Check out the new design

ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಸಿಂಹಳೀ ಅನುವಾದ - ರುವ್ವಾದ್ ಭಾಷಾಂತರ ಕೇಂದ್ರ * - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ

PDF XML CSV Excel API
Please review the Terms and Policies

ಅರ್ಥಗಳ ಅನುವಾದ ಅಧ್ಯಾಯ: ಯೂನುಸ್   ಶ್ಲೋಕ:
وَاِذَا تُتْلٰی عَلَیْهِمْ اٰیَاتُنَا بَیِّنٰتٍ ۙ— قَالَ الَّذِیْنَ لَا یَرْجُوْنَ لِقَآءَنَا ائْتِ بِقُرْاٰنٍ غَیْرِ هٰذَاۤ اَوْ بَدِّلْهُ ؕ— قُلْ مَا یَكُوْنُ لِیْۤ اَنْ اُبَدِّلَهٗ مِنْ تِلْقَآئِ نَفْسِیْ ۚ— اِنْ اَتَّبِعُ اِلَّا مَا یُوْحٰۤی اِلَیَّ ۚ— اِنِّیْۤ اَخَافُ اِنْ عَصَیْتُ رَبِّیْ عَذَابَ یَوْمٍ عَظِیْمٍ ۟
තවද ඔවුන් වෙත අපගේ පැහැදිලි වදන් කියවා පෙන්වනු ලබන විට, අපගේ හමුව අපේක්ෂා නොකරන්නන් ‘මේ හැර වෙනත් කුර්ආනයක් ගෙන එනු. නැතහොත් එය වෙනස් කරනු’ යැයි පවසති. (මා කැමති පරිදි) මාගේ පැත්තෙන් එය වෙනස් කිරීමට මාහට (කිසිදු අයිතියක්) නැත. මා වෙත දන්වනු ලබන දෑ මිස වෙනකක් මම අනුගමනය නො කරමි. මාගේ පරමාධිපතිට මා පිටුපෑවේ නම් අතිමහත් දිනයක දඬුවම පිළිබඳව සැබැවින් ම මම බිය වෙමි යැයි (නබිවරය!) නුඹ පවසනු.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
قُلْ لَّوْ شَآءَ اللّٰهُ مَا تَلَوْتُهٗ عَلَیْكُمْ وَلَاۤ اَدْرٰىكُمْ بِهٖ ۖؗۗ— فَقَدْ لَبِثْتُ فِیْكُمْ عُمُرًا مِّنْ قَبْلِهٖ ؕ— اَفَلَا تَعْقِلُوْنَ ۟
අල්ලාහ් අභිමත කළේ නම් මම නුඹලා වෙත එය පාරායනය නො කරන්නට තිබුණි. තවද මම එය නුඹලාට නො දන්වන්නට තිබුණි. සැබැවින් ම මම මීට පෙර නුඹලා අතර චිරාත් කාලයක් රැඳී සිටියෙමි. නුඹලා වටහා ගත යුතු නො වේ ද? යැයි (නබිවරය!) නුඹ පවසනු.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
فَمَنْ اَظْلَمُ مِمَّنِ افْتَرٰی عَلَی اللّٰهِ كَذِبًا اَوْ كَذَّبَ بِاٰیٰتِهٖ ؕ— اِنَّهٗ لَا یُفْلِحُ الْمُجْرِمُوْنَ ۟
එබැවින් අල්ලාහ්ට එරෙහිව බොරු ගෙතූ අයට වඩා හෝ ඔහුගේ වදන් බොරු කළවුනට වඩා මහා අපරාධකරු කවරෙකු ද? නියත වශයෙන් ම, වැරදිකරුවෝ ජය නො ලබති.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَیَعْبُدُوْنَ مِنْ دُوْنِ اللّٰهِ مَا لَا یَضُرُّهُمْ وَلَا یَنْفَعُهُمْ وَیَقُوْلُوْنَ هٰۤؤُلَآءِ شُفَعَآؤُنَا عِنْدَ اللّٰهِ ؕ— قُلْ اَتُنَبِّـُٔوْنَ اللّٰهَ بِمَا لَا یَعْلَمُ فِی السَّمٰوٰتِ وَلَا فِی الْاَرْضِ ؕ— سُبْحٰنَهٗ وَتَعٰلٰی عَمَّا یُشْرِكُوْنَ ۟
අල්ලාහ් හැර දමා ඔවුනට පීඩාවක් නො කරන එමෙන් ම ඔවුනට සෙත නො සලසන දෑට ඔවුහු නැමැදුම් කරති. මොවුහු අල්ලාහ් ඉදිරියේ අපගේ මැදිහත්කරුවෝ’ යැයි ඔවුහු පවසති. ‘අහස්හි හෝ මහපොළොවේ හෝ ඔහු නොදන්නා දෑ නුඹලා අල්ලාහ්ට දන්වන්නෙහු දැ’යි (නබිවරය!) නුඹ අසනු. ඔහු සුපිවිතුරු ය. තවද ඔවුන් ආදේශ කරන දැයින් ඔහු උත්තරීතර ය.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَمَا كَانَ النَّاسُ اِلَّاۤ اُمَّةً وَّاحِدَةً فَاخْتَلَفُوْا ؕ— وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِنْ رَّبِّكَ لَقُضِیَ بَیْنَهُمْ فِیْمَا فِیْهِ یَخْتَلِفُوْنَ ۟
තවද මිනිස් සමූහය එක ම සමූහයක් මිස නො වීය. පසුව, ඔවුහු භේද වූහ. නුඹගේ පරමාධිපතිගෙන් වූ වදනක් පෙරටු නො වී නම් ඔවුහු කවර විෂයක භේද ඇති කර ගත්තෝ ද එහි ඔවුන් අතර තීන්දු කරනු ලබන්නට තිබුණි.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَیَقُوْلُوْنَ لَوْلَاۤ اُنْزِلَ عَلَیْهِ اٰیَةٌ مِّنْ رَّبِّهٖ ۚ— فَقُلْ اِنَّمَا الْغَیْبُ لِلّٰهِ فَانْتَظِرُوْا ۚ— اِنِّیْ مَعَكُمْ مِّنَ الْمُنْتَظِرِیْنَ ۟۠
තවද ඔහු වෙත ඔහුගේ පරමාධිපතිගෙන් සංඥාවක් පහළ විය යුතු නො වේ දැ? යි ඔවුහු පවසති. "සියලු ගුප්ත දෑ අල්ලාහ් සතු ය. එබැවින් නුඹලා බලාපොරොත්තුවෙන් සිටිනු. නියත වශයෙන් ම මම ද නුඹලා සමඟ බලාපොරොත්තු වන්නන් අතරින් වෙමි" යැයි (නබිවරය!) නුඹ පවසනු.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
 
ಅರ್ಥಗಳ ಅನುವಾದ ಅಧ್ಯಾಯ: ಯೂನುಸ್
ಅಧ್ಯಾಯಗಳ ವಿಷಯಸೂಚಿ ಪುಟ ಸಂಖ್ಯೆ
 
ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಸಿಂಹಳೀ ಅನುವಾದ - ರುವ್ವಾದ್ ಭಾಷಾಂತರ ಕೇಂದ್ರ - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ

ರಬ್ವಾಹ್ನಲ್ಲಿರುವ ದಾವಾ ಸಂಸ್ಥೆ ಮತ್ತು ಭಾಷೆಗಳಲ್ಲಿ ಇಸ್ಲಾಮಿಕ್ ವಿಷಯವನ್ನು ಸೇವಿಸುವ ಸಂಸ್ಥೆಯ ಸಹಕಾರದೊಂದಿಗೆ ರುವ್ವಾದ್ ಅನುವಾದ ಕೇಂದ್ರದ ತಂಡದಿಂದ ಅನುವಾದಿಸಲಾಗಿದೆ.

ಮುಚ್ಚಿ