Check out the new design

કુરઆન મજીદના શબ્દોનું ભાષાંતર - સન્હાલી ભાષામાં અલ્ મુખતસર ફી તફસીરિલ્ કુરઆનીલ્ કરીમ કિતાબનું અનુવાદ * - ભાષાંતરોની અનુક્રમણિકા


શબ્દોનું ભાષાંતર આયત: (27) સૂરહ: યૂનુસ
وَالَّذِیْنَ كَسَبُوا السَّیِّاٰتِ جَزَآءُ سَیِّئَةٍ بِمِثْلِهَا ۙ— وَتَرْهَقُهُمْ ذِلَّةٌ ؕ— مَا لَهُمْ مِّنَ اللّٰهِ مِنْ عَاصِمٍ ۚ— كَاَنَّمَاۤ اُغْشِیَتْ وُجُوْهُهُمْ قِطَعًا مِّنَ الَّیْلِ مُظْلِمًا ؕ— اُولٰٓىِٕكَ اَصْحٰبُ النَّارِ ۚ— هُمْ فِیْهَا خٰلِدُوْنَ ۟
දේව ප්රතික්ෂේපය, පාපකම් වැනි නපුරු ක්රියාවන් සිදු කළවුන් වනාහි, ඔවුන් සිදු කළ නපුරුකමට ඒ හා සමාන අල්ලාහ්ගේ දඬුවමින් ප්රතිවිපාක මතුලොවෙහි හිමි වනු ඇත. අවමානය හා අපහාසය ඔවුන්ගේ මුහුණු වෙළා ගෙන තිබේ. අල්ලාහ්ගේ දඬුවම ඔවුනට පහළ වූ විට ඉන් ඔවුන් වළක්වාලන කිසිවකු ඔවුනට නොසිටිනු ඇත. ඔවුන්ගේ මුහුණු නිරා ගින්නේ දුමාරයෙන් හා කළු පැහැයෙන් අධික ලෙස වෙළා ඇති බැවින් කළු පැහැයක් ඇඳගත්තාක් මෙන් එම මුහුණු පවතී. මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූ මොවූහු නිරා ගින්නේ වැසියෝ වෙති. ඔවුහු එහි සදා වෙසෙනේනෝ වෙති.
અરબી તફસીરો:
આયતોના ફાયદાઓ માંથી:
• أعظم نعيم يُرَغَّب به المؤمن هو النظر إلى وجه الله تعالى.
•මහඟු ආශිර්වාදයක් ලෙස දේව විශ්වාසී මුඃමින්වරයා දිරි ගන්වන ආශිර්වාදය වනුයේ උත්තරීතර අල්ලාහ්ගේ මුහුණ බැලීමට ලැබීමය.

• بيان قدرة الله، وأنه على كل شيء قدير.
•අල්ලාහ්ගේ ශක්තිය හා සැබැවින්ම ඔහු සියලු දෑහි සර්ව බලධාරීයා වේ යන වග පැහැදිලි කිරීම.

• التوحيد في الربوبية والإشراك في الإلهية باطل، فلا بد من توحيدهما معًا.
•දේව පරිපාලනත්වයේ ඒකීභාවය පිළිගෙන දේවත්වයෙහි ඔහුට ආදේශ තැබීම අයුතු මෙන්ම නිෂ්ඵල ක්රියාවකි. එහෙයින් ඒ දෙකෙහිම ඒකීයත්වය පිළිගැනීම අවශ්ය වන්නේය.

• إذا قضى الله بعدم إيمان قوم بسبب معاصيهم فإنهم لا يؤمنون.
•සමූහයක් කරන පාපකම් හේතුවෙන් ඔවුන් දෙවියන් විශ්වාස නොකරන පිරිසක් බව අල්ලාහ්ගේ නියමය පිහිටන විට සැබැවින්ම ඔවුන් දෙවියන් විශ්වාස කරන්නේ නැත.

 
શબ્દોનું ભાષાંતર આયત: (27) સૂરહ: યૂનુસ
સૂરહ માટે અનુક્રમણિકા પેજ નંબર
 
કુરઆન મજીદના શબ્દોનું ભાષાંતર - સન્હાલી ભાષામાં અલ્ મુખતસર ફી તફસીરિલ્ કુરઆનીલ્ કરીમ કિતાબનું અનુવાદ - ભાષાંતરોની અનુક્રમણિકા

તફસીર લિદ્ દિરાસતીલ્ કુરઆનિયહ કેન્દ્ર દ્વારા પ્રકાશિત.

બંધ કરો