Check out the new design

Terjemahan makna Alquran Alkarim - Terjemahan Al-Mukhtaṣar fī Tafsīr Al-Qur`ān Al-Karīm ke Bahasa Sinhala * - Daftar isi terjemahan


Terjemahan makna Ayah: (93) Surah: Al-Baqarah
وَاِذْ اَخَذْنَا مِیْثَاقَكُمْ وَرَفَعْنَا فَوْقَكُمُ الطُّوْرَ ؕ— خُذُوْا مَاۤ اٰتَیْنٰكُمْ بِقُوَّةٍ وَّاسْمَعُوْا ؕ— قَالُوْا سَمِعْنَا وَعَصَیْنَا ۗ— وَاُشْرِبُوْا فِیْ قُلُوْبِهِمُ الْعِجْلَ بِكُفْرِهِمْ ؕ— قُلْ بِئْسَمَا یَاْمُرُكُمْ بِهٖۤ اِیْمَانُكُمْ اِنْ كُنْتُمْ مُّؤْمِنِیْنَ ۟
මූසා අලය්හිස් සලාම් තුමාව අනුගමනය කරන මෙන්ද එතුමා අල්ලාහ් වෙතින් ගෙන ආ දෑ පිළිගන්නා මෙන් ද නුඹලා වෙතින් බලවත් ගිවිසුමක් අප ගත් අවස්ථාව මෙනෙහි කර බලනු. නුඹලා බියවද්දමින් අපි නුඹලාට ඉහළින් කන්ද ඔසවා තබා: ‘තව්රාත්හි -තෝරාව- අපි නුඹලාට පිරිනැමූ දෑ නුඹලා ඉතා උවමනාවෙන් හා කැපවීමෙන් පිළි ගනු. එය පිළිපදින අයුරින් හා පිළිගන්නා අයුරින් නුඹලාට එයට සවන් දෙනු. එසේ නොවේ නම් අපි නුඹලා මත මේ කන්ද හෙළන්නෙමු.’ යැයි පැවසුවෙමු. එවිට නුඹලා: ‘අපේ කන්වලින් අපි සවන් දෙන්නෙමු. නමුත් අපේ ක්රියාවෙන් අපි පිටුපාන්නෙමු.’ යැයි පැවසුවෙහුය. ඔවුන්ගේ ප්රතික්ෂේපය ඔවුන්ගේ හදවත් තුළ වසුපැටවා නැමදීමට ඉඩ සලසා දුනි. අහෝ නබිවරය! නුඹ පවසනු. නුඹලා විශ්වාස වන්තයින් ලෙස සිටියෙහු නම් දැනගනු අල්ලාහ් ප්රතික්ෂේප කරමින් මෙසේ විශ්වාස කරන්නට නුඹලාට අණ කර සිටින දෑ නපුරුය. හේතුව සැබෑ විශ්වාසය සමග කිසිදු ප්රතික්ෂේපයක් මුසු නොවනු ඇත.
Tafsir berbahasa Arab:
Beberapa Faedah Ayat-ayat di Halaman Ini:
• اليهود أعظم الناس حسدًا؛ إذ حملهم حسدهم على الكفر بالله وردِّ ما أنزل، بسبب أن الرسول صلى الله عليه وسلم لم يكن منهم.
මිනිසුන් අතර වඩාත් ඊර්ෂ්යාවෙන් පෙළෙන්නෝ යුදෙව්වන් වෙති. ඔවුන්ගේ ඊර්ෂ්යාව අල්ලාහ් ප්රතික්ෂේප කරන තරමට ඉහවහා ගියේය. ඔහු පහළ කළ දෑ ඔවුන් ප්රතික්ෂේප කරන්නට එය ඉඩ සැලසීය. ඊට ප්රධාන හේතුව වූයේ පැමිණි රසූල්වරයා ඔවුන් අතර කෙනෙක් නොවීමය.

• أن الإيمان الحق بالله تعالى يوجب التصديق بكل ما أَنزل من كتب، وبجميع ما أَرسل من رسل.
• සැබෑ ලෙස අල්ලාහ් විශ්වාස කිරීම යනු, අල්ලාහ් තම ග්රන්ථවල පහළ කර ඇති සෑම කරුණක්ම, ඔහු එවූ සෑම දහම් දූතයකුම තහවුරු කිරීමය.

• من أعظم الظلم الإعراض عن الحق والهدى بعد معرفته وقيام الأدلة عليه.
• මහත් අපරාධය වනුයේ සත්යය සහ යහමඟ මැනවින් වටහා ගෙන ඒ සඳහා සාක්ෂි සාධක ඉදිරිපත් කිරීමෙන් පසු එයට පිටුපෑමය.

• من عادة اليهود نقض العهود والمواثيق، وهذا ديدنهم إلى اليوم.
• පොරොන්දු හා ගිවිසුම් කඩ කිරීම යුදෙව්වන්ගේ සිරිතකි. ඔවුන්ගේ එම සිරිත අද දක්වාම පවතී.

 
Terjemahan makna Ayah: (93) Surah: Al-Baqarah
Daftar surah Nomor Halaman
 
Terjemahan makna Alquran Alkarim - Terjemahan Al-Mukhtaṣar fī Tafsīr Al-Qur`ān Al-Karīm ke Bahasa Sinhala - Daftar isi terjemahan

Diterbitkan oleh Markaz Tafsīr Li Ad-Dirasāt Al-Qur`āniyyah.

Tutup