Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (51) ምዕራፍ: አል-አዕራፍ
الَّذِیْنَ اتَّخَذُوْا دِیْنَهُمْ لَهْوًا وَّلَعِبًا وَّغَرَّتْهُمُ الْحَیٰوةُ الدُّنْیَا ۚ— فَالْیَوْمَ نَنْسٰىهُمْ كَمَا نَسُوْا لِقَآءَ یَوْمِهِمْ هٰذَا ۙ— وَمَا كَانُوْا بِاٰیٰتِنَا یَجْحَدُوْنَ ۟
තම දහම විහිළුවක් හා නිෂ්ඵල දෙයක් බවට පත් කර ගත් මෙම දේව ප්රතික්ෂේපකයින්හට මෙලොව ජීවිතය එහි අලංකාරය හා ආකාර්ශනය තුළින් රවටා දමා ඇත. එහෙයින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ හමුවීම ඔවුන් අමතක කළාක් මෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔවුන් දඬුවම විඳින්නට ඉඩ හැර ඔවුන් අමතක කර දමයි. ඔවුන් ඔහු වෙනුවෙන් කිසිදු කටයුත්තක් සිදු කළේ නැත. ඒ සඳහා සූදානම් වූයේද නැත. සැබැවින්ම එය සත්ය බව ඔවුන් දැන දැනම අල්ලාහ්ගේ සාක්ෂි හා සාධක පිළිකුල් කොට ප්රතික්ෂේප කළ බැවිනි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• عدم الإيمان بالبعث سبب مباشر للإقبال على الشهوات.
නැවත නැගිටවනු ලැබීම පිළිබඳ විශ්වාසය නොමැති වීම ආශාවන් ක්ෂණීක ව පිළිගැනීමට හේතුවකි.

• يتيقن الناس يوم القيامة تحقق وعد الله لأهل طاعته، وتحقق وعيده للكافرين.
අල්ලාහ්ට අවනත වූවන්හට ඔහු දුන් පොරොන්දුවේ සත්යබවත් දෙවියන් ප්රතික්ෂේප කරන්නන්හට කළ අවවාදයේ සත්යබවත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ජනයා ස්ථීර ව දැක ගනු ඇත.

• الناس يوم القيامة فريقان: فريق في الجنة وفريق في النار، وبينهما فريق في مكان وسط لتساوي حسناتهم وسيئاتهم، ومصيرهم إلى الجنة.
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මිනිසුන් කණ්ඩායම් දෙකකට බෙදී සිටිති. කණ්ඩායමක් ස්වර්ගයේද තවත් කණ්ඩායමක් නිරා ගින්නේද සිටිති. ඒ දෙක අතර මධ්යස්ථ ස්ථානයක තවත් පිරිසක් සිටිති. එය ඔවුන් ඔවුන්ගේ යහකම් හා අයහකම් සමාන ව සිදු කර ඇති බැවිණි. ඔවුන්ගේ අවසන් ගමන ස්වර්ගය වනු ඇත.

• على الذين يملكون المال والجاه وكثرة الأتباع أن يعلموا أن هذا كله لن يغني عنهم من الله شيئًا، ولن ينجيهم من عذاب الله.
ධනය කීර්තිය හා අනුගාමිකයින් බොහෝ දෙනෙකු තමන් සතු කරගත්තවුන් වනාහි ඒ සියලු දෑ ඔවුන් වෙනුවෙන් අල්ලාහ්ට කිසිදු අවශ්යතාවක් නොවන බවත් ඒවා ඔහුගේ දඬුවමින් ඔවුන් මුදා නොගන්නා බවත් වටහා ගත යුතු වන්නේය.

 
የይዘት ትርጉም አንቀጽ: (51) ምዕራፍ: አል-አዕራፍ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት