Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (41) ምዕራፍ: አል-አንፋል
وَاعْلَمُوْۤا اَنَّمَا غَنِمْتُمْ مِّنْ شَیْءٍ فَاَنَّ لِلّٰهِ خُمُسَهٗ وَلِلرَّسُوْلِ وَلِذِی الْقُرْبٰی وَالْیَتٰمٰی وَالْمَسٰكِیْنِ وَابْنِ السَّبِیْلِ ۙ— اِنْ كُنْتُمْ اٰمَنْتُمْ بِاللّٰهِ وَمَاۤ اَنْزَلْنَا عَلٰی عَبْدِنَا یَوْمَ الْفُرْقَانِ یَوْمَ الْتَقَی الْجَمْعٰنِ ؕ— وَاللّٰهُ عَلٰی كُلِّ شَیْءٍ قَدِیْرٌ ۟
අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! නුඹලා අල්ලාහ් පිළිබඳ හා සත්යය හා අසත්යය අතර අල්ලාහ් වෙන් කළ බද්ර් දිනයේ අපගේ ගැත්තා වන මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්හට ඔහු පහළ කළ දෑ පිිළිබඳ විශ්වාස කරන්නෙහු නම් දැන ගනු! නුඹලා අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරන අවස්ථාවේ දේව ප්රතික්ෂේපකයින් මැඩලා ඔවුන්ගෙන් යමක් ලබා ඇත්නම්, සැබැවින්ම එය කොටස් පහකට බෙදිය යුතු වේ. ඉන් පහෙන් හතරක් සටන් කරන මුජාහිද්වරුන් අතර ද ඉතිරි පහෙන් කොටස තවත් කොටස් පහකට බෙදී යා යුතුය. මුස්ලිම්වරුන් අතර පවතින පොදු වියහියදම් සඳහා අල්ලාහ් හා ඔහුගේ රසූල්වරයාට කොටසක්, නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ ඥාතීන් වන බනූ හාෂිම් හා බනූ මුත්තලිබ් ගෝත්ර වලට කොටසක්, අනාථයින්ට කොටසක්, දිළිඳු හා දුප්පතුන්ට කොටසක්, අතරමං වූ මගීන්ට කොටසක් වශයෙන් බෙදී යනු ඇත. බද්ර් දිනයේ නුඹලාගේ සතුරන්ට එරෙහි ව අල්ලාහ් නුඹලාට උපකාර කළේය. නුඹලාට උපකාර කළ අල්ලාහ්, සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الغنائم لله يجعلها حيث شاء بالكيفية التي يريد، فليس لأحد شأن في ذلك.
•යුද පිටියේ සතුරා විසින් හැර දමා ගිය වස්තුව අල්ලාහ් සතුය. තමන් සිතන පරිදි තම අභිමතයට අනුව ඒවා ඔහු පිරිනමයි. එහෙයින් ඒ සම්බන්ධයෙන් කිසිදු කාර්යභාරයක් කිසිවකුට නැත.

• من أسباب النصر تدبير الله للمؤمنين بما يعينهم على النصر، والصبر والثبات والإكثار من ذكر الله.
•දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූවන්හට ජයග්රහණය සඳහා ප්රයෝජනවත් වන දෑ ඔවුනට අල්ලාහ් සැලසුම් කර දීම, ඉවසීම, ස්ථාරවත්වය, අල්ලාහ් ව අධික ලෙස මෙනෙහි කිරීම යනාදිය හේතූන් අතර වන්නේය.

• قضاء الله نافذ وحكمته بالغة وهي الخير لعباد الله وللأمة كلها.
•අල්ලාහ්ගේ තීන්දු ව ඵලදායීය. ඔහුගේ ප්රඥා ව ගැඹුරුය. අල්ලාහ්ගේ ගැත්තන් හා සියලු සමූහයන්ට යහපත් වන්නේ එයයි.

 
የይዘት ትርጉም አንቀጽ: (41) ምዕራፍ: አል-አንፋል
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት