Check out the new design

કુરઆન મજીદના શબ્દોનું ભાષાંતર - સન્હાલી ભાષામાં અલ્ મુખતસર ફી તફસીરિલ્ કુરઆનીલ્ કરીમ કિતાબનું અનુવાદ * - ભાષાંતરોની અનુક્રમણિકા


શબ્દોનું ભાષાંતર આયત: (52) સૂરહ: અલ્ અન્આમ
وَلَا تَطْرُدِ الَّذِیْنَ یَدْعُوْنَ رَبَّهُمْ بِالْغَدٰوةِ وَالْعَشِیِّ یُرِیْدُوْنَ وَجْهَهٗ ؕ— مَا عَلَیْكَ مِنْ حِسَابِهِمْ مِّنْ شَیْءٍ وَّمَا مِنْ حِسَابِكَ عَلَیْهِمْ مِّنْ شَیْءٍ فَتَطْرُدَهُمْ فَتَكُوْنَ مِنَ الظّٰلِمِیْنَ ۟
දහවල ආරම්භයේ ද එහි අවසානයේ ද අල්ලාහ්ට අවංක ව නැමදුම් කරන දිළිඳු මුස්ලිම්වරුන් ඔබේ සභාවෙන් දුරස් නොකරන්න. දෙවියන්ට ආදේශ තබන්නන්ගේ ප්රධානීන් වෙත නැඹුරු වීම සඳහා ඔබ ඔවුන් දුරස් නොකරන්න. මෙම දිළිඳු අය පිළිබඳ කිසිදු විනිශ්චයක් ඔබ මත පැවරෙන්නේ නැත. ඔවුන්ගේ විනිශ්චය ඔවුන්ගේ පරමාධිපති අබියසය. ඔබ ගැන කිසිදු විනිශ්චයක් ඔවුන් මත පැවරෙන්නේද නැත. සැබැවින්ම ඔවුන් ව ඔබේ සභා ගර්භයෙන් ඔබ දුරස් කරන්නෙහි නම් ඔබ අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා ගිය අය අතරට පත් වන්නෙහිය.
અરબી તફસીરો:
આયતોના ફાયદાઓ માંથી:
• الأنبياء بشر، ليس لهم من خصائص الربوبية شيء البتة، ومهمَّتهم التبليغ، فهم لا يملكون تصرفًا في الكون، فلا يعلمون الغيب، ولا يملكون خزائن رزق ونحو ذلك.
•නබිවරුන්ද මිනිසුන් වෙති. කිසිවිටෙකත් මැවුම්කරුගේ දේවත්වයට කිසිදු සුවිශේෂී පාලන බලතල ඔවුනට නොවීය. ඔවුන්ගේ වැදගත් කාර්යභාරය වූයේ දේව නිවේදනය ජනයාට දැන්වීමයි. ලොවෙහි කටයුතු ක්රියාත්මක කිරීමේ කිසිදු අයිතියක් ඔවුනට නොවීය. ගුප්ත දෑ පිළිබඳ දැනුම ද ඔවුනට නොවීය. ආහාර පෝෂණයන්හි භාණ්ඩාගාරය හා එවැනි වෙනත් සම්පත් ඔවුන් සතු නොවීය.

• اهتمام الداعية بأتباعه وخاصة أولئك الضعفاء الذين لا يبتغون سوى الحق، فعليه أن يقرِّبهم، ولا يقبل أن يبعدهم إرضاء للكفار.
• ඇරයුම් කරන්නා, ඔහුගේ අනුගාමිකයින් පිළිබඳ සැලකිලිමත් වීම. විශේෂයෙන් සත්ය මිස වෙනකක් නොසොයන අසරණයින් හට වැදගත්කමක් දිය යුතු වේ. ඔවුන් සමීප කර ගැනීමය ඔහුගේ වගකීම වන්නේ. එමෙන් ම දේවත්වය ප්රතික්ෂේප කරන ජනයා තෘප්තියට පත් කිරීම පිණිස ඔවුන් දුරස් කිරීම වලංගු නොවේ.

• إشارة الآية إلى أهمية العبادات التي تقع أول النهار وآخره.
•දහවල් ආරම්භයේ හා එහි අවසානයේ පිහිටන නැමදුම් වල වැදගත්කම මෙම වැකිය පෙන්වා දෙන්නේය.

 
શબ્દોનું ભાષાંતર આયત: (52) સૂરહ: અલ્ અન્આમ
સૂરહ માટે અનુક્રમણિકા પેજ નંબર
 
કુરઆન મજીદના શબ્દોનું ભાષાંતર - સન્હાલી ભાષામાં અલ્ મુખતસર ફી તફસીરિલ્ કુરઆનીલ્ કરીમ કિતાબનું અનુવાદ - ભાષાંતરોની અનુક્રમણિકા

તફસીર લિદ્ દિરાસતીલ્ કુરઆનિયહ કેન્દ્ર દ્વારા પ્રકાશિત.

બંધ કરો