Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል ጂን   አንቀጽ:

අල් ජින්

ከመዕራፉ ዓላማዎች:
إبطال دين المشركين، ببيان حال الجنّ وإيمانهم بعد سماع القرآن.
අල් කුර්ආනයට සවන් දුන් පසු ජින් හෙවත් අග්නි භූතයන්ගේ තත්ත්වය හා ඔවුන්ගේ විශ්වාසය පැහැදිළි කිරීම තුළින් බහු දේව වාදීන්ගේ ඇදහිලි නිශ්ඵලතාවයට පත් කිරීම.

قُلْ اُوْحِیَ اِلَیَّ اَنَّهُ اسْتَمَعَ نَفَرٌ مِّنَ الْجِنِّ فَقَالُوْۤا اِنَّا سَمِعْنَا قُرْاٰنًا عَجَبًا ۟ۙ
‘නහ්ඃලා’ නම් දේශය මධ්යයේ ජින්වරුන්ගෙන් පිරිසක් මාගේ කුර්ආන් පාරායනයට සවන් දී ඔවුන් ඔවුන්ගේ සමූහයා වෙත හැරී ගිය කල්හි ඔවුහු: ‘සැබැවින්ම පුදුමාකාර විස්තර සහිත ඉතා පැහැදිලිව කියවන ලැබූ වදනකට අපි සවන් දුනිමු’ යැයි පවසමින් ඔවුන්ගේ සමූහයා වෙත දන්වා සිටී පුවත අල්ලාහ් මට දන්වා සිටි බව ඔබේ සමූහයාට ඔබ පවසන්න.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یَّهْدِیْۤ اِلَی الرُّشْدِ فَاٰمَنَّا بِهٖ ؕ— وَلَنْ نُّشْرِكَ بِرَبِّنَاۤ اَحَدًا ۟ۙ
අපි සවන් දුන් එම වදන ප්රතිපත්තිමය වශයෙන් කතාවෙන් හා ක්රියාවෙන් නිවැරදි බව පෙන්වා දෙයි. එහෙයින් අපි එය විශ්වාස කළෙමු. එය පහළ කළ ඒකීය පරමාධිපතිට අපි කිසිවිටෙක ආදේශ නොතබමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّاَنَّهٗ تَعٰلٰی جَدُّ رَبِّنَا مَا اتَّخَذَ صَاحِبَةً وَّلَا وَلَدًا ۟ۙ
තවද අපගේ පරමාධිපතිගේ විභූතිය හා ඔහුගේ කීර්තිය උත්තරීතර බවත් දෙවියන්ට ආදේශ තබන්නන් පවසනවාක් මෙන් නොව, ඔහු කිසිදු බිරියක් හෝ දරුවකු හෝ නොගත් බවත් අපි විශ්වාස කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّاَنَّهٗ كَانَ یَقُوْلُ سَفِیْهُنَا عَلَی اللّٰهِ شَطَطًا ۟ۙ
සැබැවින්ම ෂෙයිතාන් පාරිශුද්ධ අල්ලාහ්ට බිරියන් හා දරුවන් සිටින බවට ඈඳමින් ව්යාජ ප්රකාශයක් පවසා සිටියේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّاَنَّا ظَنَنَّاۤ اَنْ لَّنْ تَقُوْلَ الْاِنْسُ وَالْجِنُّ عَلَی اللّٰهِ كَذِبًا ۟ۙ
ජින්නුන් හා මිනිසුන් අතර සිටින දෙවියන්ට ආදේශ තබන්නන්, අල්ලාහ්ට සහකාරියක් හා දරුවකු සිටින බව විශ්වාස කරමින් සිටියදී ඔවුන් බොරුවක් නොපවසන බව සැබැවින්ම අපි සිතුවෙමු. එහෙයින් ඔවුන් අනුගමනය කරමින් ඔවුන්ගේ ප්රකාශය අපි විශ්වාස කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّاَنَّهٗ كَانَ رِجَالٌ مِّنَ الْاِنْسِ یَعُوْذُوْنَ بِرِجَالٍ مِّنَ الْجِنِّ فَزَادُوْهُمْ رَهَقًا ۟ۙ
අඥාන යුගයේ ජින්නුන්ගෙන් පිරිසක් බියකරු ස්ථානයෙන් බසින විට මිනිසුන්ගෙන් පිරිසක් ඔවුන්ගෙන් සේවය පැතූහ. ඔවුන්ගෙන් අයක්, "මෙම මිටියාවතේ නායකයාණන්ගෙන් මෙහි ජීවත් වන සමූහයාගේ අඥානකමේ නපුරෙන් මම ආරක්ෂාව පතමි." යැයි පැවසීය. මිනිස් පිරිස බියෙන් හා ත්රාසයෙන් ජින් පිරිසට වඩා වැඩි විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّاَنَّهُمْ ظَنُّوْا كَمَا ظَنَنْتُمْ اَنْ لَّنْ یَّبْعَثَ اللّٰهُ اَحَدًا ۟ۙ
අහෝ ජින් වර්ගයනි, විනිශ්චය හා ප්රතිඵල පිරිනැමීම සඳහා මිය ගිය පසු සැබැවින්ම අල්ලාහ් කිසිවකු අවදි නොකරන බව නුඹලා සිතනවාක් මෙන් සැබැවින්ම මිනිසුන් ද සිතුවෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّاَنَّا لَمَسْنَا السَّمَآءَ فَوَجَدْنٰهَا مُلِئَتْ حَرَسًا شَدِیْدًا وَّشُهُبًا ۟ۙ
