Check out the new design

Firo maanaaji al-quraan tedduɗo oo - Eggo e haala Sinhaliiwo wonande deftere Firo Alkur'aana raɓɓinaango. * - Tippudi firooji ɗii


Firo maanaaji Aaya: (83) Simoore: Simoore nagge
وَاِذْ اَخَذْنَا مِیْثَاقَ بَنِیْۤ اِسْرَآءِیْلَ لَا تَعْبُدُوْنَ اِلَّا اللّٰهَ ۫— وَبِالْوَالِدَیْنِ اِحْسَانًا وَّذِی الْقُرْبٰی وَالْیَتٰمٰی وَالْمَسٰكِیْنِ وَقُوْلُوْا لِلنَّاسِ حُسْنًا وَّاَقِیْمُوا الصَّلٰوةَ وَاٰتُوا الزَّكٰوةَ ؕ— ثُمَّ تَوَلَّیْتُمْ اِلَّا قَلِیْلًا مِّنْكُمْ وَاَنْتُمْ مُّعْرِضُوْنَ ۟
අහෝ ඉස්රාඊල් දරුවනි, නුඹලා අල්ලාහ් සමඟ තවත් අයකු නැමදුමට නොගෙන, ඔහු ඒකීයකරණය කරන මෙන් ද දෙමාපියන් ඥාතීන් අනාථයින් හා අවශ්යතාවෙන් පෙළෙන දුගියන් වෙත උපකාර කරන මෙන් ද තදින් තොරව මෘදු වදනින් නුඹලා මිනිසුන් සමඟ කතා කොට ඔවුනට යහපත විධානය කොට අයහපතින් ඔවුන් වළක්වන මෙන් ද නුඹලාට අණ කළ පරිදි සලාතය පූර්ණ ලෙස ඉටු කරන මෙන් ද පිවිතුරු සිතකින් තම ධනයෙන්, එයට උරුමකම් කියන අය වෙත සකාත් වශයෙන් කොටසක් ලබා දෙන මෙන් ද නුඹලා වෙතින් බලවත් ප්රතිඥාව අප ගත් සැටි නුඹලා මෙනෙහි කර බලනු. නමුත් මෙම ගිවිසුමෙන් පසු එය ඉටු කිරීම ප්රතික්ෂේප කොට ඉන් හැරීයාම මිස වෙනකක් නුඹලා සිදු කළේ නැත.
Faccirooji aarabeeji:
Ina jeyaa e nafoore aayeeje ɗee e ngol hello:
• بعض أهل الكتاب يدّعي العلم بما أنزل الله، والحقيقة أن لا علم له بما أنزل الله، وإنما هو الوهم والجهل.
ආගම්ලත් ජනයා අතුරින් ඇතැම්හු අල්ලාහ් පහළ කළ දෑහි දැනුම පිළිබඳ තර්ක කරමින් සිටියෝය. ඇත්තෙන්ම අල්ලාහ් පහළ කළ දෑ ගැන නිවැරුදි වැටහීමක් ඔවුනට තිබුණේ නැත. එසේ ඔවුන් තර්ක කරමින් සිටියේ ඔවුන්ගේ අනුමාන හා අඥානකම මතය.

• من أعظم الناس إثمًا من يكذب على الله تعالى ورسله ؛ فينسب إليهم ما لم يكن منهم.
අල්ලාහ් වෙත හා ඔහුගේ දූතයාණන් වෙත බොරු ගොතා, ඔවුන් තුළ නැති දෙයක් ඔවුනට එකතු කොට පවසන්නා මිනිසුන් අතර සිටින මහා අපරාධකරුය.

• مع عظم المواثيق التي أخذها الله تعالى على اليهود وشدة التأكيد عليها، لم يزدهم ذلك إلا إعراضًا عنها ورفضًا لها.
• යුදෙව්වන් වෙතින් අල්ලාහ් බලවත් ප්රතිඥාවක් ගෙන, එය දැඩි සේ තහවුරු කර ගත් පසු, ඔවුන් එයට පිටුපාමින් එය ප්රතික්ෂේප කිරීම මිස වෙනකක් ඔවුනට එය වැඩි කළේ නැත.

 
Firo maanaaji Aaya: (83) Simoore: Simoore nagge
Tippudi cimooje Tonngoode hello ngoo
 
Firo maanaaji al-quraan tedduɗo oo - Eggo e haala Sinhaliiwo wonande deftere Firo Alkur'aana raɓɓinaango. - Tippudi firooji ɗii

iwde e galle Firo jaŋdeeji Alkur'aana.

Uddude