Check out the new design

ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី * - មាតិកានៃការបកប្រែ


ការបកប្រែអត្ថន័យ ជំពូក​: អាត់តាកាស៊ួរ   វាក្យខណ្ឌ:

අත් තකාසුර්

គោល​បំណងនៃជំពូក:
تذكير المتكاثرين واللاهين بالدنيا بالقبور والحساب.
මෙලොවෙහි දැඩි ආශාවෙන් පෙළෙන හා ඒ ගැන අලසකම් පාන්නන් හට මිනීවළවල් හා විනිශ්චය ගැන මෙනෙහි කිරීම.

اَلْهٰىكُمُ التَّكَاثُرُ ۟ۙ
අහෝ මිනිසුනි! ධනය හා දරුවන් හේතුවෙන් නුඹලා එකිනෙකා තුළ ඇති තරඟය අල්ලාහ්ට අවනත වීමෙන් නුඹලා ව වෙනතකට යොමු කර ඇත.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
حَتّٰی زُرْتُمُ الْمَقَابِرَ ۟ؕ
නුඹලා මිය ගොස් නුඹලාගේ මිණිවලවල් නුඹලා හමුවන තුරු.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
كَلَّا سَوْفَ تَعْلَمُوْنَ ۟ۙ
ධනය හා දරුවන් හේතුවෙන් එසේ නුඹලා එකිනෙකා අහංකාරකම් පාමින් අල්ලාහ්ට අවනත වීමෙන් දුරස්වීම නුඹලාට සුදුසු නැත. එසේ නුඹලා වෙනතකට යොමු වී කටයුතු කිරීමේ විපාකය නුඹලා ඉක්මණින් මතු දැනගනු ඇත.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
ثُمَّ كَلَّا سَوْفَ تَعْلَمُوْنَ ۟ؕ
එහි විපාකය නුඹ මතුලොවෙහි දැනගනු ඇත.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
كَلَّا لَوْ تَعْلَمُوْنَ عِلْمَ الْیَقِیْنِ ۟ؕ
සැබැවින්ම අල්ලාහ් ඉදිරියට නුඹලා ව ඉදිරිපත් කරනු ඇත. එවිට නුඹලා සිදු කළ සියලු ක්රියාවන්ට ඔහු ප්රතිඵල දෙනු ඇතැයි නුඹලා ස්ථීරවම වටහා ගන්නේ නම් එසේ දරුවන් හා ධනය හේතුකොට ගෙන අහංකාරකම් පා නුඹලා අල්ලාහ්ගෙන් වෙනතකට යොමු නොවන්නාහුය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
لَتَرَوُنَّ الْجَحِیْمَ ۟ۙ
අල්ලාහ් මත දිවුරා පවසමි. සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී නිරා ගින්න නුඹලා දෑසින්ම දැක ගනු ඇත.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
ثُمَّ لَتَرَوُنَّهَا عَیْنَ الْیَقِیْنِ ۟ۙ
සැබැවින්ම එය කිසිදු සැකයකින් තොරවම ස්ථීර ලෙසම දැක ගනු ඇත.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
ثُمَّ لَتُسْـَٔلُنَّ یَوْمَىِٕذٍ عَنِ النَّعِیْمِ ۟۠
සුවය, ධනය හා වෙනත් සම්පත් අතුරින් කවර ආශිර්වාදයක් අල්ලාහ් නුඹලාට පිරිනමා ඇත්තේද ඒ පිළිබඳ ව නුඹලාගෙන් එහිදී ප්රදශ්න කරනු ලබන්නෝය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
អំពី​អត្ថប្រយោជន៍​នៃវាក្យខណ្ឌទាំងនេះនៅលើទំព័រនេះ:
• خطر التفاخر والتباهي بالأموال والأولاد.
• දරුවන් හා සම්පත් හේතුවෙන් පුරසාරම් දෙඩීමේ හා අහංකාරකමේ ඇති භයානකත්වය.

• القبر مكان زيارة سرعان ما ينتقل منه الناس إلى الدار الآخرة.
• කබ්ර් හෙවත් මිනීවල, ජනයා ඉතා ඉක්මණින් මතුලොව වෙත පෙරළා එය මුණ ගස්වන ස්ථානයකි.

• يوم القيامة يُسْأل الناس عن النعيم الذي أنعم به الله عليهم في الدنيا.
• මෙලොවෙහි මිනිසාට කවර කරුණක් අල්ලාහ් දායාද කර තිබුණේද ඒ සියලුම ආශිර්වාද පිළිබඳ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී ඔහුගෙන් ප්රශ්න කරනු ලබනු ඇත.

• الإنسان مجبول على حب المال.
• මිනිසාව ධනයට ඇලුම් කරන ස්වභාවයෙන් මවනු ලැබ ඇත.

 
ការបកប្រែអត្ថន័យ ជំពូក​: អាត់តាកាស៊ួរ
មាតិកានៃជំពូក លេខ​ទំព័រ
 
ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី - មាតិកានៃការបកប្រែ

ត្រូវបានចេញដោយមជ្ឈមណ្ឌល តាហ្វសៀរនៃការសិក្សាគម្ពីគួរអាន

បិទ