Check out the new design

Firo maanaaji al-quraan tedduɗo oo - Eggo e haala Sinhaliiwo wonande deftere Firo Alkur'aana raɓɓinaango. * - Tippudi firooji ɗii


Firo maanaaji Simoore: Simoore al-hujaraat   Aaya:
وَلَوْ اَنَّهُمْ صَبَرُوْا حَتّٰی تَخْرُجَ اِلَیْهِمْ لَكَانَ خَیْرًا لَّهُمْ ؕ— وَاللّٰهُ غَفُوْرٌ رَّحِیْمٌ ۟
අහෝ ධර්ම දූතය! නුඹේ බිරියන්ගේ කුටිවලට පසුපසින් සිට නුඹ ව අමතන්නන් ඉවසීමෙන් සිට, නුඹ ඔවුන් වෙත පැමිණි පසුව ඔවුන් නුඹ සමග පහත් හඬින් කතා කරන්නේ නම්, එසේ කුටිවලට පසුපසින් සිට නුඹව ඇමතීමට වඩා එහි ගෞරව කිරීමක් හා ආචාර කිරීමක් ඇති බැවින් ඔවුනට එය යහපත් වනු ඇත. ඔවුන් අතරින් හා ඔවුන් හැර වෙනත් අය අතරින් පාපක්ෂමාව අයැදින්නන්ගේ පාපකම්වලට අල්ලාහ් සමාව දෙන්නාය. ඔවුන්ගේ නොදැනුවත්කම හේතුවෙන් අල්ලාහ් ඔවුන් සමග ක්ෂමාශීලී ලෙස කටයුතු කරන්නාය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.
Faccirooji aarabeeji:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْۤا اِنْ جَآءَكُمْ فَاسِقٌ بِنَبَاٍ فَتَبَیَّنُوْۤا اَنْ تُصِیْبُوْا قَوْمًا بِجَهَالَةٍ فَتُصْبِحُوْا عَلٰی مَا فَعَلْتُمْ نٰدِمِیْنَ ۟
අල්ලාහ්ව විශ්වාස කොට; ඔහු ආගමානුගත කළ දෑට අනුව ක්රියා කළවුනි! යම් පිරිසක් පිළිබඳ තොරතුරක් රැගෙන දුෂ්ඨයකු නුඹලා වෙත පැමිණියේ නම් ඔහුගේ තොරතුරෙහි නිවැරදි භාවය ගැන තහවුරු කර ගනු. කිසිදු සනාත කිරීමකින් තොර ව ඔහුගේ තොරතුර නුඹලා සත්ය බව පිළිගත් විට එම පිරිස පිළිබඳ යථාර්ථය නොදැනුවත්ව නුඹලා විසින් වරදක් එම සමූූූූූහයට සිදු විය හැකි බැවින් ඔහුව එකවර පිළිගැනීමට ඉක්මන් නොවනු. එවිට නුඹලා විසින් ඔවුනට යම් අභාග්යයක් සිදු වීමෙන් පසු ඔහුගේ තොරතුර බොරු බවට නුඹලාට පැහැදිලි වූ විට පසුතැවිලි වන්නන් බවට නුඹලා පත්වනු ඇත.
Faccirooji aarabeeji:
وَاعْلَمُوْۤا اَنَّ فِیْكُمْ رَسُوْلَ اللّٰهِ ؕ— لَوْ یُطِیْعُكُمْ فِیْ كَثِیْرٍ مِّنَ الْاَمْرِ لَعَنِتُّمْ وَلٰكِنَّ اللّٰهَ حَبَّبَ اِلَیْكُمُ الْاِیْمَانَ وَزَیَّنَهٗ فِیْ قُلُوْبِكُمْ وَكَرَّهَ اِلَیْكُمُ الْكُفْرَ وَالْفُسُوْقَ وَالْعِصْیَانَ ؕ— اُولٰٓىِٕكَ هُمُ الرّٰشِدُوْنَ ۟ۙ
අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! නුඹලා අතර අල්ලාහ්ගේ දූතයාණන් සිටින බවත්, ඔහු වෙත දේව පණිවිඩ පහළ වන බවත් නුඹලා දැනගනු. එහෙයින් නුඹලා බොරු කීමෙන් ප්රවේසම් වනු. නුඹලාගේ බොරුව ඔහු වෙත දන්වමින් දේව පණිවිඩ පහළ වනු ඇත. නුඹලාට යහපත ඇත්තේ කවර කරුණකදැ?යි ඔහු මැනවින් දන්නාය. නුඹලා යෝජනා කරන බොහෝ දේවල්හි ඔහු නුඹලාට අවනත වන්නේ නම් නුඹලා වෙනුවෙන් ඔහු පිළිනොගන්නා දුෂ්කරතාවන්ට නුඹලා වැටෙනු ඇත. නමුත් අල්ලාහ් ඔහුගේ භාග්යයෙන් නුඹලා වෙත ඊමාන් හෙවත් දේව විශ්වාසය ගැන ඇල්මක් ඇති කළේය. නුඹලාගේ හදවත් තුළ එය අලංකාරවත් කළේය. එහෙයින් නුඹලා විශ්වාස කළෙහුය. එමෙන්ම දේව ප්රතික්ෂේපය හා ඔහුට අවනත වීමෙන් බැහැර වීම ඔහු නුඹලාට පිළිකුල් කළේය. එමෙන්ම පාපකම් සිදු කිරීම ද නුඹලාට පිළිකුල් කළේය. මෙවන් ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූවන් ඍජු හා නිවැරැදි මාර්ගයේ ගමන් කරන්නෝ වෙති.
Faccirooji aarabeeji:
فَضْلًا مِّنَ اللّٰهِ وَنِعْمَةً ؕ— وَاللّٰهُ عَلِیْمٌ حَكِیْمٌ ۟
නුඹලාට අත් වූ දෑ වනාහි - එනම් හදවත් තුළ යහපත අලංකාරවත් කිරීම හා අයහපත ගැන පිළිකුල ඇති කිරීම- සැබැවින්ම එය අල්ලාහ්ගෙන් වූ භාග්යයකි. ඔහු එමගින් නුඹලාව භාග්යවත් කළේය. එමෙන්ම එය නුඹලා වෙත පිරිනැමූ ආශිර්වාදයකි. තම ගැත්තන් අතරින් කවරෙකු අල්ලාහ්ට කෘතවේදී වන්නේ ද ඔහු ඔහුට ආශිර්වාද කරනු ඇත. ඔහුට ගැළැපෙන පරිදි සෑම දෙයක්ම නියමිත ස්ථානයේ තැබීමේ දී ඔහු මහා ප්රඥාවන්තය.
