Check out the new design

ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី * - មាតិកានៃការបកប្រែ


ការបកប្រែអត្ថន័យ ជំពូក​: អាល់អ៊ីនសាន   វាក្យខណ្ឌ:

අල් ඉන්සාන්

គោល​បំណងនៃជំពូក:
تذكير الإنسان بأصل خلقه، ومصيره، وبيان ما أعد الله في الجنة لأوليائه.
මිනිසා මැවීමේ මූලාරම්භය හා ඔහුගේ ඉරණම ඔහුට මෙනෙහි කිරීම. තම සමීපතයින් සඳහා අල්ලාහ් ස්වර්ගයේ සූදානම් කර ඇති දෑ පැහැදිලි කිරීම.

هَلْ اَتٰی عَلَی الْاِنْسَانِ حِیْنٌ مِّنَ الدَّهْرِ لَمْ یَكُنْ شَیْـًٔا مَّذْكُوْرًا ۟
මිනිසා දිගු කාලයක් පසුකර පැමිණ ඇත. එහි ඔහු පවසන්නට තරම් කිසිවක් නොමැති තත්ත්වයක පසුවිය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
اِنَّا خَلَقْنَا الْاِنْسَانَ مِنْ نُّطْفَةٍ اَمْشَاجٍ ۖۗ— نَّبْتَلِیْهِ فَجَعَلْنٰهُ سَمِیْعًا بَصِیْرًا ۟ۚ
පිරිමියගේ ද්රාවණයකින් හා කාන්තාවගේ ද්රාවණයකින් මුසු වූ ද්රාවණයකින් සැබැවින්ම අපි මිනිසා මැව්වෙමු. අපි ඒ මත පවරන දෑ තුළින් පරීක්ෂා කරන්නෙමු. එහෙයින් අපි ඔහුට පැවරූ ආගමික පිළිවෙත් ක්රියාත්මක කරනු පිණිස සවන හා බැල්ම අපි ඔහුට ඇති කළෙමු.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
اِنَّا هَدَیْنٰهُ السَّبِیْلَ اِمَّا شَاكِرًا وَّاِمَّا كَفُوْرًا ۟
අපගේ දහම් දූතවරුන්ගේ මුවින් යහ මාර්ගය අපි ඔහුට පැහැදිලි කළෙමු. එමගින් ඔහුට වැරදි මාර්ගය පැහැදිලි විය. ඉන් පසුව ඔහු ඍජු මාර්ගය වෙත මඟ පෙන්වනු ලැබුවේ නම් ඔහු අල්ලාහ්ට කෘතවේදීව ඔහු ව විශ්වාස කරන ගැත්තෙකු වන්නේය. නමුත් ඔහු එයින් මුළා වී ගියේ නම් අල්ලාහ්ගේ වදන් පිටුපාන ප්රතික්ෂේප කරන ගැත්තෙකු බවට පත් වන්නේය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
اِنَّاۤ اَعْتَدْنَا لِلْكٰفِرِیْنَ سَلٰسِلَاۡ وَاَغْلٰلًا وَّسَعِیْرًا ۟
අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කළවුන් සඳහා නිරා ගින්න වෙත ඇදගෙන යන දම්වැල්, ඒ සමගම ඇවිළෙන ගෙල විලංගු හා බුර බුරා ඇවිළෙන ගින්න සැබැවින්ම අපි සූදානම් කර ඇත්තෙමු.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
اِنَّ الْاَبْرَارَ یَشْرَبُوْنَ مِنْ كَاْسٍ كَانَ مِزَاجُهَا كَافُوْرًا ۟ۚ
අල්ලාහ්ට අවනත වන විශ්වාසීන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නැවුම් සුවඳැති කපුරු මිශ්ර මධු පානයෙන් පුරවන ලද (කුසලාන මෙන් වූ) භාජනවලින් පානය කරනු ඇත.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
អំពី​អត្ថប្រយោជន៍​នៃវាក្យខណ្ឌទាំងនេះនៅលើទំព័រនេះ:
• خطر حب الدنيا والإعراض عن الآخرة.
•මෙලොව ප්රිය කොට මතුලොව නොසලකා හැරීමේ ඇති අවදානම.

• ثبوت الاختيار للإنسان، وهذا من تكريم الله له.
•මිනිසාට තෝරා ගැනීමේ නිදහස ස්ථීර කිරීම. එය අල්ලාහ් ඔහුට කරන ගෞරවයකි.

• النظر لوجه الله الكريم من أعظم النعيم.
•අල්ලාහ්ගේ මුහුණ දැකීම ආශිර්වාද අතරින් මහත් වූ ආශිර්වාදයකි.

عَیْنًا یَّشْرَبُ بِهَا عِبَادُ اللّٰهِ یُفَجِّرُوْنَهَا تَفْجِیْرًا ۟
දෙවියන්ට අවනත වූවන් සඳහා සූදානම් කරන ලද මෙම පානය, කිසිදු වෙහෙසකින් තොරව පහසුවෙන් පරිභෝජනයට ගත හැකි උල්පත් තුළින් හට ගන්නකි. අල්ලාහ්ගේ ගැත්තන්හට ඒ ගැන විස්තර කරනු ලැබේ. ඔවුන් අභිමත කරන තැනක එය උතුරා ගලා යනු ඇත.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
یُوْفُوْنَ بِالنَّذْرِ وَیَخَافُوْنَ یَوْمًا كَانَ شَرُّهٗ مُسْتَطِیْرًا ۟
එය පානය කරන ගැත්තන්ගේ ගුණාංග වනුයේ, ඔවුනට අවනත වීම සඳහා අනිවාර්යය කරන ලද දෑ ඔවුන් විසින් ඉටු කරති. හානිය පතුරුවාලන ඉතා දැඩි දිනයකට බිය වෙති. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයයි.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَیُطْعِمُوْنَ الطَّعَامَ عَلٰی حُبِّهٖ مِسْكِیْنًا وَّیَتِیْمًا وَّاَسِیْرًا ۟
ඔවුනට ඒ සඳහා අවශ්යතා ව තිබිය දී එයට ප්රිය කරන තත්ත්වයේ හා එයට ඇලුම් කරන තත්ත්වයේ එම ආහාර දානය කරති. අවශ්යතා ඇති දිළිඳුන් දුප්පතුන් හා සිරකරුවන් සඳහා එම ආහාරය දානය කරති.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
اِنَّمَا نُطْعِمُكُمْ لِوَجْهِ اللّٰهِ لَا نُرِیْدُ مِنْكُمْ جَزَآءً وَّلَا شُكُوْرًا ۟
සැබැවින්ම ඔවුනට එසේ තමන් ආහාර සපයනුයේ අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා මිස නැතැයි තමන්ගේ සිත් තුළ සගවා ගෙන සිටිති. ඔවුහු ඔවුනට ආහාර සැපයීම සඳහා ඔවුන්ගෙන් කිසිදු ලාභයක් හෝ කිසිදු ප්රශංසාවක් අපේක්ෂා නොකරති.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
اِنَّا نَخَافُ مِنْ رَّبِّنَا یَوْمًا عَبُوْسًا قَمْطَرِیْرًا ۟
"සැබැවින්ම අපගේ පරමාධිපති වෙතින් වූ භීෂණය හා බිහිසුණුකම හේතුවෙන් අභාග්යවන්තයින්ගේ මුහුණු දුකින් පසුවන දිනයකට සැබැවින්ම අපි බියවන්නෙමු."
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
فَوَقٰىهُمُ اللّٰهُ شَرَّ ذٰلِكَ الْیَوْمِ وَلَقّٰىهُمْ نَضْرَةً وَّسُرُوْرًا ۟ۚ
අල්ලාහ්ගේ අනුග්රහයෙන් බිහිසුණු දිනයේ නපුරෙන් අල්ලාහ් ඔවුන් ආරක්ෂා කරනු ඇත. ඔවුන්ගේ මුහුණුවලට ආලෝකයක් හා ප්රීතියක් පිරිනමනු ඇත. එමෙන්ම ඔවුනට ගෞරවයක් හා ඔවුන්ගේ සිත් තුළ සතුටක් පිරිනමනු ඇත.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَجَزٰىهُمْ بِمَا صَبَرُوْا جَنَّةً وَّحَرِیْرًا ۟ۙ
අවනත වීමේ දී ඔවුන්ගේ ඉවසීම, අල්ලාහ්ගේ නියමයන්හි ඔවුන්ගේ ඉවසීම හා පාපකම් සිදු කිරීමෙන් වැළකී සිටීමේ දී ඔවුන්ගේ ඉවසීම යනාදිය හේතුවෙන් එහි ඔවුන් භුක්ති විඳිය හැකි ස්වර්ග උයන් හා ඇඳිය හැකි සේද රෙදි අල්ලාහ් ඔවුනට කුසල් වශයෙන් පිරිනමනු ඇත.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
مُّتَّكِـِٕیْنَ فِیْهَا عَلَی الْاَرَآىِٕكِ ۚ— لَا یَرَوْنَ فِیْهَا شَمْسًا وَّلَا زَمْهَرِیْرًا ۟ۚ
අලංකාරවත් කරන ලද ඇඳන් මත හාන්සි වන්නන් වෙති. හිරු කිරණ ඔවුනට වේදනා ගෙන දෙන අයුරින් එම ස්වර්ග උයනේ ඔවුන් හිරු නොදකිනු ඇත. එමෙන්ම දැඩි සීතලක් ද නොදකිනු ඇත. ඔවුහු උෂ්ණත්වය හෝ සිසිල හෝ නොමැති සදා හෙවණෙහි සිටිති.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَدَانِیَةً عَلَیْهِمْ ظِلٰلُهَا وَذُلِّلَتْ قُطُوْفُهَا تَذْلِیْلًا ۟
එම හෙවණ ඔවුනට ඉතා සමීප ව පිහිටයි. පලතුරු පරිභෝජනය කරන්නන් හට ඒවා වසඟ කර දෙනු ලැබේ. එහෙයින් ඔවුහු හාන්සි වූ තත්ත්වයෙන් ද, වාඩි වූ තත්ත්වයෙන් ද, සිටගත් තත්ත්වයෙන් ද ලැබිය හැකි පරිදි ඔවුන් ඒවා ඉතා පහසුවෙන් හා ලෙහෙසියෙන් පරිභෝජනය කරනු ඇත.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَیُطَافُ عَلَیْهِمْ بِاٰنِیَةٍ مِّنْ فِضَّةٍ وَّاَكْوَابٍ كَانَتْ قَوَارِیْرَ ۟ۙ
එහි ඔවුන් පානය කිරීමට අපේක්ෂා කරන විට, රිදී භාජන හා වර්ණය ඉතා පිරිසිදු වූ ගුරුලේත්තු සමග සේවකයින් ඔවුන් වටා ගමන් කරති.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
قَوَارِیْرَ مِنْ فِضَّةٍ قَدَّرُوْهَا تَقْدِیْرًا ۟
සැබැවින්ම එය රිදියෙන් පමණක් නොව එහි වර්ණයේ පැහැදිලිතාව පලිඟු මෙන් තිබේ. එය අපේක්ෂා කරන්නන් හට සරිලන ප්රමාණයෙන් සකස් කරන ලද්දකි. ඉන් කිසිවක් වැඩි වන්නේ හෝ අඩුවන්නේ හෝ නැත.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَیُسْقَوْنَ فِیْهَا كَاْسًا كَانَ مِزَاجُهَا زَنْجَبِیْلًا ۟ۚ
මෙසේ ගෞරවයට පාත්ර වූවන්හට සන්ජබීල් (ඉඟුරු) මිශ්රිත මධුපානයෙන් යුත් කුසලාන හැඩයෙන් යුත් කොප්පවලින් පොවනු ලැබේ.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
عَیْنًا فِیْهَا تُسَمّٰی سَلْسَبِیْلًا ۟
සල්සබීල් නමැති ස්වර්ගයේ උල්පතකින් ඔවුහු පානය කරති.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَیَطُوْفُ عَلَیْهِمْ وِلْدَانٌ مُّخَلَّدُوْنَ ۚ— اِذَا رَاَیْتَهُمْ حَسِبْتَهُمْ لُؤْلُؤًا مَّنْثُوْرًا ۟
තම යොවුන් වියේ පසුවන දරුවන් ස්වර්ග උයන්හි ඔවුන් වටා සැරිසරති. ඔබ ඔවුන්ගේ මුහුණෙහි ඇති සිරියාව, ඔවුන්ගේ වර්ණයෙහි ඇති අලංකාරය, ඔවුන්ගේ අධිකත්වය හා ඔවුන් විසිරී සිටීම ඔබ දකින්නේ නම් ඔවුන් විසිරුණු මුතුමෙන් ඔබ දකිනු ඇත.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَاِذَا رَاَیْتَ ثَمَّ رَاَیْتَ نَعِیْمًا وَّمُلْكًا كَبِیْرًا ۟
