Check out the new design

Firo maanaaji Alqur'aana Teddunde nden - Eggo e haala Sinhaliiwo wonande deftere Firo Alkur'aana raɓɓinaango. * - Loowdi firooji ɗi


Firo maanaaji Simoore.: Simoore Al-saariyaat   Aaya.:

අස්සාරියාත්

Hino jeyaa e paandale simoore nden:
تعريف الجن والإنس بأن مصدر رزقهم من الله وحده؛ ليخلصوا له العبادة.
ජින් වර්ගයා හා මිනිස් වර්ගයා අල්ලාහ්ට පමණක් අවංකව නැමදුම් පුද කිරීමට හැකි වනු පිණිස සැබැවින්ම ඔවුන්ගේ පෝෂණයේ කේන්ද්රය අල්ලාහ් විසින් පමණක් සිදු වන්නක් බව ඔවුනට දන්වා සිටීම.

وَالذّٰرِیٰتِ ذَرْوًا ۟ۙ
දූවිලි නංවාලමින් හමන සුළඟ මත අල්ලාහ් දිවුරා සිටියි.
Tafsiraaɗe Aarabu ɗen:
فَالْحٰمِلٰتِ وِقْرًا ۟ۙ
මහා වැසි ජලය උසුලා යන වළාකුළු මත ද දිවුරයි.
Tafsiraaɗe Aarabu ɗen:
فَالْجٰرِیٰتِ یُسْرًا ۟ۙ
සැහැල්ලුවෙන් හා පහසුවෙන් සාගරයේ යාත්රා කරන නැව් මත ද දිවුරයි.
Tafsiraaɗe Aarabu ɗen:
فَالْمُقَسِّمٰتِ اَمْرًا ۟ۙ
ගැත්තන්ගේ කටයුතු බෙදා හරින මෙන් අල්ලාහ් ඔවුනට නියෝග කළ දෑ බෙදා හරින මලක්වරුන් මත ද දිවුරයි.
Tafsiraaɗe Aarabu ɗen:
اِنَّمَا تُوْعَدُوْنَ لَصَادِقٌ ۟ۙ
සැබැවින්ම නුඹලාගේ පරමාධිපති නුඹලාට ප්රතිඥා දී ඇති විනිශ්චය හා ප්රතිඵල සත්යයකි. එහි කිසිදු සැකයක් නැත.
Tafsiraaɗe Aarabu ɗen:
وَّاِنَّ الدِّیْنَ لَوَاقِعٌ ۟ؕ
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම ගැත්තන්ගෙන් විනිශ්චය කිරීම සිදු වන්නක්මය. එහි සැකයක් නැත.
Tafsiraaɗe Aarabu ɗen:
Hino jeyaa e nafooje Aayeeje on ka hello ɗoo.:
• الاعتبار بوقائع التاريخ من شأن ذوي القلوب الواعية.
•ඉතිහාසයේ සිදු වූ සිදුවීම් තුළින් පාඩම් ලැබීම සවිඥානී හදවත් ඇත්තන්ගේ කටයුත්තකි.

• خلق الله الكون في ستة أيام لِحِكَم يعلمها الله، لعل منها بيان سُنَّة التدرج.
•අල්ලාහ්ගේ දැනුමෙහි පවතින ප්රඥාවක් හේතුවෙන් දින හයක දී ඔහු මුළු විශ්වයම මැව්වේය. ඇතැම් විට අදියරයෙන් අදියර ක්රියාත්මක වීමේ ක්රියාවලිය පිළිබඳ පැහැදිළි කිරීම සඳහා විය හැකිය.

• سوء أدب اليهود في وصفهم الله تعالى بالتعب بعد خلقه السماوات والأرض، وهذا كفر بالله.
•අහස් හා මහපොළොව මැවීමෙන් පසු අල්ලාහ් වෙහෙසට පත්ව ඇතැයි යුදෙව්වන් ඔහු ගැන විස්තර කිරීමේ නපුරු පුරුද්ද. අල්ලාහ්ව ප්රතික්ෂේප කිරීම ද එලෙසමය.

وَالسَّمَآءِ ذَاتِ الْحُبُكِ ۟ۙ
මාර්ග සහිත ව මවා ඇති අලංකාර අහස් මත අල්ලාහ් දිවුරා සිටියි.
Tafsiraaɗe Aarabu ɗen:
اِنَّكُمْ لَفِیْ قَوْلٍ مُّخْتَلِفٍ ۟ۙ
අහෝ මක්කා වැසියනි! සැබැවින්ම නුඹලා එකිනෙකට ප්රතිවුරුද්ධ හා පටහැනි ප්රකාශ අතර සිටින්නෙහුය. විටෙක නුඹලා, අල් කුර්ආනය හූනියමක් බවත්, විටෙක එය කවියක් බවත් පවසන්නෙහුය. එමෙන්ම, විටෙක මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා හූනියම් කරුවකු බවත් විටෙක කවියෙකු බවත් පවසන්නෙහුය.
Tafsiraaɗe Aarabu ɗen:
یُّؤْفَكُ عَنْهُ مَنْ اُفِكَ ۟ؕ
අල්ලාහ්ගේ දැනුමෙහි කවරෙකු වෙනතකට යොමු කරනු ලැබිය යුතු යැයි ඇතුළත් වන්නේ ද එවැන්නන් අල් කුර්ආනය හා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විශ්වාස කිරීමෙන් හරවනු ලබනු ඇත. එය සැබැවින්ම ඔහු විශ්වාස නොකරන බව අල්ලාහ් මැනවින් දන්නා බැවිණි. එහෙයින් යහමග වෙත ඔහු ඔහුට ආශිර්වාද නො කරයි.
Tafsiraaɗe Aarabu ɗen:
قُتِلَ الْخَرّٰصُوْنَ ۟ۙ
අල් කුර්ආනය හා ඔවුන්ගේ නබිවරයාණන් ගැන ඔවුන් නොපැවසිය යුතු දෑ පවසා සිටින මෙම බොරුකාරයින්ට ශාපය වේවා.!
Tafsiraaɗe Aarabu ɗen:
الَّذِیْنَ هُمْ فِیْ غَمْرَةٍ سَاهُوْنَ ۟ۙ
ඔවුහු මතු ලොව නිවහන පිළිබඳ අනවධානයෙන් පෙළෙන ඒ ගැන තැකීමක් නැති අඥනයේ පසුවන්නන් වෙති.
Tafsiraaɗe Aarabu ɗen:
یَسْـَٔلُوْنَ اَیَّانَ یَوْمُ الدِّیْنِ ۟ؕ
"ප්රතිඵල පිරිනමන විනිශ්චය දිනය කවදා දැ?"යි ඔවුහු විමසති. ඒ ගැන අවබෝධයක් ඔවුනට නැත.
Tafsiraaɗe Aarabu ɗen:
یَوْمَ هُمْ عَلَی النَّارِ یُفْتَنُوْنَ ۟
ඔවුන්ගේ පැනයට අල්ලාහ් පිළිතුරු දෙමින්, "එදින ඔවුන් නිරා ගින්නෙහි වේදනාකාරී දඬුවමට ලක් වෙති" යැයි පැවසීය.
Tafsiraaɗe Aarabu ɗen:
ذُوْقُوْا فِتْنَتَكُمْ ؕ— هٰذَا الَّذِیْ كُنْتُمْ بِهٖ تَسْتَعْجِلُوْنَ ۟
"නුඹලා නුඹලාගේ දඬුවම විඳිනු. මේ ගැන නුඹලා අවවාද කරනු ලැබූ අවස්ථාවෙහි එය සරදමට ගනිමින් එය ඉක්මන් කරනු යැයි නුඹලා විමසා සිටි දඬුවම මෙය වේ" යැයි ඔවුනට පැවසනු ලැබේ.
Tafsiraaɗe Aarabu ɗen:
اِنَّ الْمُتَّقِیْنَ فِیْ جَنّٰتٍ وَّعُیُوْنٍ ۟ۙ
සැබැවින්ම අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් තම පරමාධිපතිට බියෙන් කටයුතු කළ බැතිමතුන් වනාහි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුහු උයන්වතු හා ගලායන උල්පත් අතර සිටිති.
Tafsiraaɗe Aarabu ɗen:
اٰخِذِیْنَ مَاۤ اٰتٰىهُمْ رَبُّهُمْ ؕ— اِنَّهُمْ كَانُوْا قَبْلَ ذٰلِكَ مُحْسِنِیْنَ ۟ؕ
ඔවුන්ගේ පරමාධිපති ඔවුනට පිරිනැමූ ගෞරවණීය ප්රතිඵල ලබමින් පසුවෙති. මෙම ගෞරවණීය ප්රතිඵල ලැබීමට පෙර ඔවුන් මෙලොවෙහි දැහැමියන් ලෙස කටයුතු කරන්නන් වූහ.
Tafsiraaɗe Aarabu ɗen:
كَانُوْا قَلِیْلًا مِّنَ الَّیْلِ مَا یَهْجَعُوْنَ ۟
ඔවුහු රාත්රියේ නැමදුම් කරති. ස්වල්ප වේලාවක් මිස නිදා නොගනිති.
Tafsiraaɗe Aarabu ɗen:
وَبِالْاَسْحَارِ هُمْ یَسْتَغْفِرُوْنَ ۟
අලුයම් කාලයේ ඔවුන්ගේ පාපකම් සඳහා ඔවුහු අල්ලාහ්ගෙන් සමාව අයැද සිටිති.
Tafsiraaɗe Aarabu ɗen:
وَفِیْۤ اَمْوَالِهِمْ حَقٌّ لِّلسَّآىِٕلِ وَالْمَحْرُوْمِ ۟
මිනිසුන්ගෙන් ඉල්ලා සිටින්නන් වෙනුවෙන් ද කිසියම් හේතුවක් මත ආහාර සම්පත් තහනම් කරනු ලැබූවන් අතරින් ඔවුන්ගෙන් ඉල්ලා නොසිටින දනන් හටද -ස්වෙච්ඡාවෙන්ම ඉටු කරන- වගකීම් ඔවුන්ගේ ධනයෙහි ඇත.
Tafsiraaɗe Aarabu ɗen:
وَفِی الْاَرْضِ اٰیٰتٌ لِّلْمُوْقِنِیْنَ ۟ۙ
සැබැවින්ම අල්ලාහ් මැවුම්කරු බවත්, හැඩතල ගන්වන්නා බවත් තරයේ විශ්වාස කරන්නන්හට අල්ලාහ්ගේ බලය පෙන්වා දෙන සාධක මහපොළොවේ ද, ඒ මත අල්ලාහ් තබා ඇති කඳු, සාගර, ගංගා, ගහකොළ, පැලෑටි හා සතුන් යන මැවීම්හි ද ඇත.
Tafsiraaɗe Aarabu ɗen:
وَفِیْۤ اَنْفُسِكُمْ ؕ— اَفَلَا تُبْصِرُوْنَ ۟
අහෝ ජනයිනි! නුඹ තුළ ද අල්ලාහ්ගේ බලය හා ශක්තිය පෙන්වා දෙන සාධක ඇත. නුඹලා පාඩම් ලබනු පිණිස අධීක්ෂණයෙන් යුතු ව ඒ දෙස බැලිය යුතු නොවේ ද?
Tafsiraaɗe Aarabu ɗen:
وَفِی السَّمَآءِ رِزْقُكُمْ وَمَا تُوْعَدُوْنَ ۟
නුඹලාගේ ආධ්යාත්මික හා ලෞකික පෝෂණයන් අහස් හි ඇත. එමෙන්ම ප්රතිඥා දෙනු ලබන හොද හෝ නරක දේ ද ඇත.
Tafsiraaɗe Aarabu ɗen:
فَوَرَبِّ السَّمَآءِ وَالْاَرْضِ اِنَّهٗ لَحَقٌّ مِّثْلَ مَاۤ اَنَّكُمْ تَنْطِقُوْنَ ۟۠
අහස් හා මහපොළොවේ පරමාධිපති මත දිවුරමින්, සැබැවින්ම යළි අවදි කරනු ලැබීම සත්යයකි. නුඹලා කතා කරන විට නුඹලාගේ කතාවෙහි කිසිදු සැකයක් නොමැති සේ ඒ ගැන ද කිසිදු සැකයක් නැත.
Tafsiraaɗe Aarabu ɗen:
هَلْ اَتٰىكَ حَدِیْثُ ضَیْفِ اِبْرٰهِیْمَ الْمُكْرَمِیْنَ ۟ۘ
අහෝ ධර්ම දූතය! ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමාගේ ආගන්තුකයින්ගේ පුවත නුඹ වෙත පැමිණියේ ද? ඔවුහු ඔහු විසින් සත්කාර කරන ලද මලක්වරු වූහ.
Tafsiraaɗe Aarabu ɗen:
اِذْ دَخَلُوْا عَلَیْهِ فَقَالُوْا سَلٰمًا ؕ— قَالَ سَلٰمٌ ۚ— قَوْمٌ مُّنْكَرُوْنَ ۟
ඔවුහු එතුමා වෙත පිවිසි අවස්ථාවේ එතුමාට, 'ඔබට සලාම් -ශාන්තිය- අත් වේවා' යැයි පැවසූහ. ඉබ්රාහීම් තුමාද ඔවුනට පිළිතුරු වශයෙන්, 'සලාම්' යැයි පැවසීය. එතුමා ‘මොවුන් නාදුනන පිරිසක්’ යැයි තමාටම කියා ගත්තේය.
Tafsiraaɗe Aarabu ɗen:
فَرَاغَ اِلٰۤی اَهْلِهٖ فَجَآءَ بِعِجْلٍ سَمِیْنٍ ۟ۙ
එසැණින් සැබැවින්ම ඔවුන් මිනිසුන් යැයි සිතා ඔහුගේ පවුල වෙත හෙමින් සීරුවෙන් ගොස් බදිනලද සම්පූර්ණ වසු පැටවෙකු ගෙැනවිත් ඔවුනට පිළිගැන්වීය.
Tafsiraaɗe Aarabu ɗen:
فَقَرَّبَهٗۤ اِلَیْهِمْ قَالَ اَلَا تَاْكُلُوْنَ ۟ؗ
බදින ලද එම වසු පැටවාව ඔහු ඔවුන් වෙත ළං කළේය. ඉතා මෘදු හඩින් ඔවුනට කතා කොට, ‘නුඹලාට පිළිගන්වනු ලැබූ ආහාරය නුඹලා අනුභව නොකරන්නෙහුදැ?’යි විමසා සිටියේය.
Tafsiraaɗe Aarabu ɗen:
فَاَوْجَسَ مِنْهُمْ خِیْفَةً ؕ— قَالُوْا لَا تَخَفْ ؕ— وَبَشَّرُوْهُ بِغُلٰمٍ عَلِیْمٍ ۟
ඔවුන් අනුභව නොකළ කල්හි, ඔහු තුළ ඔවුන් ගැන බියක් හට ගැණින. එවිට ඒ ගැන ඔවුන් වටහා ගත් පසු සන්සුන්ව, ‘නුඹ බිය නොවනු. සැබැවින්ම අපි අල්ලාහ් වෙතින් වූ දූත පිරිසක් වෙමු’ යැයි පැවසූහ. දැනුම් සම්භාරයකින් යුත් දරුවකු ඔහුට බිහි වන්නට යන, ඔහුව සතුටු කරවන ශුභාරංචිය දැනුම් දුන්හ. එසේ ශුභාරංචිය දන්වනු ලැබූ දරුවා ඉස්හාක් අලයිහිස් සලාම් තුමා විය.
Tafsiraaɗe Aarabu ɗen:
فَاَقْبَلَتِ امْرَاَتُهٗ فِیْ صَرَّةٍ فَصَكَّتْ وَجْهَهَا وَقَالَتْ عَجُوْزٌ عَقِیْمٌ ۟
ඔහුගේ බිරිය එම ශුභාරංචියට සවන් දුන් කල්හි, සතුටින් කෑ ගසමින් ඉදිරියට පැමිණ ඇයගේ මුහුණට ගසා ගනිමින් පුදුමයෙන් යුතු ව, ‘ඇය මුළුමණින්ම වඳ කාන්තාවක්ව සිටිය දී මහල්ලෙකු දරුවකු දාව කළ හැකි දැ?'යි විමසා සිටියාය.
Tafsiraaɗe Aarabu ɗen:
قَالُوْا كَذٰلِكِ ۙ— قَالَ رَبُّكِ ؕ— اِنَّهٗ هُوَ الْحَكِیْمُ الْعَلِیْمُ ۟
මලක්වරුන් ඇයට, ‘කවර දෙයක් අපි ඔබ තුමියට දනුම් දුන්නේ ද, එය ඔබ තුමියගේ පරමාධිපති පැවසූ දෑය. ඔහු පැවසූ යමක් වී නම් එයට නැවත හැරීමක් නැත. සැබැවින්ම ඔහු මැවීමෙහි හා සකස් කිරීමෙහි මහා ප්රඥාවන්තය. ඔහුගේ මැවීම ගැන හා ඒවාට සුදුසු දෑ ගැන ද ඔහු මහා ඥානීය.’ යැයි පැවසූහ.
Tafsiraaɗe Aarabu ɗen:
Hino jeyaa e nafooje Aayeeje on ka hello ɗoo.:
• إحسان العمل وإخلاصه لله سبب لدخول الجنة.
•කටයුතු දැහැමි අයුරින් හා අල්ලාහ්ට පමණක් පුද කොට අවංක ලෙසින් සිදු කිරීම ස්වර්ගයට පිවිසීමට හේතුවක් වන්නේය.

