Check out the new design

ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី * - មាតិកានៃការបកប្រែ


ការបកប្រែអត្ថន័យ ជំពូក​: អាស្ហស្ហ៊ូអារ៉ក   វាក្យខណ្ឌ:
لَعَلَّنَا نَتَّبِعُ السَّحَرَةَ اِنْ كَانُوْا هُمُ الْغٰلِبِیْنَ ۟
මායාකරුවන් මූසා අබිබවා ජය ලැබුවේ නම් ඔවුන්ගේ දහම අප පිළිපැදීමේ බලාපොරොත්තුව තිබිය හැකි වේ.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
فَلَمَّا جَآءَ السَّحَرَةُ قَالُوْا لِفِرْعَوْنَ اَىِٕنَّ لَنَا لَاَجْرًا اِنْ كُنَّا نَحْنُ الْغٰلِبِیْنَ ۟
මූසා ව පරාජය කරනු පිණිස ෆිර්අවුන් වෙත මායාකාර හූනියම් කරුවෝ පැමිණි කල්හි ඔවුහු ඔහුට "මූසා අබිබවා අපට ජය අත් වූයේ නම් භෞතික වශයෙන් හා සදාචාරාත්මක වශයෙන් කවර ප්රතිඵලයක් අපට හිමි වන්නේ දැ?"යි විමසා සිටියෝය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
قَالَ نَعَمْ وَاِنَّكُمْ اِذًا لَّمِنَ الْمُقَرَّبِیْنَ ۟
ෆිර්අවුන් ඔවුනට, "නුඹලාගේ ප්රතිඵලය යහපතකි. ඔහු අබිබවා නුඹලා ජය ගත් තත්ත්වයේ පසු වූයෙහු නම් සැබවින්ම නුඹලාට උසස් නිලයන් පිරිනැමිමෙන් නුඹලා මා වෙත සමීපයින් බවට පත් වනු ඇත." ඔහු ඔවුනට පැවසීය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
قَالَ لَهُمْ مُّوْسٰۤی اَلْقُوْا مَاۤ اَنْتُمْ مُّلْقُوْنَ ۟
අල්ලාහ්ගේ ජයග්රහණය පිළිබඳ සහතික කරමින් හා ඔහු අබියස ඇති දෑ මායාවක් නොවන බව පැහැදිලි කරමින් මූසා ඔවුනට, "නුඹලා හෙළන නුඹලාගේ ලණු හා නුඹලාගේ සැරයටි නුඹලා හෙළනු." යැයි පැවසීය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
فَاَلْقَوْا حِبَالَهُمْ وَعِصِیَّهُمْ وَقَالُوْا بِعِزَّةِ فِرْعَوْنَ اِنَّا لَنَحْنُ الْغٰلِبُوْنَ ۟
එවිට ඔවුහු ඔවුන්ගේ ලණු හා යෂ්ටි හෙළූහ. එසේ හෙළන අවස්ථාවේ. ඔවුහු, "ෆිර්අවුන්ගේ බලමහිමයෙන් සැබවින් අපි ජයග්රහකයෝ වෙමු. මූසා පරාජයට පත් කරනු ලැබේ." යැයි පැවසූහ.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
فَاَلْقٰی مُوْسٰی عَصَاهُ فَاِذَا هِیَ تَلْقَفُ مَا یَاْفِكُوْنَ ۟ۚۖ
පසු ව මූසා ඔහුගේ සැරයටිය බිම හෙළූහ. එවිට එය සර්පයෙකු බවට වෙනස් විය. මායා හූනියම හේතුවෙන් මිනිසුන් කවර දෙයක් සැක කරමින් සිටියේ ද ඒවා ඌ ගිල දැමීය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
فَاُلْقِیَ السَّحَرَةُ سٰجِدِیْنَ ۟ۙ
මායාකාර හූනියම්කරුවන් විසින් හෙළන ලද මායාවන් මූසාගේ සැරයටිය ගිල ගනු ඔවුන් දුටු කල්හි ඔවුහු සිරිස බිම තබමින් වැටුණෝය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
قَالُوْۤا اٰمَنَّا بِرَبِّ الْعٰلَمِیْنَ ۟ۙ
තවදුරටත් ඔවුහු මෙසේ පැවසූහ. "සකල ලෝකයන්හි පරමාධිපති ව අපි විශ්වාස කළෙමු."
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
رَبِّ مُوْسٰی وَهٰرُوْنَ ۟
"මූසාගේ පරමාධිපති හා හාරූන්ගේ පරමාධිපතිය. (අලයිහිමස් සලාම්)."
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
قَالَ اٰمَنْتُمْ لَهٗ قَبْلَ اَنْ اٰذَنَ لَكُمْ ۚ— اِنَّهٗ لَكَبِیْرُكُمُ الَّذِیْ عَلَّمَكُمُ السِّحْرَ ۚ— فَلَسَوْفَ تَعْلَمُوْنَ ؕ۬— لَاُقَطِّعَنَّ اَیْدِیَكُمْ وَاَرْجُلَكُمْ مِّنْ خِلَافٍ وَّلَاُوصَلِّبَنَّكُمْ اَجْمَعِیْنَ ۟ۚ
මායාකාර හූනියම් කරුවන් දෙවියන් විශ්වාසය කිරීම සම්බන්ධයෙන් ෆිර්අවුන් හෙළා දැක මෙසේ පැවසීය. "මම නුඹලාට ඒ ගැන අවසර දෙන්නට පෙර නුඹලා මූසා ව විශ්වාස කළෙහු ද? සැබවින්ම නුඹලාට හූනියම ඉගැන් වූ මූසා නුඹලාගේ ප්රධානියා වී ඇත. සැබවින්ම මිසර වැසියන් එයින් පිටුවහල් කිරීමට නුඹලා සියලු දෙනාම සැලසුම කර ඇත්තාහ. නුඹලාට අත් වන දඬුවම නුඹලා මතු දැන ගනු ඇත. සෑම කෙනෙකුගේම පාද හා අත් ඒ දෙක අතර එකිනෙක මාරුවෙන් මාරුවට කපා හරිමි. එනම් දකුණු කකුල වම් අත සමග ද එයට ප්රතිවිරුද්ධ ව ද කපා හරිමි. ඉඳි කඳන් මත කුරුසයට බැද නුඹලා සියල්ලන්ට ඇණ ගසමි. නුඹලා අතරින් කිසිවෙකු මා ඉතිරි නොකරමි."
