Check out the new design

ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី * - មាតិកានៃការបកប្រែ


ការបកប្រែអត្ថន័យ ជំពូក​: អាល់ហ្វូរកន   វាក្យខណ្ឌ:
وَالَّذِیْنَ لَا یَدْعُوْنَ مَعَ اللّٰهِ اِلٰهًا اٰخَرَ وَلَا یَقْتُلُوْنَ النَّفْسَ الَّتِیْ حَرَّمَ اللّٰهُ اِلَّا بِالْحَقِّ وَلَا یَزْنُوْنَ ۚؕ— وَمَنْ یَّفْعَلْ ذٰلِكَ یَلْقَ اَثَامًا ۟ۙ
තවද ඔවුන් වනාහි, සුවිශුද්ධ අල්ලාහ් සමග නැමදුම් ලබන වෙනත් කෙනෙකු ඇරයුම් නොකරති. ඝාතකයාට, දහම අතහැර දැමූ දහම් විරෝධියෙකුට හා දුරාචාරයෙහි නිරත වූ විවාහකයාට මරණ දඬුවම දියත් කිරීම සඳහා අල්ලාහ් අවසර දුන් මරණ දඬුවමක් හේතුවෙන් මිස අල්ලාහ් තහනම් කළ ජීවිතයක් නොනසති. දුරාචාරයෙහි නොයෙදෙති. කවරෙකු මෙම මහා පාපකම් සිදු කරන්නේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් සිදු කළ පාපය සඳහා දඬුවමට සුදුස්සන් වනු ඇත.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
یُّضٰعَفْ لَهُ الْعَذَابُ یَوْمَ الْقِیٰمَةِ وَیَخْلُدْ فِیْهٖ مُهَانًا ۟ۗۖ
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවම ඔහුට ගුණ කර දෙනු ලැබේ. ඔහු දඬුවමෙහි නීච අවමානයට පත් වූ අයකු ලෙස සදා කල්ගත කරනු ඇත.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
اِلَّا مَنْ تَابَ وَاٰمَنَ وَعَمِلَ عَمَلًا صَالِحًا فَاُولٰٓىِٕكَ یُبَدِّلُ اللّٰهُ سَیِّاٰتِهِمْ حَسَنٰتٍ ؕ— وَكَانَ اللّٰهُ غَفُوْرًا رَّحِیْمًا ۟
නමුත් කවරෙකු පසුතැවිලි වී, අල්ලාහ් වෙත විශ්වාස කොට, දැහැමි ක්රියාවන් සිදු කළේ ද ඔහුගේ පශ්චාත්තාය සත්ය බව එය පෙන්වා දෙනු ඇත. තම නපුරු ක්රියාවන් කුසල් බවට අල්ලාහ් පරිවර්තනය කර දෙනු ලබන්නෝ ඔවුහු වෙති. ඔහුගේ ගැත්තන් අතරින් කවරෙකු තම පාපකම් වෙනුවෙන් පාප ක්ෂමාව ඇයද සිටින්නේ ද ඔවුන් කෙරෙහි අල්ලාහ් අති ක්ෂමාශීලීය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَمَنْ تَابَ وَعَمِلَ صَالِحًا فَاِنَّهٗ یَتُوْبُ اِلَی اللّٰهِ مَتَابًا ۟
කවරෙකු අල්ලාහ් වෙත පාප ක්ෂමාවෙහි නිරත වී පසු ව අවනත ක්රියාවන් ඉටු කරමින් හා පාපකම් අතහැර දමමින් ඔහුගේ පශ්චාත්තාපය ඔහු සහතික කළේ ද සැබවින්ම ඔහුගේ පාප ක්ෂමාව පිළිගනු ලබන්නක් වනු ඇත.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَالَّذِیْنَ لَا یَشْهَدُوْنَ الزُّوْرَ ۙ— وَاِذَا مَرُّوْا بِاللَّغْوِ مَرُّوْا كِرَامًا ۟
තවද ඔවුන් වනාහි, පාපකම් සිදු වන ස්ථාන, තහනම් කරන ලද විනෝද සැණකිළි වලට සහභාගී නොවෙති. පුහු වදන් හා ප්රකාශ ඇති වන ස්ථාන අසලින් ඔවුන් ගමන් ගත් විට එය තරණය කරමින් ගමන් කරති.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَالَّذِیْنَ اِذَا ذُكِّرُوْا بِاٰیٰتِ رَبِّهِمْ لَمْ یَخِرُّوْا عَلَیْهَا صُمًّا وَّعُمْیَانًا ۟
එමෙන්ම අල්ලාහ්ගේ පාඨ සවන් දෙන්නට සැලැස්වීමෙන් හා දකින්නට සැලස්වීමෙන් මෙනෙහි කරනු ලැබූ විට ඔවුන් සවන් දෙනු ලබන පාඨ වෙත සවන් දෙන විට ඔවුන්ගේ කන් බිහිරි බවින් සවන් නොදෙති. එමෙන්ම දකින්නට සලස්වන ලැබූ පාඨ දෙස බලන විට අන්ධ ලෙස නොබලති.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَالَّذِیْنَ یَقُوْلُوْنَ رَبَّنَا هَبْ لَنَا مِنْ اَزْوَاجِنَا وَذُرِّیّٰتِنَا قُرَّةَ اَعْیُنٍ وَّاجْعَلْنَا لِلْمُتَّقِیْنَ اِمَامًا ۟
ඔවුන්ගේ ප්රාර්ථනාවෙහි ඔවුන්ගේ පරමාධිපතිට “අපගේ පරමාධිපතියාණනි! අපගේ බිරියන් හා දරුවන් අතරින් භක්තිමත්භාවය හා සත්ය මත පිහිටීමෙන් අපගේ නෙත් පිනවන අයවලුන් අපට පත් කර දෙනු මැනව! අප පිළිපදිනු ලබන බැතිමතුන් සත්යය තුළ මෙහෙයවන නායකයින් බවට අප පත් කරනු මැනව!
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
اُولٰٓىِٕكَ یُجْزَوْنَ الْغُرْفَةَ بِمَا صَبَرُوْا وَیُلَقَّوْنَ فِیْهَا تَحِیَّةً وَّسَلٰمًا ۟ۙ
මෙම ගුණාංග වලින් වර්ණනා කරනු ලැබුවෝ, ඔවුන් අල්ලාහ්ට අවනත වීමෙහි ඉවසීමෙන් කටයුතු කළ හේතුවෙන්, ස්වර්ගයේ උසස් ෆිර්දවුස් හි උසස් කුටි ඔවුනට පිරිනමනු ලැබේ. එහි ඔවුන් මලක්වරුන් විසින් සුබ පතා සලාම් පවසා පිළිගනු ලබති. සියලු උවදුරු වලින් නිදහස් ව සාමයෙන් එහි සිටිති.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
خٰلِدِیْنَ فِیْهَا ؕ— حَسُنَتْ مُسْتَقَرًّا وَّمُقَامًا ۟
ඔවුහු එහි සදා රැඳී සිටිති. ඔවුන් වාසය කරන වාසස්ථානය මෙන්ම එහි ඔවුන් නවාතැන් ගන්නා නවාතැන යහපත් විය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
قُلْ مَا یَعْبَؤُا بِكُمْ رَبِّیْ لَوْلَا دُعَآؤُكُمْ ۚ— فَقَدْ كَذَّبْتُمْ فَسَوْفَ یَكُوْنُ لِزَامًا ۟۠
අහෝ දූතය! ඔවුන්ගේ දේව ප්රතික්ෂේපය මත ගැලී සිටින දේව ප්රතික්ෂේපකයින්ට නුඹ මෙසේ පවසනු. "මාගේ පරමාධිපති නුඹලා ගැන සැලකිලිමත් වනුයේ නුඹලා අවනත වෙමින් ඔහු වෙත ප්රයෝජනවත් ආකාරයෙන් යොමු වීමෙනි. සැබවින්ම ඔහුට නැමදුම් කරමින් ප්රාර්ථනා කරන කණ්ණලව් කරමින් ප්රාර්ථනා කරන ගැත්තන් නොවී නම් නුඹලා ගැන නොසලකා හරින්නට තිබුණි. නමුත් නුඹලාගේ පරමාධිපතිගෙන් දූතයාණන් නුඹලා වෙත ගෙන ආ දෑ නුඹලා බොරු කළෙහුය. එසේ බොරු කරමින් සිටීම සඳහා වූ ප්රතිවිපාකය නුඹලාට අනිවාර්යෙන් මතු හිමි වනු ඇත.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
អំពី​អត្ថប្រយោជន៍​នៃវាក្យខណ្ឌទាំងនេះនៅលើទំព័រនេះ:
• من صفات عباد الرحمن: البعد عن الشرك، وتجنُّب قتل الأنفس بغير حق، والبعد عن الزنى، والبعد عن الباطل، والاعتبار بآيات الله، والدعاء.
• ආදේශ කිරීමෙන් දුරස් වීම, උරුමයක් හේතුවක් මත මිස ප්රාණ ඝාතනයෙන් වැළකී සිටීම, දුරාචාරයෙන් දුරස් වීම, නිෂ්ඵල දැයින් දුරස් වීම, අල්ලාහ්ගේ පාඨ ගැන සැලකිලිමත් වීම, ප්රාර්ථනා කිරීම යනාදී ගුණාංග මහා කරුණාන්විතයාණන්ගේ ගැත්තන් සතු ගුණාංග වේ.

• التوبة النصوح تقتضي ترك المعصية وفعل الطاعة.
•නිසි අයුරින් පාප ක්ෂමාවෙහි නිරතවීම පාපකම් අතහැර දැමීමටත් අවනත කටයුතු වල නිරත වීමටත් බල කරනු ඇත.

• الصبر سبب في دخول الفردوس الأعلى من الجنة.
•ඉවසීම ප්රගුණ කිරීම ස්වර්ග උයනේ උසස් ෆිර්දවුස් නම් ස්ථායට පිවිසීමට හේතුවක් වන්නේය.

• غنى الله عن إيمان الكفار.
•දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ගේ දේව විශ්වාසය පිළිබඳ අවශ්යතාවක් අල්ලාහ්ට නැත.

 
ការបកប្រែអត្ថន័យ ជំពូក​: អាល់ហ្វូរកន
មាតិកានៃជំពូក លេខ​ទំព័រ
 
ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី - មាតិកានៃការបកប្រែ

ត្រូវបានចេញដោយមជ្ឈមណ្ឌល តាហ្វសៀរនៃការសិក្សាគម្ពីគួរអាន

បិទ