Check out the new design

ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី * - មាតិកានៃការបកប្រែ


ការបកប្រែអត្ថន័យ ជំពូក​: អាល់មុដដាស់សៀរ   វាក្យខណ្ឌ:

අල් මුද්දස්සිර්

គោល​បំណងនៃជំពូក:
الأمر بالاجتهاد في دعوة المكذبين، وإنذارهم بالآخرة والقرآن.
බොරු කරන්නන්හට ඇරයුම් කිරීමේදී කැපවීමේ නියෝගය. මතුලොව හා අල් කුර්ආනය තුළින් ඔවුනට අවවාද කිරීම.

یٰۤاَیُّهَا الْمُدَّثِّرُ ۟ۙ
තම වස්ත්රයෙන් ආවරණය කර ගෙන සිටින්නාණනි, (එනම් නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාණන්ය.)
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
قُمْ فَاَنْذِرْ ۟ۙ
අවදි වී අල්ලාහ්ගේ දඬුවම ගැන බිය ගන්වනු.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَرَبَّكَ فَكَبِّرْ ۟ۙ
ඔබේ පරමාධිපතිගේ බල මහිමය පැසසුම් කරනු.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَثِیَابَكَ فَطَهِّرْ ۟ۙ
පාපයෙන් ඔබව පිරිසිදු කර ගනු. එමෙන්ම ඔබේ වස්ත්රය කිලිටිවලින් පිරිසිදු කර ගනු.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَالرُّجْزَ فَاهْجُرْ ۟ۙ
පිළිමවලට නැමදුම් කිරීමෙන් දුරස් වනු.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَلَا تَمْنُنْ تَسْتَكْثِرُ ۟ۙ
ඔබේ දැහැමි ක්රියාවන් වැඩිකර දෙන මෙන් ඉල්ලා ඔබේ පරමාධිපතිට උපකාර නොකරනු.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَلِرَبِّكَ فَاصْبِرْ ۟ؕ
ඔබ මුහුණ දෙන හිංසා පීඩාවන් සඳහා අල්ලාහ් වෙනුවෙන් ඉවසනු.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
فَاِذَا نُقِرَ فِی النَّاقُوْرِ ۟ۙ
දෙවැනි පිඹුම හොරණෑවෙහි පිඹණු ලැබූ විට,
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
فَذٰلِكَ یَوْمَىِٕذٍ یَّوْمٌ عَسِیْرٌ ۟ۙ
එදින බිහිසුණු දුෂ්කර දිනයකි.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
عَلَی الْكٰفِرِیْنَ غَیْرُ یَسِیْرٍ ۟
අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කරන්නන්හට පහසු නොවන දිනයකි.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
ذَرْنِیْ وَمَنْ خَلَقْتُ وَحِیْدًا ۟ۙ
අහෝ දූතය, ධනය හෝ දරුවෙකු නොමැතිව තම මව් කුසෙහි මම තනි ව මැවූ ඔහු ව, මා සමග අතහැර දමනු. (ඔහු අල් වලීද් ඉබ්නු අල් මුගීරා වේ.)
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَّجَعَلْتُ لَهٗ مَالًا مَّمْدُوْدًا ۟ۙ
අධික ලෙස ධන සම්පත් මම ඔහුට ඇති කළෙමි.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَّبَنِیْنَ شُهُوْدًا ۟ۙ
ඔහු සම්මුඛයෙහි සිටින, ඔහු සතු අධික ධනය නිසා මගී කටයුතුවල පවා ඔහුගෙන් වෙන් නොවී සහභාගී වන දරුවන් ඔහුට ඇති කළෙමි.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَّمَهَّدْتُّ لَهٗ تَمْهِیْدًا ۟ۙ
ජීවිතය පෝෂණය හා දරුවන් යනාදියෙහි ඔහුට ඇති තරම් පුළුල් ලෙස ඒවා දුනිමි.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
ثُمَّ یَطْمَعُ اَنْ اَزِیْدَ ۟ۙ
පසුව ඔහු මා ප්රතික්ෂේප කිරීමත් සමගම ඒ සියල්ල මා පිරිනැමුවායින් පසුව ද තවත් ඔහුට අධිකව මා දිය යුතු යැයි ඔහු කෑදර විය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
كَلَّا ؕ— اِنَّهٗ كَانَ لِاٰیٰتِنَا عَنِیْدًا ۟ؕ
ඔහු සිතනවාක් මෙන් එම කරුණ එසේ නැත. සැබැවින්ම අපගේ දූතයා වෙත පහළ කරනු ලැබූ අපගේ වදන් සම්බන්ධයෙන් ඔහු මුරණ්ඩුකම් විය. ඒවා බොරු යැයි පැවසීය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
سَاُرْهِقُهٗ صَعُوْدًا ۟ؕ
ඉසිලිය නොහැකි දඬුවමකින් දුෂ්කර දඬුවමක් ඔහු මත මම පටවමි.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
اِنَّهٗ فَكَّرَ وَقَدَّرَ ۟ۙ
මෙම ආශිර්වාද මා පිරිනැමූ එම දේව ප්රතික්ෂේපකයා, අල් කුර්ආනය ව්යාජ භාවයට පත් කිරීම සඳහා, එහි පවසන දෑ ගැන කල්පනා කොට එයට එරෙහිව ඔහුගේ සිත තුළ සැළසුම් යෙදුවේය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
អំពី​អត្ថប្រយោជន៍​នៃវាក្យខណ្ឌទាំងនេះនៅលើទំព័រនេះ:
• المشقة تجلب التيسير.
•දුෂ්කරතා පහසුව ගෙන දෙනු ඇත.

• وجوب الطهارة من الخَبَث الظاهر والباطن.
•බාහිර හා අභ්යන්තර කිලිටි වලින් පිරිසිදු වීමේ අනිවාර්යයභාවය.

• الإنعام على الفاجر استدراج له وليس إكرامًا.
•පාපිෂ්ඨයාට සැප පහසුකම් පිරි නැමීම, පියවරෙන් පියවර ඔහු ව ග්රහණය කර ගැනීම සඳහා මිස ඔහුට කරන ගරුත්වයක් වශයෙන් නොවේ.

 
ការបកប្រែអត្ថន័យ ជំពូក​: អាល់មុដដាស់សៀរ
មាតិកានៃជំពូក លេខ​ទំព័រ
 
ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី - មាតិកានៃការបកប្រែ

ត្រូវបានចេញដោយមជ្ឈមណ្ឌល តាហ្វសៀរនៃការសិក្សាគម្ពីគួរអាន

បិទ