Check out the new design

કુરઆન મજીદના શબ્દોનું ભાષાંતર - સન્હાલી ભાષામાં અલ્ મુખતસર ફી તફસીરિલ્ કુરઆનીલ્ કરીમ કિતાબનું અનુવાદ * - ભાષાંતરોની અનુક્રમણિકા


શબ્દોનું ભાષાંતર આયત: (236) સૂરહ: અલ્ બકરહ
لَا جُنَاحَ عَلَیْكُمْ اِنْ طَلَّقْتُمُ النِّسَآءَ مَا لَمْ تَمَسُّوْهُنَّ اَوْ تَفْرِضُوْا لَهُنَّ فَرِیْضَةً ۖۚ— وَّمَتِّعُوْهُنَّ ۚ— عَلَی الْمُوْسِعِ قَدَرُهٗ وَعَلَی الْمُقْتِرِ قَدَرُهٗ ۚ— مَتَاعًا بِالْمَعْرُوْفِ ۚ— حَقًّا عَلَی الْمُحْسِنِیْنَ ۟
නුඹලා ගිවිස ගත් නුඹලාගේ බිරියන් සමග නුඹලා ලිංගික ව හැසිරීමට පෙර ඔවුනට දිය යුතු නිශ්චිත මහර් (විවාහ ත්යාගය) අනිවාර්යය වීමට පෙර නුඹලා ඔවුන් දික්කසාද කළේ නම් නුඹලාට පවක් නැත. මෙම තත්වයේ නුඹලා ඔවුන් දික්කසාද කළ විට ඔවුන් සඳහා දෙනු ලබන මහර් නුඹලා වෙත අනිවාර්ය නොවන්නේය. නුඹලාට අනිවාර්යය වනුයේ, ඔවුන් භුක්ති විදිනු පිණිස යමක් පිරිනැමීමය. එමෙන්ම පොහොසතා තම හැකියාව පරිදි අධික මුදල් ප්රමාණයක් ද දුප්පතා තම හැකියාව පරිදි සුළු මුදලක් ද යනාකාරයෙන් පිරිනමා කැඩුණු සිත් පුරවා දැමිය යුතුය. මෙම දීමනාව තම ක්රියාවන්හි හා තම ගනුදෙනු වලදී දැහැමි අයුරින් කටයුතු කරන්නන්හට පැවරුණු ස්ථාවර යුතුකමකි.
અરબી તફસીરો:
આયતોના ફાયદાઓ માંથી:
• مشروعية العِدة على من توفي عنها زوجها بأن تمتنع عن الزينة والزواج مدة أربعة أشهر وعشرة أيام.
•මිය යෑමෙන් සැමියා අහිමි වූ කාන්තාව හැඩ අලංකාර කර ගැනීමෙන් හා විවාහයක් සිදු කර ගැනීමෙන් වැළකී ඉද්දා හෙවත් මාස හතරක් හා දින දහයක පොරොත්තු කාලයක් රැඳී සිටීම ආගමානුගත කොට ඇත.

• معرفة المؤمن باطلاع الله عليه تَحْمِلُه على الحذر منه تعالى والوقوف عند حدوده.
•තමන් දෙස අල්ලාහ් නිරීක්ෂණය කරමින් සිටින බව දේව විශ්වාසවන්තයා දැන සිටී. ඔහු(අල්ලාහ්)ගෙන් ප්රවේසම් ව සිටීමටත් ඔහුගේ සීමාවන් තුළ නතර වීමටත් උපකාර වනු ඇත.

• الحث على المعاملة بالمعروف بين الأزواج والأقارب، وأن يكون العفو والمسامحة أساس تعاملهم فيما بينهم.
•බිරියන් හා ඥාතීන් අතර යහපත් අයුරින් කටයුතු කිරීමට දිරි ගැන්වීම. ඔවුන් අතර කටයුතු කිරීමේදී මූලික වශයෙන් සමාව හා එකිනෙකාට ඉඩ දී කටයුතු කිරීම වැනි දෑ පිළිපදින මෙන් උනන්දු කරවීම.

 
શબ્દોનું ભાષાંતર આયત: (236) સૂરહ: અલ્ બકરહ
સૂરહ માટે અનુક્રમણિકા પેજ નંબર
 
કુરઆન મજીદના શબ્દોનું ભાષાંતર - સન્હાલી ભાષામાં અલ્ મુખતસર ફી તફસીરિલ્ કુરઆનીલ્ કરીમ કિતાબનું અનુવાદ - ભાષાંતરોની અનુક્રમણિકા

તફસીર લિદ્ દિરાસતીલ્ કુરઆનિયહ કેન્દ્ર દ્વારા પ્રકાશિત.

બંધ કરો