Check out the new design

કુરઆન મજીદના શબ્દોનું ભાષાંતર - સન્હાલી ભાષામાં અલ્ મુખતસર ફી તફસીરિલ્ કુરઆનીલ્ કરીમ કિતાબનું અનુવાદ * - ભાષાંતરોની યાદી


શબ્દોનું ભાષાંતર આયત: (23) સૂરહ: અલ્ કસસ
وَلَمَّا وَرَدَ مَآءَ مَدْیَنَ وَجَدَ عَلَیْهِ اُمَّةً مِّنَ النَّاسِ یَسْقُوْنَ ؗ۬— وَوَجَدَ مِنْ دُوْنِهِمُ امْرَاَتَیْنِ تَذُوْدٰنِ ۚ— قَالَ مَا خَطْبُكُمَا ؕ— قَالَتَا لَا نَسْقِیْ حَتّٰی یُصْدِرَ الرِّعَآءُ ٚ— وَاَبُوْنَا شَیْخٌ كَبِیْرٌ ۟
මද්යන් වාසීන්ට ජලය සපයන මද්යන්හි ජලාශ්රයක් වෙතට ඔහු ළඟා වූ කල්හි තම ගොවිපළ සතුන්ට ජලය සපයන මිනිසුන් පිරිසක් දුටුවේය. ඒ සමගම ජනයා ජලය සපයන තෙක් තම එළුවන්ට ජලය සැපයීමෙන් වැළකී සිටි කාන්තාවන් දෙදෙනකු ද ඔහු දුටුවේය. ඔවුන් දෙදෙනාගෙන් මූසා (අලයිහිස් සලාම්) තුමා මෙසේ විමසීය. "මිනිසුන් සමග එක් ව නුඹලා දෙදෙනා ජලය නොසපයන්නට තරම් නුඹලා දෙදෙනාගේ කාරණාව කුමක්දැ?"යි විමසීය. එම කාන්තාවන් දෙදෙනා ඔහුට "එසේ අපි පැමිණ, එඬේරුන් සමග මිශ්රවීමෙන් ප්රවේශම් වනු වස් ඔවුන් හැරී යන තෙක්ම අපි ජලය නොසැපයීම අපගේ සිරිතකි. අපගේ පියාණන් වයස්ගත මැහල්ලෙකි. ජලය සැපයීමට ඔහුට හැකියාවක් නැත. එහෙයින් අපගේ එළුවන්ට ජලය සැපයීමට අපි බල කරනු ලැබ ඇත්තෙමු." යැයි පැවසුවෝය.
અરબી તફસીરો:
આ પાના પર આયતોના ફાયદાઓ:
• الالتجاء إلى الله طريق النجاة في الدنيا والآخرة.
•අල්ලාහ් වෙත යොමු වීම මෙලොව හා මතු ලොව ජයග්රහණයේ මාවතයි.

• حياء المرأة المسلمة سبب كرامتها وعلو شأنها.
•දෙවියන්ට අවනත වූ කතකගේ ලැජ්ජාව ඇය ගෞරවයට ලක් වීමටත් ඇයගේ කරුණ උසස් වීමටත් හේතුවක් වන්නේය.

• مشاركة المرأة بالرأي، واعتماد رأيها إن كان صوابًا أمر محمود.
•අදහස් ප්රකාශ කිරීමේ දී කාන්තාවගේ සහභාගිත්වය. එය ප්රශංසනීය කටයුත්තක නිවැරදි නම් ඇයගේ අදහස් මත රැඳීම.

• القوة والأمانة صفتا المسؤول الناجح.
•බලය හා අවංක කම විජයග්රාහී පාලකයකු සතු ගුණාංග දෙකකි.

• جواز أن يكون المهر منفعة.
•විවාහ ත්යාගය ප්රයෝජනවත් කරුණක් බවට පත් කර ගැනීමේ අනුමැතිය.

 
શબ્દોનું ભાષાંતર આયત: (23) સૂરહ: અલ્ કસસ
સૂરતોની યાદી પૃષ્ઠ નંબર
 
કુરઆન મજીદના શબ્દોનું ભાષાંતર - સન્હાલી ભાષામાં અલ્ મુખતસર ફી તફસીરિલ્ કુરઆનીલ્ કરીમ કિતાબનું અનુવાદ - ભાષાંતરોની યાદી

તફસીર લિદ્ દિરાસતીલ્ કુરઆનિયહ કેન્દ્ર દ્વારા પ્રકાશિત.

બંધ કરો