Check out the new design

क़ुरआन के अर्थों का अनुवाद - पवित्र क़ुरआन की संक्षिप्त व्याख्या का सिंहली अनुवाद * - अनुवादों की सूची


अर्थों का अनुवाद सूरा: अल्-मआ़रिज   आयत:

අල් මආරිජ්

सूरा के उद्देश्य:
بيان حال وجزاء الخلق يوم القيامة.
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මැවීම්වල තත්ත්වය හා ඒවායෙහි විපාකය පැහැදිලි කිරීම.

سَاَلَ سَآىِٕلٌۢ بِعَذَابٍ وَّاقِعٍ ۟ۙ
මෙම දඬුවම සිදුවන්නේ නම් එය තමන්ට හා තම ජනයාට එරෙහිව හට ගන්වන මෙන් දෙවියන්ට ආදේශ තබන්නන් අතරින් විමසන්නෙකු විමසා සිටියේය. එය සමච්චලයට ලක් කිරීමක් වන අතර මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සිදුවන්නකි.
अरबी तफ़सीरें:
لِّلْكٰفِرِیْنَ لَیْسَ لَهٗ دَافِعٌ ۟ۙ
අල්ලාහ්ව ප්රතික්ෂේප කරන්නන් හට එම දඬුවම වළක්වන කිසිවකු නැත.
अरबी तफ़सीरें:
مِّنَ اللّٰهِ ذِی الْمَعَارِجِ ۟ؕ
උත්තරීතර බවින් ආශිර්වාද මහිමයන් හා තරාතිරමින් සහිත අල්ලාහ්ගෙනි.
अरबी तफ़सीरें:
تَعْرُجُ الْمَلٰٓىِٕكَةُ وَالرُّوْحُ اِلَیْهِ فِیْ یَوْمٍ كَانَ مِقْدَارُهٗ خَمْسِیْنَ اَلْفَ سَنَةٍ ۟ۚ
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එම තරාතිරම් තුළ මලක්වරුන් හා ජිබ්රීල් නැග යනු ඇත. එය දිගු දිනයකි. එහි ප්රමාණය වසර පනස් දහසකි.
अरबी तफ़सीरें:
فَاصْبِرْ صَبْرًا جَمِیْلًا ۟
එහෙයින් දූතය! ඒ ගැන බියෙන් හෝ පැමිණිලි කිරීමෙන් තොරව ඉවසිය යුතු අයුරින් ඉවසනු.
अरबी तफ़सीरें:
اِنَّهُمْ یَرَوْنَهٗ بَعِیْدًا ۟ۙ
සැබැවින්ම ඔවුන් එම දඬුවම සිදුවිය නොහැකි දුරින් පිහිටා ඇත්තක් බව සිතති.
अरबी तफ़सीरें:
وَّنَرٰىهُ قَرِیْبًا ۟ؕ
නමුත් එය කිසිදු සැකයකින් තොරව සමීපයෙන් සිදුවන්නක් ලෙස අපි දකිමු.
अरबी तफ़सीरें:
یَوْمَ تَكُوْنُ السَّمَآءُ كَالْمُهْلِ ۟ۙ
එදින අහස තඹ රත්රන් හා වෙනත් ලෝහ ද්රව්යවලින් උණු කර දිය කෙරුණු ලෝ දිය මෙන් වනු ඇත.
अरबी तफ़सीरें:
وَتَكُوْنُ الْجِبَالُ كَالْعِهْنِ ۟ۙ
තවද කඳු සැහැල්ලු භාවයෙන් ලොම් මෙන් වනු ඇත.
अरबी तफ़सीरें:
وَلَا یَسْـَٔلُ حَمِیْمٌ حَمِیْمًا ۟ۚۖ
සමීපතයෙකු තම සමීපතයාගේ තත්ත්වය ගැන නොවිමසයි. ඊට හේතුව සෑම කෙනෙකුම තමන් ගැන සොයා බලන කාර්යයක පසුවන බැවිනි.
अरबी तफ़सीरें:
इस पृष्ठ की आयतों से प्राप्त कुछ बिंदु:
• تنزيه القرآن عن الشعر والكهانة.
•අල් කුර්ආනය කවි හා හූනියමින් තොර වූවක් බව පවසා පිවිතුරු කරයි.

• خطر التَّقَوُّل على الله والافتراء عليه سبحانه.
•සුවිශුද්ධ වූ අල්ලාහ් කෙරෙහි පද ගෙතීමේ හා ප්රබන්ධයන් පැවසීමේ වරද පෙන්වාදීම.

• الصبر الجميل الذي يحتسب فيه الأجر من الله ولا يُشكى لغيره.
•අල්ලාහ්ගෙන් වූ ප්රතිඵල අපේක්ෂා කරන, වෙනත් කිසිවකුට පැමිණිලි නො කරන අලංකාර ඉවසීම.

 
अर्थों का अनुवाद सूरा: अल्-मआ़रिज
सूरों की सूची पृष्ठ संख्या
 
क़ुरआन के अर्थों का अनुवाद - पवित्र क़ुरआन की संक्षिप्त व्याख्या का सिंहली अनुवाद - अनुवादों की सूची

कुरआनिक अध्ययन के लिए कार्यरत व्याख्या केंद्र द्वारा निर्गत।

बंद करें