Check out the new design

કુરઆન મજીદના શબ્દોનું ભાષાંતર - સન્હાલી ભાષામાં અલ્ મુખતસર ફી તફસીરિલ્ કુરઆનીલ્ કરીમ કિતાબનું અનુવાદ * - ભાષાંતરોની અનુક્રમણિકા


શબ્દોનું ભાષાંતર આયત: (91) સૂરહ: અલ્ બકરહ
وَاِذَا قِیْلَ لَهُمْ اٰمِنُوْا بِمَاۤ اَنْزَلَ اللّٰهُ قَالُوْا نُؤْمِنُ بِمَاۤ اُنْزِلَ عَلَیْنَا وَیَكْفُرُوْنَ بِمَا وَرَآءَهٗ ۗ— وَهُوَ الْحَقُّ مُصَدِّقًا لِّمَا مَعَهُمْ ؕ— قُلْ فَلِمَ تَقْتُلُوْنَ اَنْۢبِیَآءَ اللّٰهِ مِنْ قَبْلُ اِنْ كُنْتُمْ مُّؤْمِنِیْنَ ۟
එම යුදෙව්වන් හට: ‘අල්ලාහ් තම රසූල්වරයා වෙත පහළ කළ සත්යය හා මාර්ගෝපදේශය විශ්වාස කරනු’ යැයි පැවසූ විට, ඔවුහු: ‘අපගේ නබිවරුන් වෙත පහළ කරනු ලැබූ දෑ පමණක් අපි විශ්වාස කරමු.’ යැයි පැවසූහ. ඔවුන් සමග වූ දෑ -තව්රාතය- හැර එයට සාපේක්ෂව පිහිටි මුහම්මද් තුමාණන් වෙත පහළ කළ සත්යය ඔවුහු ප්රතික්ෂේප කළහ. ඔවුන් වෙත පහළ කරනු ලැබූ දෑ ඔවුන් සැබෑ ලෙසින් විශ්වාස කර ඇත්නම්, ඔවුහු අල් කුර්ආනයද විශ්වාස කරන්නට තිබිණ. අහෝ නබිවරය! ඔවුනට පිළිතුරු වශයෙන්: ‘නබිවරුන් ගෙන ආ දෑ නුඹලා සැබෑ ලෙසින් විශ්වාස කරන්නෙහු නම් මීට පෙර එසේ පැමිණි නබිවරුන් නුඹලා ඝාතනය කළේ මන්දැයි ඔවුන්ගෙන් විමසනු.
અરબી તફસીરો:
આયતોના ફાયદાઓ માંથી:
• اليهود أعظم الناس حسدًا؛ إذ حملهم حسدهم على الكفر بالله وردِّ ما أنزل، بسبب أن الرسول صلى الله عليه وسلم لم يكن منهم.
මිනිසුන් අතර වඩාත් ඊර්ෂ්යාවෙන් පෙළෙන්නෝ යුදෙව්වන් වෙති. ඔවුන්ගේ ඊර්ෂ්යාව අල්ලාහ් ප්රතික්ෂේප කරන තරමට ඉහවහා ගියේය. ඔහු පහළ කළ දෑ ඔවුන් ප්රතික්ෂේප කරන්නට එය ඉඩ සැලසීය. ඊට ප්රධාන හේතුව වූයේ පැමිණි රසූල්වරයා ඔවුන් අතර කෙනෙක් නොවීමය.

• أن الإيمان الحق بالله تعالى يوجب التصديق بكل ما أَنزل من كتب، وبجميع ما أَرسل من رسل.
• සැබෑ ලෙස අල්ලාහ් විශ්වාස කිරීම යනු, අල්ලාහ් තම ග්රන්ථවල පහළ කර ඇති සෑම කරුණක්ම, ඔහු එවූ සෑම දහම් දූතයකුම තහවුරු කිරීමය.

• من أعظم الظلم الإعراض عن الحق والهدى بعد معرفته وقيام الأدلة عليه.
• මහත් අපරාධය වනුයේ සත්යය සහ යහමඟ මැනවින් වටහා ගෙන ඒ සඳහා සාක්ෂි සාධක ඉදිරිපත් කිරීමෙන් පසු එයට පිටුපෑමය.

• من عادة اليهود نقض العهود والمواثيق، وهذا ديدنهم إلى اليوم.
• පොරොන්දු හා ගිවිසුම් කඩ කිරීම යුදෙව්වන්ගේ සිරිතකි. ඔවුන්ගේ එම සිරිත අද දක්වාම පවතී.

 
શબ્દોનું ભાષાંતર આયત: (91) સૂરહ: અલ્ બકરહ
સૂરહ માટે અનુક્રમણિકા પેજ નંબર
 
કુરઆન મજીદના શબ્દોનું ભાષાંતર - સન્હાલી ભાષામાં અલ્ મુખતસર ફી તફસીરિલ્ કુરઆનીલ્ કરીમ કિતાબનું અનુવાદ - ભાષાંતરોની અનુક્રમણિકા

તફસીર લિદ્ દિરાસતીલ્ કુરઆનિયહ કેન્દ્ર દ્વારા પ્રકાશિત.

બંધ કરો