Check out the new design

ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី * - មាតិកានៃការបកប្រែ


ការបកប្រែអត្ថន័យ ជំពូក​: អាន់ណះល៍   វាក្យខណ្ឌ:
ثُمَّ اِنَّ رَبَّكَ لِلَّذِیْنَ عَمِلُوا السُّوْٓءَ بِجَهَالَةٍ ثُمَّ تَابُوْا مِنْ بَعْدِ ذٰلِكَ وَاَصْلَحُوْۤا اِنَّ رَبَّكَ مِنْ بَعْدِهَا لَغَفُوْرٌ رَّحِیْمٌ ۟۠
අහෝ දූතය! දඬුවම ගැන නොදැන අයහපත් ක්රියාවන් සිදු කළවුනට ඔවුන් එය උවමනාවෙන් සිදු කොට අනතුරුව ඔවුන් කළ පාපකම්වලින් පසු අල්ලාහ් වෙත පසුතැවිලි වී සමාව අයැද ඔවුන් කළ නපුරු ක්රියාවන් විධිමත් කර ගත්තේ නම්, එසේ පශ්චාත්තාපයෙන් පසු නුඹේ පරමාධිපති ඔවුන්ගේ පාපකම් සඳහා ක්ෂමාව දානය කරන්නාය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
اِنَّ اِبْرٰهِیْمَ كَانَ اُمَّةً قَانِتًا لِّلّٰهِ حَنِیْفًا ؕ— وَلَمْ یَكُ مِنَ الْمُشْرِكِیْنَ ۟ۙ
සැබැවින්ම ඉබ්රාහීම් (අලෙයහිස් සලාම්) සියලුම යහපත් කටයුතු එකතු කළ අයෙකු විය. ඔහුගේ පරමාධිපතිට ඔහු සදාකල් අවනත වන්නෙකු ලෙසත් සියලුම ආගම්වලින් බැහැර ව ඉස්ලාම් දහම වෙත නැඹුරු වූවෙකු ලෙසත් සිටියේය. කිසි විටෙක අල්ලාහ්ට ආදේශ කරන්නන් අතර කෙනෙකු නොවීය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
شَاكِرًا لِّاَنْعُمِهٖ ؕ— اِجْتَبٰىهُ وَهَدٰىهُ اِلٰی صِرَاطٍ مُّسْتَقِیْمٍ ۟
එමෙන්ම අල්ලාහ් ඔහුට පිරිනැමූ ආශිර්වාද සඳහා ඔහු කෘතවේදී අයකු විය. නබිත්වය සඳහා අල්ලාහ් ඔහුව තෝරා ගත්තේය. ඍජු ඉස්ලාම් දහම වෙත ඔහුට මග පෙන්වීය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَاٰتَیْنٰهُ فِی الدُّنْیَا حَسَنَةً ؕ— وَاِنَّهٗ فِی الْاٰخِرَةِ لَمِنَ الصّٰلِحِیْنَ ۟ؕ
නබිත්වය, යහපත් පැසසුම් හා දැහැමි දරුවන් අපි ඔහුට පිරිනැමුවෙමු. උසස් ස්වර්ගයේ උසස් නිලතල අල්ලාහ් විසින් සූදානම් කර ඇති දැහැමියන් අතරින් කෙනෙකු විය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
ثُمَّ اَوْحَیْنَاۤ اِلَیْكَ اَنِ اتَّبِعْ مِلَّةَ اِبْرٰهِیْمَ حَنِیْفًا ؕ— وَمَا كَانَ مِنَ الْمُشْرِكِیْنَ ۟
ඒකදේවත්වය, දෙවියන්ට ආදේශ කරන්නන්ගෙන් නිදොස් වීම, අල්ලාහ් වෙත ඇරයුම් කිරීම, ඔහුගේ ආගමික නීති පිළිපැදීම, සියලු ආගම්වලින් දුරස්ව ඉස්ලාම් දහම වෙත නැඹුරුවීම යනාදී කරුණු සම්බන්ධයෙන් ඉබ්රාහීම් තුමාගේ පිළිවෙත පිළිපදින මෙන්, අහෝ දූතය! අපි නුඹට දේව පණිවිඩ පහළ කළෙමු. දෙවියන්ට ආදේශ තැබූවන් තරයේ විශ්වාස කරන පරිදි කිසිවිටෙක ඔහු ආදේශ කරන්නන් අතර කෙනෙකු නොවීය. ඔහු අල්ලාහ් ව ඒකීයත්වයට පත් කරන්නෙකු විය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
اِنَّمَا جُعِلَ السَّبْتُ عَلَی الَّذِیْنَ اخْتَلَفُوْا فِیْهِ ؕ— وَاِنَّ رَبَّكَ لَیَحْكُمُ بَیْنَهُمْ یَوْمَ الْقِیٰمَةِ فِیْمَا كَانُوْا فِیْهِ یَخْتَلِفُوْنَ ۟
යුදෙව්වන් මතභේද ඇති කර ගත් සෙනසුරාදා දිනය ගරුබුහුමන් කිරීමට අනිවාර්යය කරන ලද්දේ ඔවුනට වෙන් කරන මෙන් අණ කළ සිකුරාදා දිනය ඔවුන් නාස්ති කිරීමෙන් පසු නැමදුම සඳහා එදින ඔවුන්ගේ රාජකාරිවලින් නිදහස් වනු පිණිසය. අහෝ දූතය! සැබැවින්ම නුඹේ පරමාධිපති ඔවුන් කවර විෂයයක මතභේද ඇති කර ගත්තේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එම මතභේද ඇති කරගත් අය අතර තීන්දු දෙනු ඇත. සෑම කෙනෙකුටම ඔවුනොවුනට සුදුසු ප්රතිඵල පිරිනමනු ලැබේ.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