Faccirooji aarabeeji:
وَاِنْ طَآىِٕفَتٰنِ مِنَ الْمُؤْمِنِیْنَ اقْتَتَلُوْا فَاَصْلِحُوْا بَیْنَهُمَا ۚ— فَاِنْ بَغَتْ اِحْدٰىهُمَا عَلَی الْاُخْرٰی فَقَاتِلُوا الَّتِیْ تَبْغِیْ حَتّٰی تَفِیْٓءَ اِلٰۤی اَمْرِ اللّٰهِ ۚ— فَاِنْ فَآءَتْ فَاَصْلِحُوْا بَیْنَهُمَا بِالْعَدْلِ وَاَقْسِطُوْا ؕ— اِنَّ اللّٰهَ یُحِبُّ الْمُقْسِطِیْنَ ۟
සැබැවින්ම දේව විශ්වාසීන් අතර එකිනෙකා ඇණ කොටා ගන්නා පිරිස් දෙකක් වී නම් අහෝ දේව විශ්වාසියනි! එම පිරිස් දෙක අතර ඔවුන් ඇති කර ගත් ගැටලුවෙහි අල්ලාහ් ආගමානුගත කළ නීතිය ක්රියාත්මක කරන මෙන් ඔවුන් දෙපිරිස අමතා සමාදානය ඇති කරනු. එම පිරිස් දෙකින් එක් පිරිසක් සමාදානය ප්රතික්ෂේප කොට සීමාව ඉක්මවා ගියේ නම් අල්ලාහ්ගේ නීතිය වෙත ඔවුන් නැවත හැරෙන තෙක් සීමාව ඉක්මවා ගියවුන් සමග සටන් කරනු. අල්ලාහ්ගේ නීතිය වෙත ඔවුන් හැරී ආවේ නම් නැවතත් යුක්තිය හා සාධාරණත්වය අනුව ඔවුන් දෙපිරිස අතර සමාදානය ඇති කරනු. ඔවුන් දෙපිරිස අතර නුඹලා නීති ක්රියාත්මක කිරීමේදී යුක්ති ගරුකව කටයුතු කරනු. සැබැවින් ඔවුන් අතර තීන්දු දීමෙහි සාධාරණීයත්වය අනුගමනය කරන්නන් අල්ලාහ් ප්රිය කරන්නේය.
Faccirooji aarabeeji:
اِنَّمَا الْمُؤْمِنُوْنَ اِخْوَةٌ فَاَصْلِحُوْا بَیْنَ اَخَوَیْكُمْ وَاتَّقُوا اللّٰهَ لَعَلَّكُمْ تُرْحَمُوْنَ ۟۠
දේව විශ්වාසීහු ඉස්ලාමය තුළ සහෝදරයෝ වෙති. එහෙයින් දේව විශ්වාසියනි! ගැටුම් ඇතිකරගත් නුඹලාගේ සහෝදරයින් දෙපිරිසක් අතර සමාදානය ඇති කිරීමට නුඹලා බැඳී සිටින්නෙහුය. නුඹලා කරුණාව ලැබීමේ යහපත් අපේක්ෂාවෙන් අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට බැතිමත්ව කටයුතු කරනු.
Faccirooji aarabeeji:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا لَا یَسْخَرْ قَوْمٌ مِّنْ قَوْمٍ عَسٰۤی اَنْ یَّكُوْنُوْا خَیْرًا مِّنْهُمْ وَلَا نِسَآءٌ مِّنْ نِّسَآءٍ عَسٰۤی اَنْ یَّكُنَّ خَیْرًا مِّنْهُنَّ ۚ— وَلَا تَلْمِزُوْۤا اَنْفُسَكُمْ وَلَا تَنَابَزُوْا بِالْاَلْقَابِ ؕ— بِئْسَ الِاسْمُ الْفُسُوْقُ بَعْدَ الْاِیْمَانِ ۚ— وَمَنْ لَّمْ یَتُبْ فَاُولٰٓىِٕكَ هُمُ الظّٰلِمُوْنَ ۟
අහෝ අල්ලාහ්ව විශ්වාස කොට; ඔහු ආගමානුගත කළ දෑ අනුව ක්රියා කළවුනි! නුඹලා අතරින් පිරිසක් තවත් පිරිසක් හෑල්ලුවට නොගත යුතුය. එසේ හෑල්ලුවට ලක් කරනු ලබන්නන් අල්ලාහ් ඉදිරියේ යහපත් විය හැක. සැලකිල්ලට ගනු ලබන්නනේ අල්ලාහ් අබියස ඇති දැයිනි. එමෙන්ම කාන්තාවන් තවත් කාන්තා පිරිසක් හෑල්ලුටව නොගත යුතුය. එසේ හෑල්ලුවට ලක් කරනු ලබන ඔවුන් අල්ලාහ් අබියස උතුම් විය හැක. නුඹලාගේ සහෝදරයින් නුඹලාගේ තත්ත්වයේම සිටියදී නුඹලා ඔවුනට දොස් නොනගනු. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පැමිණීමට පෙර ඇතැම් අන්සාරිවරුන්ගේ තත්ත්වය පිහිටා තිබූ අයුරින් යමෙකු පිළිකුල් කරන පටබැඳි නාමයෙන් එකිනෙකා ආමන්ත්රණය නොකළ යුතුය. කවරෙකු එසේ ක්රියා කළේද ඔහු දුෂ්ඨයෙකි. දේව විශ්වාසයෙන් පසුව පවතින දුෂ්ඨ ගුණාංගය ඉතාමත් නපුරුය. කවරෙකු එම පාපයෙන් සමාව ඇයැද නොසිටියේ ද ඔවුන් සිදු කළ පාපකම් හේතුවෙන් විනාශයේ කරුණු ගෙනැවිත් තමන්ටම අපරාධකරගත් අය වන්නෝය.
Faccirooji aarabeeji:
Ina jeyaa e nafoore aayeeje ɗee e ngol hello:
• وجوب التثبت من صحة الأخبار، خاصة التي ينقلها من يُتَّهم بالفسق.
•තොරතුරුවල නිරවද්යතාව සහතික කර ගැනීම අනිවාර්යය වන්නේය. විශේෂයෙන් දුෂ්ටකම් ඇත්තෙකු යැයි සැක කෙරෙන කෙනෙකු දන්වා සිටින තොරතුරු ස්ථීර කර ගත යුතු වේ.

• وجوب الإصلاح بين من يتقاتل من المسلمين، ومشروعية قتال الطائفة التي تصر على الاعتداء وترفض الصلح.
•මුස්ලිම්වරුන් අතරින් එකිනෙකා ගැටලු ඇති කරගන්නා පිරිස් අතර සමාදානය ඇති කිරීම අනිවාර්යය වන්නේය. එමෙන්ම සතුරුකමෙහි නිරතව සමාදානය ප්රතික්ෂේප කරන පිරිස සමග සටන් කිරීම ආගමානුගත කර ඇත්තකි.

• من حقوق الأخوة الإيمانية: الصلح بين المتنازعين والبعد عما يجرح المشاعر من السخرية والعيب والتنابز بالألقاب.
•ගැටලු ඇතිකරගත් පිරිස් අතර සමාදානය ඇති කිරීම; අපහාස කිරීම, දොස් නැගීම, පටබැදි නම්වලින් ආමන්ත්රණය කිරීම වැනි හැඟීම් තුවාල කරන ක්රියාදාමයන්ගෙන් දුරස් වීම දේව විශ්වාසයේ සහෝදරයින්ගේ වගකීම් වන්නේය.

 
Firo maanaaji Simoore: Simoore al-hujaraat
Tippudi cimooje Tonngoode hello ngoo
 
Firo maanaaji al-quraan tedduɗo oo - Eggo e haala Sinhaliiwo wonande deftere Firo Alkur'aana raɓɓinaango. - Tippudi firooji ɗii

iwde e galle Firo jaŋdeeji Alkur'aana.

Uddude