Check out the new design

કુરઆન મજીદના શબ્દોનું ભાષાંતર - સન્હાલી ભાષામાં અલ્ મુખતસર ફી તફસીરિલ્ કુરઆનીલ્ કરીમ કિતાબનું અનુવાદ * - ભાષાંતરોની અનુક્રમણિકા


શબ્દોનું ભાષાંતર આયત: (93) સૂરહ: આલિ ઇમરાન
كُلُّ الطَّعَامِ كَانَ حِلًّا لِّبَنِیْۤ اِسْرَآءِیْلَ اِلَّا مَا حَرَّمَ اِسْرَآءِیْلُ عَلٰی نَفْسِهٖ مِنْ قَبْلِ اَنْ تُنَزَّلَ التَّوْرٰىةُ ؕ— قُلْ فَاْتُوْا بِالتَّوْرٰىةِ فَاتْلُوْهَاۤ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟
ප්රණීත ආහාර සියල්ල ඉස්රාඊල් දරුවන්හට අනුමත විය. තව්රාතය පහළ වීමට පෙර යඃකූබ් තමන් මත කවර දෙයක් තහනම් කර ගත්තේද ඒ හැර වෙනත් කිසිවක් ඔවුන් වෙත තහනම් නොවීය. සැබැවින්ම එය තව්රාතයේ තහනම් කර ඇතැයි යුදෙව්වන් සිතනවාක් මෙන් නැත. අහෝ! නබිවරය, ඔවුනට මෙසේ පවසනු ‘නුඹලා තර්ක කරන දෑ ගැන නුඹලා සත්යවාදීන් ලෙස සිටින්නෙහු නම් නුඹලා තව්රාතය ගෙන කියවා බලනු.’ එවිට ඔවුන් වික්ෂිප්ත වූහ. එය ගෙන ආවේ නැත. යුදෙව්වන් තව්රාතයේ නාමයෙන් ගොතා පවසා ඇති බවටත් එහි අන්තර්ගත දෑ විකෘති කර ඇති බවටත් සාක්ෂි වශයෙන් මෙම උදාහරණය පෙන්වා දෙයි.
અરબી તફસીરો:
આયતોના ફાયદાઓ માંથી:
• كَذِبُ اليهود على الله تعالى وأنبيائه، ومن كذبهم زعمهم أن تحريم يعقوب عليه السلام لبعض الأطعمة نزلت به التوراة.
•යුදෙව්වන් අල්ලාහ් හා ඔහුගේ නබිවරුන් කෙරෙහි බොරු පැවසීම, ඇතැම් ආහාර යඃකූබ් තුමාට තහනම් කර තිබීම තව්රාතයේ පහළ කර ඇතැයි යන ඔවුන්ගේ සිතුවිල්ල එම බොරුවලින් එකකි.

• أعظم أماكن العبادة وأشرفها البيت الحرام، فهو أول بيت وضع لعبادة الله، وفيه من الخصائص ما ليس في سواه.
•නැමදුම් කරන ස්ථාන අතුරින් වඩාත් උසස් මෙන්ම වඩාත් ශ්රේෂ්ඨ වනුයේ බයිතුල් හරම් වේ. එය අල්ලාහ් ව නැමදුම් කිරීම සඳහා ඉදි කරන ලද මුල්ම දේවස්ථානයයි. වෙනත් දේවස්ථානවල නොමැති විශේෂයන් බොහෝමයක් එහි දක්නට ඇත.

• ذَكَرَ الله وجوب الحج بأوكد ألفاظ الوجوب تأكيدًا لوجوبه.
•‘වුජූබ්’ යන අරාබි පදයෙන් අර්ථවත් වන ‘අනිවාර්යය’ යන පද යෙදුමෙන් හජ් ඉටු කිරීම අනිවාර්යය කටයුත්තක් බව මෙහිදී අල්ලාහ් සිහිපත් කර ඇත.

 
શબ્દોનું ભાષાંતર આયત: (93) સૂરહ: આલિ ઇમરાન
સૂરહ માટે અનુક્રમણિકા પેજ નંબર
 
કુરઆન મજીદના શબ્દોનું ભાષાંતર - સન્હાલી ભાષામાં અલ્ મુખતસર ફી તફસીરિલ્ કુરઆનીલ્ કરીમ કિતાબનું અનુવાદ - ભાષાંતરોની અનુક્રમણિકા

તફસીર લિદ્ દિરાસતીલ્ કુરઆનિયહ કેન્દ્ર દ્વારા પ્રકાશિત.

બંધ કરો