Check out the new design

Firo maanaaji al-quraan tedduɗo oo - Eggo e haala Sinhaliiwo wonande deftere Firo Alkur'aana raɓɓinaango. * - Tippudi firooji ɗii


Firo maanaaji Aaya: (110) Simoore: Simoore ñaaki
ثُمَّ اِنَّ رَبَّكَ لِلَّذِیْنَ هَاجَرُوْا مِنْ بَعْدِ مَا فُتِنُوْا ثُمَّ جٰهَدُوْا وَصَبَرُوْۤا ۙ— اِنَّ رَبَّكَ مِنْ بَعْدِهَا لَغَفُوْرٌ رَّحِیْمٌ ۟۠
පසු ව අහෝ දූතය! දෙවියන්ට ආදේශ තැබූවන් ඔවුනට හිංසා පීඩා ගෙන දුන් පසු, එමෙන්ම ඔවුන්ගේ හදවත් දේව විශ්වාසයේ තිබියදී දේව ප්රතික්ෂේපයේ වදන ප්රකාශ කරන තරමට ඔවුන්ගේ දහම තුළ ඔවුන් පරීක්ෂාවට පත් කිරීමෙන් පසු, මක්කාවෙන් නික්ම වී මදීනාවට හිජ්රත් කොට පසුව අල්ලාහ්ගේ ප්රකාශ උසස් වනු පිණිසත්, දේව ප්රතික්ෂේපකයින්ගේ ප්රකාශය පහත් කරනු පිණිසත්, අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වැඳුණු දුෂ්කරතා මත ඉවසීමෙන් දරා සිටි දුර්වල දේව විශ්වාසීන් හට සැබැවින්ම නුඹේ පරමාධිපති මහා කාරුණික හා අති ක්ෂමාශීලී විය. ඔවුන් පරීක්ෂාවට ලක් කළ පරීක්ෂාවන්ගෙන් හා දේව ප්රතික්ෂේපයේ වදන ප්රකාශ කරන තරමට ඔවුන් දඬුවම් කරනු ලැබීමෙන් පසුව සැබැවින්ම නුඹේ පරමාධිපති ඔවුනට අති ක්ෂාමාශීලී විය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකයාණන් විය. ඊට හේතුව එසේ ඔවුන් දේව ප්රතික්ෂේපිත වදන පවසා සිටියේ බල කිරීමෙන් වූ බැවිණි.
Faccirooji aarabeeji:
Ina jeyaa e nafoore aayeeje ɗee e ngol hello:
• الترخيص للمُكرَه بالنطق بالكفر ظاهرًا مع اطمئنان القلب بالإيمان.
හදවත දේව විශ්වාසයෙන් තැන්පත් වීමත් සමඟ බල කිරීම හේතුවෙන් මතුපිටින් දේව ප්රතික්ෂේපයේ වදන පවසා සිටීම සඳහා එසේ බල කරනු ලබන්නාට හිමි අනුමැතිය.

• المرتدون استوجبوا غضب الله وعذابه؛ لأنهم استحبوا الحياة الدنيا على الآخرة، وحرموا من هداية الله، وطبع الله على قلوبهم وسمعهم وأبصارهم، وجعلوا من الغافلين عما يراد بهم من العذاب الشديد يوم القيامة.
දහමින් පිටත හැරී යන්නා අල්ලාහ්ගේ කෝපය හා ඔහුගේ දඬුවම අනිවාර්යයෙන් උපයා ගෙන ඇත. ඊට හේතුව සැබැවින්ම ඔවුන් මතුලොවට වඩා මෙලොව ජීවිතයට ඇලුම් කොට අල්ලාහ්ගේ මඟ පෙන්වීමෙන් ඔවුන් වැළකී සිටි බැවිනි. අල්ලාහ් ඔවුන්ගේ හදවත් ඔවුන්ගේ සවන් හා ඔවුන්ගේ බැල්ම මත මුද්රා තැබීය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ බරපතල දඬුවම් ඔවුනට අත්වීම ගැන නොසැලකිලිමත් වූවන් අතරට ඔවුහු පත්වූහ.

• كَتَبَ الله المغفرة والرحمة للذين آمنوا، وهاجروا من بعد ما فتنوا، وصبروا على الجهاد.
අල්ලාහ්ව විශ්වාස කොට, පරීක්ෂාවට භාජනය වීමෙන් පසු හිජ්රත් හෙවත් මක්කාවෙන් මදීනාව වෙත නික්ම ගොස් ජිහාද් හෙවත් සාධාරණත්ව මත වෙහෙසීම ඉවසීමෙන් දරාගත් අයහට අල්ලාහ් සමාව හා කරුණාව නියම කළේය.

 
Firo maanaaji Aaya: (110) Simoore: Simoore ñaaki
Tippudi cimooje Tonngoode hello ngoo
 
Firo maanaaji al-quraan tedduɗo oo - Eggo e haala Sinhaliiwo wonande deftere Firo Alkur'aana raɓɓinaango. - Tippudi firooji ɗii

iwde e galle Firo jaŋdeeji Alkur'aana.

Uddude