Check out the new design

Terjemahan makna Alquran Alkarim - Terjemahan Al-Mukhtaṣar fī Tafsīr Al-Qur`ān Al-Karīm ke Bahasa Sinhala * - Daftar isi terjemahan


Terjemahan makna Ayah: (4) Surah: Al-Māidah
یَسْـَٔلُوْنَكَ مَاذَاۤ اُحِلَّ لَهُمْ ؕ— قُلْ اُحِلَّ لَكُمُ الطَّیِّبٰتُ ۙ— وَمَا عَلَّمْتُمْ مِّنَ الْجَوَارِحِ مُكَلِّبِیْنَ تُعَلِّمُوْنَهُنَّ مِمَّا عَلَّمَكُمُ اللّٰهُ ؗ— فَكُلُوْا مِمَّاۤ اَمْسَكْنَ عَلَیْكُمْ وَاذْكُرُوا اسْمَ اللّٰهِ عَلَیْهِ ۪— وَاتَّقُوا اللّٰهَ ؕ— اِنَّ اللّٰهَ سَرِیْعُ الْحِسَابِ ۟
අහෝ දූතය, ඔබේ අනුගාමිකයෝ තමන්හට අල්ලාහ් ආහාරයට අනුමත කර ඇත්තේ කුමක්දැ?යි විමසති. දූතය, ආහාර අතුරින් පිවිතුරු දෑ ඔබට අනුමත කර ඇත. එමෙන්ම බල්ලා හා කොටියා වැනි රදනක දත් සහිත සතුන් විසින් දඬයම් කරන දෑ ද, උකුස්සා වැනි නිය සහිත සතුන් විසින් දඬයම් කරන දෑ ද ඔබට අනුමත කර ඇත. අල්ලාහ් ඔබට දායාද කළ දැනුමෙන් ඔබ ඌට අණ කළ විට ඔබේ අණ පිළිපදිමින් එළවා හරින විට හැරී යන තරමට උන් පුරුදු පුහුණු කොට දඬයම් කරන ක්රමය ද කියා දී, උන් හරහා සතෙකු දඬයම් කර ගෙන ඌ එම දඬයම මරා දැමුව ද, ඔබට අනුභව කළ හැක. නමුත් දඬයමට එවීමට පෙර අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරන්න. ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් අල්ලාහ්ට බිය බැතිමත් වන්න. නියත වශයෙන්ම අල්ලාහ් සිදු කරන ක්රියාවන් පිළිබඳ විනිශ්චය කිරීමෙහි ඉතා වේගවත්ය.
Tafsir berbahasa Arab:
Beberapa Faedah Ayat-ayat di Halaman Ini:
• تحريم ما مات دون ذكاة، والدم المسفوح، ولحم الخنزير، وما ذُكِرَ عليه اسْمٌ غير اسم الله عند الذبح، وكل ميت خنقًا، أو ضربًا، أو بسقوط من علو، أو نطحًا، أو افتراسًا من وحش، ويُستثنى من ذلك ما أُدرِكَ حيًّا وذُكّيَ بذبح شرعي.
විධිමත් ලෙස කැපීමෙන් තොරව මිය ගිය දෑ, ගලන රුධිරය, ශූකර මාංශ, කපන මොහොතේ අල්ලාහ්ගේ නාමය හැර වෙනත් නමක් සිහිපත් කරමින් කපනු ලැබූ දෑ, ගෙල මිරිකමින්, පහර දෙමින්, ඉහළ සිට පහළට වැටෙන්න සලස්වමින්, අනිමින් හෝ මෘග සතුන් හරහා දඬයම් කිරීමට ලක් කරමින් මිය ගිය සෑම දැයක් ම තහනම් කිරීම. නමුත් එවන් තත්ත්වයකදී ඔබ එම ප්රාණියා ජීවී ව ලැබුණේ නම් එය ව්යතිරේකයකි. ආගමානුකූල ව කැපීමෙන් එය පිරිසිදු තත්ත්වයට පත් වනු ඇත.

• حِلُّ ما صاد كل مدرَّبٍ ذي ناب أو ذي مخلب.
නිය සහිත, හොට සහිත, මැනවින් පුහුණු කරනු ලැබූ සතුන් හරහා දඩයම් කරනු ලබන සෑම දෙයක්ම අනුමත වන්නේය.

• إباحة ذبائح أهل الكتاب، وإباحة نكاح حرائرهم من العفيفات.
ආගම් ලත් ජනයා කැපූ ආහාර අනුමත වන අතරම ඔවුන් අතර සිටින පතිවත රකින නිදහස් කාන්තාවන් විවාහ කර ගැනීම ද අනුමතය.

 
Terjemahan makna Ayah: (4) Surah: Al-Māidah
Daftar surah Nomor Halaman
 
Terjemahan makna Alquran Alkarim - Terjemahan Al-Mukhtaṣar fī Tafsīr Al-Qur`ān Al-Karīm ke Bahasa Sinhala - Daftar isi terjemahan

Diterbitkan oleh Markaz Tafsīr Li Ad-Dirasāt Al-Qur`āniyyah.

Tutup