• فضل قيام الليل وأنه من أفضل القربات.
•රාත්රී කාලයේ අවදිව සලාත් ඉටු කිරීමේ මහිමය. සැබැවින් එය දේව සමීපතාව ඇති කිරීමේ මහඟු කාර්යයක් වන්නේය.

• من آداب الضيافة: رد التحية بأحسن منها، وتحضير المائدة خفية، والاستعداد للضيوف قبل نزولهم، وعدم استثناء شيء من المائدة، والإشراف على تحضيرها، والإسراع بها، وتقريبها للضيوف، وخطابهم برفق.
• ආගන්තුක සත්කාර කිරීමේ ආචාර ධර්ම කිහිපයක්: ආචාරයට වඩාත් දැහැමි අයුරින් ප්රතිචාර දැක්වීම, යහපත් අයුරින් ආහාර බන්දේසිය පිළිගැන්වීම, ආගන්තුකයින් පැමිණීමට පෙර සූදානම් වීම, ආහාර බන්දේසියෙන් යමක් වෙන් නො කිරීම, එය පිළිගන්වමින් ඔවුන් ගෞරවයට පත් කිරීම, ඒ සඳහා ඉක්මන් වීම, ආගන්තුකයින්ගේ ළඟටම පිළිගැන්වීම, ඔවුන් සමග කාරුණික ලෙසින් කතා කිරීම.

قَالَ فَمَا خَطْبُكُمْ اَیُّهَا الْمُرْسَلُوْنَ ۟
ඔබගේ විෂය කුමක් ද? ඔබලා බලාපොරොත්තු වන දෑ කුමක්දැ?යි ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමා මලක්වරුන්ගෙන් විමසා සිටියහ.
Tafsiraaɗe Aarabu ɗen:
قَالُوْۤا اِنَّاۤ اُرْسِلْنَاۤ اِلٰی قَوْمٍ مُّجْرِمِیْنَ ۟ۙ
මලක්වරු ඔහුට පිළිතුරු දෙමින්, "සැබැවින්ම අල්ලාහ් අප අශීලාචාර පාපකම් සිදුකරන අපරාධකාරී පිරිසක් වෙත එවා ඇත්තෙමු" යැයි පැවසූහ.
Tafsiraaɗe Aarabu ɗen:
لِنُرْسِلَ عَلَیْهِمْ حِجَارَةً مِّنْ طِیْنٍ ۟ۙ
ඝණ මැටියෙන් වූ ගල් වර්ෂාවක් ඔවුන් වෙත අප එවනු පිණිස.
Tafsiraaɗe Aarabu ɗen:
مُّسَوَّمَةً عِنْدَ رَبِّكَ لِلْمُسْرِفِیْنَ ۟
අහෝ ඉබ්රාහීම්! ඒවා නුඹේ පරමාධිපති වෙතින් සලකුණු තබන ලද දෑ වේ. ඒවා දේව ප්රතික්ෂේපයේ හා පාපයේ ඉක්මවා යමින් අල්ලාහ්ගේ සීමාවන් කඩ කළවුනට එවනු ලැබේ.
Tafsiraaɗe Aarabu ɗen:
فَاَخْرَجْنَا مَنْ كَانَ فِیْهَا مِنَ الْمُؤْمِنِیْنَ ۟ۚ
ලූත්ගේ ජනයාගේ ගම්මානයේ විසූ අපරාධකරුවන්ට අත්වන දඬුවම දේව විශ්වාසීන්ට අත් නොවනු පිණිස අපි ඔවුන් එයින් බැහැර කළෙමු.
Tafsiraaɗe Aarabu ɗen:
فَمَا وَجَدْنَا فِیْهَا غَیْرَ بَیْتٍ مِّنَ الْمُسْلِمِیْنَ ۟ۚ
ඔවුන්ගේ ගම්මානයේ ලූත් (අලයිහිස් සලාම්) තුමාගේ නිවැසියන් හැර වෙනත් මුස්ලිම්වරුන්ගේ නිවසක් අපි නොදුටුවෙමු.
Tafsiraaɗe Aarabu ɗen:
وَتَرَكْنَا فِیْهَاۤ اٰیَةً لِّلَّذِیْنَ یَخَافُوْنَ الْعَذَابَ الْاَلِیْمَ ۟ؕ
ඔවුනට අත් වූ වේදනීය දඬුවටම බිය වන්නන් එමගින් පාඩම් ලබන්නටත් ඔවුන් සිදු කළ එම ක්රියාවන් සිදු නොකර එයින් මිදීමටත් ඔවුන් වෙත අත් වූ එම දඬුවම පෙන්වා දෙන පරිදි දඬුවමේ නටඹුන් ලූත්ගේ ජනයාගේ ගම්මානයේ අපි අතහැර තැබුවෙමු.
Tafsiraaɗe Aarabu ɗen:
وَفِیْ مُوْسٰۤی اِذْ اَرْسَلْنٰهُ اِلٰی فِرْعَوْنَ بِسُلْطٰنٍ مُّبِیْنٍ ۟
පැහැදිලි සාධක සමග ෆිර්අවුන් වෙත අප මූසාව එවූ අවස්ථාවේ, ඔහු තුළ ද වේදනීය දඬුවමට බියවන්නන්හට සාධකයක් විය.
Tafsiraaɗe Aarabu ɗen:
فَتَوَلّٰی بِرُكْنِهٖ وَقَالَ سٰحِرٌ اَوْ مَجْنُوْنٌ ۟
ෆිර්අවුන් සහ ඔහුගේ සේනාව තම බලයෙන් ආක්රමණශීලීව සත්යයට පිටු පෑහ. ඔහූ මූසා (අලයිහිස් සලාම්) තුමා පිළිබඳව ‘ඔහු මිනිසුනට මායාවන් පෙන්වන මායාකරුවකි. එසේ නැතහොත් කිසිදු වැටහීමකින් තොරව දොඩවන උම්මත්තකයෙකි’ යැයි පැවසූහ.
Tafsiraaɗe Aarabu ɗen:
فَاَخَذْنٰهُ وَجُنُوْدَهٗ فَنَبَذْنٰهُمْ فِی الْیَمِّ وَهُوَ مُلِیْمٌ ۟ؕ
එබැවින් ඔහු හා ඔහුගේ සේනාවේ සියලු දෙනා අපි ග්රහණය කළෙමු. සාගරය තුළට හෙළුවෙමු. එවිට ඔවුහු එහි ගිලී විනාශ වූවෝය. සැබැවින්ම තමන් දෙවියන් බව ෆිර්අවුන් තර්ක කර සිටි ඔහුගේ බොරු වාදය ගැන ඔහු ඔහුටම දොස්නගන්නෙකු බවට පත් විය.
Tafsiraaɗe Aarabu ɗen:
وَفِیْ عَادٍ اِذْ اَرْسَلْنَا عَلَیْهِمُ الرِّیْحَ الْعَقِیْمَ ۟ۚ
එහි වැසි බර නො උසුලන, ගස් පරාගණය නොකරන, කිසිදු සමෘද්ධියක් නොමැති දැඩි සුළඟක් හූද්ගේ ජනයා වන ආද් සමූහයා වෙත අප එවූ අවස්ථාවේ ද වේදනීය දඬුවම පිළිබඳ බිය වන්නන්හට සංඥාවක් විය.
Tafsiraaɗe Aarabu ɗen:
مَا تَذَرُ مِنْ شَیْءٍ اَتَتْ عَلَیْهِ اِلَّا جَعَلَتْهُ كَالرَّمِیْمِ ۟ؕ