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
قَالُوْا لَا ضَیْرَ ؗ— اِنَّاۤ اِلٰی رَبِّنَا مُنْقَلِبُوْنَ ۟ۚ
මායාකාර හූනියම් කරුවන් ෆිර්අවුන්හට, "නුඹ අපට තර්ජනය කරන පරිදි මෙලොවෙහි කපා දැමීම හා කුරුසියේ ඇණ ගැසීම සම්බන්ධයෙන් කිසිදු හානියක් අපට නැත. නුඹේ දඬුවම ඉවත් ව යනු ඇත. අපි අපගේ පරමාධිපති වෙත හැරී යන්නන් වෙමු. ඔහුගේ සදාතනික කරුණාව තුළට ඔහු අපි ඇතුළත් කරනු ඇත." යැයි පැවසූහ.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
اِنَّا نَطْمَعُ اَنْ یَّغْفِرَ لَنَا رَبُّنَا خَطٰیٰنَاۤ اَنْ كُنَّاۤ اَوَّلَ الْمُؤْمِنِیْنَ ۟ؕ۠
"මූසා ව විශ්වාස කොට ඔහු ව තහවුරු කළ පළමුවැන්නන් බවට අප පත් ව ඇති බැවින්, අප පෙර සිදුකළ අපගේ පාපයන් අල්ලාහ් අපගෙන් ඉවත් කරනු ඇතැයි සැබවින්ම අපි අපේක්ෂා කරමු."
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَاَوْحَیْنَاۤ اِلٰی مُوْسٰۤی اَنْ اَسْرِ بِعِبَادِیْۤ اِنَّكُمْ مُّتَّبَعُوْنَ ۟
රාත්රියේම ඉස්රාඊල් දරුවන් කැටුව යන මෙන් ද සැබවින්ම ෆිර්අවුන් හා ඔහු සමග වූවන් ඔවුන් නැවත ගෙන්වා ගනු පිණිස ඔවුන් ව ලුහුබඳිනු ඇතැයි ද අපි මූසාට නියෝග කරමින් දේව පණිවුඩ පහළ කළෙමු.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
فَاَرْسَلَ فِرْعَوْنُ فِی الْمَدَآىِٕنِ حٰشِرِیْنَ ۟ۚ
ඉස්රාඊල් දරුවන් මිසර දේශයෙන් (ඊජිප්තුවෙන්) පිටත් ව ගිය බව ෆිර්අවුන් දැන ගත් කල්හි ඔවුන් නැවත ගෙන්වා ගනු පිණිස සේනාවන් රැස් කිරීම සඳහා ඔහුගේ සේනාවෙන් රැස් කරන පිරිසක් එම නගර වලට එවීය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
اِنَّ هٰۤؤُلَآءِ لَشِرْذِمَةٌ قَلِیْلُوْنَ ۟ۙ
ෆිර්අවුන් ඉස්රාඊල්ගේ කරුණ සුළුකොට සලකා "සැබවින්ම මොවුහු සුළු පිරිසකි." යැයි පැවසීය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَاِنَّهُمْ لَنَا لَغَآىِٕظُوْنَ ۟ۙ
"ඔවුන් කෙරෙහි අප කෝප වන දෑ සැබවින්ම ඔවුන් සිදු කරන්නෝ වූහ."
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَاِنَّا لَجَمِیْعٌ حٰذِرُوْنَ ۟ؕ
"නියත වශයෙන්ම අපි ඔවුන් වෙනුවෙන් අවදියෙන් හා සූදානමින් සිටිය යුත්තෝ වෙමු."
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
فَاَخْرَجْنٰهُمْ مِّنْ جَنّٰتٍ وَّعُیُوْنٍ ۟ۙ
එවිට ෆිර්අවුන් හා ඔහුගේ පිරිස සරුසාරවත් වතු වලින් හා ජලය ගලා යන උල්පත් වලින් යුත් මිසර දේශයෙන් අපි පිටුවහල් කළෙමු.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَّكُنُوْزٍ وَّمَقَامٍ كَرِیْمٍ ۟ۙ
තවද ධන නිධන් වලින් හා අලංකාර නිවහන්වලින් ද බැහැර කළෙමු.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
كَذٰلِكَ ؕ— وَاَوْرَثْنٰهَا بَنِیْۤ اِسْرَآءِیْلَ ۟ؕ
මෙම සැප සම්පත් වලින් ෆිර්අවුන් හා ඔහුගේ ජනයා අප බැහැර කළාක් සේම ඔවුන්ගෙන් පසු මෙම සැප සම්පත් වර්ග සිරියා දේශයේ සිටි ඉස්රාඊල් දරුවන්ට උරුම කර දුනිමු.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
فَاَتْبَعُوْهُمْ مُّشْرِقِیْنَ ۟
හිරු උදා වන වේලාවෙහි ඉස්රාඊල් දරුවන් ලුහුබඳිමින් ෆිර්අවුන් හා ඔහුගේ සේනාව ගමන් ගත්තෝය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
អំពី​អត្ថប្រយោជន៍​នៃវាក្យខណ្ឌទាំងនេះនៅលើទំព័រនេះ:
• العلاقة بين أهل الباطل هي المصالح المادية.
•අසත්යවාදීන් අතර පවත්වන සම්බන්ධකම් භෞතික යහපත වන්නේය.

