Check out the new design

Firo maanaaji Alqur'aana Teddunde nden - Eggo e haala Sinhaliiwo wonande deftere Firo Alkur'aana raɓɓinaango. * - Loowdi firooji ɗi


Firo maanaaji Simoore.: Simoore Al-jumaa   Aaya.:

අල් ජුමුආ

Hino jeyaa e paandale simoore nden:
الامتنان على الأمة وتفضيلها برسولها، وبيان فضل يوم الجمعة.
මෙම සමූහයාට පිරිනැමුනු අශිර්වාද, ඔවුන්ගේ දූතයාණන් විසින් ඔවුන් මහිමයට පත් කිරීම හා ජුමුආ දිනයේ මහිමය ගැන පැහැදිලි කිරීම.

یُسَبِّحُ لِلّٰهِ مَا فِی السَّمٰوٰتِ وَمَا فِی الْاَرْضِ الْمَلِكِ الْقُدُّوْسِ الْعَزِیْزِ الْحَكِیْمِ ۟
අහස්හි ඇති සියලු මැවීම් හා මහපොළොවේ ඇති සියලු මැවීම් අල්ලාහ්ට අදාළ නොවන සියලු ඍණාත්මක ගුණාංගවලින් ඔහුව පිවිතුරු කරති. සුවිශුද්ධ කරති. ඔහු ආධිපත්යයෙන් ඒකීය රජුය. සියලු අඩපාඩුවලින් පිරිසිදු කරනු ලබන්නෙකි. ඔහු කිසිවකු විසින් අබිබවා යා නොහැකි සර්වබලධාරීය. ඔහුගේ මැවීමෙහි ආගමානුගත කිරීමෙහි හා නියම කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය.
Tafsiraaɗe Aarabu ɗen:
هُوَ الَّذِیْ بَعَثَ فِی الْاُمِّیّٖنَ رَسُوْلًا مِّنْهُمْ یَتْلُوْا عَلَیْهِمْ اٰیٰتِهٖ وَیُزَكِّیْهِمْ وَیُعَلِّمُهُمُ الْكِتٰبَ وَالْحِكْمَةَ ۗ— وَاِنْ كَانُوْا مِنْ قَبْلُ لَفِیْ ضَلٰلٍ مُّبِیْنٍ ۟ۙ
කියවීමට හෝ ලිවීමට හෝ නොහැකි අරාබි සමාජය අතරට ඔවුන්ගේම වර්ගයාගෙන් වූ දූතයකු අල්ලාහ් එවීය. එම දුතයා ඔහු වෙත පහළ කරන ලද දේව වදන් ඔවුනට පාරායනය කර පෙන්වයි. දේව ප්රතික්ෂේපයෙන් හා දුෂ්චරිතවලින් ඔහු ඔවුන් පිවිතුරු කරයි. ඔවුනට ඔහු අල් කුර්ආනය උගන්වයි. තවද නබි චරිතය ද උගන්වයි. ඔවුන් වෙත එතුමාව එවීමට පෙර ඔවුන් පැහැදිලි සත්යයෙන් ඉවත්ව, පිළිම වන්දනාමාන කරමින්, ලේ හළා ගනිමින් හා ඥාතී සම්බන්ධකම් බිඳ දමමින් ඔවුහු මුළාවෙහි පසුවූහ.
Tafsiraaɗe Aarabu ɗen:
وَّاٰخَرِیْنَ مِنْهُمْ لَمَّا یَلْحَقُوْا بِهِمْ ؕ— وَهُوَ الْعَزِیْزُ الْحَكِیْمُ ۟
අරාබි නොවන වෙනත් සමූහයන් වෙත ද මෙතෙක් නොපැමිණි හා පැමිණෙන්නට නියමිත සමූහයන් වෙත ද අල්ලාහ් එම දූතයාව එවීය. ඔහු කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරියාණන්ය. ඔහුගේ මැවීමෙහි ආගමානුගත කිරීමෙහි හා නියම කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය.
Tafsiraaɗe Aarabu ɗen:
ذٰلِكَ فَضْلُ اللّٰهِ یُؤْتِیْهِ مَنْ یَّشَآءُ ؕ— وَاللّٰهُ ذُو الْفَضْلِ الْعَظِیْمِ ۟
ඉහත සඳහන් කරන ලද කරුණ -දූතයාණන්ව අරාබි හා අරාබි නොවන සමූහයන් වෙත එවා තිබීම- අල්ලාහ්ගේ භාග්යයකි. ඔහු අභිමත කරන අයට එය පිරිනමයි. අල්ලාහ් අතිමහත් උපකාරශීලීය. මෙම සමූහයේ දූතයාණන්ව පොදුවේ සියලු මිනිසුන් හට එවා තිබීම ඔහුගේ අතිමහත් උපකාරශීලී භාවයෙන් එකකි.
Tafsiraaɗe Aarabu ɗen:
مَثَلُ الَّذِیْنَ حُمِّلُوا التَّوْرٰىةَ ثُمَّ لَمْ یَحْمِلُوْهَا كَمَثَلِ الْحِمَارِ یَحْمِلُ اَسْفَارًا ؕ— بِئْسَ مَثَلُ الْقَوْمِ الَّذِیْنَ كَذَّبُوْا بِاٰیٰتِ اللّٰهِ ؕ— وَاللّٰهُ لَا یَهْدِی الْقَوْمَ الظّٰلِمِیْنَ ۟
තව්රාතයේ ඇති දෑ ක්රියාත්මක කරන මෙන් පවරනු ලැබ, පසුව ඔවුනට පවරනු ලැබූ දෑ අත්හළ යුදෙව්වන්ට උපමාව විශාල පොත් ප්රමාණයක් උසුලාගෙන සිටින, තමන් උසුලාගෙන සිටින දෑ පොත් ද නැතහොත් වෙනත් දෙයක් දැයි නොදන්නා බූරුවකුට සමානය. අල්ලාහ්ගේ වදන් බොරුකළවුනට දක්වා ඇති උදාහරණය ඉතා අප්රසන්නය. අපරාධකාරී ජනයාට සත්යය ලබන්නට අල්ලාහ් ආශිර්වාද කරන්නේ නැත.
Tafsiraaɗe Aarabu ɗen:
قُلْ یٰۤاَیُّهَا الَّذِیْنَ هَادُوْۤا اِنْ زَعَمْتُمْ اَنَّكُمْ اَوْلِیَآءُ لِلّٰهِ مِنْ دُوْنِ النَّاسِ فَتَمَنَّوُا الْمَوْتَ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟
‘යුදෙව්වාදය ඔවුන් විසින් විකෘති කිරීමෙන් පසුව, ඒ මත රැඳී සිටින්නනි! සැබැවින්ම නුඹලා සෙසු ජනයා හැර විශේෂ හිතවත්කමකින් විශේෂ කොට ඇති අල්ලාහ්ගේ හිතමිතුරන් බව නුඹලා සිතන්නෙහු නම්, සෙසු ජනයා නොව අල්ලාහ්ගේ හිතමිතුරන් නුඹලා බව නුඹලා කරන වාදයෙහි නුඹලා සත්යවාදීන් නම්, එයට ගරු කිරීමක් වශයෙන් නුඹලා සිතන පරිදි එම සුවිශේෂීභාවය ඉක්මනින් ලබන්නට නුඹලා මරණයට ආශා කරනු’ යැයි අහෝ දූතය! නුඹ ඔවුනට පවසනු.
Tafsiraaɗe Aarabu ɗen:
وَلَا یَتَمَنَّوْنَهٗۤ اَبَدًا بِمَا قَدَّمَتْ اَیْدِیْهِمْ ؕ— وَاللّٰهُ عَلِیْمٌۢ بِالظّٰلِمِیْنَ ۟
ඔවුන් සිදුකළ දේව ප්රතික්ෂේපය, පාපකම්, අපරාධ, තව්රාතය විකෘති කිරීම හා එය වෙනස් කිරීම යනාදී කරුණු හේතුවෙන් ඔවුන් කිසිවිටෙක මරණයට ආශා නොකරන නමුත්, මෙලොවෙහි සදාකල් වෙසෙන්නට ආශා කරති. අල්ලාහ් අපරාධකරුවන් පිළිබඳ මැනවින් දන්නාය. ඔවුන්ගේ ක්රියාවන් කිසිවක් ඔහුට සැඟවී යන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.
Tafsiraaɗe Aarabu ɗen:
قُلْ اِنَّ الْمَوْتَ الَّذِیْ تَفِرُّوْنَ مِنْهُ فَاِنَّهٗ مُلٰقِیْكُمْ ثُمَّ تُرَدُّوْنَ اِلٰی عٰلِمِ الْغَیْبِ وَالشَّهَادَةِ فَیُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ تَعْمَلُوْنَ ۟۠
අහෝ දූතය! එම යුදෙව්වන්හට, ‘සැබැවින්ම නුඹලා පළා යන මරණය, එය ඉක්මණින් හෝ ප්රමාද වී හෝ කිසිදු සැකයින් තොර ව නුඹලා මුණ ගැසෙන්නේමය. පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැඟවුණු දෑ හා පෙනෙන දෑ පිළිබඳ සියල්ල මැනවින් දන්නා අල්ලාහ් වෙත නුඹලා යොමු කරනු ලබන්නෙහුය. ඒ කිසිවක් ඔහුට සැඟවී යන්නේ නැත. එවිට නුඹලා මෙලොවෙහි සිදු කරමින් ආ දෑ පිළිබඳ තොරතුරු ඔහු නුඹලාට දන්වනු ඇත. ඒ සඳහා ප්රතිඵල පිරිනමනු ඇත.
Tafsiraaɗe Aarabu ɗen:
Hino jeyaa e nafooje Aayeeje on ka hello ɗoo.:
• عظم منة النبي صلى الله عليه وسلم على البشرية عامة وعلى العرب خصوصًا، حيث كانوا في جاهلية وضياع.
•පොදුවේ සියලු මිනිස් සමූහයන්ට හා විශේෂයෙන් අරාබි සමාජයට, ඔවුන් මුළාවෙහි හා අඥානකමෙහි සිටියදී ඔවුනට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව දායාද කිරීමේ මහිමය.