ඒ වෙත පැමිණි එම ව්යසනය කිසිදු ආත්මයක්, වස්තුවක් හෝ වෙනත් කිසිවක් හෝ එය සුණු විසුණු කර දමමින් මිස අතහැරියේ නැත. අෂික්ශිත, දිරාපත් වූ, නටබුන් ලෙස අපි ඒවා අතහැර දැමුවෙමු.
Tafsiraaɗe Aarabu ɗen:
وَفِیْ ثَمُوْدَ اِذْ قِیْلَ لَهُمْ تَمَتَّعُوْا حَتّٰی حِیْنٍ ۟
සාලිහ් (අලයිහිස් සලාම්) තුමාගේ ජනයා වන සමූද් ජනයාට ‘නුඹලාගේ ආයු කාලය අවසන් වීමට මත්තෙන් නුඹලාගේ ජීවිතය නුඹලා භුක්ති විඳිනු’ යැයි පවසනු ලැබූ අවස්ථාවේ ඔවුන් තුළ ද වේදනීය දඬුවමට බියවන්නන්හට සංඥාවක් විය.
Tafsiraaɗe Aarabu ɗen:
فَعَتَوْا عَنْ اَمْرِ رَبِّهِمْ فَاَخَذَتْهُمُ الصّٰعِقَةُ وَهُمْ یَنْظُرُوْنَ ۟
ඔවුන්ගේ පරමාධිපතිගේ නියෝගයට පිටුපා ඔවුහු උඩඟු වූහ. දේව විශ්වාසය හා දේව අවනභාවය හෙළා දැක අහංකාරකම් පෑහ. දඬුවමේ අකුණුසැර ඔවුන් ග්රහණය කළේය. දඬුවම පහළ වීමට දින තුනකට පෙර ඒ ගැන ප්රතිඥා දුන් අවස්ථාවේ ඔවුහු එය පහළ වන බව බලාපොරොත්තුවෙන් සිටියෝය.
Tafsiraaɗe Aarabu ɗen:
فَمَا اسْتَطَاعُوْا مِنْ قِیَامٍ وَّمَا كَانُوْا مُنْتَصِرِیْنَ ۟ۙ
ඔවුනට පහළ වූ දඬවම ඔවුන්ගෙන් වළක්වා ගන්නට නොහැකි විය. එයින් වැළකෙන්නට ඔවුනට බලයක් ද නොවීය.
Tafsiraaɗe Aarabu ɗen:
وَقَوْمَ نُوْحٍ مِّنْ قَبْلُ ؕ— اِنَّهُمْ كَانُوْا قَوْمًا فٰسِقِیْنَ ۟۠
සඳහන් කරනු ලැබූ මොවුනට පෙර, නූහ්ගේ ජනයා ජලයේ ගිල්වා අපි ඔවුන් විනාශ කළෙමු. සැබැවින්ම ඔවුහු අල්ලාහ්ට අවනත වීමෙන් බැහැර වූ පිරිසක් වූහ. එහෙයින් ඔවුනට එහි දඬුවම නියම විය.
Tafsiraaɗe Aarabu ɗen:
وَالسَّمَآءَ بَنَیْنٰهَا بِاَیْىدٍ وَّاِنَّا لَمُوْسِعُوْنَ ۟
අහස් වනාහි, අපි ඒවා නිර්මාණය කළෙමු. එහි ගොඩනැගිල්ල අපි බලවත් ලෙස ස්ථීර කළෙමු. සැබැවින්ම අපි ඒවායෙහි කෙළවරල් ව්යාප්ත කරමින් සිටින්නෙමු.
Tafsiraaɗe Aarabu ɗen:
وَالْاَرْضَ فَرَشْنٰهَا فَنِعْمَ الْمٰهِدُوْنَ ۟
මහපොළොව වනාහි, එහි වාසය කරන්නන් හට ඇතිරිල්ලක් සේ අපි එය දිගහැර තැබුවෙමු. ඔවුන් වෙනුවෙන් අප එය දිගු හරින අවස්ථාවේ දිගු හැරිය අප යහපත් වීමු.
Tafsiraaɗe Aarabu ɗen:
وَمِنْ كُلِّ شَیْءٍ خَلَقْنَا زَوْجَیْنِ لَعَلَّكُمْ تَذَكَّرُوْنَ ۟
පිරිමි හා කාන්තා, අහස් හා පොළොව, ගොඩබිම හා සාගරය යනා දී ලෙසින් සෑම වස්තුවකින්ම අපි යුගලයන් මවා ඇත්තෙමු. එය සෑම දෙයකින්ම යුගලයක් මවා ඇති අල්ලාහ්ගේ ඒකීයත්වය නුඹලා මෙනෙහි කරනු පිණිස හා ඔහුගේ බලමහිමය මෙනෙහි කරනු පිණිසය.
Tafsiraaɗe Aarabu ɗen:
فَفِرُّوْۤا اِلَی اللّٰهِ ؕ— اِنِّیْ لَكُمْ مِّنْهُ نَذِیْرٌ مُّبِیْنٌ ۟ۚ
එහෙයින් නුඹලා අල්ලාහ්ගේ දඬුවමින් පලා ගොස් ඔහුගේ තිළිණ ලබන්නටත්, ඔහුට අවනත වන්නටත්, ඔහුට පාපකම් සිදු නොකරන්නටත් ඉක්මන් වනු. අහෝ ජනයිනි! සැබැවින්ම මම ඔහුගේ දඬුවම පිළිබඳ පැහැදිලිව අනතුරු අඟවන පැහැදිලි අවවාද කරන්නෙකු වෙමි.
Tafsiraaɗe Aarabu ɗen:
وَلَا تَجْعَلُوْا مَعَ اللّٰهِ اِلٰهًا اٰخَرَ ؕ— اِنِّیْ لَكُمْ مِّنْهُ نَذِیْرٌ مُّبِیْنٌ ۟
අල්ලාහ් හැර, නැමදුමට ලක්වන වෙනත් දෑ, ඔහු සමග නැමදීම සඳහා නොතබනු. සැබැවින්ම මම ඒ ගැන පැහැදිලි අනතුරු අඟවන අවවාද කරන්නෙකු වෙමි.
Tafsiraaɗe Aarabu ɗen:
Hino jeyaa e nafooje Aayeeje on ka hello ɗoo.:
• الإيمان أعلى درجة من الإسلام.
•ඊමාන් හෙවත් දේව විශ්වාසය ඉස්ලාමයට වඩා ඉහළ නිලයකින් පවතී.

