Check out the new design

કુરઆન મજીદના શબ્દોનું ભાષાંતર - સન્હાલી ભાષામાં અલ્ મુખતસર ફી તફસીરિલ્ કુરઆનીલ્ કરીમ કિતાબનું અનુવાદ * - ભાષાંતરોની અનુક્રમણિકા


શબ્દોનું ભાષાંતર સૂરહ: અલ્ બકરહ   આયત:
لَا یُؤَاخِذُكُمُ اللّٰهُ بِاللَّغْوِ فِیْۤ اَیْمَانِكُمْ وَلٰكِنْ یُّؤَاخِذُكُمْ بِمَا كَسَبَتْ قُلُوْبُكُمْ ؕ— وَاللّٰهُ غَفُوْرٌ حَلِیْمٌ ۟
කිසිදු චේතනාවකින් තොරව ‘ලා වල්ලාහි’ අල්ලාහ් මත දිවුරා පවසමි. එසේ නොව, ‘බලා වල්ලාහි’ අල්ලාහ් මත දිවුරා පවසමි. එසේය යැයි පවසමින් නුඹලාගේ දිවෙන් පිටවන දිවුරීම් හේතුකොට ගෙන අල්ලාහ් නුඹලාගෙන් ප්රශ්න කරන්නේ නැත. ඒ සඳහා නුඹලාට කිසිදු ප්රතිකර්මයක් හෝ දඬුවමක් හෝ නොමැත. නමුත් අල්ලාහ් ප්රශ්න කරනුයේ ගණන් ගනුයේ චේතනාවකින් එසේ දිවුරීම් සිදු කිරීමය. අල්ලාහ් තම ගැත්තන්ගේ පාපයන්ට සමාව දෙන්නාය. ඉතා ඉවසන සුළුය. ඔවුන් වෙත දඬුවම් පමුණුවීමට ඉක්මන් නොවෙයි.
અરબી તફસીરો:
لِلَّذِیْنَ یُؤْلُوْنَ مِنْ نِّسَآىِٕهِمْ تَرَبُّصُ اَرْبَعَةِ اَشْهُرٍ ۚ— فَاِنْ فَآءُوْ فَاِنَّ اللّٰهَ غَفُوْرٌ رَّحِیْمٌ ۟
තම බිරියන් සමග අඹුසැමි ඇසුරෙන් ඉවත් ව සිටින බවට දිවුරා සිටින්නන්හට එසේ දිවුරා සිටි දින සිට මාස හතරකට වැඩි නොවන කාලයක් පොරොත්තුවෙන් සිටිය යුතුයි. එය ඊලා නමින් හැඳින් වේ. මාස හතරක කාලයක් තුළ හෝ ඒ අතරවාරයේ තමන් සංසර්ගයේ නිරත වීම අතහරිමි යනුවෙන් දිවුරා සිටීමෙන් පසු තම බිරියන් සමග සංසර්ගයේ නැවත නිරත වූයේ නම් සැබැවින්ම අල්ලාහ් ඔවුන් අතර සිදු වූ එම පාපය සඳහා සමාව දෙන්නා බවත් එම දිවුරුමෙන් බැහැර වන්නට ඒ සඳහා ප්රතිකර්මයක් ආගමානගත කරමින් ඔවුන් කෙරෙහි කාරුණික බවත් දැන ගත යුතුය.
અરબી તફસીરો:
وَاِنْ عَزَمُوا الطَّلَاقَ فَاِنَّ اللّٰهَ سَمِیْعٌ عَلِیْمٌ ۟
තම බිරියන් සමග අඹු සැමි ඇසුරෙන් ඉවත් ව, නැවත ඒ වෙත යෑමෙන් වැළකී දිගටම හිඳ දික්කසාදය අපේක්ෂා කරන්නේ නම් සැබැවින්ම අල්ලාහ් දික්කසාදය පිළිබඳ ඔවුන් පවසන දෑට සවන් දෙන්නාය. ඔවුන්ගේ චේතනාවන් හා තත්ත්වයන් මැනවින් දන්නාය. ඒ වෙනුවෙන් ඔහු ඔවුන්ට ප්රතිඵල පිරිනමනු ඇත.
અરબી તફસીરો:
وَالْمُطَلَّقٰتُ یَتَرَبَّصْنَ بِاَنْفُسِهِنَّ ثَلٰثَةَ قُرُوْٓءٍ ؕ— وَلَا یَحِلُّ لَهُنَّ اَنْ یَّكْتُمْنَ مَا خَلَقَ اللّٰهُ فِیْۤ اَرْحَامِهِنَّ اِنْ كُنَّ یُؤْمِنَّ بِاللّٰهِ وَالْیَوْمِ الْاٰخِرِ ؕ— وَبُعُوْلَتُهُنَّ اَحَقُّ بِرَدِّهِنَّ فِیْ ذٰلِكَ اِنْ اَرَادُوْۤا اِصْلَاحًا ؕ— وَلَهُنَّ مِثْلُ الَّذِیْ عَلَیْهِنَّ بِالْمَعْرُوْفِ ۪— وَلِلرِّجَالِ عَلَیْهِنَّ دَرَجَةٌ ؕ— وَاللّٰهُ عَزِیْزٌ حَكِیْمٌ ۟۠