• ثقة موسى بالنصر على السحرة تصديقًا لوعد ربه.
•තම පරමාධිපතිගේ ප්රතිඥාව තහවුරු කරන්නක් වශයෙන් හූනියම්කරුවන්ට එරෙහි ව මූසා (අලෙයිහිස් සලාම්) තුමාට ජය තහවරු කරන ලදී.

• إيمان السحرة برهان على أن الله هو مُصَرِّف القلوب يصرفها كيف يشاء.
•මායාකාරුවන් දේවත්වය විශ්වාස කිරීම වනාහි, සැබවින්ම එය අල්ලාහ් ඔහු අභිමත කරන පරිදි හදවත් වෙනස් කරන්නා බව පෙන්වා දෙන පැහැදිලි සාධකයකි.

• الطغيان والظلم من أسباب زوال الملك.
•ප්රචණ්ඩත්වය, අසාධාරණය රාජ්ය පාලනය අහිමි වීමේ හේතූන් අතරින් වන්නේය.

 
ការបកប្រែអត្ថន័យ ជំពូក​: អាស្ហស្ហ៊ូអារ៉ក
មាតិកានៃជំពូក លេខ​ទំព័រ
 
ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី - មាតិកានៃការបកប្រែ

ត្រូវបានចេញដោយមជ្ឈមណ្ឌល តាហ្វសៀរនៃការសិក្សាគម្ពីគួរអាន

បិទ