Check out the new design

કુરઆન મજીદના શબ્દોનું ભાષાંતર - સન્હાલી ભાષામાં અલ્ મુખતસર ફી તફસીરિલ્ કુરઆનીલ્ કરીમ કિતાબનું અનુવાદ * - ભાષાંતરોની અનુક્રમણિકા


શબ્દોનું ભાષાંતર આયત: (173) સૂરહ: અન્ નિસા
فَاَمَّا الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ فَیُوَفِّیْهِمْ اُجُوْرَهُمْ وَیَزِیْدُهُمْ مِّنْ فَضْلِهٖ ۚ— وَاَمَّا الَّذِیْنَ اسْتَنْكَفُوْا وَاسْتَكْبَرُوْا فَیُعَذِّبُهُمْ عَذَابًا اَلِیْمًا ۙ۬— وَّلَا یَجِدُوْنَ لَهُمْ مِّنْ دُوْنِ اللّٰهِ وَلِیًّا وَّلَا نَصِیْرًا ۟
අල්ලාහ් ව විශ්වාස කොට, ඔහුගේ දූතවරුන් සත්ය බව තහවුරු කොට, අවංක ලෙසින් හා ආගමානුගත කළ කරුණු වලට අනුකූල ව, ඒ පිළිබඳ දැනුවත් ව අල්ලාහ් වෙනුවෙන් දැහැමි ක්රියාවන් ඉටු කරන්නන් වනාහි ඔවුන්ගේ ක්රියාවන් සඳහා කිසිදු අඩු කිරීමකින් තොර ව පූර්ණ කුසල් ඔහු ඔවුනට පිරිනමනු ඇත. ඔහුගේ ආශිර්වාදය හා භාග්ය තුළින් ඊටත් වඩා අධික ව පිරිනමනු ඇත. නමුත් අල්ලාහ්ට ගැතිකම් කිරීමෙන් හා අවනතවීමෙන් ඉවත් ව, උඩඟුවෙන් තමන් උසස් යැයි සැලකූ අය වනාහි, වේදනා සහගත දඬුවමින් ඔහු ඔවුනට දඬුවම් කරනු ඇත. ඔවුනට යහපත සැලසීමටත් ඔවුනට උපකාර කොට ඔවුනට අත්වන හිංසාවෙන් ඔවුන් මුදවන්නටත් අල්ලාහ් හැර වෙනත් කිසිදු භාරකරුවකු ඔවුන් නොදකිනු ඇත.
અરબી તફસીરો:
આયતોના ફાયદાઓ માંથી:
• بيان أن المسيح بشر، وأن أمه كذلك، وأن الضالين من النصارى غلوا فيهما حتى أخرجوهما من حد البشرية.
සැබැවින්ම මසායා මිනිසෙකි. ඔහුගේ මවද එලෙසමය. නමුත් කිතුනුවන් අතරින් මුළාවට පත් වූවන් ඔවුන් දෙදෙනා මිනිස් සීමාවෙන් ඔබ්බට ගෙන යන තරමට ඔවුන් විෂයයෙහි ඉක්මවා ගොස් ඇති බව විස්තර කිරීම.

• بيان بطلان شرك النصارى القائلين بالتثليث، وتنزيه الله تعالى عن أن يكون له شريك أو شبيه أو مقارب، وبيان انفراده - سبحانه - بالوحدانية في الذات والأسماء والصفات.
ත්රිත්වය පිළිබඳ පවසන කිතුනුවන්ගේ ආදේශනය ව්යාජ බවත් අල්ලාහ්ට කිසිදු ආදේශකයෙකු හෝ සමානයකු හෝ ඔහු සමඟ සමීපයකු හෝ වීමෙන් ඔහු පිවිතුරු බවත් විස්තර කිරීම හා උත්තරීතර අල්ලාහ් ඔහුගේ පැවැත්ම, නාම හා ගුණාංග තුළ ඒකීයත්වෙන් සුවිශේෂී බවත් පැහැදිලි කිරීම.

• إثبات أن عيسى عليه السلام والملائكة جميعهم عباد مخلوقون لا يستكبرون عن الاعتراف بعبوديتهم لله تعالى والانقياد لأوامره، فكيف يسوغ اتخاذهم آلهة مع كونهم عبيدًا لله تعالى؟!
සැබැවින්ම ඊසා (අලය්හිස් සලාම්) තුමා හා මලක්වරුන් යන සියලු දෙනා අල්ලාහ්ගේ මැවීම් මෙන්ම ගැත්තන් බව තහවුරු කිරීම. අල්ලාහ්ට ගැතිකම් කිරීම, ඔහුගේ නියෝග පිළිපැදීම යනාදිය පිළිගැනීමට ඔවුහු උඩගු නොවෙති. ඔවුන් අල්ලාහ්ගේ ගැත්තන්ව සිටියදී ඔවුන් සමග දේවත්වය ඈඳිය හැක්කේ කෙසේද?

• في الدين حجج وبراهين عقلية تدفع الشبهات، ونور وهداية تدفع الحيرة والشهوات.
දහම තුළ සැකය වළක්වන බුද්ධිමය සාධක හා සාක්ෂි ඇත. එමෙන්ම තෘෂ්ණාව හා ආශාව වළක්වන මඟපෙන්වීම හා ආලෝය ද ඇත.

 
શબ્દોનું ભાષાંતર આયત: (173) સૂરહ: અન્ નિસા
સૂરહ માટે અનુક્રમણિકા પેજ નંબર
 
કુરઆન મજીદના શબ્દોનું ભાષાંતર - સન્હાલી ભાષામાં અલ્ મુખતસર ફી તફસીરિલ્ કુરઆનીલ્ કરીમ કિતાબનું અનુવાદ - ભાષાંતરોની અનુક્રમણિકા

તફસીર લિદ્ દિરાસતીલ્ કુરઆનિયહ કેન્દ્ર દ્વારા પ્રકાશિત.

બંધ કરો