ ؕ— وَیَسْـَٔلُوْنَكَ عَنِ الْیَتٰمٰی ؕ— قُلْ اِصْلَاحٌ لَّهُمْ خَیْرٌ ؕ— وَاِنْ تُخَالِطُوْهُمْ فَاِخْوَانُكُمْ ؕ— وَاللّٰهُ یَعْلَمُ الْمُفْسِدَ مِنَ الْمُصْلِحِ ؕ— وَلَوْ شَآءَ اللّٰهُ لَاَعْنَتَكُمْ ؕ— اِنَّ اللّٰهَ عَزِیْزٌ حَكِیْمٌ ۟
එසේ එය ආගමානුගත කර ඇත්තේ මෙලොවෙහි හා මතු ලොවෙහි නුඹලාට ප්රයෝජනවත් වන දෑ පිළිබඳ නුඹලා සිතනු පිණිසය. අහෝ! නබිවරය, නුඹේ මිතුරන් තවදුරටත් ප්රශ්න කරති. එනම් අනාථයින් රැකබලා ගැනීමේදී ඔවුන් සමග කටයුතු කළ යුත්තේ කෙසේද? ආහාර පාන නවාතැන් හා වියහියදම් යනාදී ඔවුන්ගේ සම්පත් සමග තමනුත් එය පරිහරණය කරමින් මිශ්ර ව කටයුතු කළ හැකිද? ඔවුන් පිළිබඳ තමන්ගේ ස්ථාවරය කුමක් විය යුතු දැයි නුඹගෙන් විමසා සිටිති. ඔවුනට පිළිතුරු වශයෙන් ඔබ මෙසේ පවසනු. නුඹලාගේ සම්පත් සමග මිශ්ර කිරීම හෝ කිසිදු හේතුවකින් තොර ව ඔවුන්ගේ සම්පතින් යහපත ලැබීමමෙන් වෙන් ව සිටිය යුතුයි. එය අල්ලාහ් අබියස ශ්රේෂ්ඨය. එමෙන්ම මහත් කුසල් ගෙන දෙන්නක් වන්නේය. ඔවුන්ගේ සම්පතට ආරක්ෂාව සැලසෙන හෙයින් ඔවුනට ද යහපතක් වන්නේය. ජීවන වියදම හා නවාතැන වැනි කරුණු වලදී ඔවුන්ගේ ධනය නුඹලාගේ ධනය සමග මුසු කොට හවුල් ව කටයුතු කරන්නේ නම් ඒහි වරදක් නැත. ඔවුහු දහමෙහි නුඹලාගේ සහෝදරයෝ වෙති. සහෝදරයින් එකිනෙකා උපකාරශීලී ව කටයුතු කරති. ඇතැමෙකුගේ කරුණු වලදී ඇතැමෙකු ක්රියා කරයි. සෙත සලසන්නට අපේක්ෂා කරන්නන් අතුරින් අනාථයින්ගේ ධනය ඔවුන් සමග හවුල් කිරීමෙන් අපරාධයක් කරන්නට අපේක්ෂා කරන්නේ කවුදැයි අල්ලාහ් දන්නේය. අනාථයින්ගේ කටයුතු වලදී නුඹලා අපහසු වන්නේ නම් නුඹලාටත් දුෂ්කර වන්නේය. නමුත් ඔවුන් සමග කටයුතු කිරීමේ මාර්ග අල්ලාහ් නුඹලාට පහසු කර දී ඇත. හේතුව ෂරීආ පිළිවෙත පිහිටා ඇත්තේ පහසු ව මතය. සැබැවින්ම අල්ලාහ් සර්ව බලධාරීය. කිසිවක් ඉක්මවා කටයුතු කරන්නට ඉඩ සලසන්නේ නැත. ඔහුගේ මැවීමෙහි, ඔහුගේ සැලසුමෙහි හා ඔහු පනවා ඇති ආගමික පිළිවෙතෙහි ඔහු මහා ප්රඥාවන්තය.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
ಈ ಪುಟದಲ್ಲಿರುವ ಶ್ಲೋಕಗಳ ಉಪಯೋಗಗಳು:
• تحريم النكاح بين المسلمين والمشركين، وذلك لبُعد ما بين الشرك والإيمان.
•අල්ලාහ්ට අවනත වන මුස්ලිම්වරුන් හා අල්ලාහ්ට ආදේශ තබන මුෂ්රික්වරුන් අතර විවාහය සිදු කිරීමේ තහනම එය දේව විශ්වාසය හා දේව ආදේශය අතර පවතින දුරස් බව හේතුවෙනි.

• دلت الآية على اشتراط الولي عند عقد النكاح؛ لأن الله تعالى خاطب الأولياء لمّا نهى عن تزويج المشركين.
•විවාහය ගිවිස ගන්නා අවස්ථාවේ වලී හෙවත් භාරකරුවකු සිටීමේ කොන්දේසිය මෙම ආයතය අවධාරණය කරයි. දෙවියන් ආදේශ කරන්නන් විවාහ කර දීමෙන් වැළකෙන්නැයි අවධාරණය කරමින් අල්ලාහ් භාරකරුවන් සම්බන්ධයෙන් කතා කර ඇති බැවිණි.

• حث الشريعة على الطهارة الحسية من النجاسات والأقذار، والطهارة المعنوية من الشرك والمعاصي.
•කිලිටි හා අපවිත්ර දැයින් භෞතික පිරිසිදුකම ගැන ෂරීආ පිළිවෙත දිරිගන්වා ඇති අතරම අල්ලාහ්ට ආදේශ කිරම, පාපකම් කිරීම යනාදියෙන් අභ්යන්තරය පිරිසිදු කර ගැනීම ගැනද දිරිගන්වා ඇත.

• ترغيب المؤمن في أن يكون نظره في أعماله - حتى ما يتعلق بالملذات - إلى الدار الآخرة، فيقدم لنفسه ما ينفعه فيها.
•දෙවියන් විශ්වාස කරන මුඃමින්වරයකු මතු ලොව නිවහන වෙත තමන් යොමු කරවන තම ක්රියාදමයන් දෙස බලන්නට කැමැත්ත ඇති කරයි. එය තමන්ගේ ආශාවන් හා බැඳුණු ක්රියාවකින් හෝ වේවා එසේ සිදු වීම බලාපොරොත්තු වෙයි.

 
ಅರ್ಥಗಳ ಅನುವಾದ ಶ್ಲೋಕ: (220) ಅಧ್ಯಾಯ: ಅಲ್- ಬಕರ
ಅಧ್ಯಾಯಗಳ ವಿಷಯಸೂಚಿ ಪುಟ ಸಂಖ್ಯೆ
 
ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಅಲ್-ಮುಖ್ತಸರ್ ಫಿ ತಫ್ಸೀರಿಲ್ ಕುರ್‌ಆನಿಲ್ ಕರೀಮ್ - ಸಿಂಹಳೀ ಅನುವಾದ - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ

ಪ್ರಕಾಶನ - ಕುರ್‌ಆನ್ ತಫ್ಸೀರ್ ಸ್ಟಡಿ ಸೆಂಟರ್

ಮುಚ್ಚಿ