• الهداية فضل من الله وحده، تطلب منه وتستجلب بطاعته.
•යහමග අල්ලාහ්ගෙන් පමණක් වූ භාග්යයකි. එය ඔහුගෙන් පතනු ලබන්නක් මෙන්ම ඔහුට අවනත වීමට සලස්වන්නකි.

• تكذيب دعوى اليهود أنهم أولياء الله؛ بتحدّيهم أن يتمنوا الموت إن كانوا صادقين في دعواهم لأن الولي يشتاق لحبيبه.
•සැබැවින්ම තමන් අල්ලාහ්ගේ හිතමිතුරන් බව යුදෙව්වන් කරන වාදයට ප්රතිවාදී ලෙසින් ඔවුන්ගේ වාදයේ ඔවුන් සත්යවාදීන් ලෙස සිටියෙහු නම් සැබැවින්ම භාරකරු තමන් ප්රිය කරන තැනැත්තාට ආදරය කරන බැවින් ඔවුන් මරණයට ආශා කළ යුතු යැයි වාද කරමින් ඔවුන්ගේ එම වාදය බොරු කිරීම.

 
Firo maanaaji Simoore.: Simoore Al-jumaa
Loowdi cimooje ɗe Tonngoode hello ngon
 
Firo maanaaji Alqur'aana Teddunde nden - Eggo e haala Sinhaliiwo wonande deftere Firo Alkur'aana raɓɓinaango. - Loowdi firooji ɗi

iwde e galle Firo jaŋdeeji Alkur'aana.

Uddu