ස්වර්ගයේ ඇති දෑ ඔබ දකින විට වර්ණනා කළ නොහැකි සුව පහසුකම් හා ආශිර්වාද ඔබ දකිනු ඇත. එමෙන්ම කිසිදු රාජ්යයකට ළං විය නොහැකි අතිමහත් රාජ්යයක් ඔබ දකිනු ඇත.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
عٰلِیَهُمْ ثِیَابُ سُنْدُسٍ خُضْرٌ وَّاِسْتَبْرَقٌ ؗ— وَّحُلُّوْۤا اَسَاوِرَ مِنْ فِضَّةٍ ۚ— وَسَقٰىهُمْ رَبُّهُمْ شَرَابًا طَهُوْرًا ۟
ඔවුන්ගේ ශරීර මත අභිමානයෙන් යුත් වටිනා කොළ පැහැති ඇඳුම් දකින්නට ලැබේ. එය සිනිදු සේද රෙදිවලින් හා ඝන පටරෙදිවලින් යුක්තය. එහි දී ඔවුනට රිදියෙන් යුත් වළලු පලඳවනු ලැබේ. කිසිදු මිශ්රවීමකින් තොරව පිරිසිදු පානය අල්ලාහ් ඔවුනට සපයයි.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
اِنَّ هٰذَا كَانَ لَكُمْ جَزَآءً وَّكَانَ سَعْیُكُمْ مَّشْكُوْرًا ۟۠
ඔවුනට ගරු කිරීමක් වශයෙන්, "නුඹලාට පිරිනමනු ලැබූ මෙම ආශිර්වාදයන් නුඹලාගේ දැහැමි ක්රියාවන් සඳහා වූ තිළිණයක් වන්නේය. එමෙන්ම නුඹලාගේ ක්රියාවන් අල්ලාහ් අබියස පිළිගනු ලබන්නක් විය යැ"යි ඔවුනට පවසනු ලැබේ.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
اِنَّا نَحْنُ نَزَّلْنَا عَلَیْكَ الْقُرْاٰنَ تَنْزِیْلًا ۟ۚ
සැබැවින්ම අපි නුඹ වෙත අල් කුර්ආනය කොටස් වශයෙන් පහළ කළෙමු. අපි එය ඔබ වෙත එකවර එකට පහළ නොකළෙමු.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
فَاصْبِرْ لِحُكْمِ رَبِّكَ وَلَا تُطِعْ مِنْهُمْ اٰثِمًا اَوْ كَفُوْرًا ۟ۚ
අල්ලාහ් කවර නියෝගයක් හා නියමයක් නීතිගත කර ඇත්තේද ඒ වෙනුවෙන් ඔබ ඉවසනු. පාපය වෙත ඇරයුම් කරන්නාට ඔබ අවනත නොවනු. එමෙන්ම දේව ප්රතික්ෂේපය වෙත ඇරයුම් කරන්නාට ද ඔබ අවනත නොවනු.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَاذْكُرِ اسْمَ رَبِّكَ بُكْرَةً وَّاَصِیْلًا ۟ۖۚ
දහවල් ආරම්භ කාලයේ ෆජ්ර් සලාතය, ලුහර් සලාතය හා අසර් වේලාවේ අවසානයේ ඔබ ඔබේ පරමාධිපතිට දික්ර් (මෙනෙහි) කරනු.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
អំពី​អត្ថប្រយោជន៍​នៃវាក្យខណ្ឌទាំងនេះនៅលើទំព័រនេះ:
• الوفاء بالنذر وإطعام المحتاج، والإخلاص في العمل، والخوف من الله: أسباب للنجاة من النار، ولدخول الجنة.
•භාරයන් ඉටු කිරීම, අවශ්යතා ඇත්තන්හට ආහාර සැපයීම, ක්රියාවන්හි අවංකභාවය, අල්ලාහ් පිළිබඳ බියෙන් පසුවීම යනාදිය නිරයෙන් මිදීමට හා ස්වර්ගයට ඇතුළත් වීමට තුඩු දෙන හේතූන් වේ.

• إذا كان حال الغلمان الذين يخدمونهم في الجنة بهذا الجمال، فكيف بأهل الجنة أنفسهم؟!
•ස්වර්ගයේ ස්වර්ග වාසීන්ට සේවය කරන දරුවන් මෙවන් අලංකාර තත්ත්වයක පසුවන්නේ නම් ස්වර්ගවාසීන්ගේ තත්ත්වය කෙසේ නම් වීද!

وَمِنَ الَّیْلِ فَاسْجُدْ لَهٗ وَسَبِّحْهُ لَیْلًا طَوِیْلًا ۟
මග්රිබ් හා ඉෂා යන රාත්රී කාලීන සලාත් දෙක මගින් ඔබ ඔහු ව මෙනෙහි කරනු. ඒ දෙකින් පසු ඔහුට තහජ්ජුද් (රාත්රී කාල) සලාතය ඉටු කරනු.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
اِنَّ هٰۤؤُلَآءِ یُحِبُّوْنَ الْعَاجِلَةَ وَیَذَرُوْنَ وَرَآءَهُمْ یَوْمًا ثَقِیْلًا ۟
සැබැවින්ම දෙවියන්ට ආදේශ තබන මොවූහු මෙලොව ජීවිතයට ප්රිය කරති. ඒ මත දැඩි සේ ඇලුම් කරති. ඔවුනට පසුපසින් ඇති මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය (නොසලකා) අතහැර දමති. එහි ඉතා දුෂ්කර දෑ හා පරික්ෂණ ඇති බැවින් එය ඉතා බිහිසුණු දිනයකි.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
نَحْنُ خَلَقْنٰهُمْ وَشَدَدْنَاۤ اَسْرَهُمْ ۚ— وَاِذَا شِئْنَا بَدَّلْنَاۤ اَمْثَالَهُمْ تَبْدِیْلًا ۟
ඔවුන් මවා ඔවුන්ගේ සන්ධි, අවයව හා වෙනත් ශරීර අංග නිසි ලෙස සකසා ඔවුන්ගේ මැවීම ශක්තිමත් කළේ අපය. ඔවුන් විනාශ කිරීමට හා ඔවුන් වෙනුවට තවත් පිරිසක් පෙරළා ගෙන එන්නට අපි අභිමත කළ විට අපි ඔවුන් විනාශ කොට ඔවුන් වෙනුවට තවත් පිරිසක් පෙරළා ගෙන එන්නෙමු.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
اِنَّ هٰذِهٖ تَذْكِرَةٌ ۚ— فَمَنْ شَآءَ اتَّخَذَ اِلٰی رَبِّهٖ سَبِیْلًا ۟
සැබැවින්ම මෙම සූරාව උපදෙසකි. මෙනෙහි කිරීමකි. එහෙයින් කවරෙකු තම පරමාධිපතිගේ තෘප්තිය වෙත සේන්දු කරවන මාර්ගය පිළිපදින්නට අභිමත කරන්නේ ද ඔහු එම මාර්ගය ගනිත්වා.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَمَا تَشَآءُوْنَ اِلَّاۤ اَنْ یَّشَآءَ اللّٰهُ ؕ— اِنَّ اللّٰهَ كَانَ عَلِیْمًا حَكِیْمًا ۟
අල්ලාහ්ගේ තෘප්තිය වෙත වූ මාර්ගය නුඹලාට අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස නුඹලා එය පිළිපදින්නට අභිමත නොකරන්නෙහුය. සියලු කරුණු ඔහු වෙතය. සැබැවින්ම අල්ලාහ් තම ගැත්තන්හට යහපත් වන්නේ කුමක්ද ඔවුනට අයහපත් වන්නේ කුමක්ද යන්න වග මැනවින් දන්නාය. ඔහුගේ මැවීමෙහි ඔහුගේ නියමයෙහි හා ඔහුගේ ආගමානුගත කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
یُّدْخِلُ مَنْ یَّشَآءُ فِیْ رَحْمَتِهٖ ؕ— وَالظّٰلِمِیْنَ اَعَدَّ لَهُمْ عَذَابًا اَلِیْمًا ۟۠
ඔහුගේ ගැත්තන් අතරින් ඔහු අභිමත කරන අය ඔහුගේ කරුණාව තුළට ඇතුළත් කරන්නේය. දේව විශ්වාසය හා දැහැමි ක්රියාවන් සඳහා ඔවුනට ආශිර්වාද කරන්නේය. දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් තමන්ටම අපරාධ කරගත් අයට මතුලොවෙහි වේදනීය දඬුවමක් සූදානම් කර ඇත්තේය. එය නිරා ගින්නේ වේදනාවයි.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
អំពី​អត្ថប្រយោជន៍​នៃវាក្យខណ្ឌទាំងនេះនៅលើទំព័រនេះ:
• خطر التعلق بالدنيا ونسيان الآخرة.
•මෙලොවට බැඳී මතුලොව අමතක කිරීමේ වරද.

• مشيئة العبد تابعة لمشيئة الله.
• මිනිසා අභිමත කරන දෑ සිදුවනුයේ අල්ලාහ්ගේ අභිමතයට අනුකූලවය.

• إهلاك الأمم المكذبة سُنَّة إلهية.
•බොරුකාර සමූහයින් විනාශ කිරීම දේව පිළිවෙතයි.

 
ការបកប្រែអត្ថន័យ ជំពូក​: អាល់អ៊ីនសាន
មាតិកានៃជំពូក លេខ​ទំព័រ
 
ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី - មាតិកានៃការបកប្រែ

ត្រូវបានចេញដោយមជ្ឈមណ្ឌល តាហ្វសៀរនៃការសិក្សាគម្ពីគួរអាន

បិទ