Check out the new design

કુરઆન મજીદના શબ્દોનું ભાષાંતર - સન્હાલી ભાષામાં અલ્ મુખતસર ફી તફસીરિલ્ કુરઆનીલ્ કરીમ કિતાબનું અનુવાદ * - ભાષાંતરોની અનુક્રમણિકા


શબ્દોનું ભાષાંતર આયત: (12) સૂરહ: અલ્ ફત્હ
بَلْ ظَنَنْتُمْ اَنْ لَّنْ یَّنْقَلِبَ الرَّسُوْلُ وَالْمُؤْمِنُوْنَ اِلٰۤی اَهْلِیْهِمْ اَبَدًا وَّزُیِّنَ ذٰلِكَ فِیْ قُلُوْبِكُمْ وَظَنَنْتُمْ ظَنَّ السَّوْءِ ۖۚ— وَكُنْتُمْ قَوْمًا بُوْرًا ۟
දරුවන් හා සම්පත් රැක බලා ගැනීමේ කටයුතුවල කාර්යබහුල වීම හේතුවෙන් එතුමා සමග නුඹලා ගමන් කිරීමට පසුබට වූ බව නිදහසට කරුණු දක්වා සිටින දෑ එසේ නැත. නමුත් නුඹලා සැබැවින්ම දූතයාණන් හා ඔහුගේ මිතුරන් සියලු දෙනා විනාශ වී යනු ඇතැයි ද, ඔවුන් නැවත මදීනාවේ විසූ ඔවුන්ගේ නිවැසියන් වෙත නොපැමිණෙනු ඇතැයි ද සිතුවෙහුය. නුඹලාගේ හදවත් තුළ ෂෙයිතාන් එය අලංකාරවත් කළේය. සැබැවින්ම නුඹලාගේ පරමාධිපති ඔහුගේ නබිවරයාට උදව් නොකරන්නේ යැයි ඔහු ගැන නරක සිතුවිල්ලක් ඇති කර ගත්තෙහුය. අල්ලාහ් ගැන තැබූ නපුරු සිතුවිලි හා ඔහුගේ දූතයාණන්ගෙන් පසුබසිමින් නුඹලා කවර කරුණක් ඉදිරිපත් කළේ ද ඒ හේතුවෙන් නුඹලා විනාශකාරී පිරිසක් බවට පත්වූයෙහුය.
અરબી તફસીરો:
આયતોના ફાયદાઓ માંથી:
• مكانة بيعة الرضوان عند الله عظيمة، وأهلها من خير الناس على وجه الأرض.
•අල්ලාහ් අබියස ‘රිල්වාන්’ ගිවිසුමේ ස්ථාවරත්වය අතිමහත්ය. එයට අදාළ පුද්ගලයින් මහපොළොව මත සිටින මිනිසුන්ට වඩා උතුම් අය වෙති.

• سوء الظن بالله من أسباب الوقوع في المعصية وقد يوصل إلى الكفر.
•අල්ලාහ් පිළිබඳ නපුරු සිතුවිලි ඇති කර ගැනීම පාපයට ඇද දමනු ඇත. එය දේව ප්රතික්ෂේපය වෙත සේන්දු කරවයි.

• ضعاف الإيمان قليلون عند الفزع، كثيرون عند الطمع.
•දේව විශ්වාසයේ දුර්වලයින් භීතිමත් අවස්ථාවක ස්වල්ප දෙනෙකු වෙති. සතුටුමත් අවස්ථාවක බොහෝ අය වෙති.

 
શબ્દોનું ભાષાંતર આયત: (12) સૂરહ: અલ્ ફત્હ
સૂરહ માટે અનુક્રમણિકા પેજ નંબર
 
કુરઆન મજીદના શબ્દોનું ભાષાંતર - સન્હાલી ભાષામાં અલ્ મુખતસર ફી તફસીરિલ્ કુરઆનીલ્ કરીમ કિતાબનું અનુવાદ - ભાષાંતરોની અનુક્રમણિકા

તફસીર લિદ્ દિરાસતીલ્ કુરઆનિયહ કેન્દ્ર દ્વારા પ્રકાશિત.

બંધ કરો