දික්කසාද කරනු ලැබූ කාන්තාවන් ඔසප් තත්ත්වයෙන් පිරිසිදුවීම් වාර තුනක් පොරොත්තුවෙන් සිටිය යුතුය. ඒ අතරවාරයේ විවාහයක් සිදු කර නොගත යුතුය. ඔවුන් සැබෑ ලෙසින්ම අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන කාන්තාවන් නම් ඔවුන්ගේ කුස තුළ අල්ලාහ් මවා ඇති කිසිවක් සැඟවීම ඔවුනට සුදුසු නොවන්නේය. නැවත සමගි වීමෙන් ආදරය හා දික්කසාද වීමට හේතු වූ කාරණා ඉවත් වනු ඇත යන අපේක්ෂාවෙන් නියමිත කාලය තුළ ඔවුන් නැවත ගෙන්වා ගැනීමට වඩාත් සුදුස්සෝ දික්කසාද කළ ඔවුන්ගේ සැමියන් වෙති. මිනිසුන් පොදුවේ දැන හඳුනා ඇති පරිදි සැමියා බිරියට ඉටු කළ යුතු යුතුකම් හා වගකීම් ඇති සේම බිරියටත් තම සැමියා වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකම් හා වගකීම් ඇත. පවුල් ජීවිතය පවත්වාගෙන යෑමේදී් සහ දික්කසාදය කිරීමේදී පිරිමියා කාන්තාවනට වඩා තරාතිරමින් උසස්ය. අල්ලාහ් සර්ව බලධාරීය. ඔහු ව අබිබවා යන කිසිවක් නැත. ඔහුගේ පිළිවෙත් හා සැලසුම්හි ඔහු මහා ප්රඥාවන්තය.
અરબી તફસીરો:
اَلطَّلَاقُ مَرَّتٰنِ ۪— فَاِمْسَاكٌ بِمَعْرُوْفٍ اَوْ تَسْرِیْحٌ بِاِحْسَانٍ ؕ— وَلَا یَحِلُّ لَكُمْ اَنْ تَاْخُذُوْا مِمَّاۤ اٰتَیْتُمُوْهُنَّ شَیْـًٔا اِلَّاۤ اَنْ یَّخَافَاۤ اَلَّا یُقِیْمَا حُدُوْدَ اللّٰهِ ؕ— فَاِنْ خِفْتُمْ اَلَّا یُقِیْمَا حُدُوْدَ اللّٰهِ ۙ— فَلَا جُنَاحَ عَلَیْهِمَا فِیْمَا افْتَدَتْ بِهٖ ؕ— تِلْكَ حُدُوْدُ اللّٰهِ فَلَا تَعْتَدُوْهَا ۚ— وَمَنْ یَّتَعَدَّ حُدُوْدَ اللّٰهِ فَاُولٰٓىِٕكَ هُمُ الظّٰلِمُوْنَ ۟
පළමු වර දික්කසාදයෙන් පසු සැමියා තම බිරිය නැවත ගෙන්වා ගැනීමේ අවසරය; දික්කසාද වාර දෙකක් තුළ හිමි වන්නේය. එනම්: වරක් දික්කසාද කොට නැවත ගෙන්වා ගෙන, නැවතත් දික්කසාද කොට නැවත ගෙන්වා ගෙන, එසේ වාර දෙකක් දික්කසාද කොට, යහපත් ජීවිතයක් ගත කිරීම සඳහා සැමියාගේ භාරයේ ඇය රඳවා ගත යුතුය. එසේ නැතහොත් ඇයගේ වගකීම් ඉටු කරමින් ඇයට යහපත සලසමින් තුන්වන වරද දික්කසාද කොට වෙන් විය යුතුය. අහෝ ස්වාමි පුරුෂයිනිි! නුඹලාගේ බිරියන් සඳහා නුඹලා පිරිනැමූ මහරයෙන් කිසිවක් ගැනීම නුඹලාට අනුමත නැත. නමුත් සැමියාගේ චරිතය හෝ හැඩරුව හේතුවෙන් ඔහු ව පිළිකුල් කරන කාන්තාවක් වී නම් මිස. මෙම පිළිකුල හේතුවෙන් තම තමන්ට පැවරුණු මෙම වගකීම ඉටු කිරීමට නොහැකි වනු අතැයි සිතන්නේ නම් ඔවුන් දෙදෙනාගේ කටයුතු ඔවුන් දෙදෙනාට සමීප ඥාතියකු වෙත හෝ වෙනත් අය වෙත හෝ භාර කළ යුතුය. එම භාරකරුවන් අඹුසැමි වගකීම් ඔවුන් දෙදෙනා අතර ඉටු නොවනු ඇතැයි බිය වන්නේ නම්, ඇයගේ වෙන් වීමට සරිලන පරිදි සැමියා වෙත යම් වන්දි මුදලක් පිරිනමා බිරිය ඔහුගෙන් ඉවත් කිරිම ඔවුන් දෙදෙනා කෙරෙහි වරදක් නැත. මෙම ආගමික නීති රීති හලාල් හෙවත් අනුමත හා හරාම් හෙවත් තහනම් කරුණු අතර වෙන්කර දක්වන්නකි. එබැවින් ඒ්වායෙහි සීමාවන් ඉක්මවා නොයා යුතුය. හලාල් හා හරාම් අතර අල්ලාහ් පනවා ඇති සීමාවන් ඉක්මවා යන්නේ කවරෙකු ද එවිට ඔවුහුමය තමන් විසින්ම විනාශය ළඟා කර ගත් අපරාධකාරයා වන්නේ. අල්ලාහ්ගේ කෝපයට හා ඔහුගේ දඬුවමට එය හේතුවක් වනු ඇත.
અરબી તફસીરો:
فَاِنْ طَلَّقَهَا فَلَا تَحِلُّ لَهٗ مِنْ بَعْدُ حَتّٰی تَنْكِحَ زَوْجًا غَیْرَهٗ ؕ— فَاِنْ طَلَّقَهَا فَلَا جُنَاحَ عَلَیْهِمَاۤ اَنْ یَّتَرَاجَعَاۤ اِنْ ظَنَّاۤ اَنْ یُّقِیْمَا حُدُوْدَ اللّٰهِ ؕ— وَتِلْكَ حُدُوْدُ اللّٰهِ یُبَیِّنُهَا لِقَوْمٍ یَّعْلَمُوْنَ ۟
ස්වාමි පුරුෂයා වාර තුනක් දික්කසාදය පල කර ඇත්නම්, එසේ දික්කසාද කළ එම කාන්තාව තමන් මත අනුමත කර ගැනීමේ චේතනාවෙන් තොර ව වෙනත් පිරිමියෙකු නිත්යනුකූල ව විවාහ වී, ඔහු සමග පවුල් ජීවිතය ගත කොට, පසු ව දෙවන සැමියා ඇය ව දික්කසාද කරන තෙක් හෝ මිය යන තෙක් නව ගිවිසුමකින් විවාහ වීමට ඔහුට (පළමුු සැැමයාට) අනුමැති නොලැබෙනු ඇත. එවිට ආගමික නීති පනවා ඇති පරිදි තමන්ට ක්රියා කළ හැකි යැයි ඔවුන් දෙදෙනා සිතන්නේ නම් එම කාන්තාව හා පළමු සැමියා නව ගිවිසුමක් හා විවාහ දීමනාවක් ලබා දී නැවත විවාහ ජීවිතයට ඇතුළු වීමෙහි වරදක් නැත. මෙම ආගමික නීති හා අල්ලාහ්ගේ සීමාවන් ජනයා දැන ගනු පිණිස අල්ලාහ් මෙම ෂරීආ නීති පැහැදිලි කරන්නේය. එමගින් ඔවුන් ප්රයෝජනය ලබනු ඇත.
અરબી તફસીરો:
આયતોના ફાયદાઓ માંથી:
• بيَّن الله تعالى أحكام النكاح والطلاق بيانًا شاملًا حتى يعرف الناس حدود الحلال والحرام فلا يتجاوزونها.
•ජනයා හලාල් හෙවත් අනුමත හා හරාම් හෙවත් තහනම් සීමාවන් වටහා ගෙන ඉන් ඔබ්බට නොයන තරමට අල්ලාහ් විවාහයේ හා දික්කසාදයේ නීති රීති ඉතා පැහැදිලි ව පූර්ණ ලෙස පහදා දී ඇත.

