Check out the new design

કુરઆન મજીદના શબ્દોનું ભાષાંતર - સન્હાલી ભાષામાં અલ્ મુખતસર ફી તફસીરિલ્ કુરઆનીલ્ કરીમ કિતાબનું અનુવાદ * - ભાષાંતરોની અનુક્રમણિકા


શબ્દોનું ભાષાંતર સૂરહ: અલ્ મુમતહિનહ   આયત:
لَقَدْ كَانَ لَكُمْ فِیْهِمْ اُسْوَةٌ حَسَنَةٌ لِّمَنْ كَانَ یَرْجُوا اللّٰهَ وَالْیَوْمَ الْاٰخِرَ ؕ— وَمَنْ یَّتَوَلَّ فَاِنَّ اللّٰهَ هُوَ الْغَنِیُّ الْحَمِیْدُ ۟۠
මෙම අලංකාරමත් ආදර්ශය වනාහි, එයට අනුගතව කටයුතු කරනුයේ මෙලොවෙහි හා මතුලොවෙහි යහපත අල්ලාහ්ගෙන් අපේක්ෂා කරන්නන් පමණි. මෙම අලංකාරමත් ආදර්ශයට කවරෙකු පිටුපාන්නේ ද සැබැවින්ම තම ගැත්තන් ගැන කිසිදු අවශ්යතාවක් අල්ලාහ්ට නැති බව ඔහු දැන ගත යුතුය. ඔවුන්ගේ අවනත වීම ඔහුට අවශ්ය වන්නේ නැත. සියලු තත්ත්වයන්හි ඔහු ප්රශංසා ලාබීය.
અરબી તફસીરો:
عَسَی اللّٰهُ اَنْ یَّجْعَلَ بَیْنَكُمْ وَبَیْنَ الَّذِیْنَ عَادَیْتُمْ مِّنْهُمْ مَّوَدَّةً ؕ— وَاللّٰهُ قَدِیْرٌ ؕ— وَاللّٰهُ غَفُوْرٌ رَّحِیْمٌ ۟
අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! නුඹලා අතර හා නුඹලාට සතුරු වූ දේව ප්රතික්ෂේපකයින් අතර අල්ලාහ් ඔවුනට ඉස්ලාමය වෙත මග පෙන්වීම තුළින් සෙනෙහසක් ඇති කරන්නට පුළුවන. එහෙයින් ඔවුන් දහම තුළ නුඹලාට සහෝදරයන් වනු ඇත. ඔවුන්ගේ හදවත් දේව විශ්වාසය වෙත පෙරළීමේ බලය අල්ලාහ් සතු ව ඇත. ඔහුගේ ගැත්තන් අතරින් ඔහුගෙන් සමාව අයැදින්නන් හට අල්ලාහ් අතික්ෂමාශීලීය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.
અરબી તફસીરો:
لَا یَنْهٰىكُمُ اللّٰهُ عَنِ الَّذِیْنَ لَمْ یُقَاتِلُوْكُمْ فِی الدِّیْنِ وَلَمْ یُخْرِجُوْكُمْ مِّنْ دِیَارِكُمْ اَنْ تَبَرُّوْهُمْ وَتُقْسِطُوْۤا اِلَیْهِمْ ؕ— اِنَّ اللّٰهَ یُحِبُّ الْمُقْسِطِیْنَ ۟
නුඹලා ඉස්ලාමය වැළඳ ගැනීම හේතුවෙන් නුඹලා සමග සටන් නොවදින, නුඹලාගේ නිවෙස්වලින් නුඹලාව බැහැර නොකරන අය වනාහි, ඔවුන් සමග නුඹලා උපකාරශීලීව කටයුතු කිරීමෙන් හා නුඹලා වෙත පැවරී ඇති ඔවුන් සතු උරුමයන්හි ඔවුන් අතර සාධාරණව කටයුතු කිරීමෙන් අල්ලාහ් නුඹලාව වළක්වන්නේ නැත. එය අස්මා බින්ත් අබී බක්ර් තුමිය තම දේව ප්රතික්ෂේපිත මව සමග කටයුතු කළාක් මෙනි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ අවසරයෙන් පසු ව ඇයගේ මව ඇය වෙත පැමිණි කල්හි ඇය සමග සම්බන්ධකම් පවත්වන මෙන් එතුමා ඇයට නියෝග කළහ. සැබැවින්ම අල්ලාහ් ඔවුන් අතර ද ඔවුන්ගේ පවුලේ ඥාතීන් අතර ද ඔවුන් භාරව සිටින්නන් අතර ද සාධාරණව කටයුතු කරන සාධාරණීයයන් ප්රිය කරනු ඇත.
અરબી તફસીરો:
اِنَّمَا یَنْهٰىكُمُ اللّٰهُ عَنِ الَّذِیْنَ قَاتَلُوْكُمْ فِی الدِّیْنِ وَاَخْرَجُوْكُمْ مِّنْ دِیَارِكُمْ وَظَاهَرُوْا عَلٰۤی اِخْرَاجِكُمْ اَنْ تَوَلَّوْهُمْ ۚ— وَمَنْ یَّتَوَلَّهُمْ فَاُولٰٓىِٕكَ هُمُ الظّٰلِمُوْنَ ۟
සැබැවින්ම අල්ලාහ් නුඹලාව වළක්වා ඇත්තේ නුඹලාගේ විශ්වාසය හේතුකොටගෙන නුඹලා සමග සටන් වැද, නුඹලාගේ නිවෙස්වලින් නුඹලාව පිටුවහල් කර; එසේ නුඹලාව පිටහුවහල් කිරීම සඳහා ඔවුනට උදව් උපකාර කළ අයගෙනි. නුඹලා ඔවුන් සමඟ මිතුරුකම් පෑම හෝ භාරකරුවන් ලෙස ගැනීම අල්ලාහ් නුඹලාට තහනම් කළේය. නුඹලා අතරින් කවරෙකු ඔවුන් භාරකරුවන් ලෙස ගෙන ඇත්තේ ද සැබැවින්ම අල්ලාහ්ගේ නියෝගයට විරුද්ධ වීම හේතුවෙන් විනාශයේ සාධක ගෙනැවිත් තමන්ටම අපරාධාකර ගත්තන් වන්නේ ඔවුන්මය.
અરબી તફસીરો:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْۤا اِذَا جَآءَكُمُ الْمُؤْمِنٰتُ مُهٰجِرٰتٍ فَامْتَحِنُوْهُنَّ ؕ— اَللّٰهُ اَعْلَمُ بِاِیْمَانِهِنَّ ۚ— فَاِنْ عَلِمْتُمُوْهُنَّ مُؤْمِنٰتٍ فَلَا تَرْجِعُوْهُنَّ اِلَی الْكُفَّارِ ؕ— لَا هُنَّ حِلٌّ لَّهُمْ وَلَا هُمْ یَحِلُّوْنَ لَهُنَّ ؕ— وَاٰتُوْهُمْ مَّاۤ اَنْفَقُوْا ؕ— وَلَا جُنَاحَ عَلَیْكُمْ اَنْ تَنْكِحُوْهُنَّ اِذَاۤ اٰتَیْتُمُوْهُنَّ اُجُوْرَهُنَّ ؕ— وَلَا تُمْسِكُوْا بِعِصَمِ الْكَوَافِرِ وَسْـَٔلُوْا مَاۤ اَنْفَقْتُمْ وَلْیَسْـَٔلُوْا مَاۤ اَنْفَقُوْا ؕ— ذٰلِكُمْ حُكْمُ اللّٰهِ ؕ— یَحْكُمُ بَیْنَكُمْ ؕ— وَاللّٰهُ عَلِیْمٌ حَكِیْمٌ ۟
අහෝ අල්ලාහ්ව විශ්වාස කොට ඔහු ආගමානුගත කළ දෑ අනුව ක්රියා කරන්නනි! දේව ප්රතික්ෂේපකයින් සිටින භූමියේ සිට ඉස්ලාමීය භූමිය වෙත නික්ම වී දේවත්වය විශ්වාස කරන කාන්තාවන් පැමිණි විට ඔවුන්ගේ දේව විශ්වසය සහතික කර ගැනීම සඳහා ඔවුන් පරීක්ෂණයකට ලක් කරනු. ඔවුන්ගේ විශ්වාසය පිළිබඳ මැනවින් දන්නා අල්ලාහ්ය. ඔවුන්ගේ හදවත් කවර කරුණක් පිළිබඳ සම්බන්ධකම් පවත්වන්නේ ද එය ඔහුට සැඟවී යන්නේ නැත. ඔවුන් පරීක්ෂණයට ලක් කිරීමෙන් පසු ව ඔවුන්ගේ සත්යභාවය සනාථ වී ඔවුන් දෙවියන් විශ්වාස කරන කාන්තාවන් බව නුඹලා දැන ගත්තෙහු නම්, ඔවුන්ගේ දේව ප්රතික්ෂේපිත සැමියන් වෙත නැවත ඔවුන් හරවා නො යවනු. සැබැවින්ම දේව විශ්වාසී කාන්තාවන්ට දේව ප්රතික්ෂේපකයින් විවාහ වීම අනුමත නොවන්නේය. දේව ප්රතික්ෂේපකයින්ට දේව විශ්වාසී කාන්තාවන් විවාහ කර දීම ද අනුමත නො වන්නේය. ඔවුන් දේව ප්රතික්ෂේපිත සැමියන්ගෙන් ලබා ගත් මහර්වලින් වියදම් කළ දෑ ඔවුන්ගේ සැමියන්ට ලබා දෙනු. එම කාන්තාවන්ට ඔවුන්ගේ මහර්- විවාහ ත්යාගය ලබා දෙන්නේ නම් ඔවුන්ගේ ඉද්දා -පොරොත්තු කාලය අවසන් වීමෙන් පසු නුඹලා ඔවුන් විවාහ කර ගැනීමෙහි නුඹලාට වරදක් නැත. කවරෙකුගේ බිරිය දේව ප්රතික්ෂේපිත කාන්තාවක වූවාද එසේ නැතිනම් ඉස්ලාමයෙන් ඉවත් වූවා ද ඇය ව රඳවා තබා නො ගනු. එය ඇයගේ දේව ප්රතික්ෂේපය හේතුවෙන් ඔවුන් දෙදෙනාගෙන් විවාහ සම්බන්ධකම බිඳී යන බැවිණි. ඉස්ලාමය හැර දමා ගිය නුඹලාගේ බිරියන් වෙනුවෙන් නුඹලා වියදම් කළ මහර් එම දේව ප්රතික්ෂේපකයින්ගෙන් ඉල්ලා ගනු. ඉස්ලාමය වැළඳගත් ඔවුන්ගේ බිරියන් වෙනුවෙන් වියදම් කළ ඔවුන්ගේ මහරය -විවාහ ත්යාගය- ඔවුන් ඉල්ලා ගනිත්වා! නුඹලාගේ පාර්ශවයෙන් හා ඔවුන්ගේ පාර්ශවයෙන් මහර් නැවත හරවා දීම ගැන සඳහන් කරනු ලැබූ මෙය අල්ලාහ්ගේ තීන්දුවයි. ශුද්ධ වූ අල්ලාහ් ඔහු අභිමත කරන පරිදි නුඹලා අතර තීන්දු කරයි. ඔහුගේ ගැත්තන්ගේ තත්ත්වයන් හා ඔවුන්ගේ ක්රියාවන් පිළිබඳ අල්ලාහ් සර්වඥානීය. ඒවායින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔහු තම ගැත්තන්හට ආගමානුගත කරන දෑහි ඔහු මහා ප්රඥාවන්තය.
અરબી તફસીરો:
وَاِنْ فَاتَكُمْ شَیْءٌ مِّنْ اَزْوَاجِكُمْ اِلَی الْكُفَّارِ فَعَاقَبْتُمْ فَاٰتُوا الَّذِیْنَ ذَهَبَتْ اَزْوَاجُهُمْ مِّثْلَ مَاۤ اَنْفَقُوْا ؕ— وَاتَّقُوا اللّٰهَ الَّذِیْۤ اَنْتُمْ بِهٖ مُؤْمِنُوْنَ ۟
නුඹලාගේ බිරියන්ගෙන් ඇතැමෙකු දේව විශ්වාසය අතහැර දමා දේව ප්රතික්ෂේපකයින් වෙත යෑම අනිවාර්යය වී, නුඹලා ඔවුන් වෙනුවෙන් වියදම් කළ විවාහ ත්යාග මුදල් එම ප්රතික්ෂේපකයින්ගෙන් ඉල්ලා සිට ඔවුහු එය ලබා නොදුන්නේ නම් දේව ප්රතික්ෂේපකයින්ගෙන් ගන්නා ලද ඝනීමත් -යුද පිටියේ සතුරා විසින් දමා ගොස් අන් සතු කළ සම්පතින්- ඔවුන්ගේ බිරියන් දහම අතහැර දමා ඔවුන්ගෙන් ඉවත්ව ගිය ස්වාමි පුරුෂයින් හට ඔවුන් වියදම් කළ මහර් ප්රමාණය මෙන් ප්රමාණයක් ඔවුනට පිරිනමනු. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් අල්ලාහ් පිළිබඳ විශ්වාසයෙන් සිට ඔහු බිය හැඟීමෙන් යුතුව කටයුතු කරනු.
અરબી તફસીરો:
આયતોના ફાયદાઓ માંથી:
• في تصريف الله القلب من العداوة إلى المودة، ومن الكفر إلى الإيمان إشارة إلى أن قلوب العباد بين إصبعين من أصابعه سبحانه، فليطلب العبد منه الثبات على الإيمان.
•සතුරුකමින් ආදරය වෙතත්, දේව ප්රතික්ෂේපයෙන් දේව විශ්වාසය වෙතත් අල්ලාහ් හදවත් පෙරළීමෙහි සැබැවින්ම ගැත්තාගේ හදවත් ශුද්ධවන්තයාණන් වූ ඔහුගේ ඇගිලි අතරින්, ඇගිලි දෙකක් අතර පවතින බව පෙන්වා දෙයි. එහෙයින් ගැත්තා තම දේව විශ්වාසය මත වූ ස්ථාවරත්වය ඔහුගෙන් ඉල්ලා සිටිය යුතුයි.

