Check out the new design

ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី * - មាតិកានៃការបកប្រែ


ការបកប្រែអត្ថន័យ វាក្យខណ្ឌ: (195) ជំពូក​: អាល់ហ្ពាក៏រ៉ោះ
وَاَنْفِقُوْا فِیْ سَبِیْلِ اللّٰهِ وَلَا تُلْقُوْا بِاَیْدِیْكُمْ اِلَی التَّهْلُكَةِ ۛۚ— وَاَحْسِنُوْا ۛۚ— اِنَّ اللّٰهَ یُحِبُّ الْمُحْسِنِیْنَ ۟
අල්ලාහ්ට අවනත ව ජිහාද් හා වෙනත් දෑ සඳහා ධනය වියදම් කරනු. එසේ ජිහාදය හා අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කිරීම අතහැර දමා නුඹලාගේ ජීවිත නුඹලා විසින්ම විනාශ කර නොගනු. නැතහොත් නුඹලාගේ විනාශයට හේතු වන කරුණු කාරණා සිදු කොට නුඹලාගේ ජීවිත විනාශ මුඛයට නොහෙළනු. නුඹලාගේ වත්පිළිවෙත් ගනුදෙනු හා සදාචාර ගතිපැවතුම් වලදී යහපත් අයුරින් කටයුතු කරනු. තම සියලු කටයුතු වලදී දැහැමි ලෙස කටයුතු කරන්නන්හට අල්ලාහ් කරුණා කරනු ඇත. ඔවුනට කුසල් ලබා දී ගරු කරයි. යහමග වෙත මග පෙන්වා ආශිර්වාද කරයි.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
អំពី​អត្ថប្រយោជន៍​នៃវាក្យខណ្ឌទាំងនេះនៅលើទំព័រនេះ:
• مقصود الجهاد وغايته جَعْل الحكم لله تعالى وإزالة ما يمنع الناس من سماع الحق والدخول فيه.
•ජිහාද්හි පරමාර්ථය හා එහි අපේක්ෂාව සියලු පාලනය අල්ලාහ් සතු කිරීම හා සත්ය සවන් දීමටත් ඒ තුළට පිවිසීමටත් ජනයා වළක්වාලන හේතු සාධක ඉවත් කිරීමත්ය.

• ترك الجهاد والقعود عنه من أسباب هلاك الأمة؛ لأنه يؤدي إلى ضعفها وطمع العدو فيها.
•ජිහාදය අතහැර දමා පැත්තකට වී සිටීම සමූහයාගේ විනාශයට හේතු වන්නේය. එය එම සමූහයා අධෛර්යමත් කරන අතරම සතුරා වෙත නැඹුරු වන්නට ඉඩ සලසයි.

• وجوب إتمام الحج والعمرة لمن شرع فيهما، وجواز التحلل منهما بذبح هدي لمن مُنِع عن الحرم.
•හජ් හා උම්රා හි ආගමානගත කොට ඇති දෑ පිළිපදිමින් ඒ දෙක සම්පූර්ණ කිරීමේ අනිවාර්ය භාවය. හරම් සීමාවෙන් වළක්වනු ලැබූවන්හට සත්ව කැපයක් පිරිනමා ඒ දෙකින් මිදීමේ අනුමැතිය.

 
ការបកប្រែអត្ថន័យ វាក្យខណ្ឌ: (195) ជំពូក​: អាល់ហ្ពាក៏រ៉ោះ
មាតិកានៃជំពូក លេខ​ទំព័រ
 
ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី - មាតិកានៃការបកប្រែ

ត្រូវបានចេញដោយមជ្ឈមណ្ឌល តាហ្វសៀរនៃការសិក្សាគម្ពីគួរអាន

បិទ