• إهلاك الله للأمم المكذبة درس للناس جميعًا.
•බොරුකාර සමූහයන් අල්ලාහ් විනාශ කර තිබීම සියලු මිනිසුන් හට පාඩමක් වන්නේය.

• الخوف من الله يقتضي الفرار إليه سبحانه بالعمل الصالح، وليس الفرار منه.
•අල්ලාහ් පිළිබඳ පවතින බිය, දැහැමි ක්රියාවන් සිදු කිරීම තුළින් ශුද්ධවන්තයාණන් වෙත පලා යන්නට නියම කරනු ඇත. එය ඔහුගෙන් පලා යෑමක් නොවිය යුතුය.

كَذٰلِكَ مَاۤ اَتَی الَّذِیْنَ مِنْ قَبْلِهِمْ مِّنْ رَّسُوْلٍ اِلَّا قَالُوْا سَاحِرٌ اَوْ مَجْنُوْنٌ ۟۫
මක්කාවාසීන් කවර කරුණක් බොරු කරමින් සිටියේ ද එසේ ඔවුන් බොරු කර සිටියා සේම පෙර විසූ සමූහයන්ද බොරු කර සිටියෝය. අල්ලාහ් වෙතින් දූතයෙකු ඔවුන් වෙත පැමිණි විට ඔවුහු, "ඔහු හූනියම් කරුවෙකි නැතහොත් උම්මත්තයෙකි" යැයි ඔහුට පවසා සිටියා මිස නැත.
Tafsiraaɗe Aarabu ɗen:
اَتَوَاصَوْا بِهٖ ۚ— بَلْ هُمْ قَوْمٌ طَاغُوْنَ ۟ۚ
දෙවියන් ප්රතික්ෂේප කරන්නන් අතරින් පෙරටුගාමීන් හා ඔවුන් අතර සිටින පසුගාමීන් එම දූතවරුන් බොරු කර සිටින මෙන් උපදෙස් දෙන්නෝ ද? නැත! ඔවුන්ගේ සීමාව ඉක්මවීමෙහි ඔවුන් සියලු දෙනා එකම පිරිසකි.
Tafsiraaɗe Aarabu ɗen:
فَتَوَلَّ عَنْهُمْ فَمَاۤ اَنْتَ بِمَلُوْمٍ ۟ؗ
අහෝ දූතය! මෙම බොරුකාරයින් නුඹ හෙළා දකිනු. ඒ හේතුවෙන් නුඹ දොස් නගනු ලබන්නෙක් නොවන්නෙහිය. ඔවුන් වෙත කවර කරුණක් ඔබ දන්වා සිටිය යුත්තේ ද සැබැවින්ම එය ඔබ ඔවුන් වෙත දන්වා ඇත.
Tafsiraaɗe Aarabu ɗen:
وَّذَكِّرْ فَاِنَّ الذِّكْرٰی تَنْفَعُ الْمُؤْمِنِیْنَ ۟
නුඹ ඔවුන් හෙළා දැකීම, ඔවුනට උපදෙස් දීමෙන් හා ඔවුනට මෙනෙහි කිරීමෙන් නුඹව නොවැළැක්විය යුතුය. එහෙයින් නුඹ ඔවුනට උපදෙස් දෙනු. ඔවුනට මෙනෙහි කරනු. සැබැවින්ම එසේ උපදෙස් දීම අල්ලාහ්ව විශ්වාස කරන්නන් හට ප්රයෝජනවත් වන්නේය.
Tafsiraaɗe Aarabu ɗen:
وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ اِلَّا لِیَعْبُدُوْنِ ۟
ජින් වර්ගයා හා මානව වර්ගයා මා පමණක් නැමදීම සඳහා මිස මම ඔවුන් නොමැව්වෙමි. එමෙන්ම ඔවුන් මට හවුල්කරුවන් පත් කිරීම සඳහා ද මම ඔවුන් නොමැව්වෙමි.
Tafsiraaɗe Aarabu ɗen:
مَاۤ اُرِیْدُ مِنْهُمْ مِّنْ رِّزْقٍ وَّمَاۤ اُرِیْدُ اَنْ یُّطْعِمُوْنِ ۟
ඔවුන් අතරින් කිසිදු පෝෂණයක් මම අපේක්ෂා නොකළෙමි. ඔවුන් මට ආහාර පිළිගැන්විය යුතු යැයි මම බලාපොරොත්තු නොවෙමි.
Tafsiraaɗe Aarabu ɗen:
اِنَّ اللّٰهَ هُوَ الرَّزَّاقُ ذُو الْقُوَّةِ الْمَتِیْنُ ۟
සැබැවින්ම තම ගැත්තන්හට පෝෂණය ලබා දෙන්නා අල්ලාහ්ය. සියලු දෙනා ඔහුගේ පෝෂණයේ අවශ්යතාවෙන් පෙළෙන්නන් වෙති. ඔහු වනාහි, කිසිවකු විසින් ඔහු පරාජය කළ නොහැකි ස්ථාවර බලය හා ශක්තිය ඇත්තාය. ශුන්ධවන්තයාණන් වන ඔහුගේ බලයට මිනිස් හා ජින්නුන් සියලු දෙනා යටහත්ය.
Tafsiraaɗe Aarabu ɗen:
فَاِنَّ لِلَّذِیْنَ ظَلَمُوْا ذَنُوْبًا مِّثْلَ ذَنُوْبِ اَصْحٰبِهِمْ فَلَا یَسْتَعْجِلُوْنِ ۟
අහෝ දූතය! ඔවුන් නුඹව බොරු කිරීම හේතුවෙන් ඔවුන් ඔවුන්ටම අපරාධකර ගත්තෝය. ඔවුනට පෙර විසූ ඔවුන්ගේ සහෝදරයින්ට අත් වූ දඬුවමේ කොටසක් හා සමාන කොටසක් ඇත. එයට නියමිත කාලයක් ඇත. එම කාලයට පෙර එය ඉක්මන් කරන්නැයි ඔවුන් මගෙන් නොපැතිය යුතුය.
Tafsiraaɗe Aarabu ɗen:
فَوَیْلٌ لِّلَّذِیْنَ كَفَرُوْا مِنْ یَّوْمِهِمُ الَّذِیْ یُوْعَدُوْنَ ۟۠
අල්ලාහ්ව ප්රතික්ෂේප කොට ඔහුගේ දූතයාණන් බොරුකළවුනට දඬුවම පහළ වන බවට ප්රතිඥා දුන් විනාශය හා අලාභය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් සතු වන්නේය.
Tafsiraaɗe Aarabu ɗen:
Hino jeyaa e nafooje Aayeeje on ka hello ɗoo.:
• الكفر ملة واحدة وإن اختلفت وسائله وتنوع أهله ومكانه وزمانه.
•දේව ප්රතික්ෂේපය වනාහි එහි මාධ්යයන් විවිධ වුව ද එහි උදවිය, එහි ස්ථානය හා එහි කාලය විවිධ වුව ද එහි පිළිවෙත එකමය.

• شهادة الله لرسوله صلى الله عليه وسلم بتبليغ الرسالة.
•දූත පණිවිඩය ප්රචාරය කිරීම සම්බන්ධයෙන් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සඳහා වන අල්ලාහ්ගේ සහතිකය.

• الحكمة من خلق الجن والإنس تحقيق عبادة الله بكل مظاهرها.
•ජින් වර්ගයා හා මානව වර්ගයා මැවීමේ ප්රඥාව වනුයේ හෙළි කරන ලද සියලු දෑ තුළින් අල්ලාහ්ට නැමදුම් කිරීම තහවරු කිරීමය.

• سوف تتغير أحوال الكون يوم القيامة.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විශ්වයේ ස්වභාවයන් වෙනස් වනු ඇත.

 
Firo maanaaji Simoore.: Simoore Al-saariyaat
Loowdi cimooje ɗe Tonngoode hello ngon
 
Firo maanaaji Alqur'aana Teddunde nden - Eggo e haala Sinhaliiwo wonande deftere Firo Alkur'aana raɓɓinaango. - Loowdi firooji ɗi

iwde e galle Firo jaŋdeeji Alkur'aana.

Uddu