• عظَّم الله شأن النكاح وحرم التلاعب فيه بالألفاظ فجعلها ملزمة، وألغى التلاعب بكثرة الطلاق والرجعة فجعل لها حدًّا بطلقتين رجعيتين ثم تحرم عليه إلا أن تنكح زوجا غيره ثم يطلقها، أو يموت عنها.
•විවාහ කටයුත්ත අල්ලාහ් ගරු කොට ඇත. ඒ සම්බන්ධ ව හාස්යයට ලක් කරන ප්රකාශ තහනම් කොට ඇත. අධික වශයෙන් තලාක් කිරීම ඉන්පසු නැවත ගෙන්වා ගැනීම යනාකාරයෙන් එය විහිළුවට කිරීමද තහනම් කර ඇත. ඒ්වාට සීමාවන් පනවා ඇත. එනම් තලාක් කොට නැවත ගෙන්වා ගැනීමට අවස්ථා දෙකක් ලබා දී අවසාන තලාක් වාරයත් සමග ඇය ඔහුට තහනම් වනු ඇත. නැවත ඇය අනුමත වනුයේ ඇය නිත්යනුකූලව තවත් විවාහයක් සිදු කර ගෙන ඔහු සමග පවුල් ජීවිතය ගත කොට ඔහු ඇය ව දික්කසාද කළ පසු නව විවාහ ගිවිසුමක් මගිනි.

• المعاشرة الزوجية تكون بالمعروف، فإن تعذر ذلك فلا بأس من الطلاق، ولا حرج على أحد الزوجين أن يطلبه.
•පවුල් ජීවිතය යහපත් විය යුතුය. එය හිරිහැරයක් නම් තලාක් සිදු කිරීමේ වරදක් නැත. අඹු සැමියන් අතර කවරෙකු හෝ එය ඉල්ලා සිටියද ඔහුට හෝ ඇයට වරදක් නැත.

 
શબ્દોનું ભાષાંતર સૂરહ: અલ્ બકરહ
સૂરહ માટે અનુક્રમણિકા પેજ નંબર
 
કુરઆન મજીદના શબ્દોનું ભાષાંતર - સન્હાલી ભાષામાં અલ્ મુખતસર ફી તફસીરિલ્ કુરઆનીલ્ કરીમ કિતાબનું અનુવાદ - ભાષાંતરોની અનુક્રમણિકા

તફસીર લિદ્ દિરાસતીલ્ કુરઆનિયહ કેન્દ્ર દ્વારા પ્રકાશિત.

બંધ કરો