• التفريق في الحكم بين الكفار المحاربين والمسالمين.
•විරුද්ධවාදී ප්රතික්ෂේපකයින් හා සාමකාමී ප්රතික්ෂේපකයින් අතර නීතියෙහි වෙන් කර දැක්වීම.

• حرمة الزواج بالكافرة غير الكتابية ابتداءً ودوامًا، وحرمة زواج المسلمة من كافر ابتداءً ودوامًا.
•ආගම්ලත් කාන්තාවන් හැර, අලුතින් මෙන්ම සැමවිටම දෙවියන් ප්රතික්ෂේප කරන කාන්තාවන් විවාහ කර ගැනීමේ තහනම. එමෙන්ම අලුතින් මෙන්ම සැමවිටම දේව ප්රතික්ෂේපකයෙකුට මුස්ලිම් කාන්තාවක් විවාහ කර දීමේ තහනම.

 
શબ્દોનું ભાષાંતર સૂરહ: અલ્ મુમતહિનહ
સૂરહ માટે અનુક્રમણિકા પેજ નંબર
 
કુરઆન મજીદના શબ્દોનું ભાષાંતર - સન્હાલી ભાષામાં અલ્ મુખતસર ફી તફસીરિલ્ કુરઆનીલ્ કરીમ કિતાબનું અનુવાદ - ભાષાંતરોની અનુક્રમણિકા

તફસીર લિદ્ દિરાસતીલ્ કુરઆનિયહ કેન્દ્ર દ્વારા પ્રકાશિત.

બંધ કરો