Check out the new design

ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី * - មាតិកានៃការបកប្រែ


ការបកប្រែអត្ថន័យ ជំពូក​: អាល់កសស   វាក្យខណ្ឌ:
اِنَّ الَّذِیْ فَرَضَ عَلَیْكَ الْقُرْاٰنَ لَرَآدُّكَ اِلٰی مَعَادٍ ؕ— قُلْ رَّبِّیْۤ اَعْلَمُ مَنْ جَآءَ بِالْهُدٰی وَمَنْ هُوَ فِیْ ضَلٰلٍ مُّبِیْنٍ ۟
සැබවින්ම අල්කුර්ආනය නුඹ වෙත පහළ කර, එය ප්රචාරය කරන මෙන් හා එහි ඇති දෑ අනුව ක්රියා කරන මෙන් නුඹට අනිවාර්යය කළ අල්ලාහ්, සැබැවින්ම ඔහු මක්කාවේ ජය නුඹ වෙත නැවත ළඟා කර දෙන්නාය. අහෝ දූතය! දේව ආදේශකයින්ට නුඹ මෙසේ පවසනු. "කවරෙකු යහ මග සමග පැමිණ ඇත්තේ දැ යි ද යහ මගින් හා සත්යයෙන් දුරස් ව පැහැදිලි මුළාවෙහි සිටින්නේ දැ යි ද මාගේ පරමාධිපති මැනවින් දන්නාය."
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَمَا كُنْتَ تَرْجُوْۤا اَنْ یُّلْقٰۤی اِلَیْكَ الْكِتٰبُ اِلَّا رَحْمَةً مِّنْ رَّبِّكَ فَلَا تَكُوْنَنَّ ظَهِیْرًا لِّلْكٰفِرِیْنَ ۟ؗ
අහෝ දූතය! නබිත්වයට පෙර තත්ත්වය සිතා බලන්න. අල්ලාහ්ගෙන් වූ දිව්ය පණිවිඩ නුඹ වෙත පහළ කරනු ලබන්නෙකු ලෙස නුඹ නොසිටියෙහිය. නමුත් ඔහුගෙන් වූ ආශිර්වාදයක් ලෙස නුඹ වෙත එය පහළ කිරීම තීන්දු කරනු ලැබීය. දේව ප්රතික්ෂේපකයින් කවර මුළාවක සිටින්නේ ද එයට උදව්කරුවකු ලෙස නුඹ නොවන්න.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَلَا یَصُدُّنَّكَ عَنْ اٰیٰتِ اللّٰهِ بَعْدَ اِذْ اُنْزِلَتْ اِلَیْكَ وَادْعُ اِلٰی رَبِّكَ وَلَا تَكُوْنَنَّ مِنَ الْمُشْرِكِیْنَ ۟ۚ
මෙම දේව ආදේශකයින් නුඹ වෙත අල් කුර්ආනය පහළ කිරීමෙන් පසු ව අල්ලාහ්ගේ වදන් වලින් නුඹ ව වෙනතකට යොමු කොට, එය කියවීමෙන් හා එය ප්රචාරය කිරීමෙන් නුඹ අතහැර නොදැමිය යුතුය. අල්ලාහ් ව විශ්වාස කිරීම, ඔහු ව ඒකීයත්වයට පත් කිරීම හා ඔහුගේ පිළිවෙත අනුව ක්රියා කිරීම සඳහා ඔවුනට නුඹ ඇරයුම් කරනු. අල්ලාහ් සමඟ වෙනත් දෙවිවරුන් නමදිමින් සිටින දේව ආදේශකයින් අතර ට නුඹ පත් නොවනු. අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොනමදිනු. ඔහු ඒකීයකරණයට පත් කරන්නන් සමග වනු.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَلَا تَدْعُ مَعَ اللّٰهِ اِلٰهًا اٰخَرَ ۘ— لَاۤ اِلٰهَ اِلَّا هُوَ ۫— كُلُّ شَیْءٍ هَالِكٌ اِلَّا وَجْهَهٗ ؕ— لَهُ الْحُكْمُ وَاِلَیْهِ تُرْجَعُوْنَ ۟۠
අල්ලාහ් සමග ඔහු හැර වෙනත් දෙවිවරුන් නොනමදිනු. සැබෑ ලෙස නැමදුම් ලබන්නට ඔහු හැර වෙනත් දෙවියකු නැත. අල්ලාහ් හැර සෙසු සියලු දෑ විනාශ වී යන්නකි. නීතිය ඔහුට පමණක් සතුය. ඔහු අභිමත කරන දෑ තීන්දු කරනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිඵල සඳහා නුඹලා යොමු කරනු ලබනුයේ ඔහු වෙතමය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
អំពី​អត្ថប្រយោជន៍​នៃវាក្យខណ្ឌទាំងនេះនៅលើទំព័រនេះ:
• النهي عن إعانة أهل الضلال.
•අපරාධකරුවන්ට උදව් කිරීමෙන් වැළකීම.

• الأمر بالتمسك بتوحيد الله والبعد عن الشرك به.
•අල්ලාහ්ගේ ඒකීයත්වය පිළිපදින මෙන් ද ඔහුට ආදේශ තැබීමෙන් දුරස් වන මෙන් ද වූ නියෝගය.

• ابتلاء المؤمنين واختبارهم سُنَّة إلهية.
•දේව විශ්වාසියා පරීක්ෂාවට ලක් කිරීමත් විභාගයට ලක් කිරීමත් දේව න්යායකි.

• غنى الله عن طاعة عبيده.
•අල්ලාහ්ට තම ගැත්තන්ගේ අවනතභාවය අවශ්ය නොවන්නේය.

 
ការបកប្រែអត្ថន័យ ជំពូក​: អាល់កសស
មាតិកានៃជំពូក លេខ​ទំព័រ
 
ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី - មាតិកានៃការបកប្រែ

ត្រូវបានចេញដោយមជ្ឈមណ្ឌល តាហ្វសៀរនៃការសិក្សាគម្ពីគួរអាន

បិទ