Check out the new design

Terjemahan makna Alquran Alkarim - Terjemahan Al-Mukhtaṣar fī Tafsīr Al-Qur`ān Al-Karīm ke Bahasa Sinhala * - Daftar isi terjemahan


Terjemahan makna Ayah: (254) Surah: Al-Baqarah
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْۤا اَنْفِقُوْا مِمَّا رَزَقْنٰكُمْ مِّنْ قَبْلِ اَنْ یَّاْتِیَ یَوْمٌ لَّا بَیْعٌ فِیْهِ وَلَا خُلَّةٌ وَّلَا شَفَاعَةٌ ؕ— وَالْكٰفِرُوْنَ هُمُ الظّٰلِمُوْنَ ۟
අහෝ! අල්ලාහ් ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් ව අනුගමනය කරන්නනි, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය පැමිණීමට පෙර අප නුඹලාට පෝෂණය කළ පිරිසිදු, අනුමත විවිධ වස්තූන් මගින් නුඹලා වියදම් කරනු. එදින මිනිසාට ප්රයෝජනවත් වන කිසිදු ඉපැයීමක ව්යාපාරයක් නොතිබෙනු ඇත. දැඩි දුෂ්කර අවස්ථාවක ඔහුට සෙතක් ලබා දෙන කිසිදු දානයක් නොතිබෙනු ඇත. අල්ලාහ් අභිමත කරන ඔහු ප්රිය කරන අයට අනුමැතිය ලබා දුන් පසු ව කිසිදු යහපතක් සැලසීමට හෝ කිසිදු හිංසනයකින් වැළැක්වීමට හෝ කිසිදු මාධ්යයක් නොතිබෙනු ඇත. දෙවියන් ප්රතික්ෂේප කරන්නෝ තමන් දෙවියන් ප්රතික්ෂේප කර සිටි බැවින් ඔවුහු සැබෑ අපරාධකායෝ වෙති.
Tafsir berbahasa Arab:
Beberapa Faedah Ayat-ayat di Halaman Ini:
• أن الله تعالى قد فاضل بين رسله وأنبيائه، بعلمه وحكمته سبحانه.
•සැබැවින්ම අල්ලාහ් තම අනු දැනුමෙන් හා ප්රඥාවෙන් ඔහුගේ නබි වරුන් හෙවත් දහම් දූත පණිවිඩ ලැබුණු අය හා ඔහුගේ රසූල් හෙවත් දහම් දූත පණිවිඩ ලබා එය ප්රචාරය කිරීමේ වගකීම පැවරුණු අය අතර පරතරයක් ඇති කළේය.

• إثبات صفة الكلام لله تعالى على ما يليق بجلاله، وأنه قد كلم بعض رسله كموسى ومحمد عليهما الصلاة والسلام.
අල්ලාහ්ගේ කීර්තියට ගැළපෙන පරිදි අල්ලාහ්ට කතා කිරීමේ ගුණාංගය ඇති බවට ස්ථිර කිරීම. මූසා (අලය්හිස් සලාම්) තුමා මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා වැනි නබිවරුන් සමග අල්ලාහ් කතා කර ඇත්තේය.

• الإيمان والهدى والكفر والضلال كلها بمشيئة الله وتقديره، فله الحكمة البالغة، ولو شاء لهدى الخلق جميعًا.
•දේව විශ්වාසය, යහමග, දේව ප්රතික්ෂේපය, මුළාව යන සියල්ල අල්ලාහ්ගේ අභිමතය පරිදි හා ඔහුගේ නියමය පරිදි සිදුවන්නකි. ඒ පිළිබඳ ගැඹුරු ඥානය ඇත්තේ ඔහුටය. ඔහු අභිමත කළේ නම් මැවීම් සියල්ලට මග පෙන්වනු ඇත.

• آية الكرسي هي أعظم آية في كتاب الله، لما تضمنته من ربوبية الله وألوهيته وبيان أوصافه .
•ආයතුල් කුර්සි නම් අල් කුර්ආන් 2:255 වැනි පාඨය අල්ලාහ්ගේ පුස්තකයේ ඇති වැදගත්ම පාඨයකි. එහි රුබූබිය්යත් හෙවත් (මවා පෝෂණය කොට ආරක්ෂා කිරීමේ) ඔහුගේ පරමාධිපත්යය ඔහුගේ දේවත්වය හා ඔහුගේ ගුණාංග එහි ඇතුළත් ව ඇති බැවිණි.

• اتباع الإسلام والدخول فيه يجب أن يكون عن رضًا وقَبول، فلا إكراه في دين الله تعالى.
•ඉස්ලාමය අනුගමනය කිරීම හෝ ඒ තුළට පිවිසීම තෘප්තිය හා පිළිගැනීම පදනම් කර ගනිමින් සිදු විය යුත්තකි. අල්ලාහ්ගේ දහම තුළ කිසිදු බල කිරීමක් නැත.

• الاستمساك بكتاب الله وسُنَّة رسوله أعظم وسيلة للسعادة في الدنيا، والفوز في الآخرة.
•අල්ලාහ්ගේ පුස්තකය හා ඔහුගේ දූතයාණන්ගේ චරිතය පිළිපැදීම මෙලොව සතුට හා මතු ලොව ජයග්රහණට එකම මාධ්යය වන්නේය.

 
Terjemahan makna Ayah: (254) Surah: Al-Baqarah
Daftar surah Nomor Halaman
 
Terjemahan makna Alquran Alkarim - Terjemahan Al-Mukhtaṣar fī Tafsīr Al-Qur`ān Al-Karīm ke Bahasa Sinhala - Daftar isi terjemahan

Diterbitkan oleh Markaz Tafsīr Li Ad-Dirasāt Al-Qur`āniyyah.

Tutup