අහසින් ලැබෙන තොරතුරු අපි පැතුවෙමු. නමුත් එයට සවන් දීමෙන් අප වළක්වා එය ආරක්ෂා කරන මලක්වරුන් අහස පුරා අපි දුටුවෙමු. ගිනි පෙනැලි ද පිරී තිබිණ. අහසට සමීප වන සෑම කෙනෙකුටම එමගින් පහර දෙන ලදී.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّاَنَّا كُنَّا نَقْعُدُ مِنْهَا مَقَاعِدَ لِلسَّمْعِ ؕ— فَمَنْ یَّسْتَمِعِ الْاٰنَ یَجِدْ لَهٗ شِهَابًا رَّصَدًا ۟ۙ
පෙර සිටම මලක්වරුන් හුවමාරු කර ගන්නා දෑ සවන් දීම සඳහා අහසෙහි නියමිත ස්ථානයක් අපි ගෙන සිටි අතර එම තොරතුරු පොළෝ වාසීන් අතර සිටින හූනියම් කරුවන් වෙත අපි දන්වා සිටියෙමු. දැන් එම කරුණු වෙනස් වී ඇත. අප අතරින් කවරෙකු සවන් දෙන්නේ ද ඔහුට පහර දීම සඳහා ගිනි පන්දම් දකිනු ඇත. එහෙයින් ඔහු සමීප වන විට ඔහු වෙත එම පන්දම් එවනු ලැබේ. එවිට ඔහු පිළිස්සී යනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّاَنَّا لَا نَدْرِیْۤ اَشَرٌّ اُرِیْدَ بِمَنْ فِی الْاَرْضِ اَمْ اَرَادَ بِهِمْ رَبُّهُمْ رَشَدًا ۟ۙ
මෙම දැඩි ආරක්ෂාවට හේතුව කුමක් දැ?යි අපි නොදනිමු. එමෙන්ම එය පොළෝ වාසීන්ට නරකක් අපේක්ෂා කරනු ලැබේ ද, එසේ නැතහොත් සැබැවින්ම අල්ලාහ් එමගින් ඔවුනට යහපතක් පතන්නේ දැයි අපි නොදනිමු. දැන් අහස් තොරතුරු දැන ගැනීමෙන් අප වළක්වනු ලැබ ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّاَنَّا مِنَّا الصّٰلِحُوْنَ وَمِنَّا دُوْنَ ذٰلِكَ ؕ— كُنَّا طَرَآىِٕقَ قِدَدًا ۟ۙ
ජින් වර්ගයා වන අප අතර භක්තිමත් ව කටයුතු කරන දැහැමියන් ද වෙති. එමෙන්ම ප්රචණ්ඩකාරී ලෙස හැසිරෙන දේව ප්රතික්ෂේපකයින් ද වෙති. අපි විවිධ කණ්ඩායම් වශයෙන් හා විවිධ ආශාවන් අනුගමනය කරන්නන් ලෙස සිටියෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّاَنَّا ظَنَنَّاۤ اَنْ لَّنْ نُّعْجِزَ اللّٰهَ فِی الْاَرْضِ وَلَنْ نُّعْجِزَهٗ هَرَبًا ۟ۙ
තවද සැබැවින්ම අප ගැන යමක් අල්ලාහ් අපේක්ෂා කළ විට, එය කිසිවිටෙක අප විසින් නැති කළ නොහැකි අතරම එය අප ආවරණය කර ඇති බැවින් ඉන් පලා ගොස් ඔහුගෙන් මිදීය නොහැකි බව අපි තරයේ විශ්වාස කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّاَنَّا لَمَّا سَمِعْنَا الْهُدٰۤی اٰمَنَّا بِهٖ ؕ— فَمَنْ یُّؤْمِنْ بِرَبِّهٖ فَلَا یَخَافُ بَخْسًا وَّلَا رَهَقًا ۟ۙ
වඩාත් නිවැරදි දෑ වෙත මග පෙන්වන අල් කුර්ආනයට අපි සවන් දුන් කල්හි නියත වශයෙන්ම අපි ඒ ගැන විශ්වාස කළෙමු. එහෙයින් කවරෙකු තම පරමාධිපති ව විශ්වාස කරන්නේ ද ඔහුගේ කුසල් අඩුවීම ගැන හෝ පෙර සිදු කළ ඔහුගේ පාපකම් සමග තවත් පාපකම් එකතු වීම ගැන හෝ ඔහු බිය වන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• تأثير القرآن البالغ فيمَنْ يستمع إليه بقلب سليم.
•ගැඹුරු අල්-කුර්ආනය නිරෝගී හදවතකින් සවන් දෙන අයට එය බලපෑමක් ඇති කරයි.

• الاستغاثة بالجن من الشرك بالله، ومعاقبةُ فاعله بضد مقصوده في الدنيا.
•ජින්වරුන්ගෙන් උදව් පැතීම අල්ලාහ්ට සිදු කරන ආදේශයකි. මෙලොවෙහි එය අපේක්ෂා කරනු ලබන දෑට විරුද්ධව එසේ කටයුතු කරන්නා සතු දඬුවම.

• بطلان الكهانة ببعثة النبي صلى الله عليه وسلم.
•නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ගේ ඇවෑමෙන් හූනියම ව්යාජත්වයට පත්වීම.

• من أدب المؤمن ألا يَنْسُبَ الشرّ إلى الله.
•අල්ලාහ් වෙත කිසිදු නරකක් සම්බන්ධ නොකිරීම මුඃමින්වරයාගේ විනයයි.

 
የይዘት ትርጉም ምዕራፍ: አል ጂን
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት