Check out the new design

ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី * - មាតិកានៃការបកប្រែ


ការបកប្រែអត្ថន័យ ជំពូក​: អាល់ហ្វាច់រ៍   វាក្យខណ្ឌ:

අල් ෆජ්ර්

គោល​បំណងនៃជំពូក:
بيان عاقبة الطغاة، والحكمة من الابتلاء، والتذكير بالآخرة.
අපරාධකරුවන්ගේ අවසානය පැහැදිලි කිරීම, පරීක්ෂාවට ලක් කිරීමේ ප්රඥාව හා මතුලොව පිළිබඳ මෙනෙහි කිරීම.

وَالْفَجْرِ ۟ۙ
ශුවිසුද්ධ අල්ලාහ් අරුණෝදය මත දිවුරමින් ද
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَلَیَالٍ عَشْرٍ ۟ۙ
දුල් හජ් මාසයේ ආරම්භ රාත්රී දහය මත දිවුරමින් ද
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَّالشَّفْعِ وَالْوَتْرِ ۟ۙ
සියලු දෑහි ජෝඩු හා තනි යන දෑ මත දිවුරමින් ද
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَالَّیْلِ اِذَا یَسْرِ ۟ۚ
රාත්රිය පැමිණ, එය පැවතී, පසුව එය ගෙවී යන විට ඒ මත දිවුරමින් ද පවසා සිටියි. එසේ දිවුරා පවසා සිටින්නේ, ඔබ සැමගේ ක්රියාවන් අනුව ඔබ සැමට ප්රතිඵල දෙනු ලබනු ඇත යන්නයි.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
هَلْ فِیْ ذٰلِكَ قَسَمٌ لِّذِیْ حِجْرٍ ۟ؕ
සඳහන් කරන ලද දෑහි බුද්ධිය ඇත්තන්හට ප්රමාණවත් දිවුරීම් තිබේ ද?
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
اَلَمْ تَرَ كَیْفَ فَعَلَ رَبُّكَ بِعَادٍ ۟
හූද් නබිවරයාගේ සමූහයා වන ආද්, ඔවුන් වෙත එවනු ලැබූ දහම් දූතයාණන්ව බොරුකළ බැවින් ඔබේ පරමාධිපති ඔවුන් සමග ක්රියා කළ අයුරු ඔබ සිතා බලා තිබෙන්නේ ද?
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
اِرَمَ ذَاتِ الْعِمَادِ ۟
ආද් සමූහයා වන ඔවුන් උස් කුළුණුවලින් යුත් ඉරම් නගරයේ මුතුන් මිත්තන් දක්වා දිවයන පරම්පරාවකට සම්බන්ධකම් ඇති ප්රජාවකි.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
الَّتِیْ لَمْ یُخْلَقْ مِثْلُهَا فِی الْبِلَادِ ۟
මින් පෙර එවන් වූ සමූහයක් එම ප්රදේශයේ අල්ලාහ් මැව්වේ නැත.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَثَمُوْدَ الَّذِیْنَ جَابُوا الصَّخْرَ بِالْوَادِ ۟
එසේම ගල් කඳු පළා, කුටි සහිත නිවෙස් සාදාගත් සාලිහ් නබිවරයාගේ සමූහයා සමඟ ඔබේ පරමාධිපති ක්රියා කළ ආකාරය ගැන ඔබ සිතා බලා තිබේ ද?
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَفِرْعَوْنَ ذِی الْاَوْتَادِ ۟
රිටි ආධාරයෙන් ජනයාහට දඬුවම් දෙමින් සිටි ෆිර්අවුන් සමග ඔබේ පරමාධිපති ක්රියා කළ ආකාරය ඔබ සිතා බලා තිබේ ද?
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
الَّذِیْنَ طَغَوْا فِی الْبِلَادِ ۟
මේ සෑම කෙනෙකුම බලය යෙදවීමෙහි හා අපරාධ කිරීමෙහි පමණ ඉක්මවා කටයුතු කළෝය. සියල්ලෝම තම ප්රදේශය තුළ සීමාව ඉක්මවා ක්රියා කළෝය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
فَاَكْثَرُوْا فِیْهَا الْفَسَادَ ۟
පාපකම් හා දෙවියන් ප්රතික්ෂේප කරන ක්රියාවන් රට පුරා පතුරුවා හැර, එහි අධික ලෙස කලහකම් කළෝය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
فَصَبَّ عَلَیْهِمْ رَبُّكَ سَوْطَ عَذَابٍ ۟ۚۙ
එහෙයින් අල්ලාහ් ඔවුන් හට දැඩි දඬුවම් දී විඳවන්නට සැළැස්වීය. මහපොළොවෙන් ඔවුන් ඇතුගා දැමීය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
اِنَّ رَبَّكَ لَبِالْمِرْصَادِ ۟ؕ
අහෝ දූතය! නියත වශයෙන්ම ඔබේ පරමාධිපති මිනිසුන් සිදු කරන සියලු ක්රියාවන් ගැන අවධානයෙන් නිරීක්ෂණය කරයි. දැහැමි කටයුතු කළවුන්ට ස්වර්ගය පිරිනමයි. නපුරුකම් කළවුනට නිරයේ වේදනාවන් පිරිනමයි.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
فَاَمَّا الْاِنْسَانُ اِذَا مَا ابْتَلٰىهُ رَبُّهٗ فَاَكْرَمَهٗ وَنَعَّمَهٗ ۙ۬— فَیَقُوْلُ رَبِّیْۤ اَكْرَمَنِ ۟ؕ
එහෙයින්, මිනිසා යනු: ඔහුගේ පරමාධිපති ඔහුට ධනය, දරුවන් හා හිසට නිවහනක් පිරිනමා ඔහුව ගරු කොට පරීක්ෂාවට ලක් කළ විට, අල්ලාහ් විසින් තමන්ට ගෞරවය පිරිනමනු ලැබ ඇතැයි සිතීම ඔහුගේ ස්වභාවයයි. එවිට ඔහු “මාගේ පරමාධිපති මට ගරු කොට ඇත. එය මාගේ තත්ත්වයට ගරු ගිරීමක් වශයෙන් පිරිනමා ඇත” යැයි පවසයි.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَاَمَّاۤ اِذَا مَا ابْتَلٰىهُ فَقَدَرَ عَلَیْهِ رِزْقَهٗ ۙ۬— فَیَقُوْلُ رَبِّیْۤ اَهَانَنِ ۟ۚ
නමුත් ඔහුගේ පෝෂණය සීමා කොට, ඔහු පරීක්ෂාවට ලක් කළ විට තම පරමාධිපති තමන් අවමානයට පත් කර ඇතැයි සිතයි. එවිට ඔහු “මාගේ පරමාධිපති මා අවමානයට පත් කොට ඇත” යැයි පවසයි.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
كَلَّا بَلْ لَّا تُكْرِمُوْنَ الْیَتِیْمَ ۟ۙ
එසේ නොව, සැබැවින්ම ආශිර්වාද කර තිබීම ගැන දෙවියන් තම ගැත්තා පිළිබඳ තෘප්තියට පත්ව ඇතැයි යන්නට සාධකයක් ලෙස හෝ තමන්ට යම් අභාග්යයක් ඇති වූ විටෙක තම පරමාධිපති ඉදිරියේ ඔහු අවමානයට පත් වූ අයකු යැයි රූපණය කරන්නාක් මෙන් හෝ නැත. කෙසේ වෙතත් නුඹලාට අල්ලාහ් පිරිනැමූ පෝෂණයෙන් නුඹලා අනාථ දරුවන්හට ගරු නොකරන්නාහුය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَلَا تَحٰٓضُّوْنَ عَلٰی طَعَامِ الْمِسْكِیْنِ ۟ۙ
කුසට ආහාරයක් නොමැති දිළින්දන් හට ආහාර සැපයීම සඳහා අන්යෝන්ය ලෙස අනෙකා උනන්දු නොකරන්නාහුය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَتَاْكُلُوْنَ التُّرَاثَ اَكْلًا لَّمًّا ۟ۙ
දුර්වල කාන්තාවන්, අනාථයින්ගේ උරුමයන්හි අනුමත භාවය පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොදක්වා දැඩි සේ අනුභව කරන්නාහුය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَّتُحِبُّوْنَ الْمَالَ حُبًّا جَمًّا ۟ؕ
අධික ලෙස ධනයට ප්රිය කරන්නාහුය. ස්ව කැමැත්තෙන් අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කිරීමට මසුරුකම් පාන්නාහුය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
كَلَّاۤ اِذَا دُكَّتِ الْاَرْضُ دَكًّا دَكًّا ۟ۙ
මෙසේ නුඹලා කටයුතු කිරීම නුසුදුසුය. මහපොළොව දැඩි ලෙස සෙලවී කම්පනය වන විට එම අවස්ථාව ගැන මදක් සිතා බලන්න.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَّجَآءَ رَبُّكَ وَالْمَلَكُ صَفًّا صَفًّا ۟ۚ
අහෝ දූතය! ඔබේ පරමාධිපති තම ගැත්තන් අතර වෙන් කිරීම සඳහා පැමිණෙනු ඇත. මලක්වරුන් ද පෙළ ගැසී පෙළින් පෙළට පැමිණෙති.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
អំពី​អត្ថប្រយោជន៍​នៃវាក្យខណ្ឌទាំងនេះនៅលើទំព័រនេះ:
• فضل عشر ذي الحجة على أيام السنة.
• වසරේ දින අතුරින් දුල් හජ් මාසයේ දින දහය පිළිබඳ වූ මහිමය.

• ثبوت المجيء لله تعالى يوم القيامة وفق ما يليق به؛ من غير تشبيه ولا تمثيل ولا تعطيل.
• කිසිදු ආදේශයකින් තොරව උපමා කිරීමකින් තොරව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී අල්ලාහ් තම නියම ස්වරූපයෙන් ඔහුට ආවේනික වූ පරිදි පැමිණෙන බව තහවුරු කිරීම.

• المؤمن إذا ابتلي صبر وإن أعطي شكر.
• දෙවියන් කෙරෙහි විශ්වාසය තබන්නා තමන්ට යම් අභාග්යයක් සිදු වූ විට ඉවසිලිවන්තව කටයුතු කරයි. තමන්ට යමක් පිරිනමනු ලැබූ විට ඒ සඳහා කෘතවේදය පළ කරයි.

 
ការបកប្រែអត្ថន័យ ជំពូក​: អាល់ហ្វាច់រ៍
មាតិកានៃជំពូក លេខ​ទំព័រ
 
ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី - មាតិកានៃការបកប្រែ

ត្រូវបានចេញដោយមជ្ឈមណ្ឌល តាហ្វសៀរនៃការសិក្សាគម្ពីគួរអាន

បិទ