Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (114) ምዕራፍ: አት-ተውባህ
وَمَا كَانَ اسْتِغْفَارُ اِبْرٰهِیْمَ لِاَبِیْهِ اِلَّا عَنْ مَّوْعِدَةٍ وَّعَدَهَاۤ اِیَّاهُ ۚ— فَلَمَّا تَبَیَّنَ لَهٗۤ اَنَّهٗ عَدُوٌّ لِّلّٰهِ تَبَرَّاَ مِنْهُ ؕ— اِنَّ اِبْرٰهِیْمَ لَاَوَّاهٌ حَلِیْمٌ ۟
ඉබ්රාහීම් තුමා තම පියාණන් වෙනුවෙන් සමාව අයැද සිටියේ ඔහු ඉස්ලාමය පිළිගනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් තමන් එය ඉල්ලා සිටින බවට පොරොන්දු වූ නිසාවෙන් මිස නොවීය. තම පියාණන්ට කළ උපදෙස් ප්රයෝජනවත් නොවූ බැවින් සැබැවින්ම ඔහු අල්ලාහ්ගේ සතුරෙකු බව දැන ගැනීම හේතුවෙන් හෝ සැබැවින්ම ඔහු දේව ප්රතික්ෂේපකයෙකු ලෙස මිය යන බවට දේව පණිවිඩ ලැබීම හේතුවෙන් හෝ එතුමා ඔහුගෙන් ඉවත් විය. ඔහු වෙනුවෙන් එතුමා සමාව අයැද සිටීම ඔහුගේ උත්සාහය මත සිදු වූවකි. අල්ලාහ් ඔහු වෙත එවූ දේව පණිවිඩයේ නීතියට විරුද්ධව කළ දෙයක් නොවන්නේය. සැබැවින්ම ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමා අල්ලාහ් වෙත අධික ලෙස යටහත්භාවයට පත්වූ අයෙකි. ඔහුගේ අපරාධකාරී ජනයාට සමාව දී නොසලකා අත්හැර දැමූ අයෙකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• بطلان الاحتجاج على جواز الاستغفار للمشركين بفعل إبراهيم عليه السلام.
•ඉබ්රාහීම් අලෙය්හිස් සලාම් තුමාගේ ක්රියාවලිය ආධාරකයක් ලෙස ගෙන දෙවියන්ට ආදේශ තැබූවන් සඳහා පාපක්ෂමාව අයැද සිටීමට හැකි යැයි ඉදිරිපත් කරන සාධකය නිෂ්ඵල කිරීම.

• أن الذنوب والمعاصي هي سبب المصائب والخذلان وعدم التوفيق.
•සැබැවින්ම පාපකම් හා අකුසල් අභාග්යයට, බලාපොරොත්තු සුන් වීමට හා ආශිර්වාද නොලැබීමට හේතු වන්නේය.

• أن الله هو مالك الملك، وهو ولينا، ولا ولي ولا نصير لنا من دونه.
•සැබැවින්ම අල්ලාහ් සියලු රාජ්යයන් හි පාලකයාය. ඔහු අපගේ භාරකරුය. ඔහුගෙන් තොර ව කිසිදු භාරකරුවෙකු හෝ උදව් කරුවෙකු හෝ නැත.

• بيان فضل أصحاب النبي صلى الله عليه وسلم على سائر الناس.
•සෙසු ජනයාට වඩා නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් අනුගමනය කළ එතුමාණන්ගේ මිතුරන් සතු ව පවතින මහිමය විස්තර කිරීම.

 
የይዘት ትርጉም አንቀጽ: (114) ምዕራፍ: አት-ተውባህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት