Check out the new design

ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី * - មាតិកានៃការបកប្រែ


ការបកប្រែអត្ថន័យ ជំពូក​: អាត់តួរ   វាក្យខណ្ឌ:

අත් තූර්

គោល​បំណងនៃជំពូក:
الحجج والبراهين لرد شبهات المكذبين للنبي صلى الله عليه وسلم.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් බොරුකරමින් සිටියවුන්ගේ සැකයට ප්රතිචාර දැක්වීම සඳහා ඉදිරිපත් කෙරෙන සාක්ෂි හා සාධක.

وَالطُّوْرِ ۟ۙ
මූසා (අලයිහිස් සලාම්) තුමා අල්ලාහ් සමග කතා කළ තූර් නම් කන්ද මත අල්ලාහ් දිවුරා සිටියි.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَكِتٰبٍ مَّسْطُوْرٍ ۟ۙ
ලියන ලද පේළි සහිත පුස්තකය මත දිවුරා සිටිමින්.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
فِیْ رَقٍّ مَّنْشُوْرٍ ۟ۙ
පහළ කරනු ලැබූ පුස්තක මෙන් දිගු හරින ලද කොළවල විය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَّالْبَیْتِ الْمَعْمُوْرِ ۟ۙ
අල්ලාහ්ට නැමදුම් කරමින් අහස්හි මලක්වරුන් නඩත්තු කරන නිවස මත දිවුරා සිටිමින්.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَالسَّقْفِ الْمَرْفُوْعِ ۟ۙ
මහපොළොවේ වියන වූ ඉහළට ඔසවන ලද අහස මත දිවුරා සිටිමින්.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَالْبَحْرِ الْمَسْجُوْرِ ۟ۙ
ජලයෙන් පිරුණු සාගරය මත දිවුරා සිටිමින්.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
اِنَّ عَذَابَ رَبِّكَ لَوَاقِعٌ ۟ۙ
අහෝ දූතය! සැබැවින්ම නුඹේ පරමාධිපතිගේ දඬුවම කිසිදු සැකයකින් තොරව දෙවියන් ප්රතික්ෂේප කරන්නන්හට අත්වනු ඇත.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
مَّا لَهٗ مِنْ دَافِعٍ ۟ۙ
ඔවුන්ගෙන් එම දඬුවම වළක්වන එමෙන්ම ඔවුනට ඇති වන එම ව්යසනයෙන් ඔවුන්ව මුදවා ගන්නා කිසිවකු නැත.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
یَّوْمَ تَمُوْرُ السَّمَآءُ مَوْرًا ۟
එදින අහස තදින් කම්පනය වන දිනයයි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබීම සනිටුහන් කරමින් එය චලනය වෙයි.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَّتَسِیْرُ الْجِبَالُ سَیْرًا ۟ؕ
කඳු තිබී තැනින් විතැන් වී ගමන් කරනු ඇත.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
فَوَیْلٌ یَّوْمَىِٕذٍ لِّلْمُكَذِّبِیْنَ ۟ۙ
දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හට අල්ලාහ් කවර දඬුවමක් ප්රතිඥා දුන්නේ ද එය බොරු කළවුනට එදින විනාශයයි. ඛේදයයි.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
الَّذِیْنَ هُمْ فِیْ خَوْضٍ یَّلْعَبُوْنَ ۟ۘ
ඔවුන් ව්යාජ දෑහි ගිලී විහිළු කරමින් සිටියි. නැවත නැගිටුවනු ලැබීම හෝ අවදි කරනු ලැබීම ගැන නොතකයි.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
یَوْمَ یُدَعُّوْنَ اِلٰی نَارِ جَهَنَّمَ دَعًّا ۟ؕ
ඉතා බිහිසුණු හා ප්රචණ්ඩකාරී ලෙස නිරා ගින්න වෙත ඔවුන් හෙළනු ලබන දිනයකි.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
هٰذِهِ النَّارُ الَّتِیْ كُنْتُمْ بِهَا تُكَذِّبُوْنَ ۟
ඔවුන් හෙළා දකිමින්, ‘නුඹලාගේ දූතවරුන් නුඹලාව බිය වද්දන අවස්ථාවේ නුඹලා කවර කරුණක් බොරු කරමින් සිටියේ ද එම නිරා ගින්නය මෙය’ යැයි පවසනු ලැබේ.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
អំពី​អត្ថប្រយោជន៍​នៃវាក្យខណ្ឌទាំងនេះនៅលើទំព័រនេះ:
• الكفر ملة واحدة وإن اختلفت وسائله وتنوع أهله ومكانه وزمانه.
•දේව ප්රතික්ෂේපය වනාහි එහි මාධ්යයන් විවිධ වුව ද එහි උදවිය, එහි ස්ථානය හා එහි කාලය විවිධ වුව ද එහි පිළිවෙත එකමය.

• شهادة الله لرسوله صلى الله عليه وسلم بتبليغ الرسالة.
•දූත පණිවිඩය ප්රචාරය කිරීම සම්බන්ධයෙන් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සඳහා වන අල්ලාහ්ගේ සහතිකය.

• الحكمة من خلق الجن والإنس تحقيق عبادة الله بكل مظاهرها.
•ජින් වර්ගයා හා මානව වර්ගයා මැවීමේ ප්රඥාව වනුයේ හෙළි කරන ලද සියලු දෑ තුළින් අල්ලාහ්ට නැමදුම් කිරීම තහවරු කිරීමය.

• سوف تتغير أحوال الكون يوم القيامة.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විශ්වයේ ස්වභාවයන් වෙනස් වනු ඇත.

اَفَسِحْرٌ هٰذَاۤ اَمْ اَنْتُمْ لَا تُبْصِرُوْنَ ۟
නුඹලා දෑසින් දකින මෙම දඬුවම හූනියකමක් ද? එසේ නැතිනම් නුඹලා දෑසින් නොදකින්නෙහු ද?
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
اِصْلَوْهَا فَاصْبِرُوْۤا اَوْ لَا تَصْبِرُوْا ۚ— سَوَآءٌ عَلَیْكُمْ ؕ— اِنَّمَا تُجْزَوْنَ مَا كُنْتُمْ تَعْمَلُوْنَ ۟
මෙම නිරා ගින්නේ උණුසම විඳිනු. එය විඳවනු. එහි උණුසුම විඳවීම මත ඉවසා සිටිනු. එසේ නැතහොත් නොඉවසනු. නුඹලා ඉවසුව ද නුඹලා නොඉවසුව ද එය එක සමානය. නුඹලා මෙලොව සිදු කරමින් සිටි පාපකම් හා දේව ප්රතික්ෂේපය සඳහා මිස එදින නුඹලාට ප්රතිවිපාක පිරිනමනු නොලැබේ.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
اِنَّ الْمُتَّقِیْنَ فِیْ جَنّٰتٍ وَّنَعِیْمٍ ۟ۙ
සැබැවින්ම ඔවුන්ගේ පරමාධිපතිට, ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් බැතිමත්ව කටයුතු කළවුන් වනාහි, ස්වර්ග උයන් නිමක් නැති අතිමහත් සුව පහසුකම් මධ්යයේ සිටිති.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
فٰكِهِیْنَ بِمَاۤ اٰتٰىهُمْ رَبُّهُمْ ۚ— وَوَقٰىهُمْ رَبُّهُمْ عَذَابَ الْجَحِیْمِ ۟
ආහාර පාන, විවාහ සම්බන්ධකම් වැනි අල්ලාහ් ඔවුනට පිරිනැමූ සුව වින්දනයන් පිළිබඳ සතුටු වෙති. ඔවුන්ගේ පරමාධිපති නිරයේ දඬුවමින් ඔවුන් ආරක්ෂා කළේය. ඔවුන් පතන සතුට ලබමින් හා ඔවුන් පිළිකුල් කරන දැයින් ආරක්ෂාව ලබමින් ඔවුහු ජය ලැබුවෝය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
كُلُوْا وَاشْرَبُوْا هَنِیْٓـًٔا بِمَا كُنْتُمْ تَعْمَلُوْنَ ۟ۙ
"නුඹලාග් සිත් ආශා කරන පරිදි සැපසේ නුඹලා අනුභව කරනු. පානය කරනු. නුඹලා අනුභව කරන දැයින් හා පානය කරන දැයින් කිසිදු උවදුරකට හෝ හානියකට නුඹලා බිය නොවනු. එය නුඹලා මෙලොවහි සිදු කළ නුඹලාගේ දැහැමි ක්රියාවන්ට ප්රතිඵලයක් වශයෙනි."
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
مُتَّكِـِٕیْنَ عَلٰی سُرُرٍ مَّصْفُوْفَةٍ ۚ— وَزَوَّجْنٰهُمْ بِحُوْرٍ عِیْنٍ ۟
පැත්තෙන් පැත්තට එකිනෙක මුහුණලා තබන ලද අලංකාර හාංසි ඇඳන් මත ඔවුහු හාන්සි වී සිටිති. සුදුවන් විශාල ඇස් සහිත කාන්තාවන් අපි ඔවුනට සරණපාවා දෙන්නෙමු.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَالَّذِیْنَ اٰمَنُوْا وَاتَّبَعَتْهُمْ ذُرِّیَّتُهُمْ بِاِیْمَانٍ اَلْحَقْنَا بِهِمْ ذُرِّیَّتَهُمْ وَمَاۤ اَلَتْنٰهُمْ مِّنْ عَمَلِهِمْ مِّنْ شَیْءٍ ؕ— كُلُّ امْرِىۢ بِمَا كَسَبَ رَهِیْنٌ ۟
විශ්වාස කොට ඔවුන්ගේ දරුවන් ද එම විශ්වාසයේ ඔවුන්ව අනුගමනය කළවුන් වනාහි, ඔවුන්ගේ දරුවන්ගේ ක්රියාවන් ඔවුනට වාර්තා නොවුවද ඔවුන්ගේ දරුවන් ඔවුන්ගේ නෙත් පිණිවන පරිදි අපි ඔවුන් සමග සෙන්දු කරවමු. ඔවුන්ගේ ක්රියාවන්හි කිසිදු කුසලක් අපි ඔවුනට අඩු නොකරමු. සෑම මිනිසෙකුම ඔහු උපයන පාප ක්රියාවන් හේතුවෙන් බැඳ තබනු ලැබේ. ඔහු වෙනත් කිසිවකු විසින් කළ කිසිදු ක්රියාවන් ඔහු වෙනුවට පවරනු නොලැබේ.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَاَمْدَدْنٰهُمْ بِفَاكِهَةٍ وَّلَحْمٍ مِّمَّا یَشْتَهُوْنَ ۟
මෙම ස්වර්ග වාසීන්හට විවිධ පළතුරු අපි සපයන්නෙමු. එමෙන්ම ඔවුන් ප්රිය කරන මාංශ වර්ග ද සපයන්නෙමු.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
یَتَنَازَعُوْنَ فِیْهَا كَاْسًا لَّا لَغْوٌ فِیْهَا وَلَا تَاْثِیْمٌ ۟
පැන්වලින් පිරුණු කුසලාන මගින් ප්රීතිය බෙදා ගනිති. එය පානය කිරීම තුළින් මෙලොවෙහි මත්භාවය හේතුවෙන් ඇතිවන්නාක් මෙන් ව්යාකූළ ප්රකාශ පාපක්රියා වැනි දෑ සිදු වන්නේ නැත.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَیَطُوْفُ عَلَیْهِمْ غِلْمَانٌ لَّهُمْ كَاَنَّهُمْ لُؤْلُؤٌ مَّكْنُوْنٌ ۟
ඔවුන් වටා ගැටවර ළමුන් ගමන් කරමින් ඔවුනට ආවතේව කිරීම සඳහා බැඳී සිටිති. ඔවුන්ගේ ශරීරයේ පිරිසිදුකම හා සුදුවන් බව මුතු බෙල්ලා තුළ ආරක්ෂා කරන ලද මුතු මෙන් පවතී.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَاَقْبَلَ بَعْضُهُمْ عَلٰی بَعْضٍ یَّتَسَآءَلُوْنَ ۟
ස්වර්ගවාසීහූ, එකිනෙකා මුණ ගැසී ඔවුනොවුන්ගේ මෙලොව තත්ත්වයන් පිළිබඳ විමසා සිටිති.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
قَالُوْۤا اِنَّا كُنَّا قَبْلُ فِیْۤ اَهْلِنَا مُشْفِقِیْنَ ۟
ඔවුන් එකිනෙකා පිළිතුරු දෙමින්: ‘සැබැවින්ම අපි මෙලොවෙහි අපගේ නිවැසියන් අතර අල්ලාහ්ගේ දඬුවමට බියෙන් පසුවූයෙමු’ යැයි පවසති.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
فَمَنَّ اللّٰهُ عَلَیْنَا وَوَقٰىنَا عَذَابَ السَّمُوْمِ ۟
එවිට අල්ලාහ් අප වෙත ඉස්ලාමය වෙත මඟ පෙන්වා උපකාර කළේය. බිහිසුණු උණුසුමෙන් යුත් දඬුවමින් අල්ලාහ් අප ආරක්ෂා කළේය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
اِنَّا كُنَّا مِنْ قَبْلُ نَدْعُوْهُ ؕ— اِنَّهٗ هُوَ الْبَرُّ الرَّحِیْمُ ۟۠
සැබැවින්ම අපි මෙලොව ජීවිතයේ ඔහු ව නමදිමින් සිටියෙමු. නිරා ගින්නේ දඩුවමින් ආරක්ෂා කරන මෙන් අපි ඔහුගෙන් ඉල්ලා සිටියෙමු. සැබැවින්ම ඔහු තම ගැත්තන්හට කළ ප්රතිඥාවන් යහපත් ලෙස ඉටු කරන්නාය. ඔහු ඔවුන් කෙරෙහි මහා කාරුණිකය. ඔහු අප වෙත දැක්වූ කරුණාව හා උපකාරය තුළින් සැබැවින්ම ඔහු අප දේව විශ්වාසය වෙත මඟ පෙන්වීය. ස්වර්ගටය අප ඇතුළත් කළේය. නිරා ගින්නෙන් අප දුරස් කළේය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
فَذَكِّرْ فَمَاۤ اَنْتَ بِنِعْمَتِ رَبِّكَ بِكَاهِنٍ وَّلَا مَجْنُوْنٍ ۟ؕ
අහෝ දූතය! අල් කුර්ආනය මෙනෙහි කරනු. අල්ලාහ් නුඹට ආශිර්වාද කර ඇති දේව විශ්වාසය හා බුද්ධිය තුළින් නුඹ ජින්නුන්ගෙන් අදහස් ලබා දන්වා සිටින හූනියම් කරුවකු නොවේ. එමෙන්ම නුඹ උම්මත්තකයෙකු ද නොවේ.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
اَمْ یَقُوْلُوْنَ شَاعِرٌ نَّتَرَبَّصُ بِهٖ رَیْبَ الْمَنُوْنِ ۟
එසේ නැතහොත් මෙම බොරුකාරයෝ, ‘සැබැවින්ම මුහම්මද් දූතයකු නොවේ. ඔහු කවියෙකි. (කාලය ගෙවී යත්ම) මරණය ඔහු විනාශ කර දමා ඔහුගෙන් අප නිදහස ලබන්නට අපි අපේක්ෂා කරමු’ යැයි පවසන්නෝ ද?
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
قُلْ تَرَبَّصُوْا فَاِنِّیْ مَعَكُمْ مِّنَ الْمُتَرَبِّصِیْنَ ۟ؕ
අහෝ දූතය! ‘මාගේ මරණය නුඹලා බලාපොරොත්තු වනු. නුඹලා මා බොරු කළ හේතුවෙන් නුඹලාට අත් වන දඬුවම මම බලාපොරොත්තු වෙමි’ යැයි නුඹ ඔවුනට පවසනු.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
អំពី​អត្ថប្រយោជន៍​នៃវាក្យខណ្ឌទាំងនេះនៅលើទំព័រនេះ:
• الجمع بين الآباء والأبناء في الجنة في منزلة واحدة وإن قصر عمل بعضهم إكرامًا لهم جميعًا حتى تتم الفرحة.
•පියවරුන් හා දරුවන් අතර ඔවුන්ගේ දැහැමි ක්රියාවන් අඩු වුව ද ඔවුනට දක්වන ගෞරවයක් වශයෙන් පූර්ණ සතුට ලබන තෙක් ස්වර්ගයේ එකම ස්ථානයේ එකට රැස් කරනු ඇත.

• خمر الآخرة لا يترتب على شربها مكروه.
•මතුලොව පානය කරන මත්පැන් කිසිදු පිළිකුළක් ඇති කරන්නේ නැත.

• من خاف من ربه في دنياه أمّنه في آخرته.
•කවරෙකු තම පරමාධිපතිට බිය වූයේ ද, ඔහුගේ මතුලොව ජීවිතයෙහි ඔහු ඔහුව ආරක්ෂා කරනු ඇත.

اَمْ تَاْمُرُهُمْ اَحْلَامُهُمْ بِهٰذَاۤ اَمْ هُمْ قَوْمٌ طَاغُوْنَ ۟ۚ
එසේ නැතහොත් ඔවුන්ගේ බුද්ධිය, ‘සැබැවින්ම ඔහු හූනියම් කරුවෙකි. උම්මත්තකයෙකි’ යැයි පවසන මෙන් ඔවුන් අණ කරන්නේ ද? එක් පුද්ගලයෙකුට එකට තිබිය නොහැකි දෑ ඔවුන් එකට පවසති. ඔවුහු සීමාවන් උල්ලංඝණය කළ පිරිසකි.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
اَمْ یَقُوْلُوْنَ تَقَوَّلَهٗ ۚ— بَلْ لَّا یُؤْمِنُوْنَ ۟ۚ
එසේ නැතහොත් ඔවුහු: ‘සැබැවින්ම මුහම්මද් මෙම කුර්ආනය ගොතා පවසා ඇත. ඔහු වෙත කිසිදු දේව පණිවිඩයක් පහළ වී නැතැයි පවසන්නෙහු ද?’ ඔහු එය ගෙතුවේ නැත. නමුත් ඔවුන් ඒ ගැන විශ්වාස කිරීමට උඩඟු වී ඔහු එය ගෙතුවේ යැයි පවසති.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
فَلْیَاْتُوْا بِحَدِیْثٍ مِّثْلِهٖۤ اِنْ كَانُوْا صٰدِقِیْنَ ۟ؕ
සැබැවින්ම ඔහු ගෙතූ බවට ඔවුන් සිදු කරන වාදයේ ඔවුන් සත්යවාදීහු නම් ඔහු එසේ ගොතන්නෙකු වී නම් ඒ හා සමන ප්රකාශයක් ඔවුන් ගෙන එත්වා!
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
اَمْ خُلِقُوْا مِنْ غَیْرِ شَیْءٍ اَمْ هُمُ الْخٰلِقُوْنَ ۟ؕ
මවන මැවුම් කරුවෙකුගෙන් තොරව ඔවුන් මවනු ලැබුවෝ ද? එසේ නැතිනම් ඔවුන් තමන්වම මැව්වෝ ද? මැවුම්කරුවෙකු නොමැතිව මැවීමක් ඇති වීමට ඉඩක් නැත. මැවීම් විසින් යමක් මවන්නට ද නොහැක. එසේ නම්, ඔවුන්ගේ මැවුම්කරුට ඔවුන් නොනමදිනුයේ මන් ද?
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
اَمْ خَلَقُوا السَّمٰوٰتِ وَالْاَرْضَ ۚ— بَلْ لَّا یُوْقِنُوْنَ ۟ؕ
එසේ නැතහොත් ඔවුන් අහස් හා මහපොළොව මැව්වේ ද? කෙසේ වෙතත් සැබැවින්ම අල්ලාහ් ඔවුන්ගේ මැවුම්කරු බව ඔවුහු විශ්වාස නොකරති. ඒ ගැන ඔවුන් තරයේ විශ්වාස කර සිටියේ නම් ඔවුන් ඔහුව පමණක් ඒකීයත්වයට පත් කරනු ඇත. ඔහුගේ දූතයාව විශ්වාස කරනු ඇත.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
اَمْ عِنْدَهُمْ خَزَآىِٕنُ رَبِّكَ اَمْ هُمُ الْمُصَۜیْطِرُوْنَ ۟ؕ
එසේ නැතහොත් ඔවුන් අබියස නුඹේ පරමාධිපතිගේ පෝෂණ සම්පත් ගබඩාව තිබී ඔවුන් අභිමත කරන අයට එයින් පිරිනමන්නෝ ද? නබිත්වයට පත් කිරීමේ බලය ඔවුනට තිබී ඔවුන් අභිමත කරන අයට එය පිරිනමා ඔවුන් අභිමත කරන අයගෙන් එය වළක්වන්නෝ ද? ඔවුහු ඔවුන්ගේ අභිමතය පරිදි කටයුතු කරන ආධිපත්ය දරන්නන් වන්නෝ ද?
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
اَمْ لَهُمْ سُلَّمٌ یَّسْتَمِعُوْنَ فِیْهِ ۚ— فَلْیَاْتِ مُسْتَمِعُهُمْ بِسُلْطٰنٍ مُّبِیْنٍ ۟ؕ
එසේ නැතහොත් ඔවුනට ඉණිමගක් තිබී, එමගින් අහසට නැග සැබැවින්ම ඔවුන් සත්ය මත සිටින බව දන්වා සිටින දේව ප්රකාශයට ඔවුන් සවන් දුන්නෝ ද? එසේ නම් එම දේව ප්රකාශයට සවන් දුන් අය පැමිණ සැබැවින්ම නුඹලා සත්ය මත සිටින බවට කළ වාදයෙහි නුඹලාව සහිතක කරමින් පැහැදිළි සාක්ෂි හා සාධකයක් ගෙන එත්වා!
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
اَمْ لَهُ الْبَنٰتُ وَلَكُمُ الْبَنُوْنَ ۟ؕ
එසේ නැතහොත් නුඹලා පිළිකුල් කරන දූවරුන් උත්තරීතර සුවිශුද්ධයාණන් වෙනුවෙන් ආරෝපණය කොට නුඹලා ප්රිය කරන පිරිමි දරුවන් නුඹලා වෙනුවෙන් ආරෝපණය කරන්නෙහු ද?
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
اَمْ تَسْـَٔلُهُمْ اَجْرًا فَهُمْ مِّنْ مَّغْرَمٍ مُّثْقَلُوْنَ ۟ؕ
අහෝ ධර්ම දූතය! එසේ නැතහොත් නුඹේ පරමාධිපති ගැන නුඹ ඔවුනට දන්වා සිටීම සඳහා යම් කිසි කුලියක් නුඹ පැතුවෙහි ද? ඒ හේතුවෙන් ඔවුන් ඉසිලිය නොහැකි බරක් උසුලමින් එම බරින් පෙළෙන්නෙහු ද?
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
اَمْ عِنْدَهُمُ الْغَیْبُ فَهُمْ یَكْتُبُوْنَ ۟ؕ
එසේ නැතහොත් ඔවුන් අබියස ගුප්ත දෑ පිළිබඳ දැනුම තිබී, ඔවුනට ගුප්ත දැයින් පෙනෙන දෑ මිනිසුන් වෙනුවෙන් ලියා තබා, තමන් අභිමත කරන පරිදි ඒවා ඔවුනට දන්වා සිටින්නෝ ද?
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
اَمْ یُرِیْدُوْنَ كَیْدًا ؕ— فَالَّذِیْنَ كَفَرُوْا هُمُ الْمَكِیْدُوْنَ ۟ؕ
එසේ නැතහොත් නුඹට හෝ නුඹේ දහමට කුමන්ත්රණයක් කිරීමට මෙම බොරුකාර ප්රතික්ෂේපකයෝ අපේක්ෂා කරන්නෝ ද? දෙවියන් මත විශ්වාසය තබත්වා! කුමන්ත්රණයට භාජනය වන්නේ අල්ලාහ් හා ඔහුගේ දූතයා ප්රතික්ෂේප කළවුන් වන ඔවුන්මය. නුඹ නොවන්නෙහිය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
اَمْ لَهُمْ اِلٰهٌ غَیْرُ اللّٰهِ ؕ— سُبْحٰنَ اللّٰهِ عَمَّا یُشْرِكُوْنَ ۟
අල්ලාහ් හැර සැබෑ ලෙසින් නැමදුමට පාත්රවන දෙවියෙකු ඔවුනට වෙත් ද? ඔහු වෙත ඔවුන් ආරෝපණය කරන හවුල්කරුවන්ගෙන් ඔහු පිවිතුරුය. සුවි ශුද්ධය. පෙර කී සියල්ල සිදු නොවන්නකි. ඒ කිසිදු තත්ත්වයක් පරිකල්පනය කළ නොහැකිය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَاِنْ یَّرَوْا كِسْفًا مِّنَ السَّمَآءِ سَاقِطًا یَّقُوْلُوْا سَحَابٌ مَّرْكُوْمٌ ۟
අහසින් වැටෙන කැබැල්ලක් ඔවුන් දුටුව ද ඒ ගැන ඔවුහු, සුපුරුදු පරිදි 'එකිනෙක බැඳුණු වළාකුළුක්’ යැයි පවසති. එහෙයින් ඔවුන් උපදෙස් නොලබති. විශ්වාස ද නොකරති.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
فَذَرْهُمْ حَتّٰی یُلٰقُوْا یَوْمَهُمُ الَّذِیْ فِیْهِ یُصْعَقُوْنَ ۟ۙ
අහෝ දූතය! ඔවුන් එහි වේදනාවට ලක් කරනු ලබන ඔවුන්ගේ දිනය ඔවුන් හමුවන තෙක් ඔවුන්ගේ මුරණ්ඩකමෙහි හා ඔවුන්ගේ පිටුපෑමෙහි ඔවුන් සිටින්නට ඉඩ හරිනු. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයයි.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
یَوْمَ لَا یُغْنِیْ عَنْهُمْ كَیْدُهُمْ شَیْـًٔا وَّلَا هُمْ یُنْصَرُوْنَ ۟ؕ
ඔවුන්ගේ කුමන්ත්රණය ඔවුනට සුළුවෙන් හෝ වැඩියෙන් හෝ කිසිවකින් ප්රයෝජනවත් නොවන දිනයකි. දඬුවමින් ඔවුන් ආරක්ෂා කිරීම සඳහා ඔවුහු උදව් කරනු නොලබති.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَاِنَّ لِلَّذِیْنَ ظَلَمُوْا عَذَابًا دُوْنَ ذٰلِكَ وَلٰكِنَّ اَكْثَرَهُمْ لَا یَعْلَمُوْنَ ۟
දෙවියන්ට ආදේශ කිරීම හා පාපකම් සිදු කිරීම තුළින් තමන්ටම අපරාධකර ගත් අපරාධකරුවන්හට සැබැවින්ම මතුලොව දඬුවමට පෙර දඬුවමක් ඇත. මෙලොවෙහි ඔවුන් ඝාතනය වීමෙන් හා සිරගත වීමෙන් දඬුවම් ලබන අතර මිණීවලෙහි එහි වේදනාවෙන් දඬුවම් ලබනු ඇත. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා ඒ ගැන නොදනිති. ඔවුන් දේව ප්රතික්ෂේපය මත රැඳී සිටිනුයේ එබැවිණි.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَاصْبِرْ لِحُكْمِ رَبِّكَ فَاِنَّكَ بِاَعْیُنِنَا وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ حِیْنَ تَقُوْمُ ۟ۙ
අහෝ දූතය! නුඹේ පරමාධිපතිගේ තීන්දුව හා ඔහුගේ ආගමික නීතිය හමුවේ නුඹ ඉවසීමෙන් කටයුතු කරනු. සැබැවින්ම නුඹ සිටිනුයේ අපගේ අධීක්ෂණය හා ආරක්ෂාව යටතේය. නුඹේ නින්දෙන් නුඹ අවදි වන අවස්ථාවේ නුඹේ පරමාධිපතිගේ ප්රශංසාව තුළින් නුඔ ඔහු සුවිශුද්ධ කරනු.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَمِنَ الَّیْلِ فَسَبِّحْهُ وَاِدْبَارَ النُّجُوْمِ ۟۠
රාත්රියේ ද නුඹේ පරමාධිපති සුවිශුද්ධ කරනු. ඔහුට සලාත් ඉටු කරනු. දහවල ආරම්භයේ ආලෝකය හේතුවෙන් තාරකා මැකී යන වේලාවෙහි ෆජ්ර් සලාතය ඉටු කරනු.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
អំពី​អត្ថប្រយោជន៍​នៃវាក្យខណ្ឌទាំងនេះនៅលើទំព័រនេះ:
• الطغيان سبب من أسباب الضلال.
•කුරීරුකම නොමග යෑමේ හේතූන් අතරින් එක් හේතුවකි.

• أهمية الجدال العقلي في إثبات حقائق الدين.
•දහමේ සත්යතාවන් තහවුරු කිරීමේ දී බුද්ධිමය තර්කයේ වැදගත්කම.

• ثبوت عذاب البَرْزَخ.
•මිණීවල ජීවිතයේ දඬුවම තහවුරු කිරීම.

 
ការបកប្រែអត្ថន័យ ជំពូក​: អាត់តួរ
មាតិកានៃជំពូក លេខ​ទំព័រ
 
ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី - មាតិកានៃការបកប្រែ

ត្រូវបានចេញដោយមជ្ឈមណ្ឌល តាហ្វសៀរនៃការសិក្សាគម្ពីគួរអាន

បិទ