Check out the new design

Qurani Kərimin mənaca tərcüməsi - Qurani Kərimin müxtəsər tərfsiri - kitabının Sinhal dilinə tərcüməsi. * - Tərcümənin mündəricatı


Mənaların tərcüməsi Ayə: (134) Surə: əl-Bəqərə
تِلْكَ اُمَّةٌ قَدْ خَلَتْ ۚ— لَهَا مَا كَسَبَتْ وَلَكُمْ مَّا كَسَبْتُمْ ۚ— وَلَا تُسْـَٔلُوْنَ عَمَّا كَانُوْا یَعْمَلُوْنَ ۟
එය නුඹලාට පෙර ඉකුත්ව ගිය සමූහයන් අතර ඉකුත්ව ගිය තවත් සමූහයකි. ඔවුන් කළ ක්රියාවන් ඔවුන් සමගම සේන්දු වෙති. ඔවුන් යම් යහපතක් හෝ අයහපතක් උපයා ඇත්නම් එය ඔවුනට සතු වේ. නුඹලා උපයන දෑ නුඹලාට සතුය. ඔවුන්ගේ ක්රියාවන් සම්බන්ධයෙන් නුඹලාගෙන් ප්රශ්න කරනු නොලැබේ. නුඹලාගේ ක්රියාවන් පිළිබඳ ඔවුන්ද ප්රශ්න කරනු නොලැබේ. වෙනත් කිසිවකුගේ පාපයක් සඳහා කෙනෙකු ග්රහණය කරනු නොලැබේ. නමුත් සෑම කෙනෙකුම තමන් ඉදිරිපත් කළ දෑ සඳහා ප්රතිඵල දෙනු ලබනු ඇත. නුඹලාට පෙර ඉකුත්ව ගිය සමූහයාගේ කිසිදු ක්රියාවක් නුඹලා සිදු කරන ක්රියාවන්ගෙන් නුඹලා වෙනතක යොමු නොකළ යුතු වේ. සැබැවින්ම කෙනෙකුට අල්ලාහ්ගේ කරුණාව ලැබුවායින් පසුව වෙනත් කෙනෙකුගේ කිසිදු දැහැමි ක්රියාවක් ඔහුට ප්රයෝජනවත් නොවන්නේමය.
Ərəbcə təfsirlər:
Bu səhifədə olan ayələrin faydalarından:
• المؤمن المتقي لا يغتر بأعماله الصالحة، بل يخاف أن ترد عليه، ولا تقبل منه، ولهذا يُكْثِرُ سؤالَ الله قَبولها.
බැතිමත් දේව විශ්වාසවන්තයෙකු ඔහුගේ දැහැමි ක්රියාවන් දෙස බලා රැවටෙන්නේ නැත. ඒ සඳහා තමන්ට ප්රතිචාර ලැබේ ද? එය පිළිගනු ලැබේ ද නොලැබේ ද යනුවෙන් බිය වෙයි. එහෙයින් ඔහු එය පිළිගන්නා මෙන් අධික ලෙස අල්ලාහ්ගෙන් කණ්ණලව් කර සිටියි.

• بركة دعوة أبي الأنبياء إبراهيم عليه السلام، حيث أجاب الله دعاءه وجعل خاتم أنبيائه وأفضل رسله من أهل مكة.
නබිවරුන්ගේ පියා ලෙස සැලකෙන ඉබ්රාහීම් අලයිහිස් සලාම් තුමාගේ ප්රාර්ථනාවට අල්ලාහ් පිළිතුරු දීමෙන් ඉන් ඇති වූ සමෘධිය.

• دين إبراهيم عليه السلام هو الملة الحنيفية الموافقة للفطرة، لا يرغب عنها ولا يزهد فيها إلا الجاهل المخالف لفطرته.
ඉබ්රාහීම්ගේ දහම ස්වභාදහමට අනුකූල වූ අචල පිළිවෙතකි. තම ස්වභාවික පැවැත්මට වෙනස්කම් කරන අධමයකු මිස වෙනත් කිසිවකු ඉන් දුරස් වන්නට සිතන්නේ නැත. ඉන් හැරෙන්නේද නැත.

• مشروعية الوصية للذرية باتباع الهدى، وأخذ العهد عليهم بالتمسك بالحق والثبات عليه.
යහමග අනුගමනය කරන මෙන් පරපුරකට උපදෙස් දීම ආගමානුගත කර තිබීම. සත්යය පිළිපදිමින් එහි ස්ථාවර සිටින මෙන් ඔවුන්ගෙන් ගිවිසුමක් ගැනීම.

 
Mənaların tərcüməsi Ayə: (134) Surə: əl-Bəqərə
Surələrin mündəricatı Səhifənin rəqəmi
 
Qurani Kərimin mənaca tərcüməsi - Qurani Kərimin müxtəsər tərfsiri - kitabının Sinhal dilinə tərcüməsi. - Tərcümənin mündəricatı

Tərcümə "Quran araşdırmaları Təfsir Mərkəzi" tərəfindən yayımlanmışdır.

Bağlamaq