اُدْعُ اِلٰی سَبِیْلِ رَبِّكَ بِالْحِكْمَةِ وَالْمَوْعِظَةِ الْحَسَنَةِ وَجَادِلْهُمْ بِالَّتِیْ هِیَ اَحْسَنُ ؕ— اِنَّ رَبَّكَ هُوَ اَعْلَمُ بِمَنْ ضَلَّ عَنْ سَبِیْلِهٖ وَهُوَ اَعْلَمُ بِالْمُهْتَدِیْنَ ۟
අහෝ දූතය! ඇරයුම් කරන්නාට අවශ්ය වන පසුතලයන් ඔහුගේ අවබෝධය හා පාලනය යනාදිය මගින් ද උනන්දු කරවීමේ හා බිය ගැන්වීමේ කරුණු අඩංගු උපදෙස් මගින් ද ඔබ හා ඔබ ව අනුගමනය කළ විශ්වාසීන් ඉස්ලාම් දහම වෙත ජනයා ඇරයුම් කරනු. බුද්ධියෙන්, ඥානයෙන් හා ප්රකාශයෙන් වඩාත් යහපත් මාර්ග උපයෝගි කර ගනිමින් ඔවුන් සමග තර්ක කරනු. මිනිසුන්ට යහමඟ යොමු කිරීමේ වගකීම නුඹ මත නැත. නුඹ මත පැවරී ඇත්තේ ඔවුනට ප්රචාරය කිරීම පමණි. අල්ලාහ්ගේ දහමින් නොමග ගියවුන් පිළිබඳ නුඹේ පරමාධිපති මැනවින් දන්නාය. යහමග ගියවුන් පිළිබඳවත් මැනවින් දන්නාය. එහෙයින් නුඹ ඔවුන් කෙරෙහි දුක් නොවනු.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَاِنْ عَاقَبْتُمْ فَعَاقِبُوْا بِمِثْلِ مَا عُوْقِبْتُمْ بِهٖ ؕ— وَلَىِٕنْ صَبَرْتُمْ لَهُوَ خَیْرٌ لِّلصّٰبِرِیْنَ ۟
නුඹලා නුඹලාගේ සතුරෙකුට දඬුවම් දීමට අපේක්ෂා කළේ නම් නුඹලාට ඔහු සිදු කළ දෑ හා සමාන දඬුවමක් මිස කිසිදු වැඩි කිරීමකින් තොර ව ඔහුට දඬුවම් දෙනු. ඔහුට නුඹලා දඬුවම් දීමට හැකියාව තිබිය දී එසේ යුක්තිය පතා ඔවුනට දඬුවම් දීමට වඩා ඒ ගැන ඉවසා දරා ගත්තෙහු නම්, සැබැවින්ම එය ඉවසිලි වන්තයින් හට වඩාත් යහපත්ය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَاصْبِرْ وَمَا صَبْرُكَ اِلَّا بِاللّٰهِ وَلَا تَحْزَنْ عَلَیْهِمْ وَلَا تَكُ فِیْ ضَیْقٍ مِّمَّا یَمْكُرُوْنَ ۟
අහෝ දූතය! නුඹට අත්වන ඔවුන්ගේ හිරිහැර හා පීඩාවන් මත නුඹ ඉවසීමෙන් කටයුතු කරනු. අල්ලාහ් නුඹට ආශිර්වාද කිරීමෙන්ම මිස ඉවසීම සඳහා නුඹට වෙනත් ආශිර්වාද කිරීමක් නැත. දෙවියන් ප්රතික්ෂේප කරන්නන් නුඹ ව හෙළා දැකීම හේතුවෙන් නුඹ දුක් නොවනු. ඔවුන්ගේ කුමන්ත්රණ හා කූට සැළසුම් හේතුවෙන් නුඹගේ හදවත පීඩනයට පත්කර නොගනු.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
اِنَّ اللّٰهَ مَعَ الَّذِیْنَ اتَّقَوْا وَّالَّذِیْنَ هُمْ مُّحْسِنُوْنَ ۟۠
පාපකම් අතහැර ඔහුට බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරන්නන් සමග අල්ලාහ් සිටියි. අවනත වෙමින් හා ඔවුනට කවර දෙයක් නියෝග කරනු ලැබුවේ ද එය පිළිපදිමින් දැහැමි ලෙස කටයුතු කළවුන් ඔවුහුමය. උදව් උපකාරය හා ස්ථාවර කිරීමේ දී ඔහු ඔවුන් සමගය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
អំពី​អត្ថប្រយោជន៍​នៃវាក្យខណ្ឌទាំងនេះនៅលើទំព័រនេះ:
• اقتضت رحمة الله أن يقبل توبة عباده الذين يعملون السوء من الكفر والمعاصي، ثم يتوبون ويصلحون أعمالهم، فيغفر الله لهم.
•අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීම, පාපකම් සිදු කිරීම වැනි නපුරු ක්රියාවන් සිදු කළ පසු ව තම ගැත්තන් ඒ සඳහා පාපක්ෂමාව ඇයැද සිට ඔවුන්ගේ ක්රියාවන් විධිමත් කරගත්තේ නම් ඔවුන්ගේ පාපක්ෂමාව පිළිගැනීම සඳහා අල්ලාහ්ගේ ආශිර්වාදය නියම විය. එහෙයින් අල්ලාහ් ඔවුනට සමාව දෙනු ඇත.

