Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (31) ምዕራፍ: አት-ተውባህ
اِتَّخَذُوْۤا اَحْبَارَهُمْ وَرُهْبَانَهُمْ اَرْبَابًا مِّنْ دُوْنِ اللّٰهِ وَالْمَسِیْحَ ابْنَ مَرْیَمَ ۚ— وَمَاۤ اُمِرُوْۤا اِلَّا لِیَعْبُدُوْۤا اِلٰهًا وَّاحِدًا ۚ— لَاۤ اِلٰهَ اِلَّا هُوَ ؕ— سُبْحٰنَهٗ عَمَّا یُشْرِكُوْنَ ۟
යුදෙව්වන් තම ආගමික විද්වතුන් ද, කිතුනුවන් තම වන්දනාකරුවන් ද අල්ලාහ් හැර දමා තම දෙවිවරුන් ලෙස ගත්තෝය. ඔවුන්ට අල්ලාහ් තහනම් කළ දෑ ඔවුන් මත අනුමත කර ගනිති. අල්ලාහ් ඔවුනට අනුමත කළ දෑ ඔවුන් මත තහනම් කර ගනිති. කිතුනුවන් අල්ලාහ් සමගම මර්යම්ගේ පුත් ඊසාව දෙවියකු ලෙස ගත්තෝය. යුදෙව් විද්වතුන්ට, කිතුනු වන්දනාකරුවන්ට, උසෙයිර්ට හා මර්යම්ගේ පුත් ඊසාට අල්ලාහ් අණ කර සිටියේ ඔහුට පමණක් හැර වෙනත් කිසිවකුට නොනමදින ලෙසත් කිසිවක් ඔහුට ආදේශ නොකරන ලෙසත්ය. ඔහු සුවිශුද්ධ ඒකීය දෙවියාය. ඔහු හැර නැමදුමට සුදුසු වෙනත් කිසිවෙකු නැත. ඔහු සුපිවිතුරුය. දෙවියන්ට ආදේශ කරන්නන් හෝ වෙනත් අය පවසා සිටින පරිදි ඔහුට කිසිදු හවුල්කරුවකු සිටීමෙන් ඔහු පිවිතුරුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• في الآيات دليل على أن تعلق القلب بأسباب الرزق جائز، ولا ينافي التوكل.
•පෝෂණ සාධක සමග හදවත බැඳී තිබීම අනුමත බවටත්, තවක්කුල් හෙවත් දෙවියන්ට සියල්ල භාර කිරීම අතහැර නොදැමිය යුතු බවටත් වූ සාධක මෙම පාඨ වල අන්තර්ගත වී ඇත.

• في الآيات دليل على أن الرزق ليس بالاجتهاد، وإنما هو فضل من الله تعالى تولى قسمته.
•සැබැවින්ම පෝෂණය පිහිටන්නේ කැපවීමෙන් පමණක් නොවන බවත් සැබැවින්ම එය අල්ලාහ්ගේ භාග්යයෙන් වන බවත් එහි කොටස ඔහු භාරගෙන ඇති බවත් පෙන්වා දෙන සාධක මෙම පාඨ වල සඳහන් වී ඇත.

• الجزية واحد من خيارات ثلاثة يعرضها الإسلام على الأعداء، يقصد منها أن يكون الأمر كله للمسلمين بنزع شوكة الكافرين.
•ඉස්ලාමය, සතුරන්ට ලබා දෙන විකල්ප තුනෙන් එකක් වන්නේ ජිසියා බදු ය. ඉන් අපේක්ෂා කරනුයේ දෙවියන් ප්රතික්ෂේප කරන්නන් දඬුවමින් ඉවත් කිරීමෙන් සමස්ත කටයුතු මුස්ලිම්වරුන් සතු කිරීමය.

• في اليهود من الخبث والشر ما أوصلهم إلى أن تجرؤوا على الله، وتنقَّصوا من عظمته سبحانه.
•අල්ලාහ් ගැන වැරදි කීමට හා ඔහුගේ ගරුත්වයට අඩුපාඩු කීමට ඔවුන්ව යොමු කරන කිලිටි හා නපුරු ගතිගුණ යුදෙව්වන් තුළ විය.

 
የይዘት ትርጉም አንቀጽ: (31) ምዕራፍ: አት-ተውባህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት