Check out the new design

Firo maanaaji Alqur'aana Teddunde nden - Eggo e haala Sinhaliiwo wonande deftere Firo Alkur'aana raɓɓinaango. * - Loowdi firooji ɗi


Firo maanaaji Simoore.: Simoore laamu (al-mulku)   Aaya.:
فَلَمَّا رَاَوْهُ زُلْفَةً سِیْٓـَٔتْ وُجُوْهُ الَّذِیْنَ كَفَرُوْا وَقِیْلَ هٰذَا الَّذِیْ كُنْتُمْ بِهٖ تَدَّعُوْنَ ۟
එම ප්රතිඥාව සිදු වී දඬුවම ඔවුනට සමීප බව ඔවුන් දෑසින් දකින කල්හි එනම් එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයෙහිය. අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන්ගේ මුහුණු වෙනස් වී කළු පැහැ ගැන්වෙනු ඇත. ඔවුනට, ‘මෙය මෙලොවෙහි නුඹලා ඉල්ලා සිටි, එමෙන්ම ඉක්මන් කරන්නැයි පැතූ දෑ වේ’යැයි පවසනු ලැබේ.
Tafsiraaɗe Aarabu ɗen:
قُلْ اَرَءَیْتُمْ اِنْ اَهْلَكَنِیَ اللّٰهُ وَمَنْ مَّعِیَ اَوْ رَحِمَنَا ۙ— فَمَنْ یُّجِیْرُ الْكٰفِرِیْنَ مِنْ عَذَابٍ اَلِیْمٍ ۟
අහෝ දූතය! අල්ලාහ්ට ආදේශ තබන මෙම බොරු කාරයින්ට අවවාද කරමින් ‘අල්ලාහ් මා මරණයට පත් කොට මා සමග සිටින දෙවියන් විශ්වාස කරන්නන් ද මරණයට පත් කළේ නම් හෝ ඔහු අපට කරුණාව දක්වා අපගේ ආයු කාලය ප්රමාද කළේ නම් හෝ වේදනා සහගත දඬුවමින් දෙවියන් ප්රතික්ෂේප කරන්නන් මුදවා ගනුයේ කවුරුන් දැ?'යි විමසනු. ඔවුන්ගෙන් කිසිවකු එයින් ඔවුන් මුදවා ගන්නේ නැත.
Tafsiraaɗe Aarabu ɗen:
قُلْ هُوَ الرَّحْمٰنُ اٰمَنَّا بِهٖ وَعَلَیْهِ تَوَكَّلْنَا ۚ— فَسَتَعْلَمُوْنَ مَنْ هُوَ فِیْ ضَلٰلٍ مُّبِیْنٍ ۟
අහෝ ධර්ම දූතය! අල්ලාහ්ට ආදේශ තබන මොවුන්හට තවදුරටත් මෙසේ පවසනු. ‘ඔහුට පමණක් ගැතිකම් කරන ලෙසත් ඔහු ගැන පමණක් විශ්වාසය තබන ලෙසත් අපගේ කටයුතු වලදී ඔහු මත පමණක් රැඳී සිටින ලෙසත් නුඹලාව ඇරයුම් කරනුයේ මහා කාරුණිකයාණන්ය. එහෙයින් පැහැදිලි මුළාවෙහි සිටින්නේ කවුරුන්දැයි ද ඍජු මාර්ගයේ සිටින්නේ කවුරුන්දැයි ද කිසිදු සැකයකින් තොරව නුඹලා මතු දැනගනු ඇත.'
Tafsiraaɗe Aarabu ɗen:
قُلْ اَرَءَیْتُمْ اِنْ اَصْبَحَ مَآؤُكُمْ غَوْرًا فَمَنْ یَّاْتِیْكُمْ بِمَآءٍ مَّعِیْنٍ ۟۠
අහෝ දූතය, අල්ලාහ්ට ආදේශ තබන මොවුන්ගෙන් විමසනු. නුඹලා පානය කරන නුඹලාගේ ජලය නුඹලා විසින් ලබා ගත නොහැකි අන්තයකට මහපොළොව තුළට කිදා බැස්සේ නම්, අධික ලෙස ගලා යන ජලය නුඹලා වෙත ගෙන එන්නේ කවුරුන්දැයි මා වෙත දන්වනු. අල්ලාහ් හැර වෙනත් කිසිවකු නැත.
Tafsiraaɗe Aarabu ɗen:
Hino jeyaa e nafooje Aayeeje on ka hello ɗoo.:
• اتصاف الرسول صلى الله عليه وسلم بأخلاق القرآن.
•දූතයාණන් අල් කුර්ආනයේ ගතිගුණවලින් සපිරුණු අයකු බව විස්තර කිරීම.

• صفات الكفار صفات ذميمة يجب على المؤمن الابتعاد عنها، وعن طاعة أهلها.
•දේව ප්රතික්ෂේපකයින්ගේ ගුණාංග, ඉතා පහත් නින්දනීය ගුණාංග වේ. එහෙයින් දේව විශ්වාසීන් එයින් දුරස්ව වීම හා ඊට අදාළ පුද්ගලයින්ට අවනත වීමෙන් දුරස්වීම අනිවාර්යය වේ.

• من أكثر الحلف هان على الرحمن، ونزلت مرتبته عند الناس.
•අධික ලෙස දිවුරා සිටින්නා රහ්මාන් වන මහා කාරුණිකයාණන්හට අපහාස කළේය. ජනයා ඉදිරියේ ඔහුගේ නිලය විස්තර කරමින් කරුණු පහළ වී ඇත.

 
Firo maanaaji Simoore.: Simoore laamu (al-mulku)
Loowdi cimooje ɗe Tonngoode hello ngon
 
Firo maanaaji Alqur'aana Teddunde nden - Eggo e haala Sinhaliiwo wonande deftere Firo Alkur'aana raɓɓinaango. - Loowdi firooji ɗi

iwde e galle Firo jaŋdeeji Alkur'aana.

Uddu