• يحسن بالمسلم أن يتخذ إبراهيم عليه السلام قدوة له.
•ඉබ්රාහීම් අලයිහිස්සලාම් තුමාව ආදර්ශයට ගනිමින් මුස්ලිම්වරයකු දැහැමි ලෙස කටයුතු කළ යුතුයි.

• على الدعاة إلى دين الله اتباع هذه الطرق الثلاث: الحكمة، والموعظة الحسنة، والمجادلة بالتي هي أحسن.
•අල්ලාහ්ගේ දහම වෙත ඇරයුම් කරන්නන් මෙම මාර්ග තුන අනුගමනය කළ යුතුය: ප්රඥාව, යහපත් උපදෙස, හා වඩාත් යහපත් දැයින් තර්ක කිරීම.

• العقاب يكون بالمِثْل دون زيادة، فالمظلوم منهي عن الزيادة في عقوبة الظالم.
•දඬුවම පිහිටිය යුත්තේ ඒ හා සමාන ප්රමාණයකිනි. ඊට වඩා වැඩි විය නොහැක. අපරාධ කරුවාට අපරාධකරනු ලැබූ තැනැත්තා විසින් දඬුවම් දීමෙහි සිදු වූ අපරාධයට වඩා වැඩියෙන් දඬුවම් දීම තහනම් කර ලැබ ඇත.

 
ការបកប្រែអត្ថន័យ ជំពូក​: អាន់ណះល៍
មាតិកានៃជំពូក លេខ​ទំព័រ
 
ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី - មាតិកានៃការបកប្រែ

ត្រូវបានចេញដោយមជ្ឈមណ្ឌល តាហ្វសៀរនៃការសិក្សាគម្ពីគួរអាន

បិទ